විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලයේ ලිතෝ යන්ත‍්‍ර ක‍්‍රියාකරුවෙක් ලෙස මා රැකියාව කරනවා. මෙවර අ.පො.ස. සා.පෙ. විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කිරීමේ කටයුත්තේද මා නිරතව සිටියා. විද්‍යාව - 1 ප්රශ්න පත‍්‍රය මුද්‍රණය කරමින් සිටින විට මුද්‍රණ යන්ත‍්‍රය එකවරම හිරවුණා. හිර වී තිබූ ප‍්‍රශ්න පත‍්‍ර ඉවතට ගන්න උත්සාහ කිරීමේදී කොළ දෙකක් ගැලවී මගේ අතට ආවා. මම ඒ කොළ දෙක දෙකතුනට නමා කලිසම් සාක්කුවේ දමාගත්තා.
ඒ කොළ දෙකේ විද්‍යාව - 1 ප‍්‍රශ්න පත්තරේ ප‍්‍රශ්න 19ක් ඇතුළත්ව තිබුණ බව මම එය කියවා බැලීමේදී තේරුම් ගියා. ඒ වෙලාවේ කියව කියව ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. ගෙදර ඇවිත් තමා කියෙව්වෙ. මෙම ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කළේ විභාග දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇති මුද්‍රණාලයෙයි. මා එහි සේවය කරනවා”
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව - 1 ප්රශ්න පත‍්‍රය කලින් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලයේ මුද්‍රණාල ක‍්‍රියාකරු රහස් පොලිසිය හමුවේ පාපොච්චාරණයක් කරමින් ඉහත ප‍්‍රකාශය කර ඇත.
රහස් පොලිස් නිලධාරින්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ තවදුරටත් තොරතුරු හෙළිකරමින් එම මුද්‍රණ යන්ත‍්‍ර ක‍්‍රියාකරු මෙසේද පවසා තිබේ.
”දෙකට තුනට නමා කළිසම් සාක්කුවේ දමාගෙන ආ ප‍්‍රශ්න පත්තරේ මගේ හිතවතකු වන විශ‍්‍රාමික ගුවන් හමුදා නිලධාරියකුට ලබාදුන්නා එය ඔහුට මම ලබාදුන්නේ හිතවත්කමටයි. ප‍්‍රශ්න පත්තරේ ඔහුට දීලා මම සතයක්වත් මුදලක් ගත්තේ නැහැ. විශ‍්‍රාමික හමුදා නිලධාරියා හා මා අතරේ කාලයක පටන් පැවති හිතවත්කම මතයි ඔහුට මේ ප්රශ්න පත‍්‍රය දුන්නේ. අත්අඩංගුවට ගත් පසු තමා මම දැනගත්තේ මම විශ‍්‍රාමික හමුදා නිලධාරියාට දුන් ප‍්‍රශ්න පත්තරය රුපියල් ලක්ෂයකට විකුණලා කියලා. එතකම් මම මේ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒ දෙන්නා ගත්තු රුපියල් ලක්ෂයෙන් කීයක් හරි මට දුන්නා නම් මට මෙච්චර දුකක් නැහැ යැයිද සැකකාර මුද්‍රණාල සේවකයා රහස් පොලිස් නිලධාරින් සමග පවසා ඇති බව දැන ගැනීමට ඇත.
”මෙවර සාමාන්‍ය පෙළ විභාගය විද්‍යාව - 1 ප‍්‍රශ්න පත්තරේ කොටසක් මා ළඟ තිබෙන බව මගේ හිතවත් විශ‍්‍රාමික ගුවන් හමුදා සැරයන්වරයාට නිකමට මෙන් කිව්වා. ‘අනේ මචං ඒක මට දීපං කිව්වා’ ඒ ඉල්ලීම් මත තමා මම එය ඔහුට ලබා දුන්නේ” යැයිද සැකකාර මුද්‍රණාල සේවකයා රහස් පොලිසියට තවදුරටත් පාපොච්චාරණය කරමින් පවසා තිබේ.
ප‍්‍රශ්න පත‍්‍රය වංචාකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මුද්‍රණාල සේවක ධනපාල ප‍්‍රියශාන්ත නමැත්තා තදින්ම මත්පැන් පානයට ඇබ්බැහි වී සිටින අයෙක් බව රහස් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
රුපියල් ලක්ෂයක් ගෙවා විද්‍යාව - 1 ප‍්‍රශ්න පත්තරේ ප‍්‍රශ්න 19ක් අඩංගුවට තිබුණ කොටස මම මිලදී ගත්තා. එය මා මිලදීගත්තේ නයිවල මංසන්ධියේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන අයකුගෙන්. මම එවෙලේම රුපියල් 25,000ක් ඔහුට දුන්නා. දින යෙදු රුපියල් 75,000ක් වටිනා චෙක් එකක්ද ඒ වෙනුවෙන්ම ඔහුට දුන්නා යැයි මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය අත්අඩංගුවටගත් සම්පත් අත්තටගේ නමැත්තා රහස් පොලිස් නිලධාරින්ට ප‍්‍රකාශ කර ඇත.
සම්පත් අත්තටගේ නමැති සැකකාර ටියුෂන් ගුරුවරයා තවදුරටත් තමාට මේ ප‍්‍රශ්න පත‍්‍රයේ කොටස ලැබුණු ආකාරය ගැන තොරතුරු හෙළිකරමින් රහස් පොලිස් නිලධාරීන්ට මෙසේද පවසා ඇතැයි දැන ගැනීමට තිබේ.
”විද්‍යාව - 1 ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න 19ක් නයිවල රූපලාවන්‍යාගාරයක අයිතිකරුවෙක් ළඟ තිබෙන බව කීවේ මගේ හිතවතෙක්. ඔහු නයිවල මංසන්ධියේ ගොඩනැගිලි සංකීර්ණයක උඩු මහලේ භෞතික විද්‍යා උපකාරක පංති පවත්වන ගුරුවරයෙක්. මේ රූපලාවන්‍යාගාරය පිහිටා ඇත්තේ ඒ ගොඩනැගිල්ලේ කොටසකයි. මගේ හිතවත් භෞතික විද්‍යා ගුරුවරයාගේ දැනුම් දීම මත තමා ගොස් මේ ප්රශ්න පත‍්‍රය මිලදී ගත්තේ. පස්සෙ මේ ප්රශ්න පත‍්‍රය අරගෙන ඇවිත් අනුමාන ප‍්‍රශ්න පත‍්‍රයක් විදිහට තවත් ප‍්‍රශ්න එයට ඇතුල් කරලා මුද්‍රණය කළා. මා අතට පත් වූ ප‍්‍රශ්න පත‍්‍රයේ තිබුණ ප‍්‍රශ්නවලට විශේෂ සලකුණක් තබා මේ ප‍්‍රශ්න කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් මගේ උපකාරක පන්තිවලට පැමිණි සිසුන් අතරේ බෙදා දුන්නා. මා මෙවැනි දෙයක් කළේ ඊළඟ පන්තිවලට සිසුන් වැඩියෙන් අද්දා ගැනීමේ අරමුණ ඇතිවයි. අත්තටගේ සර් දුන්නු අනුමාන ප‍්‍රශ්න පත්තරේ ප‍්‍රශ්න 19ක්ම මේ පාර විද්‍යා ප‍්‍රශ්න පත්තරේ තිබුණ බව මගේ පන්තිවලට පැමිණි සිසු සිසුවියන් කිව්වාම එයට ලොකු ප‍්‍රචාරයක් ලැබෙන බව මා දැනගෙන හිටියා. ඒ ප‍්‍රචාරය හරහා මා හට තවත් සිසුන් මගේ ළඟට එන බව හොඳටම දැන ගත්තා” යැයි ද සැකකාර උපකාරක පන්ති ගුරුවරයා රහස් පොලිස් නිලධාරීන් සමග පවසා ඇත.
රුපියල් ලක්ෂයක මුදලකට මෙම ප‍්‍රශ්න පත‍්‍ර කොටස මිලදීගත් ටියුෂන් ගුරුවරයා රහස් පොලිස් අත්අඩංගුවට ගැනීම කළත් සමහර මාධ්‍යයන්ට පවසා තිබුණේ තමා වසර 20කට වැඩි කාලයක් පන්ති පවත්වා ලබාගත් අත්දැකීම් අනුව මෙවැනි ආකාරයට අනුමාන ප‍්‍රශ්න සකස් කළ බවයි.
මිනුවන්ගොඩ, රාගම, බොරැල්ල, පිළියන්දල ප‍්‍රදේශවල මෙම උපකාරක ගුරුවරයා විද්‍යා විෂය උගන්වන අතර එම ප‍්‍රදේශවල පිහිටි ඔහුගේ පන්තිවලට සහභාගි වන සිසු සිසුවියන් අතරේ මෙම ප‍්‍රශ්න පත‍්‍රය බෙදා හැර ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජනප‍්‍රිය විද්‍යා ගුරුවරයකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටි අයෙකි.
රූපවාහිනි නාලිකාවක් ඔස්සේ විද්‍යා දේශන මාලාවක් පැවැත්වීම නිසාත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ පදනමක් යටතේ විද්‍යා දේශනවලට සහභාගිවීමත් මොහු ජනප‍්‍රියත්වයේ හිනිපෙත්තටම නැගීමට ප‍්‍රබල සාධක වී ඇති බව කියති.
සැකකරු උපකාරක පන්ති පවත්වන ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍ර සහ නිබන්ධන මුද්‍රණය කර ගැනීම සඳහා සහායකයෙක් පත්කර ගෙන ඇත.
මේ සහායකයා ප‍්‍රාථමික පන්තිවලට විද්‍යා විෂය උගන්වන අයෙක් වන අතර විභාගයට කලින් පිටකරගත් ප‍්‍රශ්න පත‍්‍රයේ ඇතුළත් ප‍්‍රශ්න 19 ඇතුළත් කර අනුමාන ප‍්‍රශ්න පත‍්‍රය සකස්කර ඇත්තේ මොහු බව රහස් පොලිස් පරීක්ෂණවලින් කරුණු හෙළිවී තිබේ.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිතෝ මුද්‍රණ යන්ත‍්‍ර ක‍්‍රියාකරුගෙන් නිකන් ඉල්ලාගෙන ආ ප‍්‍රශ්න පත‍්‍ර කොටස විශ‍්‍රාමික හමුදා නිලධාරියා හා රූපලාවන්‍ය ශිල්පියා රුපියල් ලක්ෂයකට විකිණීමට කථාකරගෙන ඇත්තේ දෙදෙනා ඒ මුදල සමාන ලෙස බෙදාගැනීමේ අදහසින්ය.
ප‍්‍රශ්න පත‍්‍රය මිලදීගත් උපකාරක පන්ති ගුරුවරයා ඒ අවස්ථාවේම මුදලින් රුපියල් 25,000 පමණ මුදලක් ලබාදී තිබූ අතර ඉතිරි මුදල වෙනුවෙන් ලබාදී තිබූ රුපියල් 75,000 ක් වටිනා චෙක්පතද සැකකරුවන් සන්තකයේ තිබී රහස් පොලිස්භාරයට ගනු ලැබීය.
චෙක්පත මාරුකර ගැනීමෙන් තමාට ලැබෙන කොටසින් රූපලාවන්‍යගාරය වැඩිදියුණු කිරීමට ඒ මුදල් යොදා ගැනීමට රූපලාවන්‍යගාරයේ හිමිකරු සැලසුම් කරගෙන සිට ඇතැයි පැවසේ.
මේ සියලූ ගනුදෙනු සිදුව ඇත්තේ නයිවල ප‍්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයේදී බව රහස් පොලිස් පරීක්ෂණවලින් හෙළිකර ගෙන තිබේ.
රටක් කැළඹූ විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය පිටකිරීමේ සිද්ධියේ ප‍්‍රධානියාට සත පනහකවත් මුදලක් ලැබී නොමැත. ඔහු මෙය තම මිතුරාට ලබාදී ඇත්තේ හිතවත්කම නිසා ම ය. හොඳම මිතුරා වන මුද්‍රණාල සේවකයාගෙන් නිකන් ඉල්ලාගත් ප‍්‍රශ්න පත‍්‍ර කොටස ලක්ෂයකට විකුණු විශ‍්‍රාමික හමුදා නිලධාරියා සහ රූපලාවන්‍යාගාර හිමිකරුද ප‍්‍රශ්න පත‍්‍රය නිකන් දුන් මුද්‍රණාල සේවකයාටද අවසානයේ සිදුවූයේ සිරමැදිරියක ගත කිරීමටය.
රුපියල් ලක්ෂයක පමණ මුදලකට ප‍්‍රශ්න පත‍්‍ර ලබාගත් ටියුෂන් ගුරුවරයාද ඔහුගේ සහායක ගුරුවරයාද රහස් පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඞ් බාරයට පත්කර ඇත.
විශ‍්‍රාමික හමුදා නිලධාරියා සහ රූපලාවන්‍යාගාරයේ හිමිකරු චෙක්පත මාරුකර ගැනීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාල සේවකයා වෙනුවෙන් මත්පැන් සාදයක් පැවැත්වීමට සූදානම්ව සිට ඇතත් එම මත්පැන් සාදය පැවැත්වීමට නොහැකිවී ඇත්තේ ඊට කලින් ඔවුන් දෙදෙනා රහස් පොලිස් අත්අඩංගුවට පත්වීම නිසාය.
අ.පො.ස සා.පෙ. විද්‍යා - 1 බහුවරණ ප‍්‍රශ්න පත‍්‍ර සිද්ධියේ සැකකරුවන් හතර දෙනාට ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ඉල්ලා සිටියත් කඩුවෙල මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කරමින් රිමාන්ඞ් බාරයට පත්කරනු ලැබුවාය.
රටේම ඉමහත් ආන්දෝලනයකට ලක්වූ විභාග ප‍්‍රශ්න පත‍්‍රයක ප‍්‍රශ්න 19 ක් කලින් පිටවීමේ සිද්ධියේ සුල මුල හෙළිකර ගෙන එයට සම්බන්ධ වූවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ රහස් පොලිස් නිලධාරීන්ගේ මනා කැපවීම හා දක්ෂතාවය නිසා බව මෙහි ලා විශේෂයෙන් සඳහන් කළ යුතු ය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විද්‍යාව ප්රශ්න පත්‍රය හොරෙන් පිටකළේ මෙන්න මෙහෙමයි
නිෂාඩ් ප්‍රීනා Wednesday, 02 January 2013 09:25 AM
මීට වගකිවයුතු දූෂිත සහ දුර්වල නිලධාරීන්ගේ සේවය සම්බන්ධයෙන් යම් තීරණයක් ගතයුතුයි. (නි)
ප්‍රනාන්දු Sunday, 03 February 2013 09:40 PM
ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට මීට වඩා ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කළ යුතුයි. (නි)
පෙරේරා Saturday, 05 January 2013 10:53 AM
මෙහු හිතවතුන්ට මේලෙස ප්‍රශ්ණ පත්‍ර කොපමන පිටකර ඇත්ද ?. එසේනම් උසස්පෙළ සිසුන්ට තමා වැඩිම අසාදාරණයක් සිදුවඇත්තේ. හොරට කැම්පස් ගිය කොපමන පිරිසක් ඇද්ද ? මොහුගෙන් මේවා හෙලිකරගත යුතුයි.(ස)
ලකී Saturday, 05 January 2013 09:23 AM
අහෝ...දෙව්දත් නොදිටි මොක්පුර...සල්ලි තන්හාව.. අපිට දුකයි ..මේ වගේ පහත් වැඩ කරනකොට .. (ස)
අකිල Friday, 04 January 2013 08:20 PM
මෙහෙම වැඩ නැවත නොවෙන්නට වග බලා ගන්න (දී)
සක්විති Friday, 04 January 2013 07:44 PM
ප්‍රශ්න පත්‍රය පිට කළා කිවුව දවසේ යම් සංවිධායක මහතෙක් මහ පාරේ රතිඤ්ඤා පත්තුකළාලු සන්තෝසෙට. අලුත් සර්ගේ පන්තියට ළමයි පිරෙයි කියලා හිතලා. (නි)
සේන Thursday, 03 January 2013 04:12 PM
පොලීසියට අපගේ ප්‍රණාමය (ස)
දිලූ Thursday, 03 January 2013 01:11 PM
අයියෝ ළමයින්ගේ අනාගතය (දී)
රමීස් Wednesday, 02 January 2013 05:36 PM
කවුරුහරි දේශපාලඥයෙක් මේකට සම්බන්ධ නැද්ද? (නි)
තුෂාර Wednesday, 02 January 2013 10:26 AM
කපිල, සිසු දරුවන් වෙනුවෙන් ප්‍රශ්න පත්‍රය පිට කළා කිවුවා නම් අනුකම්පා කරන්න තිබුණා. එත් මෙයා මේක කළා කියන්නේ පන්තියට එන ළමයි ගාන වැඩිකර තමන්ට ලැබෙන අදායම වැඩි කර ගැනීමේ බලාපොරොත්තුවෙන්. ළමයි වෙනුවෙන් කරපු දෙයක් නෙවෙයි. ඒක මෙයා පිළිඅරගෙන ඉවරයි. (නි)
රිස්වි Sunday, 30 December 2012 08:02 PM
දෙන දඩුවමක් ප්‍රසිද්ධියේ දියයුතුයි. (නි)
සෙනරත් Tuesday, 01 January 2013 09:30 AM
අපේ රහස් පොලිසිය බලාගෙන යනකොට හරිම කාර්යශූරයිනේ. (නි)
සංජීව Tuesday, 01 January 2013 06:45 AM
ඇයි ඔය වගේ තැන්වල කැමරා සවිකර තබන්න බැරි? (නි)
ප්‍රියන්ත Monday, 31 December 2012 11:41 PM
5 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ පිටවුණ එකනම් බොරු වෙන්න ඇති නේද? අනේ ඉතින් ජනතාව හරි බුද්ධිමත්නේ. (නි)
ප්‍රේමරත්න Monday, 31 December 2012 07:49 PM
එහෙනම් ඉතින් මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන්ට හැමදාමත් මේ වැඩේ කරන්න පුලුවන්නේ. (නි)
කපිල Monday, 31 December 2012 04:26 PM
එහෙම කියන්න එපා. දහසක් සිසු දරුවන්ගේ අපේක්ෂාවන් වෙනුවෙනුයි මේ ප්රශ්න පත්‍රය පන්නලා තියෙන්නේ. (නි)
තුෂාර Monday, 31 December 2012 01:36 PM
ටියුෂන් ගුරුවරයාගෙ වයස අවුරුදු 30 යි. එතකොට අවුරුදු 20ක පළපුරුද්දක් ලැබෙන්න වයස 10 ඉදන් ටියුෂන් කරන්න ඕනෑ. එයාම වැරැද්ද පිළිගත්ත එක හොදයි. මොහුගේ දක්ෂතාවය නිසා පේපර් එක හැදුවා කිය කියා මේකේ කලින් ලිපි වලට අදහස් දමපු මොහුගේ ආධාරකාරයෝ කෝ දැන්?? (නි)
2013 සා/පෙළ සිසුවෙක් Monday, 31 December 2012 11:27 AM
ලබන අවුරුද‍්දෙත් මෙසේම වෙනවා නම් අපි කැමතියි. (නි)
සුමුදු Monday, 31 December 2012 09:21 AM
මෙහෙම වැඩ කරනකොට ඇප නෙමෙයි දෙන්න වටින්නේ. (නි)