X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 30 වන බදාදා


ලොව පළමු චෛත්‍යයට වන්දනා ගමනක්

හිරු අවර ගමනට සැරසේ...එහෙත් වැව් දිය පිසගෙන එන සුළෙඟ් සුවදායි බවත් හාත්පස වැඩුණු අනන්ත තුරු සමූහයත් නිසා ගිනිගත් හිරුගේ සැඩ රැස් දහර ගත දාහයෙන් තෙත බරිත කරන්නේ නැත. වස්සානය අවසාන වූ බැවින් පරිසරයේ ඇත්තේ කර්කශ වියළි බවක් බව සැබවි. එහෙත් පෙරද කී ලෙසින් සුළඟ ගත නිවාලයි. සිතද නිවේ. අප මේ පැමිණ සිටින්නේ ලෝකයේ පළමුවැනි චෛත්‍යය පාමුලට බැවිනි. සාමාන්‍යයෙන් චෛත්‍ය ඉදිකෙරුණේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරමිනි. එහෙත් ලෝකයේ ප‍්‍රථම චෛත්‍යය ඉදිකෙරුණේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවදියේමය. ඒ චෛත්‍යය කර්මාන්තයට හේතු පාදක වූ කතාවද මනරම්ය. එහෙත් ඒ කතාව කියන්නට නම් අපේ අසල්වැසි භාරතයට යා යුතුය. සින්දු නදියේ අතු ගංගාවක් වන සුවාසතු මිට්ගාමතේ පුෂ්කර නම් ගම්මානයකි. එගම විසූ තපස්සු සහ භල්ලූක නම් වෙළෙඳ දෙබෑයෝ ගැල් පන්සීයක බඩු පටවාගෙන මධ්‍ය දේශය බලා යමින් උන්හ. ඒ අතර මැද කිරිපලූ වනයේ වැඩසිටි බුදුරදුන් දැක වෙළඳ දෙබෑයන් කරන ලද්දේ විලඳ සහ මී පැණි පිළිගැන්වීමය. ඒ වන විට බුදුහු බුද්ධත්වයට පත්වී ගෙවී තිබුණේ දින පනහක් පමණකි. එබැවින්ම තපස්සු භල්ලූක දෙදෙනාට ලෝක ඉතිහාසයේ පළමු බෞද්ධ උපාසකයන් බවට පත්වීමටද වාසනාව ලැබිණි. අපට වැඳුම් පිදුම් කිරීමට යම් කිසිවක් දෙන්න යැයි මේ වෙළෙඳ දෙබෑයෝ බුදු රදුන්ගෙන් ඉල්ලීමක් කළහ. හිස අතගා බුදුහු කෙස් රොදක් රැගෙන තපස්සු භල්ලූකට දුන්හ. මහා සම්පතක් ලද පරිද්දෙන් සතුටට පත්වූ වෙළෙඳ දෙබෑයෝ ඒ කෙස් රොද රන් මංජුසාවක තැන්පත් කරගත්හ. වෙළෙඳුන් ලංකාවට ආවේ ගල්වරාය ඔස්සේය. ගල්වරායෙන් යාංඔයට පිවිසි මොවුහු යාං ඔය ඉවුරේ වූ විසල් කඳු වැටියක් දැක එහි නැගුණහ. එහි මුදුනෙහි වූ තැන්නෙහි අර රන් මංජුසාව තබා දර දිය පිණිස වනයට වැදුණු අතර, නික්ම යනු පිණිස රන් මංජුසාව ගන්නට හදද්දී, එය සෙලවිය නොහැකි බව දැක විශ්මයට පත්වූහ. ඉනික්බිති ගල්ගොඩකින් මේ මංජුසාව වසා දැමූ බවත් ලොව ප‍්‍රථම චෛත්‍යය එතැන ඉදිවූ බවත් කියැවේ...... එහෙත් පොත පතෙහි සඳහන් වන ආකාරයට ලොව තවත් රටවල් ගණනාවක කේශධාතු නිදන් කර තැනූ චෛත්‍යය තිබේ. බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ආදී රටවලය. එසේ වීමට හේතුව පෙරකී ජනප‍්‍රවාදය ඉක්මවන්නකි. තපස්සු භල්ලූක වෙළෙඳ දෙබෑයෝ බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ලංකාව වැනි රටවලට වෙළහෙළදාමේ ගිය බවත් ඒ ගිය සෑම රටකම කේශ ධාතු එක දෙක බැගින් තැන්පත් කර චෛත්‍ය තැනූ බවත් ඉතිහාසයේ කියැවේ. බුරුමයේ රැන්ගුන් සෑය එබන්දකි. පෙර කී ජනප‍්‍රවාදයට වඩා මේ මතය පිළිගත හැක්කකි. කෙසේ හෝ වේවා අප දැන් සිටින්නේ එදා තපස්සු භල්ලූක ඉදිකළ ලොව ප‍්‍රථම චෛත්‍ය පිහිටි නිතුපත්පානේය. වෙළෙඳ නායකයන් පැමිණ ගල්තලය යන අරුත් දෙන නෙතු පතන පාෂාණ යන පාලි වචන ඔස්සේ නිතුපත්පාණ වූ නමුත් දුර පෙනෙන කඳු මුදුන එදා හැඳින්වූණේ ගිරිහඬු කන්ද ලෙසිනි. ගිරිහඬුකන්දේ ඉදිකෙරුණ චෛත්‍යය ගිරිහඬු සෑය වූයේය...... එහෙත් ගැමි ව්‍යවහාරය වූයේ නිතුපත්පාණ කඳුවැටිය යන්නය. ඒනිසාමදෝ කි‍්‍ර.ව. 67 දී වසභ රජු විසින් කරවන ලද වැවද නිතුපත්පාණ වැව ලෙස නම් ලද්දේය. ඒ වැව තනන ලද්දේ නිතුපත්පාණ හෙවත් ගිරිහඬු කන්ද ඇසුරු කරගෙනය. එකල යාං ඔයේ වතුර නිතුපත්පාණ වැව කරා ගමන් කළ ඇළ මගක්ද මේ බිමේ තිබිණි. ඒ ඇළ මගින් එතෙරව ගිරිහඬු සෑය කරා යනු පිණිස හෙළ රජ වසභ ගල් පාලමක්ද තනවා තිබිණි. අද ඒ ඇළ මග දකින්නට නැත. එහෙත් ගල් පාලම නම් දැකිය හැකිය. ඉතින් අපි ගිරිහඬු සෑය වැඳගනු පිණිස ගිරිහඬු කන්ද දෙසට ඇවිද යමින් සිටිමු. කඳු හිසට යොමුවුනු ශෛලමය පඩිපෙලකි. ඒ පඩිපෙල ඇරඹෙන්නේ නිවුන් පොකුණක් අතරිනි. ගල් පඩි පෙළකින් ආවරණය කරන ලද ඒ නිවුන් පොකුණේ ඇති කළුවට හුරු ජලය වැස්සෙන් එක් රැස්වූ වතුර විය හැකිය. රූස්ස ගස් කිහිපයකින් සෙවණ වුණු ඒ නිවුන් පොකුණු පිසගත් සුළඟ කඳු හිස දෙසට ඇදී යන්නේ තුරු හිස් අතරද වැදෙමිනි. මේ ශෛලමය පියගැටපෙළද රජ සමයේම ඉදිකෙරුණකි. අපි ඒ පියගැට පෙළේ පඩි එකින් එක ඉහළට නගිමු. අපිට පසුවී යන මිටියාවතෙන් නිවුන් පොකුණේ හැඩරුවත් එහි ඇති ගල්පඩිත් මනාවට පෙනෙයි. ටික දුරක් ඇවිද යනවිට හමුවන්නේ සෙල්ලිපිය නම්වූ පුවරුවකි. අපි ඒ පුවරුව සමීපයෙන් පසෙක වූ ගල් තලාවට ඇවිද ගියෙමු. එක් ගල්තලයක් මතුපිට කොටුකරන ලද තැනකි. ඒ සෙල්ලිපියයි. අඩි විස්සක් පමණ දිගට ලියැවුණු මේ සෙල්ලිපිය ලියා ඇත්තේ අග‍්‍රබෝධි සිලාමේඝ නම් රජ සමයේදී බව කියති. එනම් තපස්සු භල්ලූක විසින් ගිරිහඬුසෑය ඉදිකර ලැබ වසර 1200ක් ගතවුණු ඉක්බිතිවය. එතෙක් කලක් ජනප‍්‍රවාදයේ පැවැති මේ කතා පුවත සෙල්ලිපියෙහි ලියා ඇත්තේ සංස්කෘත දේවනාගර අක්ෂරයෙනි. පේලි එකොළහකින් යුත් මෙහි ශ්ලෝක එකොළහක් බවත් ඒ ශ්ලෝක ගිරිහඬු සෑය වන්දනා කරන ගීත එකොළහක් බවත් පුරාවිද්‍යාඥයෝ කියති. මෙම සෙල්ලිපිය හමුවනවිටත් එක ශ්ලෝකයක අකුරු කිහිපයක් වැනසී තිබිණි. අපි යළිත් පියගැටපෙළේ තවත් අඩි පනහක් පමණ ඉහළට නැග්ගෙමු. ඇතින් ඇසෙන මොනරකුගේ හඬක් තවත් විවිධ විහඟ ගී හඬත් විසින් නිහඬ බව බිඳිනු ලබයි. ගිරිහඬු සෑයේ පාමුලටම පැමිණ සිටි අපට දැන් පිවිසෙන්නට ඇත්තේ වැලි මළුවටය. එහෙත් ඊට කලින් දකුණු අත පැත්තේ ඇති ගඩොල් චෛත්‍යයත් වම් අත පැත්තේ ඇති කුඩා බෝ පැළය දෙසත් බලා දෑත් එක්කර වැඳ සිටිය යුතුමය. ලංකා පොකුණට යනුවෙන් දකුණටද පුවරුවකි. එහෙත් ඊට කලින් පියගැට පෙළේ ඉතිරි පඩි කිහිපයක් නැග වැලිමළුවට පිවිසුනෙමු. නෙත් ඉදිරියෙන් ඇත්තේ වටදාගෙයයි. සිලාමේඝ රජ සමයේ ඉදිකෙරුණු මේ ශෛලමය වටදාගෙයි මධ්‍යයෙහි ගිරිහඬු සෑය විරාජමාන වෙයි. අපි වැලිමළුව වටේ වටදාගෙය පැදකුණු කළෙමු. චෛත්‍යයක් වටකළ වටදාගෙවල් ලංකාවෙහි ඇත්තේ දෙක තුනක් පමණි. ඒ අතරින් මෙම තිරියාය වටදාගෙය ලෝක පූජිතය. සිලාමේඝ රජ සමයේ මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කෙරුණු ගිරිහඬු සෑය පුද බිමේ එවක ප‍්‍රධානියා වූයේ අමෝඝ වජ‍්‍ර තෙර නමයි. වටදාගෙයි දොරටු හතරකි. ඒ සිව් දොරටුවෙන්ම ගිරිහඬු සෑය වෙත ප‍්‍රවිශ්ඨ විය හැකිය. දෝත් එක්කර හිසෙහි තබාගත් වනම අපි මේ උතුම් පින්බිමට පිවිසුනෙමු. චෛත්‍යයේ එක්තැනක හිඩැසකි. ඒ හිඩැසෙන් පෙනෙන්නේ මුලින්ම තැනූ කුඩා ප‍්‍රමාණයේ සෑයයි. ඉනික්බිතිව සිලාමේඝ රජු මේ චෛත්‍යය වඩාත් විශාල කර බඳවා එහි වටේට පියස්සක් සහිත වටදාගෙයක්ද තැනෙව්වේය. වැලි මළුවෙහි පිළිම ගෙවල්ද දෙකකි. එකක ඔත් පිළිමයකි. අනෙක සමාධි පිළිමයකි. ඒ පිළිම දෙකම ශෛලමය පිළිම වීම නිසාවෙන් අද වන තෙක්ම සුරැකෙමින් පවතියි. එහෙත් හිටි පිළිමය බිම පතිත වී තිබිණි. නික්ම යන්නට හිත නොදෙන බැවින් බොහෝ වේලාවක් සෑ මළුවට වී ඔබ මොබ ඇවිදිමින් සිටියෙමු. නැගෙනහිර දොරටුවෙන් පිවිසුණු අපි නික්ම ගියේ උතුරු දොරටුවෙනි. නැගෙනහිර දොරටුව සේම උතුරු දොරටුවද පියගැට පෙළින් හැඩවුණු අලංකාර එකකි. මේ පිවිසුම් මග දෙපසම නටබුන් රැසකි. ඒ සියල්ල සිලාමේඝ යුගයෙහි මහායාන බෞද්ධ මධ්‍යස්ථානයට අයත් වූ ගොඩනැගිලි වල පාදම් වියයුතුය. පසෙක ඇත්තේ ලංකා පොකුණයි. ලංකාවේ හැඩයට තනන ලද ඒ පොකුණ අද නෙළුම් විලකි. මෙතැනට නිතුපත්පාණ වැව මොනවට පෙනෙයි. එහෙත් තුරු යායකින් වැසීගත් වනපෙත අතුරින් නිතුපත්පාණ වැවෙන් අපට පෙනෙන්නේ සුළු කොටසකි. එහෙත් මේ සියල්ල දොලොස්වැනි සියවසෙහිදී වල් බිහිව ගියේය. හේතුව සොලී ආක‍්‍රමණය......... මෙහි ජනපදවාසීහු ගම්බිම් හැරපියා දකුණු ලකට පිය නැගුවෝය. සොලී ආක‍්‍රමණ හමුවේ කැඞී බිඳී ගිය ගිරිහඬු සෑ පුදබිම කැලය විසින් වසාගනු ලැබුයේය. මෑත යුගයේ 1929 දී පමණ මේ ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල්ලිපිය යළි හමුවන විට නිතුපත්පාණ තිරියාය වී තිබිණි. තිරියායේ ගිරිහඬු සෑය ලෙස මෙය ලෝක ප‍්‍රකට වූයේ ඒ අනුවය. ඉනික්බිති කෙමෙන් එළි පෙහෙළි වූ තිරියායේ ගිරිහඬු සෑයේ නටබුන් පිළිසකර කරමින් අද පවතින තත්ත්වයට පත්කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනි. ගිරිහඬු සෑයේ බාරකාර හිමිනම වූයේ ගන්දර ආනන්ද නාහිමියන්ය. එවක ගිරිහඬු සෑය පණමෙන් බලාගෙන සිටි උන්වහන්සේට 1985 ජූනි 19 වැනිදා කොටි සංවිධානයේ තර්ජන එල්ල විය. කොටි තිරියායට අරක් ගත්තෙන් අපේ ගන්දර හාමුදුරුවෝ තිරියාය හැර ගියහ. පුදබිමෙහි වූ සියළු ගොඩනැගිලි කොටින්ගේ බෝම්බවලට ගොදුරුව මිහිමත ඇද වැටිණි. ශිලාමය බුදු රුවකටද මේ මෘගයෝ වෙඩිතැබූහ. එහෙත් ගිරිහඬු සැය රැක බලාගන්නට අධිගෘහිත දෙවි දේවතාවනට හැකිවිය. ගිරිහඬුසෑයේ වත්මන් විහාරාධිපති දෙවිනුවර චන්දිම හිමිපාණෝය. අප ගිරිහඬුසෑය වන්දනාවට යන විට එහිමියෝ ත‍්‍රිකුණාමලයේ ආනන්දාරාමයට වැඩම කර සිටියහ. එබැවින් අප සමඟ කතාබහට පිවිසියේ පොඩි හාමුදුරුනමකි. ගිරිහඬුසෑය ගැන කොතෙකුත් ලිපි පළවෙලා තියෙනවා. ඒ නිසා ආයෙත් පුවත්පත් ලිපියක් ලියනවනම් එහි ලියැවිය යුත්තේ මෙන්න මේ කරුණුයැයි උන්වහන්සේ කතාබහ ආරම්භ කළහ. අපි ඒ කරුණු මෙහි සටහන් කර තබමු. අග‍්‍රබෝධි රජ්ජුරුවො මේ චෛත්‍යය විශාල කරල හදල රන් ආලේප කරල මැණික් ඔබ්බල වටදාගෙයක් හදල පියස්සක් හදල තිබ්බේ. අද ඒ සියල්ල ගරා වැටිල. අපට  ඕනෙ තිබ්බ විදිහටම මේ චෙත්‍යය හදල රන් අලේප කරන්න. ඒත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැමති චෛත්‍යය දැන් තියෙන විදිහට ගඩොල් ගොඩක් වගේ තියන්න. ඒත් රුවන්වැලිිසෑය ලස්සනට හදන්න දීලා තියෙනවා. අපේ ඉල්ලීම ගිරිහඬු සෑයත් හදන්න ඉඩ දෙන්න කියන එක විතරයි. අපේ බෞද්ධ ජනතාව ඒ සඳහා අවශ්‍ය මුදල් අපට පරිත්‍යාගකරයි.

ශාන්ත කුමාර විතාන / සේයා රූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
ඉපැරැණි ගල් පාලම නිතුපත්පාණ වැව චෛත්‍යය වටදාගෙය  



අදහස් (0)

ලොව පළමු චෛත්‍යයට වන්දනා ගමනක්

විසාක Monday, 11 June 2012 04:10 PM

අපේ බෞද්ධ සිද්ධස්තාන ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමු .ලංකාදීප කර්තෘ මණ්ඩලයට ස්තුතියි.

:       0       0

පුන්‍යා Sunday, 25 May 2014 01:48 PM

විස්තර දැන ගත්තා. එයට පින්. ඒ ස්ථාන දකින්න වඳින්න සිතක් ඇති උනා. (නදී)

:       0       0

ක්‍රිෂ් Saturday, 05 January 2013 03:29 PM

ප්‍රමාණාත්මක ලිපියක්.‍හොඳයි (ස)

:       0       0

නිත්‍යා Saturday, 05 January 2013 01:16 PM

ගොඩක් වටිනවා මේ වටදාගෙය. අනාගතයට මේ අතීතය රැකගෙන ‍රැගෙන යමු. (නි)

:       0       0

තුසිත් Thursday, 18 October 2012 02:14 AM

'උරුමය' අපේ ජීවිත වලට ගොඩක් වැදගත් දෙයක්. (නි)

:       0       0

නිලන්ත මධුශංක Thursday, 16 August 2012 11:46 AM

මෙවැනි වැදගත් ලිපි පළ කරනවාට ස්තූතියි. අපි අපේ සිංහල බෞද්ධ උරුමය ‍රැක ගත යුතුයි. (නි)

:       0       0

achini Saturday, 07 July 2012 02:45 PM

අපගේ පුරා වස්තු බුදු දහම අනුව කටයුතු කරන ජනතාව වැදුම් පිදුම් කරන පූජනීය වස්තූන්ද වේ. මේ නිසා පුරා වස්තු වලට ආගමික ස්වරූපයක්ද ආදි කාලයේ සිටම පැවතිණි. අපේ මුතුන් මිත්තන් ගස්, ගල් වලට වැන්දයි කියන්නේ ජය සිරි මහා බෝධියට හා බුදු සිරි පතුල් (ගලින් නෙළන ලද) වැදීමම වේ

:       0       0

රුවන් Monday, 02 July 2012 01:00 PM

අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? ... ඒ කුරිරු යුද්ධයද හමාර නිසා හැමෝම මේවා බලන්න යන්න.අම්පාර මැදචව්විය ප‍්‍රදේශ වල පැරණි විහාර රාශියක් තියෙනවා.මේ ප‍්‍රදේශවල වෙසෙන කාගේත් ගෞරවයට, පූජනීයත්වයට පත්වන මහා වැඩ කොටසක්

:       0       0

කුමුදුමලී Monday, 02 July 2012 10:31 AM

ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.

:       0       0

නිපුන් Thursday, 28 June 2012 11:05 AM

ත්‍රිපිටකය, දීප වංශය , ධාථු වංශ, ආටානාටිය සූත්‍රය, ආදිය කිවවා බලන්න..

:       0       0

උපුල් Thursday, 28 June 2012 10:53 AM

පොත්පත් බලමු , කරුණු දැන ගෙන කතාකිරීම වැඩ හොදයි

:       0       0

මිහිරි Friday, 22 June 2012 12:56 PM

අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න..

:       0       0

අසෝක Thursday, 14 June 2012 04:12 PM

ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි..

:       0       0

සංජීව Saturday, 24 March 2012 05:48 PM

මම හරිම කැමතියි මේ වගේ ඉපැරණි සිද්ධස්ථාන පිළීබඳව ජනතාව දැනුවත් කරනවට. ලංකාදීප කතෘ මණ්ඩලයට බුදු සරණයි.

:       0       0

gayani Monday, 11 June 2012 12:24 PM

අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? හැමෝම මේවා බලන්න යන්න..

:       0       0

මායා Monday, 11 June 2012 11:38 AM

දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි

:       0       0

champa Friday, 08 June 2012 05:08 PM

මෙවැනි වටිනා වැදගත් ලිපි තව තවත් සම්පාදනය කිරීමට "ලංකාදීපයට " ශක්තිය ධෛර්යය ලැබේවා

:       0       0

කුමුදුමලී Thursday, 07 June 2012 01:59 PM

මෙම ස්ථාන බලන් ඉන්න අපේ හාමුදුරුවෝ සැබෑ විරුවන්ය . ලංකාදීප පුවත්පත ලංකාදීපයේ ඉතිහාසය රැකිම අගය කරනවා . සාමය උදාකරදුන් සේනාධිනායක ඇතුළු සියලු රණවිරුවන්ටත් පිං

:       0       0

කුමුදු Saturday, 02 June 2012 11:35 AM

මෙම ස්ථාන බලන්නට යන්ට පෙර පෙන්වන ඔබටත්, සායම උදාකරදුන් සේනාධිනායක ඇතුළු සියලු රණවිරැවන්ටත් පිං

:       0       0

ගුණප්‍රේම Friday, 01 June 2012 11:28 AM

ලෝක වාසී බෞද්ධයන්ට මේක වැදගත් ලිපියක්....

:       0       0

මදුරංග Thursday, 10 May 2012 09:20 PM

හරිම වටින වැදගත් ලිපියක්.

:       0       0

චන්දි Wednesday, 04 April 2012 08:01 AM

ඉතාමත් වටිනා ලිපියක්. නොදැන හිටි බොහෝ දේ දැනගත්තා...

:       0       0

හේරත් Friday, 30 March 2012 11:05 AM

වටිනා ලිපියක්..ස්තූතියි !!

:       0       0

හශාන් Friday, 30 March 2012 07:26 AM

මේ වගේ ලිපි ඉදිරිපත් කරල අපිව දැනුවත් කිරීම ගැන ස්තූතියි !!

:       0       0

Monday, 26 March 2012 02:50 PM

මෙම ස්ථාන රැකීමට උරදෙන ඔබ වහන්සේලාට දිඝාසිරි පතමි...

:       0       0

උදයංග Sunday, 25 March 2012 04:55 PM

අපේ උරුමයන් හොයා ගිහින් කරන දැනුවත් කිරීම් ගොඩක් වටිනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site