මීගමු වෙරළේ පෙම්වතුන්ගෙන් හා විදේශිකයන්ගෙන් කප්පම් ගන්නා පිරිසක් ගැන පසුගිය සතියේ වාර්තා කළෙමු. මේ එහි දෙවැනි කොටසයි.
දේශපාලන බලයෙන් මත් වූවන් පස්සේ යන කිහිප දෙනෙකු එක්ව සුන්දර මීගමුව අසුන්දර කරන අයුරු මෙතැකැයි කියා නිම වන්නේ නැත. ඒ එක් සිද්ධියක් වාර්තා කළ පසු තවත් සිද්ධි කිහිපයකම තොරතුරු ගලාගෙන එන නිසාය.
ගම්මානවල අතුරු පාරවල්හි තාර ඇතිරීම වෙනුවෙට කොන්ක‍්‍රීට් ඇතිරීමට වර්තමාන රජය ප‍්‍රමුඛත්වයක් දුන්නේය. දීර්ග කාලයක් රඳා පැවතීම සහ අඩු පිරිවැයක් දැරීම ඊට හේතුව බව බලධාරීහු කීහ.
මීටර් කියුබ් එකක කොන්ක‍්‍රීට් ඇතිරීමට සාමාන්‍ය මුදල රුපියල් 12000කි. බස්නාහිර ඇතැම් පාරවල්හි එම මුදලට කොන්ක‍්‍රීට් අතුරද්දී මීගමුවේ එය රුපියල් 16,000ක් පමණ විය. වැඩි වූ මුදල රුපියල් හාර දහසකි. ඒ මීටර් කියුබ් එකක් සඳහාය. එවැනි මීටර කියුබ් දහසක් නම් වැඩියෙන් වැය වූ අමතර මුදල රුපියල් හතළිස් ලක්ෂයකි.
මීගමුවේ කොන්ත‍්‍රාත් යන්නේ කාගේ හිතවතුන්ටදැයි සාමාන්‍ය වැසියන් පමණක් නොවන ප‍්‍රදේශයේ බොහෝ දේශපාලනඥයෝද දනිති. මීගමුවේ කොන්ත‍්‍රාත්කරුවන්ගෙන් කප්පම් ගන්නා කතාවක් ද ඇත. මීගමුවේ කොන්ත‍්‍රාත් කරුවනට වන අසාධාරණකම් ද එමට බව ඔවුහු කියති.
දැන් කියන්නට යන්නේ මීගමුවේ වෙන බව කියන තවත් ගැහිල්ලකි. විවධ වැඩවලට මීගමුවට බොහෝ දෙනෙක් එති. ඒ නිසා දිනකට මීගමුවට එන වාහන ගණනද විශාලය. ඒවා නැවැත්වීමට මීගමුවේ රථගාල්ද රැසකි. මේ රථගාල්වලින් වැඩිමනක් පාලනය වන්නේ දේශපාලනඥයකුගේ ඥාතියකු යටතේ යැයි තතු දත්තෝ කියති.
දිනකට ඒවායේ ආදායම රුපියල් ලක්ෂ ගණනක් වුවත් එම මුදල් සම්බන්ධයෙන් කුමක්වේදෝයි කිසිවෙක් නොදනිති. ඒවා ගැන නිසි විගණනයක් කළ යුතු යැයි ද ප‍්‍රදේශවාසීහු කියති.
රථගාල්වල විවිධ මිල ගණන් වලට ටිකට් තිබුණ ද හිතෙන හිතෙන පුද්ගලයන්ට දෙන්නේ හිතෙන හිතෙන ගණන්වල ටිකට්පත්ය. එක් ත‍්‍රීරෝද රථයකට රුපියල් 30ක ටිකට් පතක් දෙද්දී තවත් ත‍්‍රීරෝද රථයකට රුපියල් 50ක ටිකට් පතක් දෙයි. ඇතැම් විට වාහනවලින් නැවතුම් ගාස්තු ගත්තද ඒ සඳහා ටිකට් පතක් නිකුත් කරන්නේ නැත. මෙවැනි අසාධාරණකම් හමුවේ බොහෝ දෙනකු හිස නමන්නේ දේශපාලන හස්තයක් පිටුපසින් ඇති බව දන්නා හෙයිනි.
මසාජ් ක්ලීන් මුවාවෙන් යන ගණිකා ජාවාරම කොළඹ මෙන්ම අනෙක් පැතිවලටද පැතිරී හමාරය. හතු පිපෙන්නා සේ මීගමුවේ බිහි වන ඇතැම් මසාජ් ක්ලීනික් අස්සේ සිදු වන්නේ මොනවාදැයි ප‍්‍රසිද්ධ රහසකි. සුපිරි පන්නයට වැඩ සිදුවන නිසා ඇතැම් ස්ථාන පොලිස් ඇසින්ද මිදී ඇත. වීදි ගණිකාවක් දෙන්නෙක් අත්අඩංගුවට ගත්තත් සුපිරි පන්නයේ ස්ථාන වටලා ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි.
මසාජ් ක්ලීනික් මුවාවෙන් කෙරෙන ඇතැම් ගණිකා නිවාස පාලනය වන්නේ ද දේශපාලන උණුහුම වැදුණු පිරිසකගේ බලයෙන් යැයි තතු දත්තෝ කියති. ඒවාට පාසල් ළමයින් යන්නේදැයි අපට විස්තර කීවකුගෙන් ඇසූවිට ඔහු කීවේ තමන් ඒ ගැන නොදන්නා බවයි. නමුත් අප කළ සොයාබැලීමේ දී හෙළි වූයේ ටියුෂන් පන්තිය යන ඇතැම් පොහොසත් දරුවන් මෙවැනි තැන්වලට යන බවයි.
ඒ ගැන ප‍්‍රදේශවාසියකු මෙසේ විස්තර කළේය.
‘‘ටියුෂන් යන සාමාන්‍ය ළමයින් නම් යන්නේ වෙරළ අයිනේ තියෙන පොඩි තැන්වලට. ඒත් සල්ලි තියෙන සමහර ළමයින් මේවගේ තැන්වලට එනවා. එයාලා එන්නේ මසාජ් කරගන්න නෙමේ. වෙන වෙන දේවල්වලට. මේවගේ තැන්වලට ගිහින් බලන් හිටියොත් දවසකට කී දෙනෙක් එනවද කියලා බලාගන්න පුළුවන්.’’
මීගමුවේ එක්තරා පොළක වෙළෙඳ කුටි වලින් මුදල් ගන්නා පිරිසක් ගැන ද කඩ හිමියෝ හා ප‍්‍රදේශවාසීහු කණස්සල්ල පළ කරති. එම මුදල් යන්නේ කාගේ සාක්කුවටදැයි ඔවුහු අසති. එම පොළට ගොස් වටේ කැරකි කැරකී සිටියහොත් මුදල් ගන්නා අයුරුද දැක බලා ගත හැකිය.
මීගමුවට මෑතකදී එල්ල වූ අලූත්ම තර්ජනය වන්නේ මුහුදු ප‍්‍රදේශයේ ඉඩම් බලහත්කාරයෙන් ලියවා ගැනීමය.
‘‘මේ පැත්තේ මුහුදු අයිනේ ඉඩම් ඒ මිනිස්සු බය කරලා ලියවා ගන්න ජාවාරමක් ගැන ආරංචි වුණා. හෝටල් වගේ විවිධ ඉදිකිරීම් වලට තමයි ඒවා ලියවා ගන්නේ.’’
ඒ එක පැත්තකි. මේ තවත් පැත්තකි.
‘‘කුඩු’’කිව් සැනින් මීගමුව මතක් වෙන කාලයක් තිබිණි. ලංකාවේ කොහේ කුඩු හිගයක් ආවත් මීගමුවේ එසේ නොවෙතියි වැඩිදෙනෙක් කීහ. දැන් එය ගංජා වලට ද අදාළවී ඇත. මීගමුවේ ගංජා ව්‍යාපාරයද ජයටම කෙරීගෙන යයි.
‘‘මීගමුවේ ගොඩක් තැන්වල ගංජා තියෙනවා. වෙරළ අයිනේ ගංජා විකුණන පොට් ගොඩක් තියෙනවා. සමහර කඩ වලත් විකුණනවා. මීගමුවට එන විදේශිකයන්ටත් ගංජා විකුණනවා. ඒත් වැඩිපුරම ගංජා ගහන්නේ අපේ කට්ටිය. පන්ති යන ළමයින්.
කුඩුත් ඒවගේම තමයි. ගොඩක් තැන්වල කුඩු තියෙනවා. විවිධ පැතිවල පන්ති යන ළමයින් පන්ති නොයො මීගමු වෙරළක් අයිනට ඇවිත් කුඩු, ගංජා ගහනවා. මීගමුවේ වෙරළ වැඩිය සෙනග ගැවසෙන්නේ නැති පැතිවල ගියොත් මේවගේ දර්ශන ඕනෑ තරම් දැක බලා ගන්න පුළුවන්.
මීගමුවට වැඩියෙන් කුඩු ගේන්නේ හලාවත පැත්තෙන්. හොඳ හොඳ වාහනවල තමයි කුඩු ගංජා එහෙට මෙහෙට යන්නේ. කුඩු ගන්න තියෙන තැනක් ළඟට ගිහින් බලාගෙන ඉන්න බඩු එන්නේ කොහොමද කියලා. එතතොට ඕනෑම කෙනකුට තේරේවි මේකේ හැටි.‘
මීගමුවේ කප්පම්, වංචා, දුෂණ, කුඩු සහ ගංජා නැතිවුවහොත් ඇතැම් අයගේ ජීවන තත්ත්වය කඩා වැටෙන අයුරු බලා ගත හැකිය යන්න වැඩි දෙනකුගේ මතයකි. පොලිසිය වෙනදාට වඩා මේ පැත්ත ගැන අවධානය යොමු කරයි නම් සති දෙකක් තිස්සේ අප ඉදිරිපත් කළදෑහි ඇත්ත නැත්ත හොඳහැටි වැටහෙනු ඇත.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැඩිපුරම ගංජා ගහන්නේ පාසල් යන ළමයි
ප්‍රියන්ත Tuesday, 12 August 2014 04:18 PM
මේ ලිපිය පළකළ ඔබතුමන්ලාට ගොඩාක් පින් (නි)
චානක Wednesday, 13 August 2014 09:02 AM
අපිට කවදා සතුටින් ඉන්න පුළුවන් වෙයිද කියලා දන්නේ උඩ ඉන්න දෙවියන් විතරයි (නි)
නුවන් Wednesday, 13 August 2014 01:11 PM
කතා වලින් අපට වැඩක් නැහැ.වැඩක් කරලා පෙන්වන්න.(අ)
රණවක Thursday, 14 August 2014 08:37 AM
ඉතින් ඒ දේශපාලකයා වහාම අත්අඩංගුවට ගන්න බැරිද (දී)
කමල් Thursday, 14 August 2014 11:02 AM
පත්තරෙන්ද දැක්කේ, නිදිද? (නදී)
මංජු Friday, 15 August 2014 12:26 PM
අපි නම් ඉතින් ඔය කොයි දේ ගැනත් දන්නවා හොඳට (නි)
තිසේරා Sunday, 17 August 2014 12:12 PM
නීති විරෝධී ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යාම කියන්නෙ නීති විරෝදී නොවන මධ්‍යස්ථානත් ත් තියෙනවද? (දී)
ලක්මාල් Monday, 18 August 2014 11:47 AM
තිසේරා, ඔබ ඇසු පැනයම ඇසීමට අදහස් කළද ඔබ එය අසා ඇත. කෙසේ නමුදු මේ දිවයිනේ බොහෝ වැරදි සිදුකරන්නේ දේශපාලනය කරන පුද්ගයන් බව හැමෝම දන්නා ඇත්තකි. නියෝජ්‍ය ඇමතිතුමනි, ඔබට හැකිනම් මේ වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙනඑන්න. ඔබ ගැන අපට විශ්වාස කළ හැක එහෙත් මෙය නිවැරදිව සිදුවනතෙක් අපි බලා සිටින්නෙමු (නි)
මහින්ද Monday, 18 August 2014 12:15 PM
ඕවා කරන අය ගැන වගකිවයුත්තන් නොදන්නේද? (නි)
සුනිල් සී බංඩාර Monday, 18 August 2014 01:51 PM
ඔන්න මහත්තයා ඡන්දය ටිකක් වැඩිකරගන්න අවස්ථාවක් උදාකරගත්තා (නදී)
අජිත් Tuesday, 19 August 2014 12:45 PM
හොද වෙලාවට ලංකාදීප පත්තරේ දැකල තියෙන්නේ. නැත්නම් මේ ඇමතිය තවමත් නිදි.... නිදි....හොදටම නිදි....පව් අනේ .... මෙයාව ඇහැ ඇරෙව්වේ ...අර ගණිකාවෝ ටිකත් වට කරගෙන නිදාගන්න දෙන්නේ නැතිව.(අ)
නේතුක Tuesday, 19 August 2014 06:35 PM
මීගමුවේ පමණක් නොව අද පාසල් ළමුන් බොහොමයක් ගංජා වලටත්, අසැබි දර්ශන නැරඹීමටත් ඇබ්බැහි වෙලා (නි)
නිමල් Wednesday, 20 August 2014 01:19 PM
මමත් මීගමුවට ගොඩක් ළඟ ඉන්නේ. මමත් මේ ගැන දන්නවා (නි)