කොළඹ වරායේ ප‍්‍රධාන සැපයුම් ගබඩාව ලෙස හැඳින්වෙන එල්.සී.එල්. ගබඩාවේ ඇතිවූ ගින්නට අදට දින අටකි. එහෙත් මේ වන විටත් මෙම සිද්ධිය පිළිබඳ වූ පරීක්ෂණවල අවසන් නිගමනයකට පැමිණීමට පරීක්ෂණ කරන පොලිස්, රහස් පොලිස් හා රස පරීක්ෂක කණ්ඩායම්වලට නොහැකි වී තිබේ. කොළඹ බස්නාහිර භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි එල්.ඞී. රණවීර යන මහත්වරු ඇතුළු පොලිස් කණ්ඩායමක් රජයේ වැඩබලන රස පරීක්ෂක ජී.ඞී. ගුණතිලක මහතා ඇතුළු එම නිලධාරි මහත්වරුත් ඉතා විමසිල්ලෙන් උනන්දුවෙන් මෙම පරීක්ෂණ කටයුතුවල නියැලෙති. මෙම සියලූ කණ්ඩායම්වල දැඩි අවධානය යොමුවී ඇත්තේ රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ දවාලමින් ගබඩාවේ ඇතිවූ ගින්න වරායේ සිදුවී ඇතැයි කියන රුපියල් මිලියන ගණනක මූල්‍ය වංචාවක් යටපත් කිරීමේ යම් අරමුණකින් කළ කඩාකප්පල්කාරි ක‍්‍රියාවක් ද යන්නය.
වරායට පැමිණෙන කන්ටේනර් නවතා තබන ස්ථාන මාරු කිරීමේදී අය කළ යුතු මුදල් නිසි අයුරින් අය නොකර සිදුකර ඇතැයි කියන රුපියල් මිලියන ගණනක අක‍්‍රමිකතාවක් සම්බන්ධව සැපයුම් ගබඩාවේ ප‍්‍රධාන නිලධාරියකු ඇතුළු තිදෙනකුගේ වැඩ තහනම්වන්නේ මෙම ගින්න ඇතිවීමට දින දෙකකට පෙරාතුවය. එනිසා එය යටපත් කිරීමට මෙවැන්නක් සිදුකළා ද යන්න බොහෝ දෙනකුට සැක සහිතය.
මීටර් 140ක් දිග, මීටර් 40ක් පමණ පළල මෙම ගුදමේ හටගත් ගින්න පැය පහක පමණ දිගු කාලයක් පුරා පැවතුණි. මෙම ගින්න ඇතිවූ මොහොතේම එය දුටු ආරක්ෂක භටයන් එය නිවා දැමීමට එහි වූ ගිනි නිවීම් උපකරණ ක‍්‍රියාත්මක කළ ද ඒවා නිසි ලෙස ක‍්‍රියාත්මක වී නොමැති බව වරාය ආරංචි මාර්ගවලින් පැවසේ. නමුත් ගිනි නිවීමේ උපකරණ ක්ෂණිකව නිසි ලෙස ක‍්‍රියාත්මක වූයේ නම් මෙතරම් දරුණු හානියක් සිදුවන්නට පෙරාතුව එම ගින්න මැඩපැවැත්විය හැකිව තිබූ බව ද පරීක්ෂණවලදී අනාවරණය වෙමින් තිබෙන කරුණකි. එම ගින්න හටගන්නා මොහොතේ ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනකු, අදාළ කාර්යාලයේ රේගු නිලධාරින් ඇතුළු කාර්යාල නිලධාරින් 7 දෙනකු එම ස්ථානයේ රාජකාරිවල නිරතව සිට තිබේ.
මුලින්ම එහිවූ ආරක්ෂක නිලධාරින් දෙදෙනා ගින්න දුටු මොහොතේ එය අඩි දෙකක, තුනක පමණ උසකින් යුතුව ඇවිලූන ද, ගිනි නිවීමේ උපකරණ ක්ෂණිකව ක‍්‍රියාත්මක නොවීමේ හේතුවෙන් ගින්න බුර බුරා නැගෙන්නට විය.
අනතුරුව එම ආරක්ෂක නිලධාරින් වරාය ගිනි නිවීමේ සේවයට දැනුම් දී ඔවුන් ගින්න නිවීමට කටයුතු කරන විට ගින්න අහස උසට නැෙඟමින් තිබිණ. ගින්න එසේ ක්ෂණිකව වර්ධනය වීමට එම ගුදම් බහාලූමේ වූ රසායනික ද්‍රව්‍ය උපකාරි වූයේ යැයි ද පරීක්ෂණ කණ්ඩායම්වල එක් සැකයකි. එම රසායනික ද්‍රව්‍යවලට අමතරව, බෙහෙත් වර්ග, සපත්තු, රෙදිපිළි, ප්ලාස්ටික් භාණ්ඩ, වාහන අමතර කොටස් ඇතුළු බඩු භාණ්ඩ එහි විය. කෙසේ හෝ වේවා එම දැවැන්ත ගින්න නිවාදැමීමට ගිනි නිවන රථ 8ක්, ගිනි නිවීමේ භටයන් 150ක් පමණ ක්ෂණිකව එතැනට පැමිණි අතර පැය පහක පමණ විශාල පරිශ‍්‍රමයකින් අනතුරුව ගින්න නිවා දැමිණි. නමුත් මෙම ගින්න යම්කිසි විදුලි කාන්දුවීමකින් සිදුවූවක් නොවන බව ද පරීක්ෂණ කණ්ඩායම් විශ්වාසයෙන් යුතුව අවධාරණය කරයි.
අප මේ දිවිගෙවන්නේ ලෝකයේ තාක්ෂණය ජයගනිමින් තිබෙන වර්තමානයකය. අද ලෝකය පුරාම සිදුවන බොහෝ අනතුරු පිළිබඳව පරීක්ෂණවලට අවශ්‍ය ඉතා වටිනා තොරතුරු එක්රැුස් කරගත හැකි තාක්ෂණික මෙවලම් විවිධ රටවල්වල භාවිත වෙයි. අද අපේ රටේද යම් තරමකට එවැනි උපකරණ පද්ධති භාවිතාවට ගැනෙන අතර සී.සී.ටී.වී. කැමරා පද්ධතිය එවැන්නකි. මෙම වරායේ ගින්න පිළිබඳව කෙරෙන පරීක්ෂණවලදී එහි සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා 32ක සටහන් වී ඇති දර්ශන පිළිබඳව පරීක්ෂණ කණ්ඩායම්වල උකුසු ඇස යොමු වී තිබෙන බව දැනගන්නට තිබේ.
මෙම ගබඩා සංකීර්ණයට අවසර නොමැතිව කිසිවකුටත් පැමිණීමට නොහැකි තරමට ආරක්ෂක විධිවිධාන යොදා තිබියදීත් කිසියම් පුද්ගලයෙක් මෙම විනාශය කළා නම් සිද්ධිය වූ දිනයේ රාත‍්‍රී 9.00න් පසු එහි ගිය පුද්ගලයා කවුද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීමට මෙම සී.සී.ටී.වී. කැමරා පද්ධතිය යම් අයුරකින් උපකාරි වීමට ද පුළුවන. එම ගින්න යම් පුද්ගලයකු හෝ පුද්ගලයින් කිහිප දෙනකු ගබඩා භූමියට ඇතුළු වී කළේ නම් බොහෝ විට මෙම කැමරා පද්ධතිවල අන්තර්ගත දර්ශන පෙළ එවැන්නකු නම් කරනු ඇත. කෙසේ වුවද තවමත් පරීක්ෂණ සිදුවෙමින් පවතින නිසා මාධ්‍යයට බොහෝ තොරතුරු ලබාදීම පරීක්ෂණ කටයුතුවලට යම් බාධාවක් බව ද උසස් පොලිස් නිලධාරියෙක් අපව දැනුවත් කළේය.
කෙසේ වුවද පරීක්ෂණ කටයුතුවලට අදාළ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ ගින්න ඇතිවූ කාලපරාසයට අදාළ දත්ත වෙනස් වූයේ කෙසේද යන්න පිළිබඳව ද පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශවල දැඩි අවධානයට යොමු වී ඇති බව ද අනාවරණය වෙයි. කෙසේ වුවද ගින්න හටගත් වේලාවත් ගින්න සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ සටහන් වී ඇති වේලාවත් විනාඩි 26කින් වෙනස් වී ඇති බව තහවුරු වෙයි. ගින්න ආරම්භ වන්නේ අලූයම 1.02ටය. එහෙත් සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ එම වේලාව සටහන් වී ඇත්තේ මධ්‍යම රාත‍්‍රී 12.36 ලෙසය. එහෙත් වරාය භූමිය තුළ සවිකර ඇති සියලූම සී.සී.ටී.වී. පද්ධතීන්වල වේලාව නිවැරදිව සටහන් වී ඇතත් මෙම ගින්න හටගත් ගුදමේ පමණක් වේලාව විනාඩි 26කින් ආපස්සට යාම විශාල සැක සංකා උපදවන්නකි.
සිද්ධිය හටගැනීමෙන් අනතුරුව වරාය ගිනිනිවීම් ඒකකයේ ගිනි නිවීම් රථය එම ස්ථානයට පැමිණෙන්නේ අලූයම 1.09ටය. එය අදාළ පොත්පත්වල සටහන් වී තිබේ. ඉන් අනතුරුව ගිනිනිවීමේ දෙපාර්තමේන්තුවේ රථ පැමිණ ඇත්තේ අලූයම 1.55ට පමණය. මේ අනුව යම් ආකාරයකින් වරායේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ දත්ත කිසිවකු හෝ විකෘති කිරීමකට ලක්කර තිබේද යන්න පිළිබඳව ද පරීක්ෂණ කණ්ඩායම්වල විශේෂ අවධානයට යොමුවී තිබේ. එනිසා එම කැමරා පද්ධතියේ දත්ත අඩංගු උපාංග කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයට පරීක්ෂණ කටයුතු සඳහා යොමුකර ඇති බව ද එම ආරංචි මාර්ග සනාථ කරයි.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු කරන සියලූ කණ්ඩායම් යුහුසුළුව මෙම පරීක්ෂණ කටයුතුවල නියැලී සිටී. දැනට මේ සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු අනුව බොහෝ සැක සංකා ජනිත වී ඇත්තේ මෙම ගින්න කිසියම් සංවිධානාත්මක ක‍්‍රියාවක් ලෙසය. කුමන අරමුණකින් සිදුකළ ද මේවා ජාතික අපරාධයන්ය.
එම ගුදමේ වූ බහාලූම්වල තිබූ භාණ්ඩවල හිමිකරුවන් 270 දෙනකු පමණ ඒවා ඔවුන්ගේ බව සනාථ කළ හැකි ලියකියවිලි ඉදිරිපත් කර තිබේ. එම ලියකියවිලි ඉදිරිපත් නොකළ භාණ්ඩ හිමිකරුවන් ප‍්‍රමාණය 100ක් පමණ වේ. මෙම විනාශ වූ භාණ්ඩවල වටිනාකම දළ වශයෙන් මිලියන 400ක් පමණ වෙතැයි වරාය අධිකාරියේ ආරංචි මාර්ග සනාථ කරයි. අදාළ ගුදම සහිත ගොඩනැගිල්ල වසර 25ක් පමණ පැරැණි නිසා ඊට නිවැරදි වටිනාකමක් එකතු කිරීම අපහසු වී ඇති අතර සිද්ධියෙන් වූ සමස්ත හානිය ද ගණනය කර නොමැති බව එම ආරංචි මාර්ග අවධාරණය කරයි.
කෙසේ වුවද භාණ්ඩ හිමියන් මෙම භාණ්ඩ ආනයනය කිරීමේදී ඒවා රක්ෂණය කර ඇති බැවින් ඔවුන්ගේ අලාභ එයින් පියවා ගැනීමට හැකියාව සැලසෙන අතර එම භාණ්ඩ සඳහා වරාය තුළදී යම් හානියක් සිදුවුවහොත් වරාය පනත අනුව ගෙවිය හැක්කේ භාණ්ඩවල වටිනාකමින් සුළු අගයක් බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් තහවුරු කළේය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වරායේ ගින්නේ අබිරහස
දර්ශනී Tuesday, 04 June 2013 10:49 AM
වරායේ හොල්මන් ඉන්නවද දන්නේ නැහැ. පුදුම අබිරහස් වරායක් (නි)
ගාමිණී-සිරි Wednesday, 05 June 2013 03:24 PM
වරයා අධිකාරිය කියන්නේ රජයට ආදායමක් ලැබෙන උල්පතක්. කතාවට කියනවා නැව් වලට වතුර දුන්නත් සල්ලි කියලා. මෙය වටහා ගත් ප්‍රේමදාස ජනාධිපති තුමා වරාය,රේගුව, නැව් තටාංගනය ඇතුලත්ව සෑම මසකම නිල සංචාරයක් ගියා. අඩුපාඩු ,ආධායම් මාර්ග ,නාස්තිය දුෂණය ගැන සොයා බැලුවා. මේවගේ අපරාධ වැඩ එදා සිදුනොවුයේ එතුමා තදින් සිටිය නිසා.(නදී)
ද සිල්වා Thursday, 06 June 2013 12:02 PM
බේරුවල පළාතේ එක්තරා දේශපාලකයෙක් 1000 සී.සී වලට වැඩි යතුරුපැදි 10 කිසිම කරදරයක් නැතුව වරායෙන් එලියට අරන් ඇවිත් , ගෝලයෝ ප්‍රසිධියේ ඒවා පදිනවා.(නදී)
දයාරත්න Saturday, 08 June 2013 01:46 PM
කිසිම අභි රහසක් තියෙන්න බැහැ,, (දී)