X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


විභාගයට ලියන්න විතරක් සාහිත්‍යය ඉගෙනීමෙන් ඵලක් නැහැ

සිංහල හා ඉංග්‍රීසි බසින් ශාස්ත්‍රීය ග්‍රන්ථ හා ලිපි ලේඛන රාශියක් සම්පාදනය කොට ඇති ආචාර්ය සිරිනමල් ලක්දුසිංහ මහතා ප්‍රවීණ කවියෙකි. කෙටි කතාකරුවෙකි. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරද කැලණිය විශ්විවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපධි ආයතනයේ අධ්‍යක්ෂ  තනතුරද දරා ඇති ඔහු 1969 සිට ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, බෞද්ධ හා පාලි යන විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කොට ඇත. තායිලන්තයේ ශිල්පක්‍රෝන් විශ්වවිද්‍යාලය විසින් 1988 දී ඔහුට ආරාධිත මහාචාර්ය පදවියක්ද පිරිනැමුණ අතර කැලණිය විශ්වවිද්‍යාලය මගින් 2015 දී ඔහුට සාහිත්‍යසූරී (D-Lit.) සම්මාන උපාධියද පිරිනමන ලදී.

‘ශ්‍රී ලංකාවේ හින්දු ප්‍රතිමා’ ලක්දුසිංහ මහතාගේ අලුත්ම ශාස්ත්‍රීය පර්යේෂණයයි, මේ සංවාදය ඒ නිමිත්තෙනි.

•ශ්‍රී ලංකාවේ පැරැණි හින්දු ප්‍රතිමා නම් මෙම ග්‍රන්ථය එම විෂය පිළිබඳව සිංහල භාෂාවෙන් පළවු මුල්ම ග්‍රන්ථය බවයි සැලකෙන්නේ.

ඔව්. ඒ කාරණය නිවැරදියි. එපමණක් නොවෙයි ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවලින් වුණත් මෙරට හින්දු ප්‍රතිමා සමස්ත වශයෙන් ගෙන සාකච්ඡා කෙරණු ග්‍රන්ථයක් මෙතෙක් පළවී නැහැ. ඒ නිසා ලංකාවේ පැරැණි කලා ශිල්ප ගැන පර්යේෂණවල යෙදෙන විද්‍යාර්ථීන්ටත් ශ්‍රී ලංකාවේ පැරැණි කලා ශිල්ප ගැන උනන්දුවක් දක්වන අයටත් මේ ග්‍රන්ථය ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතනවා.

•මෙබඳු ශාස්ත්‍රීය පර් යේෂණ සඳහා මෙරට සාහිත්‍යයේ වැඩි ඉඩක් වෙන්වීමේ අවශ්‍යතාව ඔබ හඳුනා ගන්නේ කොහොමද?
ඔබ කියන දේ ඇත්ත. අපේ සාහිත්‍ය ඇතුළේ වැඩිපුරම කතා කෙරෙන්නෙ නවකතාව, කෙටි කතාව, කවිය වාගේ ක්ෂේත්‍ර කීපයක් ගැන පමණයි. මම හිතන්නෙ ශාස්ත්‍රීය අධ්‍යයනය කියන එක අද පිරිහිලා. අද කලාව සම්පූර්ණයෙන්ම වාගෙ විනෝදකාමී තැනකට සීමා වෙලා. 80 දශකයෙන් පස්සේ රූපවාහිනී නාලිකාවක පැය භාගයක් සෙනරත් පරණවිතාන මහතා ගැන වෙන් කරල තියනවා දැයි සැක සහිතයි. අපේ මහා ගත්කරු වන මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ගැන මෑත කාලයේ රූපවාහිනී වැඩසටහන් කීයක් කරල තියෙනවාදැයි සොයා බලන්න වටිනවා. ජනප්‍රිය බොළඳ මාතෘකා ටිකක් විතරයි නිතරම දකින්න තියෙන්නෙ. ඒක හරි අපරාධයක්.

ලංකාවේ ශාස්ත්‍රීය පර් යේෂණවල ප්‍රතිඵලය නිසා තමයි අපේ සංස්කෘතියේ වටිනාකම්  හඳුනා ගන්න ලැබිල තියෙන්නේ. කවර විෂයක දියණුවට වුණත් මේ පර් යේෂණ තමයි වැදගත් වෙන්නෙ.

•අප මේ කතා කළ ශාස්ත්‍රීය පර් යේෂණවලට මෙන්ම සාහිත්‍ය විචාරවලටද මීට කලකට පෙර ප්‍රධාන දායකත්වයක් සැපයුවේ විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රපීඨ. අද වනවිට විශ්වවිද්‍යාලවල එම දායකත්වය ගැන ඔබේ අදහස කුමක්ද?
ඇත්තටම විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨ බොහොමයක අද කෙරෙන්නේ ගුරුවරුන් මුලින් කී දේවල්ම ඊළඟ පරම්පරාවත් ඒ විදිහටම උගන්වන එක. එහෙම නැතුව අලුත් පර් යේෂණ මතුවන බවක් පෙනෙන්නේ නෑ.
උදාහරණයකට පුරාවිද්‍යාව, ඉතිහාසය වගේ විෂයයන් ගැන එදා පර් යේෂණකයන් කළ කී ටිකම තමයි අදත් කියන්නේ. ගැඹුරු ශාස්ත්‍රීය පර් යේෂණයක් දකින්න ලැබෙන්නෙ ඉතාම කලාතුරකින්.
කොහොම වුණත් හැට ගණන්වලින් පස්සේ ලංකාවෙ අධ්‍යාපනයේ පිරිහීමක් දකින්නට ලැබෙනවා.  දැන් ඉන්න සමහර විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට උක්තාඛ්‍යාතය ගළපලා වාක්‍යයක් ලියා ගන්නත් බෑ. ඒ අය ලියන සමහර පොත් ගෙඩි කියව​ෙගන යද්දි ඒක තේරෙනවා. ඉතා තියුණු භාෂා දැනුමක් ඇති වෙන්නෙ ඉතා තියුණු ශාස්ත්‍රීය මනසක් තිබෙනවා නම් පමණයි.

•ඔබ ඉතිහාසය, පුරාවිද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රවල වගේම කවිය වැනි නිර්මාණාත්මක සාහිත්‍යය සමඟද ක්‍රියාකාරී වන කෙනෙක්. වෙනත් සාහිත්‍යාංගවලට වඩා කවියේ තරුණ දායකත්වයක් සහ නව කතිකාවක් අපි මෑත කාලයේ දුටුවා. මේ ප්‍රවණතා ගැන ඔබ මොකද හිතන්නේ?
කොළඹ යුගයේ කවිය ප්‍රමාණවත් නොවුණා යැයි හැඟෙන විට නූතන අදහස් අලුත් විදිහට කියන්න නිදහස් කාව්‍ය සම්ප්‍රදාය මතුවෙලා ආව. ඒ සම්ප්‍රදායත් කල් යනකොට විවිධ හැඩතලවලින් වෙනස් වෙන්න පටන් ගත්තා. සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකරගෙන් පස්සේ මහගමසේකර, රත්න ශ්‍රී විජේසිංහ, දයාසේන ගුණසිංහ ආදීන් අපේ කවියට තදට බලපෑ කාලයක් තිබුණා. මේ සියලු කවියන්ට හොඳ පෝෂිත පදනමක් තිබුණා.

අපේ තරුණ පරපුරේ ප්‍රතිභාපූර්ණ කවියන් නැතුවාම නොවෙයි. ඒත් මේ බොහෝ කවියන්ට ශාස්ත්‍රීය පසුබිමක් නෑ. පළමු වැනි කවි පොත ලිව්වාම ඔවුන්ගේ අත්දැකීම් හීන වෙනවා. දැන් වෙලා තියෙන්නේ කණ්ඩායම් හදාගන ඒ ඒ අයම වර්ණනා කර ගන්නවා තමන් බොහොම  වියත්තු කියලා. හැබැයි මේ කවි නියම විචාරයකට ලක් වුණොත් ඒවායේ අඩුපාඩු පැහැදිලිව පේන්න ගන්නවා.

තමන්ගේ දැනුම අත්දැකීම් පෝෂණය කර ගැනීම ආධුනික කවියන්ට ඉතා වැදගත් කාරණයක්. අනෙක මේ අය විශ්ව සාහිත්‍යය කියවන්න ඕනෑ. අද හුඟ දෙනෙක් කවි ලියනව නම් කියවන්නෙ කවිම විතරයි. නවකතාව, ඉතිහාසය, සමාජ විද්‍යාව, පර් යේෂණ දේශපාලනය වගේ ඒව කියවන්නෙ නෑ. හැබැයි එහෙම තත්ත්වෙකදී වුණත් කවියට තරුණ පරපුර තුළ ලොකු උන්නදුවක් තිබීම අගය කළ යුතුයි.

•ඔබ මේ කියන සාහිත්‍යය ගැන තරුණ පරපුරේ උනන්දුව වර්ධනය වීමට නම් සාහිත්‍යයේ අවශ්‍යතාව හා වටිනාකම ඔවුන්ට කියාදිය යුතුව තිබෙනවා. ඒ සඳහා රාජ්‍යතන්ත්‍රය දැක්විය යුතු දායකත්වය ගැන මොකද හිතන්නේ?
මං හිතන්නෙ මේක පාසලෙන් පටන් ගන්න ඕනෙ. අපි සාහිත්‍යයට ආදරය කරන්න ගත්තෙ, උන්නදු වුණේ අපේ ගුරුවරු නිසා. ඒ ගුරුවරු නියම සාහිත්‍යකාමියෝ. ඔවුන් ඒ විෂයට ආදරය කළා. ඒ ඉගැන්වීම රස බරව කැපවීමෙන්, අවබෝධයෙන් කළා. ඒත් මම නම් හිතන්නෙ වර්තමාන ගුරුවරුන්ගෙන් ඒ යුතුකම ඉෂ්ට වෙන්නෙ නෑ කියලයි.

සාහිත්‍ය ගුරුවරු  පාසල්වල මේ වැඩේ හරියට කළොත් ඒ දරුවන් ඉදිරි කාලයේ කවර විෂයක් හැදෑරුවත් සාහිත්‍යයට ඇති ඇල්ම අඩු වෙන්නෙ නෑ. දැන් ඇතැම් සාහිත්‍ය ගුරුවරු වෙළෙන්දන් වගේ වෙලා ඉන්නේ. සිලබස් කවර් කරන එකයි ළමයින්ට විභාගෙ පාස් කරල දෙන එකයි විතරයි දැන් එයාලගෙ වගකීම කියල හිතන්නෙ. විභාගයට ලියන්න විතරක් සාහිත්‍යය ඉගෙන ගෙන වැඩක් නෑ. ඒක ජීවිතයට බද්ධ වෙන්න ඕනෑ.

(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)

 



අදහස් (1)

විභාගයට ලියන්න විතරක් සාහිත්‍යය ඉගෙනීමෙන් ඵලක් නැහැ

Dr.Priyantha Jayasingha Friday, 07 August 2020 05:53 AM

මම සම්පූර්ණයෙන්ම එකඟයි... මේ අදහසට... නමුත් ප්‍රශ්නය ඔය කියන සාහිත්‍ය කමින් ඈත්වෙන එක නම් අධ්‍යාපනයේ පුළුල් වෙනසක්, සමාජයීය වෙනසක් විය යුතුයි නේද? එහෙම වෙනසක් සමාජයේ පේනතෙක් මානයකවත් නැහැ. එසේ නම් ඔය අදහස යථාර්ථයක් කළ හැකි, කළ යුතු ක්‍රියාවක් ඕනෑනේද?

:       0       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site