X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ලෝක පෙරැළි

කොරෝනා වසංගතයේ නිමාවක් නොටුදු, පෙරුළි පිරුණු වසරක් ලෙස 2021 ක නිමාවට පත් වෙයි. මේ, 2021 වසරේ ලෝකයේ සිදුවුණු සුවිශේෂී සිදුවීම් ගැන කෙටි සමාලෝචනයකි.

ජනවාරි 4 වැනිදා
කටාරය සහ සෞදිය අතර දේශසීමා යළි විවෘත කෙරුණි.

ජනවාරි 6 වැනිදා
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උසිගැන්වීමෙන්, ඔහුගේ ආධාරකරුවෝ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණාහ.

ජනවාරි 20 වැනිදා 
ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දුන්නේය.

පෙබරවාරි 1 වැනිදා
මියන්මාර හමුදාව, නායිකා අවුන් සාන් සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකයන් අත්අඩංගුවට ගනිමින් බලය අත්පත් කර ගත්තේය. සූ කී ට චෝදනා රැසක් යටතේ නඩු පැවැරිණි. 

පෙබරවාරි 9 වැනිදා
චීනයේ වූහාන් නගරයට ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමර්ශන කණ්ඩායම 'කොවිඩ් 19' වයිරසයේ සුලමුල සොයා විමර්ශනයක් පැවැත්වීය.

පෙබරවාරි 9 වැනිදා 
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ 'හෝප්' රොබෝ යානය, සාර්ථකව අඟහරු කක්ෂයට පිවිසිණි.

පෙබරවාරි 18 වැනිදා 
නාසා ආයතනයේ 'පර්සිවියරස්' රොබෝ රෝවර් යානය සහ 'ඉන්ජිනියුටි' ඩ්‍රෝන හෙලිකොප්ටර් යානය සාර්ථකව අඟහරු මතුපිටට පතිත කෙරුණි.

මාර්තු 23 වැනිදා
ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාව වන 'එවර් ග්‍රීන්' සූවස් ඇළ මාර්ගයේ හිරවිය.

අප්‍රේල් 19 වැනිදා
රාහුල් කස්ත්‍රෝ, කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඉවත් විය.

අප්‍රේල් 29 වැනිදා 
චීනය, ඔවුන්ගේ අභ්‍යවකාශ නැවැතුම්පොළට අයත් පළමු කොටස වන 'ටියැංගොන්' මොඩියුලය අභ්‍යවකාශයේ රැඳවීය.

මැයි 14 වැනිදා
චීන 'සුරොංග්' රොබෝ රෝවර් යානය සාර්ථකව අඟහරු මතට පතිත කෙරුණි.

මැයි 15 වැනිදා
ඊශ්‍රායල පලස්තීන ගැටුම් හේතුවෙන් පලස්තීනුවන් 250 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ‍. ජාත්‍යන්තර මැදිහත් වීමෙන්, සටන් විරාමයක් ඇරුඹුණේ මැයි 20 වැනිදාය.

මැයි 24 වැනිදා  
මාලි රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය.

මැයි 26 වැනිදා 
සිරියාවේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර දිගටම බලයේ රැඳී සිටීමට අල් අසාද්ට හැකිවිය.

ජූනි 2 වැනිදා
ඊශ්‍රායල මහ මැතිවරණය පසු නෆ්තාලි බෙනට් සහ යාර් ලුපිද් මැදිහත් වී හවුල් රජයක් පිහිටුවූ අතර දිගු කාලයක් බලයේ සිටි බෙන්ජමින් නෙදන්යාහුට බලය අහිමි විය.

ජුනි 11 සිට 13 දක්වා 
‘‘ජී-7’’ රාජ්‍ය නායක සමුළුව මහා බ්‍රිතාන්‍යයේ පැවැත්විණි.

ජූනි 23 වැනිදා 
2021 අයි.සී.සී. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට නවසීලන්තය සමත් විය.

ජූනි 27 වැනිදා
පුද්ගල දුරස්ථභාවය නොසලකා, 'කොවිඩ් 19' සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින්, තම සහායිකාව සිප ගත්තැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිට ධුරය අහිමි විය. 

ජූලි 7 වැනිදා
හයිටි ජනාධිපති ජොවෙනෙල් මෙයිස් ඝාතනය විය. වෙඩි වැදී තුවාල ලැබූ ජනපති ආර්යාව දිවි ගලවා ගත්තාය.

ජූලි 7 වැනිදා
'වර්ජින් ගැලැක්ටික්' සමාගම පළමු අභ්‍යවකාශ සංචාරය ආරම්භ කළේය. ඊට එම සමාගමේ ප්‍රධාන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් ද එක්වීම විශේෂත්වයකි.

ජූලි 18 වැනිදා
ඊශ්‍රායලයේ එන්.එස්.ඕ පෞද්ගලික සමාගමේ 'පෙගසස්' නමැති ඔත්තු බැලීමේ මෘදුකාංගය අවභාවිතයට ලක් කළ බව අනාවරණය විය.

ජූලි 19 වැනිදා
ජෙෆ් බෙසෝස්ගේ 'බ්ලූ ඔරිජින්' සමාගමේ පළමු සිවිල් ගගන සංචාරය සාර්ථකව පැවැත්විණි. ජෙෆ් බෙසෝස් ද එම මංගල ගමනට එක් විය.

ජූලි 25 වැනිදා
ටියුනීසියානු ජනාධිපති කායිස් සයේද් අග්‍රාමාත්‍යවරයා නෙරපා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

අගෝස්තු 24 වැනිදා සිට සැප්තැම්බර් 5 දක්වා

'කොවිඩ් 19' හේතුවෙන් වසරක ප්‍රමාදයකින් පසු ටෝකියෝ ඔලිම්පික් උළෙල ඇරැඹිණි.

අගෝස්තු 30 වැනිදා

ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා, විසි වසරක ඇෆ්ගන් සංග්‍රාමය අවසන් කර එරටින් පිටව ගිය අතර තලේබාන්වරු යළි බලය අල්ලා ගනිමින් රජයක් පිහිටුවූහ.

සැප්තැම්බර් 3 වැනිදා
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ත්‍රස්ත ප්‍රහාර ලොව සසල කළේය. ප්‍රහාරය සිදු කළේ මොහොමඩ් සම්සුදීන් ආදිල් නමැති ශ්‍රී ලාංකික තරුණයාය. 

සැප්තැම්බර් 5 වැනිදා
ගිනියා ජනාධිපති ඇල්ෆා කොන්දේ අත්අඩංගුවට ගනිමින් හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය.

සැප්තැම්බර් 16 වැනිදා
'ස්පේස් එක්ස්' සමාගමේ පළමු සිවිල් අභ්‍යවකාශ සංචාරය ආරම්භ විය.

සැප්තැම්බර් 10 වැනිදා
කැනඩා මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝට යළි ජනවරමක් හිමිවිය.

සැප්තැම්බර් 12 වැනිදා
වසර 44 කට පසුව, ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව බ්‍රිතාන්‍යයට හිමිකර දීමට 18 හැවිරිදි එමා රෙඩුකානු සමත් විය.

සැප්තැම්බර් 26 වැනිදා
ජර්මන් ෆෙඩරල් මැතිවරණයෙන් ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ජය හිමිවිය.

ඔක්තෝබර් 3 වැනිදා
පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්ව ලොව කැළැඹීමට සමත් විය.

ඔක්තෝබර් 3 වැනිදා
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීම.

ඔක්තෝබර් 4 වැනිදා
ෆුමියෝ කිෂිදේ ජපානයේ 100 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස එම ධුරයට පත් විය.

ඔක්තෝබර් 5 වැනිදා
රැසියානු ජනප්‍රිය නිළි යුලියා පෙරෙසිල්ඩ් සහ අධ්‍යක්ෂවරයකු මෙන්ම නළුවකු ද වන කිම් ෂිපෙන්කෝ අභ්‍යවකාශ නැවැතුම්පොළට ගොස් චිත්‍රපටයක් රූගත කළහ. අභ්‍යවකාශයේ රෑ ගත කළ පළමු චිත්‍රපටය මෙයයි.

ඔක්තෝබර් 6 වැනිදා
ලොව පළමු මැලේරියා මර්දන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවිය.
ඔක්තෝබර් 9 වැනිදා
දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ සෙබෙස්තියන් කෲස් ඔස්ට්‍රියානු චාන්සල් ධුරයෙන් ඉවත් විය.
ඔක්තෝබර් 16 වැනිදා
'ලුසී' රොබෝ ගවේෂණ යානය බෘහස්පති අසළ ග්‍රහක ගවේෂණයට ගියේය.

ඔක්තෝබර් 20 වැනිදා
ඌරකුගේ වකුගඩුවක්, මනුෂ්‍යයකුට සාර්ථකව බද්ධ කිරීමට, ඇමෙරිකා වෛද්‍ය විශේෂඥයන් පිරිසක් සමත් වූහ.

ඔක්තෝබර් 25 වැනිදා
සුඩාන හමුදාව කුමන්ත්‍රණය කර එරට බලය අල්ලා ගත්තේය. කෙසේ නමුත් දෙස් විදෙස් බලපෑම් හමුවේ අත්අඩංගුවට ගත් අග්‍රාමාත්‍ය හැම්ඩොක් ට යළි බලය ලබා දීමට පසුව කටයුතු කළේය.

ඔක්තෝබර් 26 වැනිදා
ජපානයේ මාකෝ කුමරිය ඇගේ දීර්ඝ කාලීන පෙම්වතා කෙයි කොමුරෝ සමඟ විවාහ වූ අතර කුමරියට ඇගේ රාජකීයත්වය අහිමි විය.

ඔක්තෝබර් 29 වැනිදා
ෆේස්බුක් මවු සමාගමේ නම 'මෙටා' ලෙස වෙනස් විය.

නොවැම්බර් 1 වැනිදා
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස වළක්වා ගැනීමේ සමුළුව 'කොප්26' ග්ලාස්ගෝව් නුවර පැවැත්විණි.

නොවැම්බර් 2 වැනිදා
ඇමෙරිකන් වෛද්‍ය පර් යේෂකයෝ පියයුරු පිළිකා නසන එන්නතක් හඳුන්වා දුන්හ. 

නොවැම්බර් 14 වැනිදා
පළමු විස්සයි 20 ලෝක කුසලාන කිරුළ දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

නොවැම්බර් 15 වැනිදා
රුසියාව, අභ්‍යවකාශයේ රඳවා තිබූණු අක්‍රිය වූ ඔවුන්ගේ චන්ද්‍රිකාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ පුපුරුවා හැරියේය.

නොවැම්බර් 19 වැනිදා
විරෝධතා හමුවේ නව ගොවි පනත් අහෝසි කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සිදුවිය.

නොවැම්බර් 23 වැනිදා
නාසා ආයතනය, විශ්වයේ ඈත ග්‍රහකයක හැපීමට සලස්වා එම ග්‍රහක​යේ ගමන් මඟ වෙනස් කිරීමට 'ඩාර්ට්' නමැති රොබෝ යානය පිටත් කරවීය.

නොවැම්බර් 24 වැනිදා
ස්වීඩනයේ පළමු අග්‍රාමාත්‍ය ලෙස මැග්දලේනා ඇන්ඩර්සන් පත්වූ නමුත් ඇය එම ධුරයේ කටයුතු කළේ පැය කීපයක් පමණි. සතියකට පමණ පසු ඇය යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් විය.

නොවැම්බර් 26 වැනිදා
සියලු විකෘති ප්‍රභේද අභිබවා යන 'ඔමික්‍රෝන්' කොරෝනා ප්‍රභේදය ලොව කැළැඹීම ඇරඹිණි.

දෙසැම්බර් 03 වැනිදා
ආගමට අපහාස කළැයි චෝදනා එල්ල වීමෙන්, පාකිස්තානයේ රැකියාව කළ ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවරයා ප්‍රියන්ත කුමාර පහර දී මරා පුළුස්සා දැමුණි. එම සිදුවීම පාකිස්තානයට කළු පැල්ලමක් වූ බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සොව පළ කරමින් පැවැසුවේය.

නොවැම්බර් 17 වැනිදා
මීටර් 791 ක් පළල විශාල ග්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කළේය. මෙහි ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වූයේ නම් පෘථිවියේ ගැටීමට ඉඩ තිබුණි.

දෙසැම්බර් 1 වැනිදා
බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයට අයත් බාබඩෝස් දූපත් රාජ්‍යය, බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයෙන් මිදී, ජන රජයක් බවට පත්විය.

දෙසැම්බර් 6 වැනිදා
2022 වසරේ පෙබරවාරියේ චීනයේ බෙයිජීං නුවර පැවැත්වීමට නියමිත ශීත ඔලිම්පික් උළෙල රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වර්ජනය කරන බව ඇමෙරිකාව පැවැසීය.

දෙසැම්බර් 12 වැනිදා
ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඉන්දියාව සහ බ්‍රසීලය මෙන් රුසියාවේ ද 'කොවිඩ් 19' ආසාදිතයන් මිලියන 10 සීමාව පසු කළේය.

දෙසැම්බර් 13 වැනිදා
2021 වසරේ විශ්ව රූ රැජින කිරුළ දිනාගැනීමට ඉන්දියාව නියෝජනය කළ 21 හැවිරිදි පන්ජාබ් සුරූපිනිය හර්නාස්සන්දු සමත් වූවාය.

දෙසැම්බර් 15 වැනිදා
ලොව වැඩිම පාද ගණනක් ඇති සත්වයා සොයා ගැණුනි. මේ සත්වයා පාද 1,306 ක් ඇති 'මිලිපීඩයෙකි.

දෙසැම්බර් 16 වැනිදා
හිරු ගවේෂණයට යැවූ 'සෝලර් පාකර්' රොබෝ යානය, හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින්, දත්ත රැස්කර ඇතැයි නාසා ආයතනය නිවේදනය කළේය.

දෙසැම්බර් 19 වැනිදා
හොංකොං ව්‍යවස්ථාදායක මැතිවරණයෙන් චීන හිතවාදී අපේක්ෂකයන්ට ජය හිමිවිය.

දෙසැම්බර් 20 වැනිදා
වාමාංශික දේශපාලන නායක 35 හැවිරිදි ගැබ්‍රියේ බොරික්, චිලී ජනාධිපතිධුරයට පත්විය. චිලී ජනපති ධුරයට පත් වුණු ළාබාලතම නායකයා මොහුය.

දෙසැම්බර් 21 වැනිදා
බූස්ටර් එන්නතින් පසු, සිවුවැනි එන්නතක් ලබා දෙන බව ඊශ්‍රායලය නිවේදනය කළේය.

දෙසැම්බර් 25 වැනිදා
වසර ගණනාවක ප්‍රමාදයකින් පසු, විශ්වයේ රහස් සෙවීමේ අරමුණින් 'ජේම්ස් වෙබ්' දුරේක්ෂය අභ්‍යවකාශයට යැවිණි.


ලුසිත ජයමාන්න

රොයිටර් සහ ඒ.එෆ්.පී.පුවත් සේවා ඇසුරිනි



අදහස් (0)

ලෝක පෙරැළි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site