X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ මොඞ්ලින්

    06-Rasa-P5-07  

06-Rasa-P5-06

ඈත ගව්ගණන් දුරින් ලෝකයේ නොයෙක් රටින් පාවෙවි ආ විලාසිතා දෙව්ලියන් මැවූ විලාසිතා ආරච්චි බෝරිච්චි කම්බිකූරු බෝලමාල ඒ අතට මේ අතට  අඟර දඟර සරුංගෝල ආරච්චි බෝරිච්චි කම්බිකූරු බෝල මාල පුංචි ලංකා දීපයේ පැංචියන් ලවා අපේ පාවෙවී ආ විලාසිතා දෙව්ලියන් මැවූ විලාසිතා 
මහගමසේකරයන් අතින් ලියැවී නාරද දිසාසේකරයන් ඇතුළු පිරිස එදා මෙම ගීතය ගායනා කරනු ලැබුවේ “ගැටවරයෝ” චිත්‍රපටය වෙනුවෙනි. ගීතයෙන් එලෙස විලාසිතා ගැන අපූරු චිත්‍රයක් මැවී පෙනුණද එදා පුංචි ලංකාදීපයේ විලාසිතා අද තරමටම එතරම්ම ප්‍රචලිතව නොතිබිණි. නමුත් අද විලාසිතාකරණය යනු බෙහෙවින් ජනප්‍රිය අංශයක් බවට විකාශය වී තිබේ. එදා එනම්, හැටේ දශකයේ අග භාගයේදී පමණ මෙරට විලාසිතාකරණයේ නියැලි සිටි අතළොස්සක් පමණ වූ පිරිස, ඒ විලාසිතාකරණයේ නියැලුණේ හුදු වින්දනය සඳහාම පමණෙකි. මුදල් ලාභ ඉපයීමේ පරමාරථයක් එදා නොතිබූ තරම්ය. නමුත් විලාසිතා යනු මොහොතින් මොහොත නවීකරණය වී විකාශය වන අංශයකි. හැත්තෑව දශකය පමණ වන විට ශ්‍රී ලාංකේය සිනමාවේ ස්වර්ණමය යුගය ඇරැඹි අවදියේ ශ්‍රී ලංකාවේ විලාසිතාකරණයද පණ ලබා ආ අංශයක් බවට පත්විණි. එතැන් සිට ජනප්‍රිය අංශයක් බවට පත්වූ ශ්‍රී ලංකාවේ විලාසිතාකරණය එදා වාණිජ පරමාර්ථ සඳහාම නොවූවත්, අද නම්, එය වෙළඳ ප්‍රජාව් පමණක් නොවී සාමාන්‍ය ජනයා අතරද, ප්‍රචලිත වූ අංශයක් බවට පත්ව තිබේ. අද නිරන්තරයෙන් විලාසිතා සංදර්ශන පැවැත්වේ, විලාසිතා නිර්මාණකරණයේ යෙදී සිටින පිරිසද බොහෝය. නිරූපිකාවන් මෙන්ම නිරූපණ ශිල්පීන්ද බොහෝය. එනයින් ප්‍රචලිත වූ විලාසිතාකරණයේ එදා දවස දෙස අපි මොහොතකට හැරී බලමු. 

06-Rasa-P5-08


06-Rasa-P5-05ශ්‍රී ලංකාවේ විලාසිතාකරණයේ එනම්, විලාසිතා සංදර්ශන සඳහා මුලින්ම විලාසිතා යොමුකළ ප්‍රමුඛ චරිතයක් ලෙස පසුගියදා අප අතරින් වියෝවූ “කීර්ති ශ්‍රී කරුණාරත්න” නම් කළ හැකිය. කීර්ති, එදා මෙම විලාසිතාකරණය සඳහා යොමුව ඇත්තේ විනෝදාංශයක් ලෙසය. නමුත් ඔහුගේ නිර්මාණ කලාව කොළඹ සමාජයේ බොහෝ කාන්තාවන් අතර ප්‍රකට වූ හෙයින් එදා තම මංගල දිනයේ හැඩවීම් සඳහා පවා කීර්තිගේ දායකත්වය ලබා ගැනිණි. ඔහු 50 දශකයේ මුල් භාගයේදී තම විලාසිතා කලාව පටන් ගත්තේ වයස අවුරුදු 18 දී පමණය. විනෝදාංශයට කළ විලාසිතා කලාව ඔහු වෘත්තීය මට්ටමට ගෙන ගියේ විටෙක ලෝප්‍රකට විලාසිතා වෙළඳ නාමයක් වන පැරීසියේ ඩිඔර් (Dior) වෙළඳනාමයේ නියෝජිතයකු මෙරටට පැමිණීමත් සමගය. එදා ජෙෆරි ඩී. සෙයින්ස් නමැති ඩිඔර් නියෝජිතයා හට මෙරට විලාසිතාකරණයේ යෙදී සිටි නිර්මාණකරුවන් ගැන සොයා යාමේදී කීර්ති ගැන දැන ගෙන ඇත. එවකට වෛද්‍යවරයකු වීමේ අදහසින් කටයුතු කළ කීර්ති පසුව පැරීසියට ගොස් ඩිඔර් (Dior) විලාසිතා ආභාෂය ලැබීය. නැවත මෙරටට පැමිණි කිර්ති ශ්‍රී කරුණාරත්න තම විලාසිතාකරණයේ ගමන ඇරඹීය. “ඒ සඳහා සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ප්‍රකට මාධ්‍ය චරිතයක් වූ සීතා ජයවර්ධන මට ගොඩාක් උදව් කළා” යන්න විටෙක ඔහු පවසා තිබේ.

 

06-Rasa-P5-01
ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රථම විලාසිතා සංදර්ශනය


විලාසිතා කලාවට කීර්ති ශ්‍රී ගේ ආගමනය සමග නැවත මෙරටට පැමිණි ඔහු විලාසිතා සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු යෙදීය. ඒ “1956” දී යැයි සඳහන් වේ. “කොළඹ ජාත්‍යන්තර කාන්තා සමාජය” උදෙසා මෙම විලාසිතා දැක්ම එළි දැක්විණි. ඒ සඳහා කොළඹ සමාජයේ කාන්තාවෝ පන්සියයක් පමණ සහභාගී වූවා යැයි සඳහන් වේ. එම අවස්ථාවේදී ලන්ඩනයේදී නිරූපිකාවක ලෙස පුහුණුව ලබා සිටි එකම වෘත්තිය ශිල්පිණිය ලෙස රීටා ප්‍රනාන්දු විලාසිතා ඉදිරිපත් කළාය. කැට්වෝක් ගමනින් එම අවස්ථාව රිද්මයානුකූලව හැඩ කළ රීටා උදෑසනට සරිලන, දහවලට ගැළපෙන සහ හැන්දෑවේ පාටියකදී ගැළපෙන විලාසිතා නිමැවුම් හතරකින් පමණ හැඩවී ඒ මොහොත හැඩ කළාය. එතැන් සිට එතෙර-මෙතෙර සිටි ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොවී, විදේශිකයන් අතර පවා කීර්තිගෙ විලාසිතා කලාව ජනප්‍රිය වූයේය. ශ්‍රී ලංකා රූ රැජිණ සහ ලෝක විවාහක රූ රැජිණ වූ රෝසි සේනානායක හට පවා විලාසිතා නිමකර දුන්නේ කීර්ති ශ්‍රී යැයි සඳහන් වේ. කීර්තිගේ විලාසිතා කලාව ප්‍රකට චරිත අතර බෙහෙවින් කැපී පෙණුන දෙයක් විය. රන්ජනි විජේරත්න, නෙවිල් කුරේ, සිසිලියා කොතලාවල, රුක්මණී මහරාජා, සුසිලා ගුණසේකර, මාලනි විජේරත්න යන ප්‍රකට චරිත සඳහා මංගල දින සහ වෙනත් අවස්ථා සඳහා ඔහු වෙතින් විලාසිතා නිමැවූ බව සඳහන් වේ. විලාසිතාකරණයේ මෙරට ගුරු ලෙස නාමයක් ලකුණු කරගත් කීර්ති ශ්‍රී රැඟුමට-ගැයුමට ද දක්‍ෂ විය. චිත්‍රපට කීපයකට එනිසාම දායකත්වයද ලබා දුන්නේය සිය ජීවිතයේ සමුගන්නා තෙක්ම ඔහු සක්‍රීයව තම නිර්මාණකරණයේ යෙදී සිටීම ............. නවකයන්ට ලබාදුන් විශිෂ්ට පණිවුඩයකි. 


“විලාසිතා නිර්මාණකරය යනු පහසු දෙයක් නෙවෙයි. මතුපිටින් බලද්දී එය පහසු  යැයි කවරකු හෝ විශ්වාස කළ හැකියි. මම දීර්ඝ මැරතන් ධාවනයක යෙදුණේ, ඒත් මට පසුතැවිම් නැහැ. මොකද මම නිතරම හරි දේ කළේ” යැයි 80 වැනි උපන් දිනය දා කීර්ති ප්‍රකාශ කළේය. කවදාවත් නොසිතූ මාර්ගයකට හැරවුණු මගේ ඒ විලාසිතා ජීවිතයට මම ගොඩක් ගරු කරනවා යැයිද ඔහු ප්‍රකාශ කළේය. 

06-Rasa-P5-02


ඊළඟ කොටස (ලබන සතියට) 


සේනක ද සිල්වා සහ ජෙරල්ඩීන් බණ්ඩාරනායකගේ විලාසිතා ආගමනය 

m



අදහස් (0)

ලංකාවේ මොඞ්ලින්

ඉමාක් Thursday, 10 March 2016 05:59 PM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

සොපි Friday, 11 March 2016 01:20 PM

ඇත්තටම වැදගත් ලිපියක්. (ර)

:       0       0

කොස්තා Saturday, 12 March 2016 02:19 AM

කාලීන වැදගත්කමක් ඇති ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site