X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ලෝකයේ මුල්ම මිනිස් පවුල ලංකාවෙන්?

ශ්‍රී ලංකාවේ ඇති වෙහෙර විහාර, දාගැබ්, පෙති පිළිම, සටන් බිමට හා කෘෂි කර්මාන්තයට අවශ්‍ය අවි, යුරෝපීයයන් පරදන ගිනි අවි, සාගර පරදන වැව් අමුණු පමණක් නොව සීගිරිය, යෝධ ඇළ, වැනි ලෝක උරුමයන් බවට පත් වූ නිර්මාණයන් තනා එකල මෙම හෙළ ඉංජිනේරුවෝ මහත් කීර්තියට හා අභිමානයට පත් වූහ. ‘‘ ශ්‍රී ලංකාවේ යක් හෙළ පරපුර හා අපේ ඓතිහාසික උරුමය’’ නම් කෘතියේ සඳහන් මංජු ශ්‍රී බෝසතාණන් නමින් මතු බුදුවන රාවණ රජතුමාට හා එම පරපුරේ විශ්ව බ‍්‍රාහ්මණ, සූර්ය වංශ, විශ්මකර්ම, නවන්දන්නා නමින් හඳුන්වනු ලබන යක් හෙළ පරපුරට නිතැතින්ම මෙහි ගෞරවය හිමි විය යුතුය. එදා එම යක් හෙළයන් නොසිටියේ නම් අද ශ්‍රී ලංකාවේ මෙවැනි විස්මිත උරුමයක්, සංස්කෘතියක් කියා දෙයක් පෙන්වීමට නොහැකි තරම්ය. මේ ගැන ඉහත සඳහන් කෘතිය බැලීමෙන් තවදුරටත් පැහැදිලි කර ගත හැක.

අතුරලිය - විමලසුරෙන්ද්‍ර


මෙසේ දැනට වසර 7500කට පමණ පෙර රාවණ යුගයේ ලොව ඉතාම උසස් ශිෂ්ටාචාරයක් ගොඩනැගු ශ්‍රී ලංකාවේ යක්ෂ ගෝත‍්‍රික හෙළයින් ඉන් නොනැවතී ලොව පුරා දස දෙස විවිධ රටවල සංචාරය කරමින් ඔවුන්ගේ විද්‍යාව හා තාක්ෂණය බෙදා දෙමින් රටවල් සොයා ගනිමින් ලොවට විශාල සේවයක් කර ඇති බව පුරාණ ග‍්‍රන්ථයන්ගෙන් ද, පර්යේෂවලින්ද සනාථ වී ඇත. මින් හෙළිවන කරුණු අනුව ලෝකයේ මුලින්ම රටවල් සොයා ගැනීමේ ගෞරවය හිමි විය යුත්තේද බටහිර ජාතීන්ට නොව මෙම යක් හෙළ පරපුරටය.


එවැනි විදෙස් නිමැවුම් අතර, සිංගප්පූරුවේ කර්මාන්ත සඳහා උපදෙස් සහ සහාය ලබා ගැනීමට ලාංකීය ඉංජිනේරු යක්ෂයින් 5 දෙනෙක් ඉල්ලා ඇත. ඒ ගැන එරට ඉතිහාසයේ පවා සඳහන් වී ඇති බව 2011.11.14 වැනි දින දොරමඩලාව වැඩ සටහනේදී හෙළි විය. රාවණ රජතුමාගේ ඥාති දනුබ් කුමරු ‘‘රමණීය’’ (රොමානියා) රට ජනාවාස කර, එරට ‘‘දනුබ්’’ (ඩැනියුබ්) ගඟ හරහා අමුණු බැඳ ඇත. මේ ගැන ස්කන්ධ පුරාණයෙහි සඳහන් වේ. මෙරට වාරිමාර්ග පද්ධති පිළිබඳ හෙන්රි පාකර් මහතා සිය කෘතියෙහි සඳහන් කිරීමේදී ඉන්දියාවේ කාශ්මීරයේ රජු කි‍්‍ර.ව 8 වැනි සියවසේදී ලංකාවේ වාරි ඉංජිනේරුවන්ගේ සහාය ලත් බවත්, අපේ ශිල්පීන් එහි ගිය බවත් සඳහන් කර ඇත. බැබිලෝනියා ශිෂ්ටාචාරය ගොඩ නැගීමට උපදෙස් දී ඇත්තේ ගුවන් යානාවලින් පැමිණි සිංහ මිනිසුන් බැව් කියවෙන මැටි පුවරු 1996 අපේ‍්‍රල් මස එහිදී සොයාගෙන ඇත. සිංහ මිනිසුන් එය ගොඩනැගූ ආකාරය ‘‘ඉතිහාසය චැනලය’’ නමැති ඇමෙරික් රූපවාහිනිය විසින් 1998 මැයි මාසයේ විකාශනය කර ඇත. මේ අනුව ලොව පළමු ගුවන් යානයක් නිපදවීමේ හා ගුවනින් යාමේ ගෞරවයද හිමි විය යුත්තේ මෙම යක් හෙළයන්ටය. බැබිලෝනියාවේ පුදුම හතෙන් එකක් වන ‘‘එල්ලෙන උයන් වතු’’ අපේ රටේ සීගිරි මුදුනේ කෘත‍්‍රිම උයන් සෑදු උයන් බවත් හෙළි වේ. කුවේර ඇතුළු යක් හෙළයන් ඇමෙරිකාවේ ඉන්කා ශිෂ්ටාචාරය ගොඩ නගා ඇත. මේ බව ග‍්‍රීක ඉතිහාස ග‍්‍රන්ථවලද සඳහන් වේ. එම රටේ ඇති බහිරව රූපවලින් හා මාදුරු ඔයට සමාන ලාහුගල හැඩයේ තිබී හමුවූ ගල් අමුණට සමාන අමුණක් මේ ශිෂ්ටාචාරයෙන් හමුවීමෙන් ඒ බව සනාථ වේ. ඇමෙරිකාවේ දෙවියන් ලෙස සැලකුම් ලබන විරෝචන ද ලංකාවේ යක්ෂ ගෝත‍්‍රික හෙළයකි.


මෙම යක් හෙළ පරපුර විජය පරම්පරාවේ අය නොවේ. විජය පැමිණීමට පෙර මෙහි සිටි මහා සම්මත පරම්පරාවෙන් එන ලෝකයේ මුල්ම මිනිසුන්ය. ඇලෙක්සෙන්ඩර් කියන පඬිවරයා මේ බව සඳහන් කර ඇත. ලොව පුරා මානවයා ව්‍යාප්ත වූයේ මැඩගස්කරයෙන් බව එක්තරා ලිපියක සඳහන් වේ. මහා පඬිරුවනක් වූ අරිසෙන් අහුබුදු තුමාද මේ බව සනාථ කර ඇත. ”විශ්ව බ‍්‍රාහ්මණ වංශ විනිශචය’’ කෘතිය පවසන්නේ මෙම පරපුරේ මව්බිම කාශ්මීර ප‍්‍රදේශය හා ඒ අවට බවයි. පසුව ඔවුන් ලොව සෑම පළාතකම විසිර ගොස් ස්ථිර නිවාස ඇති කරගත් බැවින් විවිධ භාෂා, වර්ණ ඇති වූ බවයි. මේ පරපුරට විශ්ව බ‍්‍රාහ්මණ යන නම ව්‍යවහාර විය. කාශ්මීර රට බ‍්‍රහ්ම වර්ත යනුවෙන්ද ව්‍යවහාර කරන අතර, පුරාණ බ‍්‍රාහ්මණයන් පමණක් මෙහි විසූහ. රාවණ රජතුමා කාශ්මීරයේ යක් පරපුර දැනුවත් කළ බව අරිසෙන් අහුබුදු තුමා විසින්ද ‘‘විජයාවතරණ සමයේදී මේ රට කළේ මහා කාලසේනය’’ යනුවෙන් ශ්‍රී ලංකා ශිෂ්‍යොපකාර සමිතියේ 2006 ඔක්තෝබර් මස 01 දින පවත්වන ලද සංවත්සර උත්සවයේ කරන ලද දේශනයේදී හෙළි කරන ලදී. මැඩගස්කරය, කාශ්මීරය, ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන්වීමට පෙර ශ්‍රී ලංකාවට අයත්ව තිබූ ප‍්‍රදේශ වේ. ප‍්‍රථම ආර්ය පවුල ජනිත වුනේ ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවෙන් වියු යුතු බවට ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාද පවසයි. රාවණ පරපුර ලංකාවේ පමණක් නොව මුළු මහා භාරතයේද පැතිර ඇති බවට හේතු සාධක මූලාශ‍්‍ර අපමණ ඇත. මෙම පරපුරේ නම්වලට සමාන ගෝත‍්‍ර නම් ශ්‍රී ලංකාවේ, මහා භාරතයේ, ගී‍්‍රසියේද ඇත. රවුළුගේ, හේවා රවුළුගේ, රවුළු හේවාගේ, රාවණගේ ආදී නම්, වාසගම් දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේද දැකිය හැකිය.

 


‘‘යක් හෙළ ශිල්පීන්ගේ
පෙළපත් නම් ආදිය අනුවද,
ඉන්දියාවෙන් පැමිණි පමණින්ද,
දැන හෝ නොදැන වගකීමෙන් තොරව
ඔවුන් ද්‍රවිඩ සම්භවයක් ඇති
අයවලූන් ලෙස හංවඩු ගැසීමත්,
එසේ ලේඛණ ගත කිරීමත්
වැරදි සහගතය’’

 


එපමණක් නොව මෑත භාගයේදීද එනම් 1934 දී ශ්‍රී ලංකාව පාලනය කළ බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීමක් මත දියමන්තියේ බි‍්‍රතාන්‍ය ලාංඡුනය කොටා කළ හපන්කම එවකට ලොව පාලනය කළ වික්ටෝරියා මහ රැජිනගේ විමතියට පවා ලක් විය. එවැනි ශිල්පීය ඥානය බි‍්‍රතාන්‍ය රජයේ ස්වර්ණාභරණකරුවන්ට ලන්ඩනයේදී පේ‍්‍රක්ෂණය කිරීමට රජ අණ විය. ඒ අනුව ඉහත හපන්කම කළ යක් ශෙල පරපුරේ විමලසුරේන්ද්‍ර හා අතුරලිය යන දෙදෙනා ඒ සඳහා එහි යන ලදී. තාක්ෂණය පේ‍්‍රක්ෂණයට ගියේ කැමැත්තෙන් නොවේ. රජ අණ නිසා විය හැක. ඉන්දියානුවන් 40 දෙනෙකුට හා ලංකාවේ මේ දෙදෙනාට රැුජින බැහැ දැකීමට අවස්ථාව ලැබුණි. රැුජින ඉදිරියේ එම ඉන්දියානුවන් බිම දිගා වී වැඳ වැටී යද්දී මේ අභීත තාක්ෂණිකයන් දෙදෙනා වැඳවැටුනේ නැත. තාක්ෂණය දත් අය බිම වැටෙන්නට වුවමනා නැති බව ලොවට කියා දෙමින් ඔවුන් හිටගෙනම රැුජිනට ගෙන ගිය යතුරක් කැරකැවීමෙන් විසිරී යන හා කොපුව තුළට නැවත එන ආකාරයේ ඇත්දත්වලින් නිම වූ පොල් මලක් හා මිනිරන් කපුටෙක් තෑගි කළේය. මේ දෙදෙනාගේ තාක්ෂණයේ ප්‍රෞඩත්වය වික්ටෝරියා රැජිනගේ දින පොතේ පවා අපූරුවට සඳහන් කර ඇතිවා පමණක් නොව ඒ අනුව මේ දෙදෙනා වෙනුවෙන් භෝජන සංග‍්‍රහයක් පවා පවත්වා ඇත. තවද ඔවුන්ගේ පරම්පරා හතකට රැුජිනගේ  ඕනෑම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටකින් රැුකියාවක් ලබා ගැනීමට එම වකවානුවේ තිබූ උසස්ම වරමක් දීමෙනුත් ඔවුන්ට බුහුමන් දක්වා ඇත. එමෙන් තවත් අපේ විද්වතෙක් බි‍්‍රතාන්‍යයේදී දුම්රිය සර්වෝරෝධක ක‍්‍රමය සොයා දී ඇත. එයට ගෞරවයක් වශයෙන් අදද භාවිත කරන දුම්රිය බ්‍රේක් පළුවලට ‘‘ක්ලේටන් දේවේන්ද්‍ර සදර්වෝ සිස්ටම්’’ යනුවෙන් හඳුන්වනු ලබයි. මේ එවැනි අපේ ශිල්පීන් මෑත භාගයේදීද ජාතියට ආඩම්බරයක්, ගෞරවයක් ලබා දෙමින් රජ අනින් බි‍්‍රතාන්‍යයට ගොස් ඞී.ජේ. විමලසුරේන්ද්‍ර තුමා මෙන් සුද්දන්ට පාඩම් ඉගැන්වූ හැටි මෙහිදී නොකියාම බැරිය.


මේ අනුව එදා ශ්‍රී ලංකාවේ විසූ සමෘද්ධිමත් යක්ෂ ගෝත‍්‍රික හෙලයන් සමස්ත ලෝකයේමද ශිෂ්ටාචාරය ඇති කිරීමට කටයුතු කර ඇති බව මැනවින් පැහැදිලි වේ. එවැනි අපි ලෝකයේ පළමු ශිෂ්ට සම්පන්න ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය කොටසක් බව අපේ අනාගත පරපුරට දෙපයින් සිටගෙන ලෝකයා හමුවේ ආඩම්බරයෙන් කියා පෑමට හැකිවීම ගැන මුළු මහත් ජාතියම රාවණ රජතුමා ඇතුළු එම පරපුරට සදා ණය ගැතිය.

 

ඇත් දත් පොල් මල

රාවණ රජතුමාට රටවල් 10ක් අයත්ව තිබී ඇත. එම නිසා දශ ශීර්ෂ යනුවෙන්ද හඳුන්වනු ලබයි. ඉන්දියාවේ දණ්ඩකාරාණ්‍ය යද එතුමාට අයත්ව තිබී ඇත. එහි ශාක පමණක් බුදින යක් හෙළ ජනතාවක් විසූ බව මහාවංශයට පෙර රචිත රාමායනය පැවසීමෙන්ද, මුහුදු ගැලීමෙන් ලංකාව ඉන්දියාව වෙන්වන අවස්ථාවේ මෙම දණ්ඩකාරණ්‍යයෙහි අගනුවර වන දනස්ථානය (දනව්ව) ද ගිලී යන ලදී. එය 2002 දී මුහුදු පත්ලේ තිබී සොයා ගැනීමෙන්ද ඒ බව තවදුරටත් සනාථ වේ. ඉන් රාවණ රජතුමාගේ කාලය අවුරුදු දසදහසක් පැරණි බවටද ඔප්පුවේ. මේ අනුව ආර්යයන් ඉන්දියාවට පැමිණ ඇත්තේ ක‍්‍රි.පු. 1500 බව කියන මැක්සි මුලර්ගේ ආර්ය න්‍යායද පුස්සක් බවට පත්වනු ඇත. රාවණ රජතුමාගේ කාලයත්, බලන්ගොඩ මානවයාගේ හා ඒ එම මානවයා සොයා ගත් කලාපයේ අදටත් මතුවන ඓතිහාසික සාක්ෂිවල කාල නිර්ණයන් ගත් විට ලොව ප‍්‍රථම ආර්ය පවුල ජනිත වුනේ ශ්‍රී ලංකාවෙන් බවට එකඟ විය හැක. රාවණ රජතුමාට ඉන්දියාවේ අයත්ව තිබූ මෙවැනි බොහෝ ප‍්‍රදේශවලත්, යටත් රටවලත් මෙම යක් හෙළයෝ සිටි බවට මෙවැනි තොරතුරු තවත් බොහෝ වෙති. රාවණ යුගයේ අවසන් භාගයේදී මුහුදු ගැලීමෙන් මේ අයත් සමඟ ඉන්දියාව ලංකාව වෙන් විය.


තවද විදෙස් රටවලට මෙම යක් හෙළ ශිල්පීන් බලහත්කාරයෙන් පවා ගෙන ගොස් ඇති අතර, ඉන්දියාවේ අදටත් එවැනි අය සිටින බව දැන ගන්නට ඇත. මෙම අය මෙන්ම අනෙක් රටවල සංවර්ධන කටයුතුවලට ගිය අය කාලයක් එහි පදිංචිව සිටීමේදී එම දිවයින්වලින් භාෂාවන් හා පෙළපත් නම්වලට නම් එකතුවීමක්ද දක්නට ලැබේ. ඉන්දියාව ළඟම පිහිටි රට බවට පත් වූ නිසා විශේෂයෙන් එම අය වරින් වර ආපසු මෙහි පැමිණි බවත්, රජවරුන් විසින් ගෙන්වා ගත් බවත්, වංශ කථාවල සඳහන් වේ. මහින්දාගමනයත් සමඟ පැමිණි කුල 18කට අයත් බව කියන අයවලූන් ශුද්‍ර ගණයට අයත් වන බව පැහැදිලිවේ. ශුද්‍ර යනු උසස් කියන වංශයට අයත් නොවන කුල හීනයන් වේ. මෙම යක් හෙළයන් එම කුල හීනයන්ට අයත් නොවන නිසා යක් හෙළයන් ඒ සමඟ පැමිණි කුලයක් බවට ගණනය කළ නොහැක.


පසු කාලීනව අප රටේ සිටි රජවරු මෙන්ම ද්‍රවිඩ සම්භවයක් ඇතිව සිටි රජවරු විසින්ද මෙම යක් හෙළ ශිල්පීන්ට ගෞරවයක් වශයෙන් රාවණ යුගයේ නාමයන්, නාරායන, දේවේන්ද්‍ර, සුරේන්ද්‍ර (දෙවියන්ගෙත් දෙවියන්) ආදී දෙවියන්ට අයත් හා පරාක‍්‍රම, වීර පරාක‍්‍රම ආදී රජවරුන්ගේ නාමයන්ගෙන්ද පුදනු ලැබු බවක් පෙනේ. මෑත භාගයේ සිටි හැමෝම නොව සුදු නිලධාරීන් කීපදෙනෙක්ද මෙම ශිල්පීන්ට ගෞරවයක් වශයෙන් ඩයස්, සිංඤ්ඤෝ, කොස්තා, සිල්වා, සම්පායෝ, මොරායස්, දොන්, පෙරේරා, බර්තොලමියුස්, රබෙල් වැනි ඔවුන්ගේ නාමයන් පවා භාවිතා කර ඇති බවක්ද දක්නට ඇත. පෙර සඳහන් කළ පරිදි නැවත ඉන්දියාවේ සිට මෙහි පැමිණි ශිල්පියෙකු ගොඩ බට බවට ඇසූ එකල කෝට්ටේ රජකළ බුවනෙකබාහු (Vස) රජතුමා විසින් ඔහු ඇතු පිටින් රජ වාසලට ගෙනවුත් ගෞරව කර මංගල ගම පවරා මණ්ඩල වල්ලි නයිදේ නම් ගරු නාමයද ප‍්‍රදානය කළ බව ‘‘මධ්‍යකාලීන සිංහල කලා’’ ග‍්‍රන්ථයේම සඳහන් වේ.


ඉහත සඳහන් ‘‘ශ්‍රී ලංකාවේ යක් හෙළ පරපුර හා අපේ ඓතිහාසික උරුමය’’ කෘතියට සම්බන්ධ අලදෙණියේ අලගේශ්වර වත්තු නයිදේ මූලාචාරීන් ගේ අලගේශ්වර ඩිංගිත්තා අප්පු නම් මහනුවර දළදා මැදුරේ පත්තිරිප්පුව, දිය අගල, වලාකුළු බැම්ම, නුවර වැව හා නගර නිර්මාණය කර මහනුවර එදා මෙදා තුර බැතිමතුන්ගේ නෙතට රසඳුනක් කළ දීප්තිමත් අද්විතීය සැලසුම්කරු හා නිර්මාණ ශිල්පියාට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ‘‘දේවේන්ද්‍ර’’ යන නාමය ඇතුළු තඹ සන්නසක් ප‍්‍රදානය කර ඇත. තවද ගෞරවයක් වශයෙන් රජතුමා විසින්ම රන් නළල් පටියක් බැඳ එම මූලාචාරී ධුරයට පත් කර ඇත. ඒ නැතත් රාවණ රජතුමාගේ පුත් ඉන්ද්‍රජිත්ගේ ඉන්ද්‍ර පරපුරෙන් පැවත එන දේවේන්ද්‍ර, සුරේන්ද්‍ර, මනමේන්ද්‍ර වැනි එම ‘‘ඉන්ද්‍ර’’ නාමයන් පමණක් නොව එවැනි යක් හෙළ නාමයන් මෙම පරපුරටම නිරන්තරයෙන් ලැබෙන්නකි.


අපේ රටේ රජ කළ දුෂ්ඨ පාලකයෙකුගේ කාලයේ දන්ත ධාතූන් වහන්සේ අහසට නැගි වේලාවේ එය ආපසු පොළවට ගැනීමට අධිෂ්ඨාන භාවනාවක් කර ඇත්තේද මෙම පරපුරේ අයෙකු බැවින් ඔවුන්ට ‘‘දන්ත නාරායන’’ යන පෙළපත් නාමය පුදනු ලැබූවකි. මේ රජවරුන් විසින් පිරිනමන ලද නාමයන්ගෙන් කීපයකි.


ඉහත සඳහන් කරුණු කාරණා අනුව මෙම යක් හෙළ ශිල්පීන්ගේ පෙළපත් නම් ආදිය අනුවද ඉන්දියාවෙන් පැමිණි පමණින්ද, දැන හෝ නොදැන වගකීමෙන් තොරව ඔවුන් ද්‍රවිඩ හා වෙනත් සම්භවයක් ඇති අයවලූන් ලෙස හන්වඩු ගැනීමත්, එසේ ලේඛන ගත කිරීමත් වැරදි සහගතය. එසේ මුද්‍රණද්වාරයෙන් බිහිවන ග‍්‍රන්ථයක් හෝ ලිපියක් මතු අනාගතයේදී පර්යේශකයන්ට මූලාශ‍්‍රයක් ලෙස යොදා ගත හැකි හෙයින් ග‍්‍රන්ථයක ඇතුළත් තොරතුරුවල නිරවද්‍යතාව ගැඹුරින් අධ්‍යයනය කොට හේතු සාධක සහිතව සඳහන් කිරීම විද්වත් සම්ප‍්‍රදායද වේ. මෙවැනි සොඳුරු මිනිසුන් ගැන ඉහත සඳහන් ‘‘ශ්‍රී ලංකාවේ යක් හෙළ පරපුර හා අපේ ඓතිහාසික උරුමය’’ ග‍්‍රන්ථයේම මොනවට පැහැදිලි වේ. ඔවුන් මගේ රට තව තවත් ලස්සන කළා පමණක් නොව ගිනස් වාර්තා තබමින් රටට කීර්තියක් ලබා දෙන එම පරපුරේ අය අදටත් නැත්තේ නොවේ. එමනිසා නිර්මාණවලත්, කලාවේත් අභිවෘද්ධිය තකා එවැනි වැරදි ප‍්‍රවණතා වලින් වැලකී සිටීමට අපි වග බලා ගනිමු.

 

එම්.ඒ. කරුණාරත්න, 

ගිරිතලාන දකුණ, හෙට්ටිපොල

 

දේවේන්ද්‍ර මූලාචාරී තුමා

 



අදහස් (0)

ලෝකයේ මුල්ම මිනිස් පවුල ලංකාවෙන්?

එම්.වී.එස්.ද සිල්වා Tuesday, 29 January 2013 03:50 PM

ස්තුතියි ලංකාදීප.. මෙම ලිපියක් පමණක් නෙමෙයි.. ජාතික අවශ්‍යතාවයක්..අද බාල තරුණ පරපුර යන ගමන විනාශකාරී හැගීම් ආදී නොකටයුතු කම් වලට මේ වගේ වැදගත් දේවල් පිළිබදව අවධානයක් කැතිකමත් බලපානවා මගේ හැගීමයි..!(නු)

:       0       0

රන්දිමා ධර්මසේන Friday, 14 November 2014 04:47 PM

කියන්න හුඟාක් සතුටුයි. මේ දේවේන්ද්‍ර මූලචාරී කියන්නේ මගේ අම්මාගේ තාත්තාගේ සීයා කියලා. ඒ උත්තමයා බුදුන් දැක නිවන් දකින්න ඕනෙ මගේ රට වෙනුවෙන් කල සේවයට. (ර)

:       0       0

චන්ද්‍රා දිසානායක Sunday, 25 August 2013 07:35 AM

සමහර අයට මේවා තේරෙන්නේ නෑ ඉතියසයක් නැති අයට පැහැදිලි අනාගතයක් නැහැ. (දී)

:       0       0

රොබට් Saturday, 02 March 2013 03:17 PM

සිංගප්පූරුව කියලා රටක් ඇති වුණේ 1965. ඊට කලින් සිංගප්පූරුව මලයා රටට අයිති කුඩා දූපතක්. ඒ දූපත ජනාවාස වුණේ 18 හා 19 වැනි සියවස්වල. ඒත් තිබුණු කර්මාන්තයක් නම් නැහ, ධීවර කර්මාන්තෙ ඇරෙන්න. 20 වැනි සියවසේ මුලදිත් මාළු දූපතක් වෙච්ච සිංගප්පූරුව ලී ක්වාන් යූ මහත්තයට පින්සිද්ධ වෙන්න ලෝකෙ දියුණුම නගරයක් වුණා.අද කාලෙ නම් ලංකාවෙන් ආපු ඉන්ජිනේරුවො ඕනෑ තරම්, හැබැයි ඒගොල්ලොගාව තියෙන්නෙ බටහිර තාක්ෂණය මිසක් රාවණා තාක්ෂණය නෙමෙයි. (නි)

:       0       0

තිලංක Saturday, 09 February 2013 04:20 PM

මටනම් හිනා ගියා.(නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 05 February 2013 07:03 AM

නියම පුවතක්, ස්තුති ලංකාදීප (දී)

:       0       0

රත්න Monday, 04 February 2013 01:10 AM

පැහැදිලි සාක්ෂි තිබෙනවාද? (නි)

:       0       0

අජිත් Saturday, 02 February 2013 03:05 PM

ලෝකෙ ලොකුම සීනි මෝල, ලෝක උරුමයට එකතුවන සීගිරිය, ඒ වගේ මේකත් ලෝකෙ මුල්ම මිනිස් පවුල. කාටද ආඩමිබර.(නදී)

:       0       0

චන්දන Saturday, 02 February 2013 06:42 AM

ගොඩක් වටින ලිපියක්, මේ වගේ දේවල් ඉගෙනගන්න ළමයින්ට වැදගත්(නදී)

:       0       0

මාර්ක් ඇන්තනී Friday, 01 February 2013 07:52 PM

ඔය යක්කු දැන් කෝ , උන්ට මොකද වුනේ ?(නදී)

:       0       0

සමන් Wednesday, 30 January 2013 08:35 AM

මේ කතාවට නම් මට හිනා ගියා "සිංගප්පූරුවේ කර්මාන්ත සඳහා උපදෙස් සහ සහාය ලබා ගැනීමට ලාංකීය ඉංජිනේරු යක්ෂයින් 5 දෙනෙක් ඉල්ලා ඇත. " රාවනා කතාවලින් රටට වැඩක් නොවෙන බව මගේ හැඟීමයි . (ස)

:       0       0

හේරත් Wednesday, 30 January 2013 08:19 AM

රාවනා රජුගේ කාලේ ඉදල පැවත එන රටක් මේක (දී)

:       0       0

කෝසල Tuesday, 29 January 2013 11:39 PM

ක්ලින්ටන් දේවේන්ද්‍ර නෙමෙයි සිංහල ජාතිය සොයාගන්නේ.. දේවේන්ද්‍ර කියන නම ඉතාම ප්‍රසිද්ධයි යුරෝපයේ.. ඇල්බට් දේවේන්ද්‍ර තමයි නිර්මාතෘ ක්ලින්ටන් දේවේන්ද්‍ර ඇමරිකාවෙ තියෙන ආයතනයේ.. දිවංගත ජෙනරල් රොජර් දේවේන්ද්‍ර බීජිං ජාතිකයෙක්. නිකොල් දේවේන්ද්‍ර තමයි දැං උපදේශක අධ්‍යක්ෂක ජෙනරාල් වන්නේ තොරතුරු සහ ජනමාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් යුරෝපා කොමිසමේ..!(නු)

:       0       0

ප්‍රියා Sunday, 27 January 2013 03:42 PM

මේ වගේ ලිපි පල කරන එකට ලංකාදීපයට ස්තුති (දී)

:       0       0

දමයන්ති Tuesday, 29 January 2013 12:25 PM

වටිනා ලිපියක් .(ස)

:       0       0

ලලිත් එච් Tuesday, 29 January 2013 11:08 AM

ඉතාම වැදගත් ලිපියක්.. තවත් මෙවැනි ලිපි පළකළොත් අපේ දැණුව වැඩිවෙයි.. ස්තුතියි..,!(නු)

:       0       0

විනෝද් Tuesday, 29 January 2013 10:13 AM

http://fr.wikipedia.org/wiki/Albert_Dewandre (නි)

:       0       0

ජයා Tuesday, 29 January 2013 12:08 AM

දැං හැමෝම මට බනීවි මේ ඔක්කොම ඇත්ත නම් මමත් ගොඩක් ආඩම්බර වෙනවා..!ඒත් ඉතිහාසයට එහා ගිය සුරංගනා කතා වලින් අපේ අයගේ ඔළුව පුරවා අද අපේ රට තියෙන තැනින් ගොඩ ගන්න එක අමතක කරන එකට මම විරුද්ධයි...!(නු)

:       0       0

සහන් Monday, 28 January 2013 10:16 PM

රාමායනයේ බොහෝ කතා මනඃකල්පිතය. විජය රජු මෙහි එනවිට තිබුණේ ගෝත්‍රික සමාජයක් මිස, දියුණු මහා ශිෂ්ටාචාරයක් නොවේ. එසේ තිබුණි නම් කෝ අද ඒ එක ගොඩනැගිල්ලක පාදමක් වත් සොයාගෙන තිබේද? තිබේ නම් තැන කියන්න. එතරම් දියුණු රාවණයන්, තම අන්තඃපුර වනිතාවන් සමග ගල් දිගේ හතරගාතෙන් බඩගාගෙන පොලව යට දිය උල්පත් වලට ගියේ මන්ද? අඩුම ගානේ ගල් පඩිපෙලක්වත් හදන්නේ නැතුව? (නි)

:       0       0

විභූති Monday, 28 January 2013 06:15 PM

ඉතා වටිනා ලිපියක්. (නි)

:       0       0

රොෂාන් Monday, 28 January 2013 06:12 PM

මෙවැනි ලිපි තවතවත් පළකර අපේ අයව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

ධර්ම Monday, 28 January 2013 03:18 PM

මෙවැනි ලිපි වෙනත් භාෂා වලින්ද පරිවර්ථනය කර බෙදා හැරීම සුදුසුයි. (නි)

:       0       0

රාජු Monday, 28 January 2013 07:30 AM

වටිනා ලිපියක් (දී)

:       0       0

ඉෂාන් Sunday, 27 January 2013 08:46 PM

ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි ලංකාදීප !! (නි)

:       0       0

චාමිකර Sunday, 27 January 2013 08:47 PM

ගොඩක් වටිනා ලිපියක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site