X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ලංකාවේ ජනපති බලය අඩුවීම ලෝක ජනමාධ්‍යයටත් පුවතක් වූ හැටි

  SLD_20150503_B011

 

2015 අපේ‍්‍රල් 28 වැනි දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිදුවූයේ ඓතිහාසික සිද්ධියකි. මෙය ලංකා ඉතිහාසයට පමණක් නොව ලෝක ඉතිහාසයට ද එක්වන සිද්ධියකි.

 


ශ්‍රී ලංකාවේ මානව නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නීතිය හා පාලනය, සිවිල් නීතිය, ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කෙරෙන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කරගත්තේ ඉකුත් අඟහරුවාදා (28) සන්ධ්‍යා භාගයේය. මෙය ජන සම්මත දහනවය වශයෙන් හැඳින්වේ. රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් විවර කළ අවස්ථාවකි මේ.


ඇමෙරිකාවේ සිට දිවයිනට ළඟා වූ මම මේ ඓතිහාසික අවස්ථාව සිදුවන අයුරු දුටුවෙමි. කොටින්ම කියනවා නම් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම මෙම විශිෂ්ට සිද්ධියයි.


මේ සංශෝධනය සම්මත වීමෙන් සිදු වූයේ සමස්ත ජනතාව1ට මානව හිමිකම් රැුසක භුක්තිය හිමිවීමයි. මෙම සංශෝධනය සම්මත වීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය විය. තුනෙන් දෙකක් කියන්නේ මන්ත‍්‍රීවරුන් 225 දෙනාගෙන් 150 දෙනෙකු ඊට පක්‍ෂපාතීව ඡන්දය දීමයි. එහෙත් මන්තී‍්‍රවරුන් 225 දෙනාගෙන් 215 දෙනෙකුම ඊට පක්‍ෂපාතීව ඡුන්දය ප‍්‍රකාශ කිරීම ලක් ඉතිහාසයෙහි රන් අකුරින් ලියැවෙන අවස්ථාවකි. 1978 සම්මත වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 19 වැනි වරටත් සංශෝධනය වූ අවස්ථාවයි මේ. මෙය මෛත‍්‍රී යුගයේ ඓතිහාසික පියවරකි.


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මෛත‍්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ එක් වී පිහිටුවාගත් නව රජයට දින සීයක් ගත වූ මොහොතක මෙය සම්මත වීම පොදු ජන අපේක්‍ෂාවක් මල්ඵල ගැන්වීමකි.


පක්‍ෂ, විපක්‍ෂ සියලූ මන්ත‍්‍රීවරුන් මෙයට අත් ඔසවනු ලැබුවේ ජනතා බලයට එරෙහි වන පාලකයින්ට දේශපාලනයේ කුණු බක්කිය හිමිවන බව ඔවුන් සියලූ දෙනා අවබෝධ කරගෙන තිබෙන නිසාය.


මේ අතර ශ්‍රීලනිප, එජාප සභාග රජය ජනතා සිතුම් පැතුම් හා අභිලාෂයන් මුදුන් පත් කරවමින් තවත් ටික කලක් පවත්වා ගෙන යාමට මේ සිද්ධියෙන් මාර්ගය පෑදෙන බවද මෙහිදී කිව යුතුමය.


ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ජර්මනිය,  ඕස්ටේ‍්‍රලියාව වැනි කිසිදු රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මෙතරම් වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සම්මත වී නැත. එමෙන්ම මෙහිදී මගේ ජාත්‍යන්තර අත්දැකීම් අනුසාරයෙන් එක් දෙයක් සඳහන් කළ යුතුමය. එනම් ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය සියලූ භේද දුරලා සාමුහිකව එක් වී පාර්ලිමේන්තු ගර්භයක් තුළදී රටට වැඩදායක සංශෝධනයක් සම්මත කරගත් ප‍්‍රථම අවස්ථාව මෙය වන බවට ලෝක ඉතිහාසයට එක් වනු ඇත.


2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට ඔසාමා බින් ලාඩන්ගේ ත‍්‍රස්ත කල්ලිය මඟින් ප‍්‍රහාරයක් එල්ල කළ විට එවකට ජනාධිපති ජෝර්ජ් බුෂ් ගේ ඉල්ලීම පරිදි ඇමෙරිකා පාර්ලිමේන්තුවේ (කොන්ග‍්‍රස් සභාවේ) සහ සෙනෙට් සභාවේ ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් යන ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් සියලූ දෙනා රට බේරා ගැනීමේ සටනට එක් වූ අයුරු එදා මම දුටුවෙමි.


මව්බිම ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හෙවත් ඩිපාර්ට්මන්ට් ඔෆ් හෝම් ලෑන්ඞ් සෙකියුරිටි (DEPARTMENT OF HOME LAND SECURITY) නමින් යුත් නව රාජ්‍ය ආයතනයක් ආරම්භ කළ යුතු බවට ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා ගෙනා යෝජනාවට රජයේ සහ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් සියලූ දෙනාම අත් ඔසවා සම්මත කරගත් අයුරු මම දුටුවෙමි. එයද ඇමෙරිකාවේ ආරක්‍ෂාව සහ ජනතාවගේ අභිවෘද්ධිය තකා ගෙනා මහඟු යෝජනාවකි.


රටක විධායක ජනාධිපතිවරයකුගේ බලතල කප්පාදු කිරීම සඳහා ගෙන එන ලද 19 වැනි සංශෝධනය ලංකා පාර්ලිමේන්තුවේ දී මෙසේ සම්මත වීම ඇමෙරිකාවේ මීට වසර 14කට පෙර සිදු වූ යථෝක්ත සිද්ධිය හා සමානය. 1978 වසරේ සිට ලංකාවේ පොදු මහජනතාව විධායක ජනපති තනතුරේ බලය අහෝසි කරන ලෙසට උද්ඝෝෂණය කළහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයන්හි පෙරමුණේම සිටියේය. අද මෙම සම්මත කිරීමට එරෙහිව ප‍්‍රකාශ නිකුත් කරන අයගෙන් මුල් තැන හිමිවන්නේද හිටපු ජනපති මහින්දටය.


ඉකුත් අඟහරුවාදා (28) දියවන්නා මන්දිරයේදී සම්මත කරගත් මෙම සංශෝධනය පිළිබඳ ලෝක ජනමාධ්‍යයන් ද විවිධ පුවත් ප‍්‍රචාරය කිරීමට පටන් ගෙන තිබේ. සී.එන්.එන්., ඇසෝසියේටඞ් ප්‍රෙස්, බී.බී.සී, එන්.බී.සී., රොයිටර්, ෂින්හුවා වැනි ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍යයන් මීට පුළුල් ප‍්‍රචාරයක් ලබා දුන්නේය.


තමා සතු විධායක බලතල අඩු කර ගැනීමට මෙන්ම තම ධුර කාලය වසර 5ක් දක්වා අඩු කිරීමට තරම් නම්‍යශීලි වූ එකම රාජ්‍ය පාලකයා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව මෙම මාධ්‍යයන් සඳහන් කර තිබුණි. ඔහුගේ සරල දිවි පෙවෙත හා ගුණගරුකභාවය පිළිබඳ වතිකානුවේ  ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප් වහන්සේ විශේෂ ප‍්‍රකාශයක් කර තිබුණි.


මේ අතර ඇමෙරිකාවේ ජනාධිපති බරාක් ඔබාමාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවට ළඟාවීමට සූදානම් වී සිටින ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සඳහන් කර ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලොව බොහෝ පාලකයින්ට ආදර්ශයක් ලබා දුන් ශ්‍රේෂ්ඨ පාලකයෙකු බවයි. ස්වකීය විධායක ජනපති පදවියෙහි විවිධ බලතල තමාගේ ඉල්ලීම පරිදිම කප්පාදු කර ගැනීමෙන් පසු, මෛත‍්‍රීපාල සිරිසේන ජනපතිවරයා හමුවන ප‍්‍රථම විදේශ රාජ්‍ය තාන්ත‍්‍රිකයා වන්නේද ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීය.


ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට ළඟා වීමට පෙර ශ්‍රී ලංකාවට ළඟා වූ මම දිවයින පුරා විවිධ ප‍්‍රදේශවල කිලෝ මීටර් 2000කට වැඩි දුරක් සංචාරය කරමින් ශ්‍රී ලංකාවේ සිදු වී ඇති විපර්යාසය නිරීක්‍ෂණය කළෙමි. 2015 ජනවාරි 8 වැනිදා ලංකාවේ පැවැත් වූ ජනපතිවරණයේ දී දිවයින පුරා ෆේස් බුක් විප්ලවය සිදු කළ තරුණ තරුණියන් රැුසක් අමතා අරලියගහ මන්දිරයේ දී දේශනයක් පැවැත්වීමටද අවස්ථාවක් ලැබිණි.


බොහෝ අවස්ථාවන්හි අපි දුටුවේ තමන්ගේ අයිතිවාසිකම්, වරදාන වෙනුවෙන් දෑතම ඔසවන පොදු ජන යහපත වෙනුවෙන් විරෝධය පාන මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවකි. අපේ‍්‍රල් 28 වැනිදා දුටුවේ ඊට හාත්පසින්ම වෙනස් වූ පාර්ලිමේන්තු සභා ගර්භයකි.


ගත වූ දින සියයක කාල සීමාව තුළදී මෛත‍්‍රී ජනපති හා අගමැති රනිල් ජාත්‍යන්තරේ හොඳ හිත දිනාගැනීමට සමත් වූහ. මහින්දගේ පාලනයට එරෙහිව විරසකව සිටි බොහෝ රාජ්‍යයන් යළි මිතුරු වූහ. ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය එවැනි රටවල් දෙකකි. ඉන්දියාව, චීනය සහ පකිස්තානය සමඟ සබඳතා තර කර ගැනීමට සමත්විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයද ලංකාව කෙරෙහි යහපත් ප‍්‍රතිචාරයක් දැක්වීය. මානව හිමිකම් චෝදනා විභාග කිරීම කල් දැමීය. එය හමස් පෙට්ටියට වැටෙන ලකුණු පෙනේ.


ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක දැමීමේ අවදානම තුරන් විය. ජාත්‍යන්තරය ලංකාව කෙරෙහි යහපත් ප‍්‍රතිචාරයක් දැක්වීම රටේ අභිවෘද්ධියට හේතුවකි. නම්‍යශීලි පාලකයෙකු පත්වීම තුළින් ශ්‍රී ලංකාව පිළිබඳව මුළු ලොවම කතා කරන තත්ත්වයකට පත් වී තිබේ.


යළි ජාතිවාදය පැතිරවීමට කරන කුමන්ත‍්‍රණ රටපුරා සිදුවෙමින් පවතින බව මට දකින්නට ලැබිණ, අසන්නට ලැබිණ. මේ සියලූ කුමන්ත‍්‍රණ පරදවාලීමට 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම හරහා මාර්ගය පෑදෙන බව මෙහිදී සඳහන් කළ යුතුමය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සම්මත වූ ජාතික කොඩිය විකෘති කිරීම සාහසික, දුෂ්ට ක‍්‍රියාවකි. ඊට සම්බන්ධවූවන්ට දැඩි දඬුවම් දිය යුතුමය. මේවා සිදු කරන්නේ පටු දේශපාලන වාසි තකා ය. මෙවැනි අනිටු ක‍්‍රියාවන් රටට අහිතකර ය. ජාතිවාදයේ ගිනිදැල් යළි අවුලූවා රට නෂ්ට විනෂ්ට කිරීම මෙවැනි දෑ සිදුකරන දේශපාලකයින්ගේ අසික්කිත චේතනාවයි.
නීතියට ඉහළින් කිසිවෙකුට සිටිය නොහැක. නීතියේ උත්තරීතරභාවය සුරක්‍ෂිත කළ යුතුය. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් සිදුවූයේ මෙසේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමයි.


ප‍්‍රංශයේ හිටපු ජනාධිපති ඩිගෝල්ට නොතිබූ බලතල පවා ශ්‍රී ලංකා ජනපතිවරයාට හිමි වී තිබුණි. ඇමෙරිකා ජනාධිපති බරාක් ඔබාමාට මෙවන් බලතල නැත. ලංකාවේ විධායක ජනාධිපති ධූරයට ඒකාධිපති පාලනයකට අවශ්‍ය සම්පූර්ණ පසුබිම හා නෛතික රාමුව සකස් කර දී තිබුණි. 1978 වසරේ පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයකින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගනිද්දී එවකට රජයේ මාධ්‍ය ලේකම්වරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ සිට එම විවාද නැරඹූ අයුරු මට සිහිවේ. එසේ වෙනස් කළ ව්‍යවස්ථාව වෙනස් කර ගන්නා අයුරු ද ඊට වසර 37කට පසු මම දුටුවෙමි.


මීට පෙර හැම අවස්ථාවකදීම සිදු වූයේ විධායක ජනපතිවරයා සතු බලතල වැඩි කර ගැනීමකි.


ස්වකීය විධායක බලතල වැඩිකර ගැනීමට මහින්ද ජනපතිවරයා ඉදිරිපත් කළ සංශෝධනයට පක්‍ෂව අත් එස වූ මන්ත‍්‍රීවරුන් සියලූ දෙනාම, ඊට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කිරීම විස්මයජනක නොවන්නේද? ඔවුන් එසේ කළේ, එසේ නොකර බැරි නිසාය. ජනතාව හමුවට යාමට නොහැකි වන නිසාය.


සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ පුරවැසි සංවිධාන එකමුතුව මේ ඓතිහාසික අවස්ථාවේ දී ප‍්‍රශංසා සහගත දේශපාලන කර්තව්‍යයක් ඉටු කළහ. මෙහි මුළු ගෞරවයම හිමි විය යුත්තේ මාදුළුවාවේ සෝභිත හිමියන්ට සහ අතුරලියේ රතන හිමියන්ටය. රටට හා ජාතියට ආදරය කරන සියලූ දෙනා මීට සහාය දුන්හ. මේ යෝජනා සම්මතය මඟින් ජනමාධ්‍ය නිදහස අහෝසි වන්නේ යැයි දැන් කිසිවෙකුට කියන්නට බැරිය. කවදාකවත් නොවූ විරූ ආකාරයේ ජනමාධ්‍ය නිදහසක් රටේ ස්ථාපනය වී තිබේ.


මෙහිදී යමක් සඳහන් කළ යුතුමය. ලංකා පාර්ලිමේන්තුවේ යහපත්, ගුණගරුක, විනයගරුක, මන්ත‍්‍රීවරුන් මෙන්ම අයහපත්, අවිනීත, අසික්කිත මන්ත‍්‍රීවරු ද සිටිති. හොඳම උදාහරණය මෙම ව්‍යවස්ථා සංශෝධනයට දින කීපයකට පෙර පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් පැවැත් වූ උපවාසයයි. ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තුවට මෙන්ම ජනතාවට නින්දා කරන අයුරින් මන්ත‍්‍රීවරුන් පිිරිසක් හැසිරුණු අයුරු ද දුටුවෙමි. මෙවැනි මන්ත‍්‍රීවරුන් ඊළඟ මැතිවරණයේදී ජනතාව විසින් ප‍්‍රතික්‍ෂේප කිරීම සුදුසුය.


රට යන්නේ කොයිබටදැයි ජනතාව උකුසු ඇසින් බලාගෙන සිටී. අල්ලස් කොමිසමට එරෙහිව මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ බිම වාඩි වී උපවාස කිරීම හොඳ නැත. විධායක ජනපති ධූරයේ බලතල අඩු කිරීමට මේ මන්ත‍්‍රීවරුන් ඡන්දය දීම හොඳය. මා මෙසේ ලිව්වේ ඔවුන්ගේ හොඳ නරක පෙන්වා දීමටයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධන අශිෂ්ටත්වය අභිබවා ශිෂ්ටත්වය ජයගැනීමකි.


ආඥාදායකත්වය සුනු විසුනු කිරීමකි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්‍ෂිත කිරීමකි.
පොදු ජන යුගයක් ආරම්භ කිරීමකි.


රජරටින් රජ ගෙදරට ආ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රජකම අතහැර දැමූ මොහොතකි. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුළුමහත් බලයම තම ඇඟිලි අතරට ගුලි කර ගැනීමේ අවශ්‍යතාවක් ඔහුට නැති බව මින් පෙන්වා දුන්නේය. මෙය ඔහු සතු මහඟු ගුණාංගයකි.

m



අදහස් (0)

ලංකාවේ ජනපති බලය අඩුවීම ලෝක ජනමාධ්‍යයටත් පුවතක් වූ හැටි

දුමින්ද Thursday, 07 May 2015 02:10 PM

බටහිරට කීකරු වීම ඇති එකම විකල්පය වෙවිද.(හේ)

:       0       0

සිරිමල් Friday, 08 May 2015 03:30 AM

ගමන පටන් ගත්ත විතරයි. තව දුර යන්න තිබෙනවා. (හේ)

:       0       0

සොපී Friday, 08 May 2015 09:44 AM

සිරිමල්,ඔයා ගැන පව් කියලත් හිතෙනවා (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 08 May 2015 10:17 PM

ශ්‍රී ලංකාවට හා අනාගත පරම්පරා වෙනුවෙන් කල මෙම මෙහෙවර ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනු ඇත. (නදී)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 08 May 2015 10:26 PM

ජනාධිපති විධායක බලය අඩුවීම හා එය ඉටු කරගත් ආකාරය ඇත්තෙන්ම ප්‍රජාතන්ත්‍ර වාදී පාර්ලිමේන්තු ක්‍රමය නැවත ස්ථාපනය කිරීමේ වැදගත් ඓතිහාසික සන්ධිස්ථානයක්. අලුතින් බිහිකරන මේ නව සම්ප්‍රාදාය තුල කුඩ්ඩන් හෝ කුඩ්ඩන් ගෙන් යැපුන පාලකයින්ට කොහෙත්ම ඉඩක් තිබිය යුතු නැහැ. යහපාලනය වර්තමානයේ බිලින්දෙකු වුවාට කමක් නැහැ. නමුත් හෙට දිනයේ ඒ බිලිඳා යහපත් විනීත කාර්යක්ෂම පුර වැසියෙකු විය යුතුමය. (නදී)

:       0       0

අමන්දා Sunday, 10 May 2015 01:33 AM

මහින්ද ඉන්න කල් ගුණ වයලා දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ මොකද දන්නේ නැහැ .(හේ)

:       0       0

හම්බන්තොට ඩිලාන් Sunday, 10 May 2015 04:19 PM

අපි යහපත් මිනිසුන් පාර්ලිමේන්තුවට පත් කර යවමු එය තිබෙන්නේ අප අතේය බත් පතට රුපියල් 100 ට අරක්කු බෝතලේට රැවටී ඡන්දය නොදෙන්න උගත් ගුණ ගරුක යහපත් මිනිසුන් පාර්ලිමේන්තුවට පත් කර යවමු සොරුන් වාචාලයන් මන්දබුද්ධිකයන් පන්නා දමමු (බ)

:       0       0

රංග Wednesday, 13 May 2015 03:09 AM

අලුතින් බිහිකරන මේ නව සම්ප්‍රදාය තුළින් අපි යහපත් මිනිසුන් පාර්ලිමේන්තුවට පත්කර යවමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site