X Advertisement
IMG-LOGO

2025 මැයි මස 21 වන බදාදා


වාහන ‘‘මස්’’ කෙරෙන්නේ මෙහෙමයි...

 sell-your-scrap-car

 

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම චෞර කප්පිත්තන්ගේ රජදහනක් ලෙස ප‍්‍රචලිතය. වර්තමානය වනවිට රට තුළ කෙරෙන විවිධ සුක්‍ෂ්ම ජාවාරම් නිසා ඒ තත්ත්වය වඩාත් තහවුරු වී තිබේ. නීතියේ ඇසට වැලිගසමින් විවිධ ජාවාරම්කරුවන් කරන මෙම අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුවද අධිකරණයෙන් ඇප ලබා සිවිල් සමාජයට පිවිසීමෙන් අනතුරුව ඔවුහු යළිත් එම ජාවාරම්වලම නියැලෙති. ඒ තරමටම ඔවුනට මෙම ජාවාරම් මිහිරිය. මෙම ජාවාරම් අතර වාහන සොරකම් කර ‘‘මස්’’ කර අමතර කොටස් ලෙස විශේෂයෙන් පංචිකාවත්තේ පිහිටි අමතර කොටස් වෙළෙඳසැල් වලට අලෙවි කිරීම ප‍්‍රධාන තැනක්  ගනියි. අපි මෙම ජාවාරම් කෙරෙන ආකාරය දෙස ගැඹුරින් විමසා බැලිය යුත්තේ හෙට දවසේත් එලෙස සිදුවිය හැකි අපරාධ වළක්වා ගැනීමට පෙරසූදානමක් ලෙසය.

 


මෙම වාහන ජාවාරම ක‍්‍රම කිහිපයකින් සිදුවෙයි. බොහෝවිට සති අන්ත පුවත්පත්වල වාහන විකිණීම සඳහා පළකෙරෙන පුවත්පත් දැන්වීම්වලට මෙම ජාවාරම්කරුවන් එම වාහන මිලදී ගැනීමට කැමැත්ත පළකර ලබාදෙන දුරකථන ඇමතුම් ලබා දෙන්නේ ව්‍යාජ හැඳුනුම්පත් ඉදිරිපත් කර ජංගම දුරකථන සේවා සපයන සමාගම්වලින් ලබාගත් සිම් කාඞ්පත් යෙදූ ජංගම දුරකථන වලිිනි. එම හැඳුනුම්පත්වල සඳහන් ලිපිනයන් පවා ව්‍යාජ ඒවාය. ඉන් අනතුරුව මෙම ජාවාරම්කරුවෝ වාහනයේ හිමිකරු මුණ ගැසී වාහන ගනුදෙනුව සිදුවන ආකාරය පිළිබඳව ඔහු සමග කතා බස් කරති. වාහනයේ හිමිකරු එහි ‘‘ෆිනෑන්ස්’’ වාරික ගෙවීමට ඇතැයි පැවසුවහොත්, එමවාරික ගෙවීම මෙම ජාවාරම්කරුවෝ බාරගෙන නීතිඥවරයකු හා දෙවනුව පැමිණ ගිවිසුම් අත්සන් කර මුදලින් රුපියල් ලක්‍ෂයක් පමණ දී වාහනය රැගෙන යති. අනතුරුව එම වාහන මරදාන, පංචිකාවත්ත, හොරණ, අවිස්සාවේල්ල, ඇහැලියගොඩ, බණ්ඩාරගම, අත්තනගල්ල, නාරාහේන්පිට හෝ උතුරු, නැගෙනහිර වැනි වාහන ‘‘මස්’’ කෙරෙන ප‍්‍රදේශවලට රැගෙන ගොස් කෑල්ලෙන් කෑල්ල ගලවා වාහන අමතර කොටස් අලෙවි සැල්වලට අලෙවි කරති. පසුව වාහන හිමිකරු මිලදීගත් පුද්ගලයා ඇමතුවද එම සිම් කාඞ්පත ක‍්‍රියා විරහිතය. හැඳුනුම්පතේ තොරතුරු අනුව සොයා බැලූවද එහි සඳහන් ලිපිනයේ එවැනි පුද්ගලයකු නොමැත. බස්, ලොරි, වැනි බර වාහන සඳහාද මෙම ක‍්‍රමයම අනුගමනය කරන ජාවාරම්කරුවෝ ඒ සඳහා රුපියල් ලක්‍ෂ 5, 6 සහ 10 වැනි තැන්පතුවක් ලබාදී වාහන ඉහත සඳහන් කළ ක‍්‍රමවේදයටම රැුගෙන යති. මෑත කාලීනව ‘‘ජපනා’’ නමින් මෙම ජාවාරම සඳහා ප‍්‍රචලිත පුද්ගලයකු බස් හා ලොරි දහයක් පමණ මෙලෙස සොරකම් කිරීමෙන් අනතුරුව නීතියේ රැහැනට කොටු විය.


ඇතැම් ජාවාරම්කරුවෙක් උතුරු, නැගෙනහිර පසුගිය යුද සමයේදී පිළිස්සුනුු වාහන අංගනවලට ගොස් එලෙස පිළිස්සුනු වාහනවල අංක සටහන් කරගෙන පැමිණ මෝටර් රථවාහන ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් එම වාහනවල හිමිකරු සොයාගෙන ව්‍යාජ දිවුරුම් ප‍්‍රකාශ යොදා මියගිය පුද්ගලයකුගේ නමට පැවරුම් ලේඛණ සකසයි. ඉන්පසුව මංකොල්ලකන ලද වාහනවලට එම ලේඛන භාවිතයෙන් ලියාපදිංචිය සිදුකරන අවස්ථාද බහුලය. 


සාමාන්‍යයෙන් රාත‍්‍රි කාලයේ මාර්ගවල නවතා ඇති වාහන මෙම ජාවාරම්කරුවන් සතු ව්‍යාජ යතුරු යොදා පනගන්වා පැහැරගෙන යාම සිදු කෙරෙනුයේ කොළඹ නගරය හා තදාසන්න ප‍්‍රදේශවලය. එලෙස පැහැරගෙන යන වාහනය දෙදිනක් පමණ සඟවා තබාගෙන උතුරු ප‍්‍රදේශවලදී කෑල්ලෙන් කෑල්ල ගලවා මොවුහු ‘‘මස්’’ කරති. ඊට සූදානම් වූ කණ්ඩායම් මරදාන, පංචිකාවත්ත ප‍්‍රදේශවල බහුලය. ඔවුහු නිරන්තරයෙන් ඒ සඳහා සූදානමින් සිටිති. පැයක පමණ කාලයකදී සම්පූර්ණයෙන්ම කෑල්ලෙන් කෑල්ල ගැලවීමට මෙම කණ්ඩායම් අතිදක්‍ෂය. බොහෝ විට මෙලෙස පැහැරගනු ලබන්නේ, මරුටි, ඇල්ටෝ, සහ ඩොල්පින් වෑන් රථ වැනි වෙළඳපොළේ වැඩි ඉල්ලූමක් සහිත වාහනයි. සමහර අවස්ථාවල මෙම කණ්ඩායම්වල සිටින ඇතැමෙක් ඔහු ළඟ එක් වාහන වර්ගයක ලියාපදිංචි ලේඛන තිබෙන බව පැවසූ විට එම වර්ගයේම වාහනයක් සොරකම් කිරීමට ජාවාරම්කරුවන්ට අනුබල දෙන අවස්ථාද බහුලයි.

සාමාන්‍යයෙන් නැව් මගින් විශාල ‘‘කන්ටේනර්’’ තුළ නිරන්තරයෙන් විදේශ රටවලින් මෙම වාහන අමතර කොටස් රැුගෙන එන නිසා එම අමතර කොටස් අලෙවිසැල් තුළ මෙම ජාවාරම්කරුවන්ගේ අමතර කොටස් තිබුණද ගැනුම්කරුවන්ට ඒවා පිළිබඳව එතරම් තැකීමක් නැත. එම ජාවාරම්කරුවන්ගේ අමතර කොටස් රහසිගතව අලෙවිකර දෙන තැරැුව්කරුවෝද පංචිකාවත්තේ බහුලව සිටිති. අනෙක් අතට එම අලෙවි සැල්වල හිමිකරුවන් ඒවා මිලදී ගන්නේද කුණු කොල්ලයටය.


තවත් සමහර අවස්ථාවල මෙම ජාවාරම්කරුවෝ කුලියට වාහන ලබා දෙන ආයතනවලට ගොස් රුපියල් 25000 ක පමණ අත්තිකාරමක් තබා දිනකට දෙකකට යැයි පවසා ඇල්ටෝ, මරුටි වැනි වාහන රැගෙන යති. බොහෝ විට එලෙස රැුගෙන යන්නෝ කැසිනෝ ක‍්‍රීඩාවේ යෙදෙන්නෝය. යම් ආකාරයකින් කැසිනෝ ක‍්‍රීඩාවේ යෙදෙන විට පැරදුණහොත් එම වාහනය උගසට තබා කැසිනෝ ක‍්‍රීඩාව සඳහා ඔවුහු මුදල් ලබා ගනිති. ඒවා උගසට ගැනීම සඳහා  ඕනෑ තරම් තැරැව් කරුවන් එම භූමියේම බහුලය.


රටේ සිදුකෙරුනු මහා පරිමාණ සංවර්ධන කටයුතු මේ වනවිට යම් ආකාරයකින් නැවති තිබුණද පසුගිය කාල සීමාවේ ඒ කටයුතු වෙනුවෙන් ‘‘ටිපර්’’ රථ කුලියට දුන් සමහර ආයතන ඒවා කුලී පදනම මත ලබා දීම සඳහා රියැදුරන් අවශ්‍යයැයි පළ කෙරෙන දැන්වීම්වලට සමහර ජාවාරම්කරුවන් එහි යන්නේ ව්‍යාජ හැඳුනුම්පත් ඇතැතිවය. රියැදුරන් ලෙස එහි යන මෙම ජාවාරම්කරුවන් දින දෙකකට කුලී පදනම මත ‘‘ටිපර් රථ’’ රැගෙන යන අතර දෙදිනක් අවසානයේ ‘‘ටිපර් රථයත්, රියැදුරුත් අතුරුදන්ය. ‘‘ටිපර් රථයේ’’ සියලූ කොටස් අවසානයේ නතර වන්නේ පංචිකාවත්තේ හෝ වෙනත් අමතර කොටස් අලෙවිසල් තුළය. සමහර අවස්ථාවල මෙම ජාවාරම්කරුවෝ නීතියේ  රැහැනට කොටු වුවද අධිකරණයෙන් ඇප ලබා සිවිල් සමාජයට පැමිණ නැවත නැවතද මෙම ජාවාරම්වලම නිරත වීම සාමාන්‍ය තත්ත්වයකි.


සමහර අවස්ථාවල මෙම ජාවාරම්කරුවෝ ව්‍යාජ නම් යොදා ව්‍යාජ හැඳුනුම්පත් සකසා නව බැංකු ගිණුම් විවෘත කරති. එම ගිණුම් වසරක් දෙකක් පමණ ඉතා හොඳින් ගනුදෙනු වන පරිදි ක‍්‍රියාකාරීවීමට සලසා බැංකුවල විශ්වාසය දිනා ගැනීමට ඔවුහු සුක්‍ෂ්ම වෙති. එම ගිණුම් විවෘත වන්නේ ව්‍යාපාරයක නාමයෙනි. එලෙස බැංකුවල විශ්වාසය දිනා ගැනීමෙන් පසු වාහනයක් මිලදී ගැනීම පිණිස ඔවුහු බැංකු ණයක් ඉල්ලා සිටිති. එය සාමාන්‍යයෙන් රුපියල් ලක්‍ෂ පහක පමණ මුදලකි. එම ණය මුදල ලබාගත් පසු ව්‍යාපාරය වසා දමා පුද්ගලයා අතුරුදන් වෙයි. ඊන් අනතුරුව එම ජාවාරම්කරුවා ගෝලබාලයන් ලවා වාහන සොරකම් කර, අබලන් වූ වාහන සොයාගෙන එම වාහනවලට ව්‍යාජ ලියකියවිලි සකසා සොරකම් කරන ලද වාහනවලට ඒවා ගලපා එම වාහන අලෙවි කිරීමද මෙම ජාවාරම තුළ බහුලව සිදුවේ. එසේම අවි ආයුධ පෙන්වා බිය ගන්වා රථවාහන මංකොල්ලකන අවස්ථාද පසුගිය කාලසීමාව පුරාම අනාවරණය විය. එලෙස මංකොල්ලකන වාහනවල අමතර කොටස් මිලදී ගන්නා ඇතැම් අමතර කොටස් අලෙවිසල් හිමියන් ඒවා මිලදී ගන්නේ මංකොල්ලකෑ වාහනවල ඒවා බව දැනගෙනමය. ඒවා සියයක් අලෙවි කරද්දී සමහරවිට නීතියේ රැුහැනට හසුවන්නේ එකක් හෝ දෙකක් හෝ පමණි. සාමාන්‍ය තත්ත්වය එයයි.


අධික මිල ගණන්වලින් යුත් නවීණ මෝටර් බයිසිකල් සොරකම් කිරීමද මෙම ජාවාරමේ තවත් කොටසක්ය. එසේ සොරකම් කරන ලද මෝටර් බයිසිකල් විකිණීම පිණිස ව්‍යාජ ලියකියවිලි සැකසෙන්නේ නවීණ පරිගණක තාක්‍ෂණය උපයෝගී කරගනිමින්ය. ඒවාටම විශේෂිත වූ පුද්ගලයෝ මෙම ජාවාරම තුළ බහුලව සිටිති. සමහර අවස්ථාවල එම මෝටර් බයිසිකල්වල චැසි අංකය ඡුායාපිටපත් කිරීමේදී එක් අංකයක් වෙනස්කර නැවත ඡුායාපිටපත් කර පිට රටවලින් ගෙන්වන ලැයිස්තුවලට යොදා රුපියල් 10,000 ක් දී ලියාපදිංචි කිරීම සිදු කරයි. එම කටයුත්තද මෙම ජාවාරම තුළ මහා පරිමාණයෙන් සිදුවන්නකි. මෙලෙස සොරකම් කෙරෙන වාහන රක්‍ෂණය කර තිබේ නම් වාහන හිමියන්ට රක්‍ෂණාවරණය සැලසෙන අතර රක්‍ෂණය කර නොමැතිනම් පාඩුව දරා ගැනීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයි.


කෙසේ වුවද මෙවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටුවීම සිදු වුවද ඇප ලබා පැමිණ නැවත නැවත එම වරදටම පෙලැඹීම නිසා ආරක්‍ෂක අංශවලට සම්පූර්ණයෙන්ම මීට ස්තිරසාර පිළියම් යෙදීමට නොහැකිවීම වාහන හිමියන්ගේ අභාග්‍යයකි. ඒ නිසා වාහන හිමියන් තමන්ගේ වාහන පිළිබඳව නිරන්තරයෙන් දැඩි අවධානයකින් පසුවීම විනා මීට ගත හැකි විකල්පයන් අවමය.

m



අදහස් (0)

වාහන ‘‘මස්’’ කෙරෙන්නේ මෙහෙමයි...

ලක්මාල් Thursday, 10 September 2015 05:47 AM

ඉතාමත් වටිනා ලිපියක්. දුෂ්‍යන්ත කුමාර මහතාට ස්තුතිවන්ත වෙනවා මෙවන් දේ ප්‍රසිද්ධ කිරීම පිළිබඳව. කරුණාකර නීතියට බලකරන්න අවශ්‍යයි මෙවන් හොරුන්ට දෙන දඬුවම වැඩිකර නැවත මෙවන් දේ සිද්ධවීම වැළැක්වීමට. අපේ නීති පද්ධතියේ ඇති හිඩැස් මේවයි. (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Friday, 11 September 2015 05:11 AM

මෙම ගැටලුව සඳහා තාක්ෂණික විසදුම් තියෙනවා. කැසට්, සී ඩී ප්ලේයෙර් ටීවී සවි කරන්න කලින් ආරක්ෂක පද්ධතියක් ජී පී එස් උපකරණයක් සවි කර ගත්තොත් වාහන සොරකම් අවම කර ගන්න පුළුවන් වෙයි. (නදී)

:       0       0

චන්ද්‍රිකා Friday, 11 September 2015 09:23 AM

ඉතාම ප්‍රයෝජනවත් ලිපියක් ස්තුතියි (නදී)

:       0       0

දීපාල් නිරෝෂ් Saturday, 12 September 2015 01:46 PM

මේ ව්‍යාජ ව්‍යාපාරිකයන්ගේ හොර හැඳුනුම්පත් හොයාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site