X Advertisement
IMG-LOGO

2025 මැයි මස 25 වන ඉරිදා


වර්ජන තර්ජනයට ලී ක්වාන් යූ කළ ගර්ජනය

හර්ෂණ තුෂාර සිල්වා

වැඩවර්ජන, උද්ඝෝෂණ ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලිකාංග වුවද වැඩවර්ජන උද්ඝෝෂණ තම පටු උවමනා මුදුන් පමුණුවා ගන්නා උපායමාර්ග බවට පත් කරගෙන තිබේ.

අප නිරන්තරයෙන් කතා බහ කරන සහ ආදර්ශ ආකෘතියක් වන සිංගප්පූරුවේ අසාහය නායකයා ලෙසින් හැඳින්වෙන හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා වරෙක කළ කතාවක කොටසක් මෙසේ උපුටා දැක්වේ. 

සිදුවීම මෙසේය. 1980 වසරේ මහ මැතිවරණය පැවැත්වීමට ඔන්න මෙන්න තිබියදී ‘සිංගප්පෝ එයාර්ලයින්ස්’ සමාගමේ ගුවන් නියමු සංවිධානය, (සිංගප්පෝ එයාර්ලයින්ස් පයිලට්ස් ඇසෝෂියේෂන්) 1980 වසරේදීම වැඩ වර්ජනයක් දියත් කරන්නේය. එය දැඩි අර්බුදයකට යන අතර ඉහළ වැටුප් සහ ඉහළ ප්‍රතිලාභ ඉල්ලමින් මාසයකට ආසන්න කාලයක් එය පැවැතියේය.

මෙම තත්ත්වය  නොඉවසූ ලී ක්වාන් යූ මහතා ඊට මැදිහත් විය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ රැළියකදී අදහස් දක්වන සිංගප්පූරුවේ අගමැතිවරයා මෙසේ කියන්නේය.

“මම ගුවන් නියමුවන් හමුවුණා. මම ඔවුන් හමුවුණේ රූපවාහිනියෙන් නෙමෙයි. මම මුහුණට මුහුණ ඔවුන් හමුවුණා"
"මේසයේ එක පැත්තකට ඔවුන්. එක පැත්තක මම. අපි දෙගොල්ලෝ හිටියේ අඩි පහක් දුරකින්. ඔවුන්ට මාව පේනවා. මට ඔවුන් පේනවා. ශක්තිමත් තවමත් සටන් කළ හැකි මා දෙස බැලීමට ඔවුන්ට හැකියාව ලැබුණා. මා සමඟ සටන් කරනවාද නැතිනම්  පරාජය බාරගන්නවාද කියා තීරණය කරන්න  ඔවුන්ට අවස්ථාව තිබුණා"

"මම ඔවුන්ට තෝරාගැනීම් දෙකක් දුන්නා. මේ තර්ජනය, (ඇත්ත වශයෙන්ම එය තර්ජනයක්) නවත්වනවාද ? එහෙමත් නැතිනම් නැවතත් සේවයට එනවාද කියන තෝරාගැනීම් දෙක මම ඔවුන්ට දුන්නා. මම ඔවුන්ට තෝරාගැනීමක් කරන්න අවස්ථාවක් දුන්නා"

සති දෙකක් තිස්සේ වැඩ වර්ජනයේ යෙදෙමින්, ගුවන් ගමන් අඩාල කරමින්, ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක මුදල්, දැන්වීම් සඳහා වියදම් කරන ලද මුදල් සියල්ල මේ වර්ජනය විසින් විනාශ කරන ලැබුවා. මේ වැඩ වර්ජනය සියල්ල විනාශ කළා"

"ඔබලා කැමති නම් මෙය දිගටම කරගෙන යන්න. එහෙම වුණොත් මම මට හැකි උපරිමයෙන්, මට සියලු වෙර දරා, මම ඔබට හොඳ පාඩමක් උගන්වනවා. සිංගප්පූරු ජනතාවගේ උදවු ඇතිව ඔබට ජීවිතයට අමතක නොවන පාඩමක් උගන්වනවා" යයි  මා ඔවුන්ට කියා සිටියා. එය නැවත නැවත කීමට මා සූදානමින් සිටියා.

"එසේ නැතිනම් මේ වර්ජනය  නැවැත්විය යුතුයි. මා සියල්ලටම සූදානමින් සිටියේ"

"මා ඔවුන්ට දුන් අනෙක් තෝරාගැනීම මේකයි"

"එහෙම නැතිනම් ඔය වර්ජනය නවත්වලා, නැවත වැඩ කරන්න.  වැඩ කරමින් ප්‍රශ්නය සාකච්ඡවට ගනිමු. විනයගරුක වෙන්න. ඉන්පස්සේ මා සමඟ සාකච්ඡා කරන්න" යයි මා ඔවුන්ට කියා සිටියා.

"සටන් කිරීමෙන් පලක් නැති බව ඔවුන්ට තේරුණා. ඒ නිසා ඔවුන් විනාඩි 65 කදී තීරණයක් ගත්ත"

"ඔවුන් තේරුම් ගත්තා ඔවුන් නොමැතිව ගුවන් සේවය කරගෙන යන බව. ඔවුන් නීතිය දැනගත්තා. ගුවන් සේවය ක්‍රියාත්මක කරගෙන යෑමට මට හැකියාව තිබෙන බව ඔවුන් තේරුම් ගත්තා" 

"සිංගප්පූරුව පාලනය කරන ඕනෑම නායකයකුට ඒ ශක්තිය තිබිය යුතුයි. රට කරගෙන යා යුතුයි. වැරැදි වෙන්න බැහැ. බැරි නං දාලා යන්න ඕනේ"

"මේක කාඞ් සෙල්ලමක් නෙමෙයි. මේ ඔබේත් මගේත් ජීවිතය. මේ රට ගොඩනගන්න මම මගේ මුළු ජීවිත කාලයම කැපකළා. මම ඉන්නකං කාටවත් මේක වට්ටන්න දෙන්නේ නැහැ”. යයිද ලී ක්වාන් යූ මහතා කීවේය. 

 



අදහස් (15)

වර්ජන තර්ජනයට ලී ක්වාන් යූ කළ ගර්ජනය

akila Monday, 31 July 2017 04:52 PM

අපේ රටේ වගේ කට්ටිය එහෙ නැතිව ඇති නේද , තිබ්බනම් සිංගප්පුරුව මෙලහකටත් අන්ත දුප්පත් එක තැන පල්වෙන රටක් වෙලා හැම තිස්සෙම වැඩ වර්ජන හින්ද

:       2       555

mahee Monday, 31 July 2017 10:47 PM

අකිල, අපේ වගේ කට්ටිය එහෙ දැන් ඉන්නවා. දැන් ඉන්න අගමැතිගේ (ලී ක්වාන් යු ගේ පුතා) පෞද්ගලික දේපල ප්‍රශ්නයක් අරන් කට්ටිය හෙන මඩ පාරක් දෙන්න හදනවා. නමුත් අගමැතිවරයා කිව්වා, 'හරි මේක පුද්ගලික ප්‍රශ්නයක් වුනත් කමක් නැහැ. පාර්ලිමේන්තුවේ විවාද කරන්න. මට ඕන සිංගප්පුරුවේ නම කැත වීම වළක්වන්නයි' කියල. අපේ කට්ටිය කොහොමද, රටට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ මතය හරි කියල වර්ජන ගර්ජන දැන් එක නවත්වන්නේ නැහැ. දේශපාලුවන්ට රටේ නම තියා තමන්ගේ නම කැත වෙන එක ගැන වත් ගානක් නැහැ.

:       1       0

Reks Tuesday, 01 August 2017 12:28 AM

එක දෙයක් විතරක් තේරම් ගන්න. ලී ක්වාන් යූ කියන්නේ දුෂණයෙන් තොර, කොමිස් නොගැසූ,අවංක,නියම දේශප්‍රේමී නායකයෙක්. ඔහුට එසේ කීමට අයිතියක් තියෙනවා. ඔහුත් සමග අපේ හොර දේශපාලක නඩය සංසන්දනය කරන්න එපා.

:       1       0

Lakvidu Tuesday, 01 August 2017 12:33 AM

ලී ක්වාන් යූ අපේ රටේ නායකයා වුනානම් ඉස්සෙල්ලම කරන්නේ මේ ඉන්න හොර දේශපාලකයන් එලවලා දාන එක.

:       1       0

d.upul Tuesday, 01 August 2017 05:01 AM

හොඳ වෙලාවට ඒකාබද්ධ විපක්ෂයක් එහෙ තිබුනේ නැත්තේ.

:       0       0

ARUNALU Tuesday, 01 August 2017 05:35 AM

ලී ක්වාන්යූ අගමැතිතුමා වගේ දක්ෂ පාලකයෙක් අපටත් කවද හරි ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

:       0       0

mangala Tuesday, 01 August 2017 05:50 AM

මෙවැනි නායකයන්ට මෙය අදාලයි. එහෙත් අපේ රටේ කපටි හොර රැලට මේක අදාල නැහැ.

:       0       0

nalaka Tuesday, 01 August 2017 06:28 AM

අගමැති ලී ක්වාන් යූ හොරෙක් නොවන නිසා ඔහුට එසේ කල හැකි උනත් අපේ ලොක්කෝ සියල්ලම එසේ නොවන නිසා කෙලින් වැඩ කල නොහැක . එසේම බහුතරයකට රට හැදීමේ අවශ්‍යතාවයක් නැත.

:       0       1

arunalu Tuesday, 01 August 2017 06:56 AM

කටපුරා උතුමාණෝ කියල කියන්න පුළුවන් නායකයෙක් මේ. මෙතුමා සිංගප්පුරුව මෙතරම් දියුනු කල විශ්වකර්මයෙක්. සිංගප්පුරුව කියන්නේ අඩු තරමින් පානිය ජලයවත් නැති රටක්. අපේ රටේ නැත්තේ මොන සම්පතද ..? අපිට නැත්තේ අවංක, දක්ෂ නායකයෝ විතරයි.

:       2       130

ramendra Tuesday, 01 August 2017 08:07 AM

ලී ක්වාන් යූ නමැති නායකයා අවංක ඒකාධිපති නායකයෙක් . ශ්‍රී ලංකාවේ එහෙම නායකයෙක් ඉන්නවද? බලය ගන්න කලින් අවංක කම පිරිලා ඉතිරිලා යනවා බලය ගත්තට පස්සේ කියපුවා මතක නැහැ. මේ රටේ එම අවස්ථාව ලැබුණු එකම නායකයා මහින්ද රාජපක්ෂ මයත්මයා නමුත් එතුමා බලය වැඩි උනාම අවංක ඒකාධිපති නායකයෙක් වෙන්න බැරිවුනා.

:       1       101

MaheshTuesday, 01 August 2017 01:36 PM

ඔබ හරියටම හරි. රටක් ගොඩගන්න වෙලාවේදී ඕනාවට වඩා ප්‍රප්‍රජාතන්ත්‍රවාදී වෙලා බැහැ.

:       0       0

ssrathnayaka - badulla Tuesday, 01 August 2017 08:12 AM

එතුමාගේ කතාව හරි. එතුමා විසින් අනන්ත අප්‍රමාන දුක් විඳිමින් ගොඩ නගපු රට රැකගැනීමට එතුමාට අයිතිය තියෙනවා. නමුත් අපේරට " මමයි රට ගොඩ නැගුවේ " කියන්න කිසිම කෙනෙකුට බැහැ. මොකද රට ගොඩ නැගලා නැහැ.. රට කාලයි තියෙන්නේ. ඒ රටකාපු දේශපාලුවන් රට විදේශයන්ට විකුනන්න හදද්දී රටට ආදරේ තියෙන අය වර්ජනය කරනවා.. එය දේශයට හිතකාමිද දේශද්‍රෝහිදැයි තීරණය කිරීම උගත් බුද්ධිමත් " මිනිසුන්හට බාරයි.

:       195       523

chandra Tuesday, 01 August 2017 08:33 AM

මේ සිංගප්පුරු නායකයෝ හරි කෙලින් කතා කරන, කියන දේ කරන, කරන දේ කියන උදවිය. අපේ අය කරන දේ හිතේ තියාගෙන, වෙන දේවල් කියන කට්ටිය. වෙනස එපමණයි.

:       1       63

Vikum Wednesday, 02 August 2017 12:43 AM

අපේ රටේ නායකයන්ටද මෙවැනිම ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි ඇයි? නායකයින් දැඩි විය යුතුයි. ඉදිරිය සඳහා අවශ්‍ය තීරණ සෘජුව ගැනීමට උත්සුක වියයුතුයි. රටට වැඩදායී මිනිසුන් දහස් ගණනක් ඔබ දෙස බලා සිටින බව අමතක නොකල යුතුය. මිනිසුන් වෙත විශ්වාසයක් ඇති වුවහොත් මේ රටේ පක්‍ෂ විපක්ෂ බේදයකින් තොරව රටේ දියුණුව සඳහා අවශ්‍ය සහයෝගය ඔවුන් ලබා දෙනු ඇත.

:       0       0

Kaushalya Wednesday, 02 August 2017 07:12 AM

නියම නායකයෙක් !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site