X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ලෝක විනාශය බුදු ඇසින්

රාජකීය පණ්ඩිත මන්දාරම්නුවර විමලවංශ තිස්ස හිමියෝ විස්තර කරති. සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලේ උතුම් පාරමී ධර්මයන් සම්පූර්ණ කොට, මෙලොවට පැයූ පූර්ණ චන්ද්‍රායමාණ ව උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළා වූ අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතැඹුලක් සේ දත් සියලු ධර්මයන් අතුරෙන් උතුම් නිර්වාණයට හේතු වන්නා වූ නෛර්යාණික ශ්‍රී සද්ධර්මය මෙලොව සත්වයා හට දේශනා කොට වදාළහ. ඒ උතුම් ධර්මය අතුරින් අචින්ත්‍ය විෂය වශයෙන් ලෝක විෂය, සත්ව විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය පිළිබඳ කරුණු ඉතා අල්ප වශයෙන් දේශනා කොට වදාළේ ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සාමාන්‍ය ජනයාට අපහසු බැවිනි. මනුෂ්‍යයන්ට දැනෙන බිය කොටස් දෙකකට බෙදා දැක්වීමට පුළුවන. පළමු වැන්න පාරිසරික නීතියයි. දෙවැන්න අනාගත නීතියයි. මනුශ්‍ය භීතිය යන්නෙන් සැකය කුතුහලය යන අදහස් ගෙන දෙයි. නමුත් තිරිසන් සත්වයන්ට බලපාන්නේ පාරිසරික නීතිය පමණි මිනිසුන්ගේ තරම් දියුණු මනසක් තිරිසන් සත්වයන්ට නැති නිසා අනාගත නීතිය කියන දේ ඔවුනට තේරුම් ගත නොහැකිය. උදාහරණයක් ලෙස 2004 සුනාමි ව්‍යසනයට පෙර තිරිසන් සත්වයන්ගේ විවිධ වෙනස්කම් පෙන්ම් කළේ පාරිසරික වශයෙන් ඔවුන්ට දැනුණු වෙනස්කම් බලපෑමෙනි. නමුත් මනුෂ්‍යයන් තුළ හෙට, ලබන සතියේ, ලබන මාසයේ ආදී ලෙස තමාට කුමක් වේවිද ආදී වශයෙන් ක්ලේශ මූලික සිත් ඉපදීමෙන් ඒ පිළිබව අනිසි බියක් ඇති කරගෙන ඊට පිළියම් සෙවීමට පෙළඹිනි. මේ පිළිබඳ කරුණු දැක්වීමේදී වත්මන් සමාජය තුළ ඇති වී තිබෙන තවත් අනාගත භිතියක් වශයෙන් ඉදිරි ආසන්න දිනයක සිදු වන ලොක විනාශයක් පිළිබඳ විවිධ මිථ්‍යා මත ඉදිරිපත් වී ඇති බවක් පෙන්නුම් කරයි. ඒ භීතිය තුළ අපහසුතාවට පත්ව පිළියම් සොයන්නෝද දක්නට ලැබේ. ලෝක විනාශය දෙසැම්බර මාසයේ සිදුවෙතියි බොහෝ දෙනා කියති. දුක්වෙති. ආරක්ෂක පියවර ගිනිති. මෙය අස්ථාන බියකි. මේ පිළිබඳ අනිසි බියක් ඇති කර නොගත යුතු බවට තථාගතයන් වහන්සේ විසින් දේශිත සත්ත සුරියුග්ගමන සූත්‍රය ඇසුරින් කරුණු පහදා දීම මෙම ලිපියේ අරමුණයි. සූත්‍ර පිටකයේ, අංගුත්තර නිකායේ, සත්තක නිපාතයේ එන මෙම සූත්‍ර ධර්මය තුළින් ගින්නෙන් සිදුවන ලෝක විනාශයක් පිළිබඳ කරුණු සඳහන් කරයි. ලෝක විනාශයට බලපාන හේතූන් කිහිපයකි. එනම් ජලයථ ගින්න හා සුළඟය. මෙම සූත්‍ර දේශනාවේ ගින්නෙන් සිදුවන ලෝක විනාශය පිළිබඳ බාහිර පරිසරයෙන් උපමා උපමේයන් මනාව යොදා ගනිමින් පැහැදිළි කර තිබේ. නමුත් අප වටහා ගත යුතු විශේෂ කාරණයක් වශයෙන් සඳහන් කළ හැක්කේ භාග්‍යවතුන් වහන්සේ නිසින් ලෝකය විනාශ වන අයුරු දක්වාලමින් මේ සූත්‍රය ඇසුරෙන් ශ්‍රාවකයන්ට වෙසෙසාම අවබෝධ කරලීමට උත්සාර කර ඇත්තේ සංස්කාර ධර්මයන්ගේ ඇති අනිත්‍යතාව, අස්ථිර බව හා අශාස්ව ස්වභාභාවය පිළිබඳවයි. මෙම සූත්‍ර දේශනාව දේශනා කරන ලද්දේ විශාලා මහනුවර අම්බපාලි වනයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වසන අවස්ථාවකය. එහිදී භික්ෂු සංඝයා ඇමතූ භාග්‍යවතුන් වහන්සේ මහණෙනි සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍යය. දිගු කල් නොපවත්නා බැවින් අස්ථිරය, අශාස්වතය. එබැවින් මහණෙනි මේ සියලු සංස්කාරයන්ගේ කළකිරීමට, නො ඇලීමට හා ඉන් මිදීමට සුදුසුය. මහාමේරු පර්වත රාජයා දිගින් යොදුන් අසූ හාර දහසකි. පළලින්ද එසේමය. මහ සයුරෙන් ඉහළටද, පහළටද යොදුන් හාර දහස බැගින් ය. යම් කලෙක වර්ෂ සිය ගණනක්, වර්ෂ දහස් ගණනක් වර්ෂාව නොමැතිව මහා නියඟයක් ඇති වන්නේය. එවිට බොහෝ ගස් වැල් ආදීහු, ඖෂධ ගස් වැල් ආදීය, තෘණ වර්ග, වනස්පතී නම් වූ විශාල වෘක්ෂයෝ ද සම්පූර්ණයෙන් වියැළී විනාශ වන්නේය. මෙසේ බොහෝ කාලයක් ගත වීමෙන් දැඩි නියඟය පවතින කල්හී දෙවැන හිරු උදා වන්නේය. එසේ තවත් බොහෝ කාළයක් ගත වූ කල්හී කුඩා නදී, ඇළ දොළ ආදිය වියැළී, මහත්සේ වැයැළී නැවත හට නොගන්නා තත්ත්වයට පත් වේ. මේ අයුරින් තවත් බොහෝ කාලයක් ගත වූ විට තුන්වැනි සූර්යයාද පහළ වේ. එබඳු වූ තත්ත්වයක් තුළ ගංගා, යමුනා, අචිරවතී, සාරභූ, මහී යන මහා ගංගාවෝද සම්පුර්ණ වශයෙන්ම නැවත හට නොගන්නා ලෙසටම වියැළී යන්නේය. තවත් වර්ෂ ගණනාවක් ඉක්ම ගිය කළ හතර වන සූරියාද උදා වේ. ඉහතින් සඳහන් කරන ලද මහා ගංගාවන් හටගන්නේ අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, ඡද්දන්ත, මන්දාකිණි මහා විල් වලිනි. මෙසේ හතරවන හිරුගේ බලපෑමෙන් එම මහා විල් ද නැවත හට නොගන්නා ලෙසට වියැළී විනාශ වේ. එසේ සිදු වී තවත් බොහෝ කාළයක් ගත වූ විට පස් වැනි වූ සුර්යයාද පහළ වේ. එකළ මහ සයුරේ ජලය යොදුන් සිය ගණනක්, දෙසිය ගණනක් ආදී වශයෙන් පියවරෙන් පියවර යොදුන් හත්සියය දක්වා අඩුවේ. පසුව මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයන් හත් දෙනෙකුගේ ප්‍රමාණයට ජලය ඉතිරිව එයද ක්‍රමයෙන් එක් පුරුෂයකුගේ උස ප්‍රමාණයට අඩුවේ. එම ජලයද පුරුෂයෙකුගේ උස ප්‍රමාණයට ද, දණහිස ප්‍රමාණයට ද, පිට පතුලේ ප්‍රමාණයට ද අඩුවේ. මෙහිදී උදාහරණයක් දක්වා තිබේ. එනම් සරත් සෘතුවෙහි මහා  වැසි වසින කළ ගොනුන්ගේ පියවර තැබූ තැනෙක මහ පොළොවෙහි සටහන් වූ ගොන් කුරක ප්‍රමාණයට බිම ජලය ඉතිරි වේ. ඒ ඉතා අල්ප ප්‍රමාණයකි. මහ සයුරේ ජලය ද අවසන ඉතිරි වන්නේ එබඳු ප්‍රමාණයකි. ඒ ඇඟිලි පුරුකක් තෙමෙන්නටවත් ප්‍රමාණවත් නොවන බව දක්වයි. මෙසේ තවත් බොහෝ කාලයක් ඉක්ම යාමෙන් පසුව හය වැනි සූර්යයාද උදා වේ. එකල්හි මහ පොළොව, මහාමේරු පර්වතරාජයා දුම් දමන්නට පටන් ගනී. ක්‍රමයෙන් අධික ලෙස දුම් දමයි. එයද බුදුරදුන් උදාහරණයක් වශයෙන් සඳහන් කරන්නේ කුඹල් කරුගේ පෝරණුවෙහි දුම් දමන්නේ යම් සේද ඒ ආකාරයට බවය. එසේ මහා පොළවද මහාමේරුවද දුම් දමමින් තවත් බොහෝ කාළයක් පවත්නා කල්හි හත්වන සූර්යයාගේ උදා වීම සිදු වේ. එවිට පෙර සිට දුම් දමමින් තිබූ මහ පොළොව හා මහමේරු පර්වතය ගිනි ගෙන ඇවිලෙන්නට පටන් ගිනියි. දිලිසෙමින් අධිකව දැවෙමින් එකම ගිනි ජාලාවක් බවට පත් වේ. මේ මහා ගිනි ජාලාව නිවීමට මහ සයුරේවත් ජලය නොමැත. මේ සියලු ලෝ තලය, ශූන්‍ය වූ අභ්‍යව්‍යකාශය දවාලමින් තෘතිය ධ්‍යාන ලාභීන් වසන බ්‍රහ්ම ලෝක දක්වාම ගමන් කරයි. (සුද්ධාවාස බ්‍රහ්ම ලෝක විනාශ නොවේ.) මෙසේ මේ මහා විශ්වය එකම ගිනි ජාලායක් බවට පත් වූ විට මහා මේරු පර්වතයෙන් යොදුන් සිය ගණන්, දෙසිය ගණන්, පන්සිය ගණන් වශයෙන් විශාල වූ ගල් කුට්ටි පිපිරී විසි වීමට පටන් ගනියි. නමුත් මෙම ගිනි ජාලාවේ අළු හෝ දැලි ඉතිරි නොවන බවද දක්වයි. ගිතෙල් පහනේ අළු හෝ දැලි ඉතිරි නොවන්නා සේය. ක්‍රමයෙන් බොහෝ කල් ඇවෑමෙන් හත්වැනි හිරු දක්වා හිරු උදාවීමෙන් සිදු වන මේ මහා විනාශයන් පිළිබඳ යමක් අවබෝධ කැර ගැනීමට, පිළි ගැනීමට, තේරුම් ගැනීමට හැකියාව ඇත්තේ සෝවාන් මඟ ඵලවත් ලාභී පුද්ගලයාටම පමණක් බව දේශනා කර තිබේ. මෙම දේශනාවේ තවත් කරුණු රාශියක් සඳහන් වේ. එනම් පෙර කළෙක සිටි සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් සිය ගණනක් වූ තම ශ්‍රාවකයන්ට බඹලොව ඉපදීමට හේතු වන අයුරින් ධර්ම දේශනා කරයි. එම ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කරගත් අය ධර්මය පිළිපැද බඹලොව උපදී. යම් පමණකට තේරුම් ගෙන පිළි පැදි අය සදිව්‍ය ලෝක වලද, මිනිස් ලොව බ්‍රාහ්මන, ක්ෂත්‍රීය ආදී මහාසාල කුලවල ද උපදී. ඉන් පසු සුනෙත්ත නම් එම ශාස්තෘට මෙබඳු වූ අදහසක් පහළ විය. මම ද පරලොවදී මාගේ ශ්‍රාවකයන් ඉපැදුණු බඹ ලොවෙහි ඉපදුණහොත් පසමාන බවට පත් වන බැවින් මා ඉන් ඉහළ තත්ත්වයකට පත් වෙමියි සිතා හත් වසරක් සිත පුරුදු කොට එම අනුහසින් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි ඉපදුනේය. ලෝකය විනාශවන සෑම කළකම මොහු සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහිම වාසය කළේය. මනුෂ්‍ය ලෝකයට නොපැමිණි යේය. මොහු නම් මහා බ්‍රහ්මයාය. අනෙක් සියලු බ්‍රහ්මයන් මැඩ බවත්වමින් තමාම ප්‍රධානියා ලෙස ජීවත් වියත නැවත ලෝකය සකස්වන කල්හි දෙව් ලොවට පැමිණ 36 වරක් ශක්‍ර පදවියද මිනිස් ලොව සිය ගණනක් සක්විති රාජ්‍යත්වය ද දරමින් සිව් මහා සයුර කෙළවර කොට ඇති මේ මහා පෘථිවි තලයම ධාර්මිකව, දඩුවමින් තොරව පාලනය කළේය. මොහුට සත් රුවන, සතුරන් මැඩලන පුත්‍රයෝද පහළ වූහ. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ මෙසේ මෙම සුනෙත්ත ශාස්තෘවරයා දීර්ඝායු ලැබුවත් ඔහු විසින් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දෝම්නස් ආදී වූ ගින්නෙන් නොමිදුනු බවයි. ඒ කවර හේතුවකින් ද යත් මොහු විසින් ආර්ය ශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය අවබෝධ නොකළ හෙයිනි. භාග්‍යවතුන් වහන්සේ වනාහී මෙම උතුම් ධර්මයන් මනාව අවබෝධ කොට, භව තෘෂ්ණාව දුරු කරන ලද බැවින් නැවත උපතක් නැත්තේය. ඒකාන්තයෙන් පිරිනිවි සේක්මය. මෙහි එක් එක් කරුණක් පාසාම පියවරෙන් පියවර සංස්කාරක ධර්මයන්ගේ ඇති අනිත්‍ය, අස්ථිර, අශාස්වත බව සඳහන් කර තිබේ. මෙහිදී අප වඩාත් විශේෂයෙන් අවබෝධ කරගත යුතු කාරණයක් පවතී. එනම් ගින්නෙන් සිදුවන ලෝක විනාශයක් පිළිබඳ දැක්වෙන මෙම සූත්‍ර දේශනාව තුළින් එක් එක් සූර්යයාගේ පහළ වීම සිදු වූ කාලවලදී සිදුවන සිදුවීම් ද, අවසන මහා පොළොව හා මහාමේරුව ගිනි ගෙන දැවී විනාශ වන ආකාරයද ඉතා පැහැදිලිව දැක්වේ. මායාවරුන්ගේ දිනදර්ශනය අනුව 2012 දෙසැම්බර් 21 දා ලියා ඇත්තේ 13.0.0.0.0 වශයෙනි. එහි තේරුම එම කැලැන්ඩරය එදිනෙන් අවසන් බව බවයි. බොහෝ දෙනා ඒ අනුව කියනුයේ ඉන් පසු ලෝකයක් නැති බවයි. මහා සයුරේ ජලය ගොන් කුරක පමණ, ඇඟිලි පුරුකක් තෙමෙන්නට පමණ නොවන මට්ටමකට අඩු වන කාලයක් නම් අද හෙටම මීළඟ සතියේ ඇති වේද? බොහෝ වර්ෂ දස දහස් ගණනක් ඇවෑමෙන් පියවරෙන් පියවර සිදු වන මේ දෙය තව දින කිහිපයකින් සතියකින් සිදු වේ යැයි පැවසීම නම් මහා මිත්‍යාවක්මය. එම මිථ්‍යාවක් පිළිගන්නා උදවිය තථාගත ශ්‍රී සද්ධර්මය පිළිපදින්නෝ, විශ්වාස කරන්නෝ නම් නොවන්නේය. අනිසි බිය, මිථ්‍යා මත හැරදා අද අදම ආගමානුකූලව සුචරිතකාමී ජීවිත ගත කිරීමට පුරුදු වීම වටී. බාහිර ලෝකය කෙසේ වුවද බොහෝ අය තම තමන්ගේ ලෝකය නම් විනාශ කරගෙන හමාරය. කය, වචනය, හිත නොහික්මුණු අසංවර, දුසිල්වත් බොහෝ දෙනා විවිධ දූෂිත ක්‍රියා කරමින් ආගමට දහමට ගරහාමින් කටයුතු කරති. මෙලොව මෙන්ම පරලෝවද පිරිහුණු එබඳු අය ඒකාන්ත වශයෙන්ම අපාගාමී වෙති. ආගම දහමට අනුකූලව කය වචනය, හිත සංවරව, හික්මුණු, සිල්වත් ජීවිත ගත කිරීමට පුරුදු වන්න. අනිසි බිය දුරලන්න. මිත්‍යා සංකල්පය නොව සම්මා සංකල්පයට නැඹුරු වන්න. ඔබට යහපත් වූ ජීවිතයෙන් ඒකාන්ත වශයෙන් සැප ඵල විපාක උදා වන්නේය. (මන්දාරම්නුවර විමලවශ හිමියෝ ඉඹුල්ගොඩ අමුණුගොඩ ශ්‍රී අමර විහාරය හා අහුංගල්ල පුරාණ ක්ෂේත්‍රාරාමය යන උභය විහාරයාධිපති පදවිය ද පරකන්දෙණිය ශ්‍රී වීරසිංහ පිරිවේණේ ආචාර්ය පදවිය ද හොබවති. ) මන්දාරම්නුවර විමලවංශ තිස්ස හිමි



අදහස් (0)

ලෝක විනාශය බුදු ඇසින්

කුමාර Tuesday, 18 December 2012 01:41 PM

බුදු දහම සත්‍යයයි සැමදා. (නි)

:       0       0

රිස්වාන් Saturday, 15 December 2012 04:47 PM

බුදු දහමට අනුව දැම්ම ලෝක විනාස වෙන්නේ නැහැ (දී)

:       0       0

අමරකෝන් Sunday, 16 December 2012 10:01 AM

බුදු දහම සත්‍යයි (දී)

:       0       0

සමීර Sunday, 16 December 2012 11:16 AM

බුදු දහම සත්‍යයයි. (නි)

:       0       17

lakmal Sunday, 16 December 2012 11:53 AM

ශ්‍රී සද්ධර්මය සදාතනික සත්‍යයක් වේ

:       0       1

ශාන්ත Sunday, 16 December 2012 12:44 PM

මෛත්‍රී බුදුන් පහළවෙනතුරු පෘතුවියේ අවසානයක් නැත. (නි)

:       0       0

සුමුදු Sunday, 16 December 2012 12:43 PM

ඒක ඇත්ත තමයි. (නි)

:       0       0

දුලංජා Sunday, 16 December 2012 04:08 PM

බිය නොවන්න. ඔබට බුදු සරණයි! (නි)

:       0       0

දුලංජා Sunday, 16 December 2012 04:13 PM

බුදු දහම සැමදා සත්‍යයයි. (නි)

:       0       0

සම්පත් Sunday, 16 December 2012 04:55 PM

"ආගම දහමට අනුකූලව කය, වචනය, හිත සංවරව, හික්මුණු, සිල්වත් ජීවිත ගත කිරීමට පුරුදු වන්න. අනිසි බිය දුරලන්න. මිත්‍යා සංකල්පය නොව සම්මා සංකල්පයට නැඹුරු වන්න. ඔබට යහපත් වූ ජීවිතයෙන් ඒකාන්ත වශයෙන් සැප ඵල විපාක උදා වන්නේය".ශ්‍රී සද්ධර්මය සත්‍යයි (නි)

:       0       0

කුමාර Sunday, 16 December 2012 05:02 PM

බුදු දහමට අනුව දැම්ම ලෝකය විනාශ වෙන්නේ නැහැ (දී)

:       0       0

චරිත් Tuesday, 18 December 2012 08:04 AM

ශ්‍රී සද්ධර්මය සදාතනික සත්‍යයක් වේ. සෑම ආගමකම අඩිතාලම බුදු දහමයි (ස)

:       0       0

අනුල් Saturday, 15 December 2012 03:22 PM

කොහොම කලත් බුදු දහම ඇත්ත වෙනවා (දී)

:       0       0

චමින්ද Wednesday, 19 December 2012 02:27 PM

බුදු දහම සැමදා සත්‍යයකි.. නිර්මල දහම ගැන අපි සැමදා විශ්වාස කරන්නෙමු (ස)

:       0       0

ශ්‍රිරන්ත Wednesday, 19 December 2012 02:47 PM

මේ තමයි ලොව සත්‍ය (ස)

:       0       0

සුපුන් Wednesday, 19 December 2012 10:12 PM

බුදු ගුණ අනන්තයි (දී)

:       0       1

හේමකීර්ති Thursday, 20 December 2012 09:26 AM

සත්‍ය පහදා දීමට ඔබ වහන්සේ ඉදිරිපත් වීම අපේ ගමට අභිමානයක්(ස)

:       0       1

දමිත් ප්‍රසන්ග Thursday, 20 December 2012 01:17 PM

මේක තමයි ඇත්ත (ස)

:       0       0

කෝසල Thursday, 20 December 2012 09:16 PM

මෙන්න ඇත්ත.. (නි)

:       0       0

සිරිවර්ධන Friday, 21 December 2012 07:17 AM

සෑම මොහොතකදීම අපි එයට ළගාවෙමු. (නි)

:       0       0

නිරෝෂා Friday, 21 December 2012 09:29 AM

බුදූ බණ සත්‍යයකි. (නි)

:       0       0

ලෙස්ටර් Tuesday, 25 December 2012 02:51 AM

මගේ අවසානය මගේ ලෝකයේ අවසානයයි. ඒ ලෙසයි මම නම් හිතන්නේ. (නි)

:       0       0

තරිඳු Tuesday, 25 December 2012 03:34 PM

මිසදුටුවන් සහ ආකාරවතී ශ්‍රද්ධාව නොමැති ජනයා නිසරු දේ විනා සරු දේ නොහඳුනති. (නි)

:       0       1

වැවතැන්නේ ධම්මාලංකාර හිමි Sunday, 24 July 2016 06:20 AM

සාධු සාධූ සාධූ (බ)

:       0       0

අංජන Friday, 14 December 2012 11:41 AM

ඉතා වැදගත් ලිපියක්

:       0       0

අනුරාධ Thursday, 13 December 2012 05:35 PM

ශ්‍රී සද්ධර්මය සදාතනික සත්‍යයක් වේ. (නි)

:       0       0

චන්දි Thursday, 13 December 2012 06:44 PM

බුදන් වදාල ලෝක විනාශය එසේ විය හැකියි සිතිය හැක.. ඔබවහන්සේගේ ලිපියෙන් සද්ධර්මය බිදක් දැනගත්තා.. සාදු..! සාදු..! ඔබවහන්සේට තෙරුවන් සරණයි..!(නු)

:       0       0

විජය Thursday, 13 December 2012 09:54 PM

ඔබවහන්සේ අපේ සම්බද්ධ ගෞතම බුදුරජානන් වහන්සේගේ සද්ධර්මයෙන් බිඳක් අපිට කියා දී අපේ සිතේ ඇති අවිශ්වාස සිතිවිලි නැති කළාට ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාධු සාධු සාධු

:       0       0

සනත් Thursday, 13 December 2012 10:15 PM

බුදුන් වදාළ ධර්මය හරි ආකාව අපට නැවත වරක් ආසන්නට ලැබීමත් මහත් පිනක්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. බුදු සසුන බැබලේවා. (ත)

:       0       0

රිස්වාන් - සෞදි අරාබි Thursday, 13 December 2012 10:20 PM

ඉස්ලාම් ආගම අනුව එදින ලෝක විනාශයක් වෙන්නේ නැහැ, ලෝක විනාශය සිදුවන්නට පෙර ඉටු විය යුතු ගොඩාක් සලකුණු ඉටුවීමට තිබෙනවා. (ත)

:       0       0

පුබුදු Friday, 14 December 2012 12:48 AM

සාධු.. සාධු.. සාධු.. ඉතා හරවත් දේශනාවක් කළ ස්වාමීන් වහන්සේට පින්. එම ලිපිය පළ කළ ලංකාදීපයටත් පින්. (ත)

:       0       0

මතුල Friday, 14 December 2012 04:51 AM

මෙහෙම දේවල්වලින් හරි මිනිස්සු හැදුනොත් ඇති. (ත)

:       0       0

තුෂාර Friday, 14 December 2012 07:00 AM

මෙය සත්‍යයකි. (නි)

:       0       0

කුමාර Friday, 14 December 2012 09:32 AM

වටිනා ලිපියක්

:       0       0

මහේන්ද්‍ර Friday, 14 December 2012 10:57 AM

ශ්‍රී සද්ධර්මය සදා ‍බැබළේ. (නි)

:       0       0

රත්නායක Friday, 14 December 2012 11:33 AM

මේ වගේ ලිපි පත්තරේ මුල පිටුවේම පළ කළා නම් ‍ගොඩක් හොදයිනේ. (නි)

:       0       0

සංජීව Thursday, 13 December 2012 04:25 PM

සාදු.. සාදු.. සාදු..!(නු)

:       0       0

හේරත් Friday, 14 December 2012 02:33 PM

බුදු සසුණ බැබළේවා! (නි)

:       0       0

සමන් Friday, 14 December 2012 02:57 PM

ඔය බොරු කතා. මොන ලෝක විනාසද (දී)

:       0       0

නිශ Friday, 14 December 2012 02:52 PM

බොරු කියන්න හිතන්නවත් එපා (දී)

:       0       0

අසේල Friday, 14 December 2012 03:05 PM

හොදයි. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 14 December 2012 03:57 PM

මෙන්න නියම ඇත්ත. මෙය හෙළිකළ ලංකාදීපයටත්, එම හාමුදුරුවන්ටත් දීර්ඝායු වේවා! (නි)

:       0       0

චන්ද්‍රා Friday, 14 December 2012 04:13 PM

බණ නම් නොබොරුය මුනිවරයන්ගේ.... (නි)

:       0       0

සිරිල් ගුණවර්ධන Friday, 14 December 2012 04:58 PM

ස්වාමීන්වහන්සථ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. ඉහත සඳහන් ලිපිය ලෝක සත්වයාගේ සත්‍යාවබෝධය සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් පලකළ හැකිනම් මහගු පිනක්. (ත)

:       0       0

හිමාචි Saturday, 15 December 2012 12:22 AM

ශ්‍රී සදහම් ඇත්තයි. හාමුදුරුවනේ, ඔබ වහන්සේට තෙරුවන් සරණයි. (ත)

:       0       0

පෙරේරා Saturday, 15 December 2012 07:59 AM

බුද්ධ දේශනාව 100% හරි (දී)

:       0       0

පියුමාලි Saturday, 15 December 2012 12:06 PM

ස්තුති මෙ ලිපියට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site