X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


විකලාංග දරුවන් රැකගන්නා ක‍්‍රමය

    sd

 

දසමසක් මව්කුස දරාගන සිටි තම කිරිකැටි බිළිඳා මෙලොව එළිය දකිනතුරු දෙමව්පියන් දින ගණන් කරමින් උතුරාගිය දරු සෙනෙහසින් දෑස් අයාගෙන බලා සිටින්නේ එම සුන්දර මොහොත එළඹෙනතුරු ය.


එම සුන්දර මොහොත උදා වූ සැණින් ඇතැම් දෙමව්පියන්ගේ උතුරා ගිය සතුට නිමේෂයකින් කඳුළු ගංගාවක් බවට පත්වෙයි.


ඊට හේතුව තම ආදරණීය 1බිළිඳාගේ එක් පාදයක් එසේත් නැතිනම් පාද දෙකම අසාමාන්‍ය ලෙස පිහිටා තිබීමයි.


මෙම අසාමාන්‍ය පිහිටීම වෛද්‍යවරුන් හඳුන්වන්නේ මුගුරු පාද (club foot ක්ලබ් ෆුට්) යනුවෙන්ය.


ලොව සිදුවන සෑම දරු උපත් දහයකින් එක් දරු උපතක් මුගුරුපාද සහිත දරුඋපත් බවට අනාවරණය කරගෙන තිබෙන බව වෛද්‍යවරු පවසති. ශ්‍රී ලංකාවේ තත්ත්වයද එයාකාර බවට වෛද්‍යවරුන් පෙන්වා දෙති.


මෙවන් දරුවන් බිහිවන්නේ මන්දැයි යන්න තවමත් අභිරහසකි. මෙය නිරාකරණය කරගැනීමට ලොවපුරා පිහිටි අග‍්‍රගණ්‍ය විද්‍යාගාරවල විවිධ පර්යේෂණ පැවැත්වුණද මේ දක්වා එම පර්යේෂණවල සාර්ථකත්වය දැකීමට පර්යේෂකයින් අසමත් වී ඇත. ස්වබාව දහමේ අපූර්වතම නිර්මාණය මිනිසාය. එසේනම් මෙවන් දරුවන් බිහිවීමට හේතුව කුමක්දැයි නූතන විද්‍යාවට දැනගැනීමට ඇති හැකියාව වසන් කිරීමට ස්වභාවධර්මය තවමත් අකාරුණිකවී ඇත.


එසේ නම් මෙම 2කාරණයේදී ස්වභාවධර්මය හමුවේ නූතනවිද්‍යාව තවමත් පරාජිත බවත් නොරහසකි. තත්ත්වය එසේ වුවද මුගුරුපාද සහිත දරුවන් සම්පූර්ණයෙන් සුවපත් කර ඔවුන්ට දෙපයින් නැගී සිටීමේ වරම නූතන විද්‍යාව තුළින් උරුම කර දීමට ස්වභාවධර්මය කාරුණික වී ඇත.


අවම වශයෙන් ප්ලාස්ටර් පහකින් සිදුකරන ප‍්‍රතිකාරයෙන් මුගුරුපාද ප‍්‍රකෘති තත්ත්වයට පත්කිරීමට වෛද්‍යවරු සමත්ව සිටිති.


තරාතිරම, සමාජමට්ටම හෝ වෙනත් කිසිදු කාරණාවක් මුගුරුපාද සහිත දරුවකු බිහිවීමට බලපාන්නේ නැත. එමනිසා මුගුරුපාද සහිත දරුවකු ප‍්‍රසූත කළ දිනයේ පටන්ම එම දරුවාට නිසිලෙස වෛද්‍ය ප‍්‍රතිකාරය ලැබිය යුතුය.


මේ සම්බන්ධව සමහර දෙමව්පියන් දැනුම්වත් නැතිබව පෙනීගොස් ඇත. එනිසා සිදුවන්නේ තම සෙනෙහෙබර දරුවාට දෙපයින් නැගී සිටීමේ වරම අහිමි කිරීමකි. එපමණක්ද නොව හෙට දවසේ අනාගතය බාර ගැනීමට සිටින දරුවාගේ අනාගතය අඳුරු කිරීමේ මරුපහරක් එල්ල කිරීමක් බවත් මෙහිදී සඳහන් කළ යුතුව ඇත. මෙයත් හරියටම කිරිකළයකට ගොම බිඳුවක් දැමීම හා සමාන වන්නේය.


එමනිසා මුගුරුපාද සහිතව උපන් තම දරුසිඟිත්තා ගැන පසුතැවිලිවෙනවා වෙනුවට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම වැදගත්ම කාරණාවයි. මේ සඳහා විශේෂ විකලාංග සායන රජයේ රෝහල්වල ඇත. රිජ්වේ ආර්යා ළමා රෝහල මේ හා සම්බන්ධව විශේෂයෙන් කටයුතු කරන රෝහලකි. මුගුරුපාද සහිත දරුවකුට දෙපයින් නැගී සිටීමට වරම උදාකර දෙන වෛද්‍යවරුන් අතරේ සිටින එක් වෛද්‍යවරයකු වන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් විජේසිංහ මහතා ඒ හා සම්බන්ධව දැනුම්වත් කරමින් මෙසේ සඳහන් කළේය.


මුගුරුපාද සහිත දරුවකු ඉපදී පළමු සතියේම ප‍්‍රතිකාරය ආරම්භ විය යුත්තේ දරුවා මොනයම් හෝ වෙනත් බරපතළ රෝගයකින් පෙළෙන්නේ නැතිනම් පමණක්ය. නිරෝගීමත් දරුවකු නම්  ඉපදී පළමු සතියේම ප‍්‍රතිකාරය සිදු කිරීම අත්‍යවශ්‍යවන්නකි. මුගුරුපාද සහිතව ඉපදෙන දරුවන් විකලාංග සායනවලට යොමු කිරීමට අදාළ දරු ප‍්‍රසූතිය සිදුවන රෝහල පියවර ගනු ලැබේ. එතැනදී යොමු කිරීම සිදුකළ ලිපිය තුට්ටුවකටත් මායිම් නොකර සිටින ඇත්තෝද නැතුවා නොවේ. දරුවා ටිකක් ලොකු වෙනතුරු සිට ප‍්‍රතිකාරයට යොමුවීම එසේ නැතිනම් විවිධ මිත්‍යාවිශ්වාස පදනම් කරගනිමින් ප‍්‍රතිකාරය ගැන උනන්දු නොවීම යනාදී කාරණා මත ප‍්‍රතිකාරය පසුවට කල් තබන අවස්ථාවන්ය. මෙම සියලූ ප‍්‍රමාදයන් හේතුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ අහිංසක නොදරුවාටය. ප‍්‍රතිකාරය ප‍්‍රමාදවන තත්පරයක් පාසාම දරුවාට දෙපයින් ඇවිදීමට පවතින ඉඩ ප‍්‍රස්ථාව අවදානමකට ගොදුරු වෙයි. එම නිසා දරුවා බිහිවන ප‍්‍රථම සතියේම වෛද්‍ය ප‍්‍රතිකාරය ඇරඹිය යුතුය.


මුගුරුපාද එම තත්ත්වයෙන් මුදවාගෙන ප‍්‍රකෘති තත්ත්වයට පත්කිරීමේ ප‍්‍රතිකාරය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ වෛද්‍ය ඉග්නේෂියො පොන්සෙට් (ignacio ponseti) මහතාටය. ඔහු අමෙරිකාවේ අයෝවා විශ්ව විද්‍යාලය හරහා ලොවට මෙම ප‍්‍රතිකාර ක‍්‍රමවේදය හඳුන්වා දෙන ලදී. එමනිසා එම වෛද්‍යවරයාට ගෞරව දැක්වීමක් ලෙස එම ප‍්‍රතිකාර ක‍්‍රමවේදය හඳුන්වන්නේ ponseti method of management  (පොන්සෙට් මෙතඞ් ඔෆ් මැනේජ්මන්ට්) ලෙසටත් ලොව සෑම රටකම දරුවකුට සුදුසු ලෙස නිර්මාණය වූහ මෙම ප‍්‍රතිකාරය සඳහා වැය වන්නේ රටකට දැරියහැකි මුදලකි.


මෙම ප‍්‍රතිකාරය රජයේ රෝහල්වල නොමිලේම සිදුකරදෙයි.


සතියකට ප්ලාස්ටරය බැගින් යොදා ගනිමින් අවම ව04_PAGE_10_Tශයෙන් ප්ලාස්ටර් පහක් සති පහට පිළිවෙළින් යෙදීම ලබාදෙන ප‍්‍රතිකාරයයි. ප්ලාස්ටර් ප‍්‍රතිකාරය නිමවුන පසු පාදයේ වළලූකරට යාබදව ඇති මාංශපේශි ගොබයක සිදුකරන සුළු සැත්කමකි. මෙම ප‍්‍රතිකාර ක‍්‍රමවේදයෙන් පසුව සියයට අනූපහක් පමණ දරුවන්ගේ දෙපා යථා තත්ත්වයට පත්වෙයි.


දරුවාගේ ප්ලාස්ටරය අලූත් කිරීමට සෑම සතියකටම වරක් සායනයකට රැගෙන එන ලෙස උපදෙස් දෙයි. එම දිනයේදී වතුර බේසමකට ප්ලාස්ටරය ගිල්ලවා පොටවල් දිගහැරීමෙන් පහසුවෙන් ප්ලාස්ටරය ඉවත් කළ හැකිය. මෙයාකාරයට ප්ලාස්ටරය ඉවත් කරගෙන දරුවා සායනයට රැුගෙන පැමිණිය යුතුය.


ප්ලාස්ටර් ප‍්‍රතිකාරයෙන් පසුව ආධාරක පාවහන් දරුවාට පළඳවනු ලැබේ. ස්ටීන්බීක් ෆුට් ඇබ්ඩක්ෂන් බ්‍රේස් (SFAB) (steenbeek foot abduction brace) ලෙස එය හඳුන්වනු ලැබේ. දරුවා ඇවිදිනතුරු දිනකට පැය විසිතුනක් මෙය පැළඳිය යුතුය. ඉන්පසු දරුවාට වයස අවුරුදු හතර දක්වා දිනකට පැය 12-14 පමණ කාලපරාසයක් තුළ මෙම පාවහන් පැළඳීමට නිර්දේශ කෙරෙයි. මෙම විශේෂිත පාවහන් දැමීම නවතා දමන ලෙසට වෛද්‍ය උපදෙස් ලදහොත් පමණක් සාමාන්‍ය පාවහන් පැළඳීමට අවස්ථාව උදාවෙයි. එය කෙසේ වුවත් දරුවාට වයස අවුරුදු 8-10 වනතුරු වසරක් පතා වෛද්‍ය සායනයට පැමිණිය යුතුය.


විශේෂිත සපත්තු නිපදවීමේ කාර්මිකාගාරයක් රිජ්වේ ආර්යා ළ5මා රෝහල තුළ ස්ථෘපිත කර ඇත. එය හඳුන්වන්නේ අංගාදේශක හා ඍජුකාරක දෙපාර්තමේන්තුවේ කාර්මිකාගාරය ලෙසටයි. මෙහිදී නිපදවන විශේෂිත සපත්තු නොමිලේ ලබාදෙයි. වෙනත් රජයේ රෝහල් සඳහාද විශේෂිත සපත්තු නිමකර බෙදා හැරීම මෙම කාර්මිකාගාරයෙන් සිදුකෙරෙන සේවාවකි.


මුගුරුපාද අවදියෙන් මිදුණු පසුව දරුවාට ලබාදෙන වෛද්‍ය උපදෙස් එයාකාරයෙන්ම පිළිපැදීමට තරයේම මතක තබාගතයුතුය. ඊට පටහැනිව ක‍්‍රියාකිරීමෙන් සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනීමට හැකියාවක් නොමැති බවත් තරයේම අවධාරණය කර ගත යුතුය.


ප්ලාස්ටර් සහ විශේෂිත පාවහන් (බ්‍රේසය) පළඳින කාලයේදී අනුගමනය කළ යුතු උපදෙස් සායනයේදී දැනුම් දෙයි. දරුවාගේ යම් ගැටලූකාරී තත්ත්වයක් මතු වුවහොත් හෝ දෙපා සම්බන්ධව කිසියම් රෝගී තත්ත්වයන් පෙන්නුම් කළහොත් සායන දිනය එළඹෙන තුරු බලා නොසිට අප‍්‍රමාදව ප‍්‍රතිකාරය සිදුකළ රෝහල වෙත රැුගෙන ආ යුතුය. එසේ නොමැතිව තම හිතුමතේම ප‍්‍රතිකාර ලබාදීම හෝ වෙනත් වෛද්‍යවරුන් හමුවට ගෙන යාම සුදුසු නොවෙයි.


මුගුරුපාද සහිතව මෙලොව එළිය දැක වෛද්‍ය ප‍්‍රතිකාර හරියාකාරව ලබාගෙන දෙපා යථා තත්ත්වයට පත්වුණු දරුවන්ට  ඕනෑම ක‍්‍රීඩාවක නිරත වීමට මොනයම් හෝ බාධාවක් නොමැත. එවන් දරුවන්ට ඔලිම්පික් තරගවලට ද සහභාගී වීමට හැකිය. එලෙස ප‍්‍රතිකාර ලද දරුවන් විවිධ ක‍්‍රීඩා තරගවලදී ශූරයන් බවට පත්වුණ අවස්ථා අමෙරිකාව වැනි රටවලින් සනිටුහන් වී ඇත.



අදහස් (0)

විකලාංග දරුවන් රැකගන්නා ක‍්‍රමය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site