X Advertisement
IMG-LOGO

2025 මැයි මස 19 වන සඳුදා


ලේ වහනයට දිව ඔසුවක් ලංකාවෙන්?

DSCF3017
 

අප්සරා යෝසිත් විජේසූරිය


ආයුර්වේදීය තොරතුරු සහ වාල්මිකීගේ රාමායණය නම්වුණු පුරාණෝක්ති මහා කාව්‍යය අනුව අධික රුධිර වහනයෙන් මරණාසන්නව අසාධ්‍යවූවන්ට නැවත ජීවය ලබාදෙන සංජීවනී නමින් හඳුන්වන මහඟු දුර්ලභ ඖෂධයක් රූමස්සලකන්ද රිටිගල රාස්සගල ප්‍රදේශවල තිබිය හැකියි. සංජීවනී  ඖෂධ ශාකය  සම්බන්ධව පර්යේෂණ සිදුකරන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හල්දුම්මුල්ල ජාතික ඖෂධ පර්යේෂණ මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරී කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා මෙසේ තොරතුරු දැක්වූයේය.

 රාවණා පුත් ඉන්ද්‍රගේ අවි ප්‍රහාරයකින් රාමකුමරුගේ සහෝදරයාවූ ලක‍ෂමණ මරණීය තුවාල සිදුව සිහිසුන්විය. එම අවස්ථාවේ ලක‍ෂමණගේ අවසන් කටයුතු පවා සිදුකිරීමට සූදානම්ව සිට ඇත. එසේ  තිබියදී පැමිණි රාජකීය වෛද්‍යවරයෙකු ලක‍ෂමණ ප්‍රාණවත් අන්දමින් සුවපත් කිරීමට හිමාලය ප්‍රදේශයෙන් සංජීවනී  ඖෂධ පැලෑටිය රැගෙන එන ලෙස පවසා තිබේග ඒ අනුව රාම කමරුට සහය දැක්වූ හනුමන් විසින් සංජීවනී ඖෂධ සහිත කොටසක් හිමාල කඳු පන්තියෙන් ගලවා ඔසවාගෙන නීලගිරි කඳුවැටිය පසුකර රාමායණයට අනුව ලංකාපුරය නම්වූ ලංකාවට රැගෙන එන ලදි.  සංජීවනී ඖෂධ පැල සහිත පාෂාණ හිමාලයෙන් ගලවා එසේ ගෙනෙන විට  ස්ථාන කීපයක වැටුණු පාෂාණ කුට්ටි වලින් මෙම සංජීවනී ඔසු පැලය  රූමස්සල රිටිගල සහ රාස්සගල ප්‍රදේශවල ව්‍යාප්තව ඇතිබව සඳහන් කළහැකි බව  හල්දුම්මුල්ල ජාතික ඖෂධ පර්යේෂණ මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරී කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා පවසයි. මහතා මෙසේ කීය.

 ලොව රටවල් කීපයකම Selaginella ciliaris  විද්‍යාත්මක නාමයෙන්  නමින් යුතු සංජීවනී ශාක යුද අවස්ථාවල (Septic)   ලේ වහනය වැළැක්වීමට භාවිතා කළ  ඔසුවකිග  අදටත් හිමාලය කඳුවැටි ආශ්‍රීතව ජීවත්වන  ග්‍රෝත්‍රික ජනයා ලේ ගැලීම වැළැක්වීමට මෙම ඖෂධය උපයෝගි කරගනිති.

ඉන්දියාවේද චීනය සහ වෙනත් ආසියාතික රටවලද ඕස්ට්‍රේලියාවේද විවිධ ප්‍රදේශවල ඇති ඇති සෙලජිනෙල්ලා සිලරීස් නම් විද්‍යාත්මක නමින් හඳුන්වන  සංජීවනී ශාකය  වෙනත් නම්වලින් දැකගත හැකියි.

ශ්‍රී ලංකාවට ආවේනික ශාකයක් නොවන මෙය ලංකාවේදී අවිනිශ්චිත ශාකයක් වශයෙන් හඳුන්වයිග ඉතා දුලබ වශයෙන් දක්නට ඇති සංජීවනී නම් ඖෂධ පැලෑටි දෙකක් ලංකාවේ පවති. එයින් Selaginella ciliaris  නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශාකය හල්දුම්මුල්ල ඔසු උයනේ ව්‍යාප්තිය සඳහා පර්යේෂණ සිදුකරයි .Selaginella  නමින් විද්‍යාත්මකව හදුන්වන තවත් ශාකයක් සංජීවනී නමින් භාවිතවේග එම පැල වර්ග දෙකෙහිම ඔසු ගුණය ලේවහනය වැලැක්වීමයි. මෙම ඖෂධ පැල දෙකම එකම නමින් හඳුන්වන නිසාත් ඖෂධීය ගුණය අතින් සමානවන හෙයින්ද සංජීවනී ඖෂධ ශාකය අවිනිශ්චිත ශාකයක් ලෙස ලංකාවේදී හැඳින්වීම සිදුවේ.

 රාමායණයේ සත්‍ය අසත්‍යතාව විමසීම කෙසේවුවද එහි කතාපුවතේ සඳහන් පරිදි හනුමන් විසින් රැගෙන ආ සංජීවනී පැල කඳු කුට්ටි පාෂාණ වල පැල එකකට වඩා වැඩිපුර තිබෙන්නට ඇති බවත් හනුමන්ට සංජීවනී පැලය ගෙන ඒමට ඇති හදිසි අවශ්‍යතාවත් නිසා පැල රාශියක් එකවර ගෙන ඒම පිළිබඳව අපට මෙහිදී අවධානය යොමු කිරීම වැදගත් වේ. මක් නිසාද දැනට ශ්‍රී ලංකාවේ රූමස්සලල රිටිගලල රාස්සගල ප්‍රදේශවල සංජීවනී ඔසුපැලය පවතින හෙයිනි. සංජීවනී නාමයෙන් එකම ඔසුගුණය සහිත පැල දෙකක් දක්නට ලැබීමද මෙහිදී අප සැලකිය යුතුය.

රාමායණයේ සඳහන් පුවත නිසාම පැරණි රාජකීය වෙද්‍යාචාර්යවරුන් හා ආයුර්වේද වෛද්‍යවරු සංජීවනී ඖෂධය මෘත සංජීවනී යනුවෙන්ද හඳුන්වති. මෙම ශාකයේ පත්‍ර හෙවත් කොල ප්‍රමාණයෙන් කුඩා සවරූපයක් දරයි. එසේ වුවද සංජීවනී ශාකයේ කොල හෙවත් පත්‍ර කොලපැහැ වර්ණයෙන් දීප්තිමත්ව මොනර පිලක හැඩයෙන් යුක්තවන හෙයින් සංස්කෘත භාෂාවේ මෙම පැලෑටිය හඳුන්වන්නේ මයුරශික යනුවෙනි.

මීවන ශාකයක් වන මෙහි මල් හටගැනීමක් සිදුනොවේ. සාමාන්‍ය වශයෙන් ගල් සහිතවූ ස්ථානවල සහ ගල් පාෂාණ සහිත කඳුකර ප්‍රදේශ මෙම සංජීවනී පැලෑටිය වර්ධනයවේ. මීවන ශාක බොහොමයක් අපිශාක හෙවත් වෙනත් ශාකයක කඳ ස්ථරය මත වර්ධනය වන ස්වභාවයකින් යුතු වුවද ශ්‍රී ලංකාවේ දක්නට ඇති සංජීවනී ශාකය  අපි ශාක නොවන මීවන ශාකයකිග කොළ රොඩු ගොඩවල් සහ අපිරිසිදු ස්ථානයන්ද ලංකාවේ දක්නට ඇති සංජීවනී පැලෑටිය වර්ධනයට හිතකර නොවේ.

වන සත්ව වෘක‍ෂලතා ආඥා පනත (1924 ශාක ආරක‍ෂක ආඥාපනත සහ 1937 වන සත්ව හා වෘක‍ෂලතා ආඥා පනත) මූලාරම්භය සිටම මගින් සංරක‍ෂණය කළ ආරක‍ෂිත ශාක නාමාවලියට මෙම සංජීවනී ශාකය ඇතුලත්ව ඇත. වඳවී යන ශාක හා වන සත්ව සම්පත් පිලිබඳ තොරතුරු ඇතුලත් එක්සත් ජාතීන්ගේ රතු දත්ත පොතෙහිද මෙම සංජීවනී ශාකය සංරක‍ෂණය කළ යුතු දුර්ලභ ශාකයක් ලෙස ඇතුළත් කැර ඇත.

බීජාණු මගින් ව්‍යාප්තිය සිදුවන නිසාත් සරු බීජ ලබාගැනීමේ අපහසුවත් බහුලව වගා කිරීමේ අපහසුවක් පවති. නමුත් අසරණ අසාධ්‍ය රෝගීන් සුවපත් කරන මේ වටිනා ඔසු පැළය සංරක‍ෂිත වගාවක් සේ ව්‍යාප්ත කිරීමටත් තිරසාර භාවිතය පිළිබඳ ක්‍රමවත් වැඩපළිවෙළකින් එය ප්‍රචලිත කිරීමටත් කාලය එළඹ තිබේ.

විසිතුරු පැලෑටියක් ලෙස මන බඳන සුන්දරත්වයකින් යුතු නිසා ගෙවතු අලංකරණ වගාවක් වශයෙන්ද වගාකල හැකිය. විවිධ ආක්‍රමණශීලි පැල භාවිතය වෙනුවට මෙවැනි වගාවන් ව්‍යාප්තිය මගින් දුර්ලභ ඖෂධ සංරක‍ෂණය සිදුකල හැකිවේ.

 මේ මහගු ඖෂධය වගාවක් සේ ව්‍යාප්තිය සහ තිරසාර භාවිතය පිළිබඳව මේ  දිනවල හල්දුම්මුල්ල ජාතික ඔසු උයන ආයුර්වේද ඖෂධ පර්යේෂණායතනයේ සිදුකරන පර්යේෂණාත්මක කාර්යය අසරණ රෝගී ජීවිත සුවපත් කරන ලෝකයටම ඵලදායී සාර්ථක කාර්යයක් වේවායි ලංකාදීපය සුබ ප්‍රාර්ථනා කරයි.
 


DSCF3016

සංජීවනී ශාකය

(රත්නපුර විශේෂ අප්සරා යෝසිත් විෙජ්සූරිය)

 



අදහස් (10)

ලේ වහනයට දිව ඔසුවක් ලංකාවෙන්?

අමා Friday, 12 September 2014 11:14 PM

හරිම වැදගත් ලිපියක් ලංකාදීපයට ගොඩක් ස්තුති යි (නදී)

:       0       1

චන්දන Saturday, 13 September 2014 12:07 PM

මේ ශාකය මීවන ශාකයක් වගේ පේන්නේ නැහැනේ . තාල කුලයේ ශාකයක් වගේ පේන්නේ. රූපය මාරු වෙලාද ? (නදී)

:       0       1

ගාමිණී සිරිවර්දන Sunday, 14 September 2014 10:00 AM

සංජීවනී, නාමය කෙසේ වෙතත් සබරගමුවේ මේ හා සමාන පැලෑටියකට කියන්නේ තල් ගස කියලයි. දෙපැත්තේ කුඩා කටු සහිත නැට්ට(මිට ) අඩි 4 ක් පමණ දිග්වී පලල්වු අත්තෙහි මැදක් හරියේදී පමණ ඇඟිලි ආකාරයෙන් පත්‍ර විහිදෙයි. නැට්ට පදම් කර තලා ගත් විට කෙඳි නුල් වගේ වෙන්කර ගත හැක. මල් නොපිපෙයි. මෙම ගසේ ඖෂධීය ගුණයක් ගැන නම් ගැමියන්ගෙන් අසා නොමැත. (නදී)

:       0       1

මැණික් Monday, 15 September 2014 06:49 PM

මේ පැල හඟුරන්කෙත වෙල්යායක පරණ හුණුගල් බැම්මක තිබුනා මෙ මෑතක් වෙනතුරුම. මම එහෙ ගියොත් පැලයක් අරන් යනවා හදන්න. මොකද ඒ බැම්ම ගොයම් හදනකොට සුද්ද කරලා දානවා. ඒත් මේ වතාවෙ යද්දි ඒ පැල වඳ‍වෙලා ගිහින්.මම මේකෙ නම හෙව්වෙ අවුරුදු 6ක සිටයි.අද තමයි නම දැනගත්තේ. (නි)

:       0       1

රෝහණ Tuesday, 16 September 2014 05:18 PM

මේ ගැන ජනතාව දැනුවත් කිරීම ඉතා වටිනවා (නි)

:       0       0

චන්ද්‍ර කුලසිංහ Thursday, 18 September 2014 09:28 AM

මෙම පැළෑටියට සමාන පැළෑටියක් මම මෙල්බෝර්න් නගරයේ ඇවිදින්න ගිය වෙලාවක හමු වුණා. මෙය එම විශේෂයමදැයි සොයාගන්න තිබේ නම් වටිනවා (නි)

:       0       1

නිහාල් Sunday, 21 September 2014 01:47 AM

ඉතා වටිනා ආරංචියක් (නි)

:       1       0

සුපුන් Sunday, 21 September 2014 03:44 AM

අපි කවුරුත් දන්නා සෙලජිනෙල්ලා පැල කුඩා මීවන වර්ග. ඒවාගේ උස සෙන්ටිමීටර් 10ක් විතර වෙන්නේ. (නි)

:       0       0

රත්නායක Thursday, 25 September 2014 08:35 AM

ඉතා වටිනා ලිපියක්. මේ තියෙන පින්තුරයනම් තාල වර්ගයේ පැලයක් වගේ පේන්නේ. මේකට ආසන්න හැඩයක් ඇති පැළෑටි ගොඩක් ලංකාවේ දකින්න තියෙනවා. නිවැරදිව මේ අගනා ශාකය හදුනා ගන්න හැමෝම උනන්දු වෙමු. සංරක්ෂණය කරගැනීමට සහය වෙමු. (දී)

:       0       0

Kad Prasanga Tuesday, 08 June 2021 07:10 PM

මෙම ශාකය සහ ප්‍රාණජීව ශාකය ලංකාවේ හොයාගන්න තියේද?. ස්නායු රෝගයක් නිසා මා හට ප්‍රතිකාර සඳහා අවශ්‍යයි. ලබාදිය හැකි නම් හෝ තිබෙන තැනක් පැවසිය හැකිනම් ලොකු පිනක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site