X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවට එරෙහි අලුත් චිත්‍රපට තුනක්

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 22වැනි සැසිවාරයත් සමග බෙදුම්වාදී ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව නැවත වතාවක් දංගෙඩිය කරා ඇදගෙන යාමටත් ඒ මඟින්  ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමටත්   කිසියම් පිරිසක් උත්සාහ කරද්දී ශ්‍රී ලංකාවට විරුද්ධ චිත්‍රපට තුනක් එළිදැක්වීම සඳහා කටයුතු යොදා ඇති බව ලන්ඩන් වාර්තා කියයි.

 

එයින් එක චිත්‍රපටයක ප්‍රචාරක පටයක් දැනටමත් එළිදක්වා ඇත. 

පැය එකහමාරක් දිග එම චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ කාලයක සිට තුන්වන ලෝකයේ විවිධ රටවල සිදුවෙතියි කියන, නිෂ්පාදක විසින්ම තීරණය කැර ගැනුණ තමන්ගේම සංකල්පයක් බව පෙනේ.

එම සිද්ධී ගෝචරකරගෙන මතභේදකාරී වාර්තා චිත්‍රපට නිර්මාණය කරනුයේ   බ්‍රිතාන්‍යයේ ජීවත්වන කැලම් මැක්රේය. ඔහු හැදී වැඩී ඇත්තේ නයිජීරියාවේ සහ ස්කොට්ලන්තයේය.

මෙවන් චිත්‍රපට නිපදවා අලෙවිකිරීම ඔහුගේ ජීවනෝපායයි. ඒ ගැන ඔහුට වරදක් කිව හැකි නොවේ.

ශ්‍රී ලංකාව පිළිබඳව නිපදවා ඇති අලුත්ම චිත්‍රපටය මඟින් ඔහු ගෙනහැර දක්වන්නට උත්සාහ කර ඇත්තේද යල්පැනගිය කලින් පට්ටා ගැසු දැනට මළකඩ කා  ඇති තර්ක විතර්ක රැසකි.

මැක්රේ අලුතින් පාටගන්වා ඉදිරිපත්කරන මේ පරණ තර්කවලින්  පෙන්වන්නට දඟලන එක චෝදනාවක් වන්නේ  ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් ශ්‍රී ලංකා හමුදා අත්අඩංගුවේ සිටියදී ඝාතනය කරන ලද බවයි.

ඔහු කියන්නේ ඔහු ළඟ ඇති මේ සම්බන්ධ ඡායාරූප 2009 මැයි 19 වැනිදා ගත්  බවයි. එහෙත් එම ඡායාරූප යොදාගනිමින් චෝදනාවක් නැඟිමට වසර තුනකට ආසන්න කාලයක් ගත්තේ මන්දැයි ඔහු පැහැදිලිකරන්නේ නැත.

මෙම ඡායාරූප පෙළ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අපකීර්තියට පත්කිරීමටත් එමගින් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයට අභියෝගයක් එල්ලකැරැවීමටත් කාලාන්තරයක් සිට සංවිධානාත්මකව ක්‍රියාත්මකවන අමණ උත්සාහයකට අනුකුලව නිර්මාණය කරන ලද මුසාවක්, පට්ටපල් බොරුවක්, ලෙසට හොඳින්ම පෙනීයන බව මේ පිළිබඳව සොයා බැලූ බොහෝදෙනා පවසති.

කොටි නායක ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන්ට වෙඩි තබා ඇතිබව සනාථ කිරීම සඳහා මැක්රේ යොදා ගන්නා බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරයකු ලෙස දක්වන ඩෙරික් පෞන්ඩර් තම නිගමනයට එළඹෙන්නේ මියගිය අයගේ සිරුර දැක නොවේ. ඔහුට පෙන්වන පින්තුර දෙකක් තුනක් දෙස බලා ඔහු මෙම චෝදනාව නඟයි.

මෙම තර්කයම යොදාගනිමින් 2012 දී මැක්රේ විසින් බාලචන්ද්‍රන්ගේ පින්තුර ජිනීවා නුවරදී ඉදිරිපත් කැරුණේ  වෙනත් කොටි ත්‍රස්තවාදීන් පස්දෙනෙකුගේ සිරුරු වල පින්තූරත් සමඟය. නමුත් මෙවර ඔහු යොදාගන්නේ බාලචන්ද්‍රන්ගේ පින්තූර පමණය. මෙසැරේ කලින් පෙන්වූ අනෙක් කොටි පස්දෙනාගේ සිරුරු වල පින්තුර ආගිය අතක් නැත.

මෙවර  පෙන්වන පින්තුර වල හමුදා බංකරයක සිටිනවායි කියන බාලචන්ද්‍රන්ගේ මුහුණේ කිසිදු තැතිගැන්මක් පෙනෙන්නට නැත. 

බංකරයද ඉතාම අලුත්ම වැලිගෝනි වලින් නිර්මාණය කරනලද ලස්සන එකකි. බංකරයේ ලස්සන බංකුවක්ද ඇත.

යුද පිටියක මෙවැනි ලස්සන බංකරයක් තිබිය හැකිද?

කොටි ත්‍රස්තවාදින් දෙමළ ප්‍රජාවගේ මනසේ නිර්මාණය කර තිබුණේ ශ්‍රී ලංකා හමුදාව යනු  දෙමළ ජනයා දුටු දුටු තැන මරාදමන මේලේච්ඡ කුරිරු රෞද්‍ර හමුදාවක් බවයි. ශ්‍රී ලංකා හමුදාව පිළිබඳව ප්‍රභාකරන්ගේ පුතාගේ මනසේ මවා තිබෙන්නට ඇත්තේද එවැනි චිත්‍රයකි. ඒ ගැන අනුමාන කළ හැකි නොවේ.

එවැනි හැඟීමක් ඇති දෙළොස් වියැති දරුවෙක් දසතින් වෙඩිහඬ හා පිපිරීම් හඬ දෝංකාරදෙන භයංකර යුදපිටියක තම දෙමාපියන් නෑදෑ හිතමිතුරන් කිසිවකුට සිදුවූ දෙයක් නොදැන සතුරු හමුදාවන් අතට පත්වු හැටියේ මේ පින්තුරයේ පෙනෙන අන්දමට විස්කෝතු කමින් ඇල්වතුර බොමින් සතුරාගේම අලුත්ම අලුත් සරොමක් පොරවාගෙන නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන් මොන ලෝකයේද?

එම සරොමද  දෙමළ මිනිසුන් අඳින වර්ගයේ අලුත්ම අලුත් ඉන්දියාවේ නිෂ්පාදිත අලුත්ම පලයකාට් සරමකි.

බාලචන්ද්‍රන්ගේ පපු පෙදෙසට වෙඩි පහක් තියා ඇති බවට මේ පින්තුර බලන පණ්ඩිතයෝ කියති. නමුත් පින්තුරයේ පෙනෙන අන්දමට ඒ එකම වෙඩි පහරකින්වත් ලේ ගැලීමක් සිදුවූ බවක් පෙනෙන්නට නැත. එක වෙඩි උණ්ඩයකින්වත් ලොකු  තුවාල සිදුවී ඇති ආකාරයක් පෙනෙන්නට නැත. 

ඒ වෙලාවේ මියගිය බාලචන්ද්‍රන්ගේ සිරුර  නාවා පිරිසිදුකිරීමට මේ තරම් තීරණාත්මක බිහිසුණු සටනක නියලී ඉන්නා හමුදා භටයන්ට වෙලාවක් තියෙන්නට ඇත්ද?

කොටි නායක ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවට පැනගිය පසු ඔහුගේ ආරක්ෂාවට අලුත් බංකර් තනා තිබු බව එම පළාත අල්ලා ගත්පසුව හමුදාවන්ට සොයාගත හැකිවිය. බාලචන්ද්‍රන්ගේ පින්තුර ගෙන ඇත්තේ එවන් අලුතෙන් ඉදිකරනලද බංකරයක වියහැකි නොවේද?

බාලචන්ද්‍රන්ගේ යැයි කියන ඡායාරූපයේ හතර දෙනෙකුගේ පාද දක්නට ඇත. පරිගණක මෘදුකාංග යොදා කපා කොටා සකස්කර ඇති සමහර පින්තුර වල පෙනෙන්නට ඇත්තේ පාද දෙකකි.

එයින් කෙනෙකු රබර් සෙරෙප්පු පැලඳ සිටී. දැඩි විනය පාලනයක් සහිතව ක්‍රියාකළ වෘත්තිමය හමුදාවක් වන ශ්‍රී ලංකා හමුදාවේ කිසිවකු රබර් සෙරෙප්පු පැළඳ යුද්ධ කළේ නැත. මෙය කවුරුත් දන්නා සත්‍යයකි. එයට අමතරව පින්තුරයේ පෙනෙන අනෙත් පුද්ගලයා පැළඳ සිටින්නේද ශ්‍රී ලංකා හමුදා භටයන් පලදින වර්ගයේ සපත්තු නොවේ. 

මේ කාලයේ හමුදාවේ හැර සාමාන්‍ය වැසියන් කිසිවෙකුටත් හමුදා බංකරයකට තබා ක්‍රියාන්විතයන් පැවතී අහලකටවත් යාමට ඉඩක් තිබුණේ නැත.

 

ඡායාරූපයේ පහළ කොටස දෙස බැලුව හොත් පින්තුරය ගත් තැනැත්තාගේ සෙවනැල්ල සිරුර මත වැටී තිබේ. එම සෙවනැල්ල කොණ්ඩය වවාගත් පුද්ගලයෙකුගේ බව පැහැදිලිය. ඉතාමත් තදබල යුදමය අවස්ථාවක වුවද දැඩි විනයක් යටතේ කටයුතු කරන ශ්‍රී ලංකා හමුදා සෙබළුන්ට කොණ්ඩය වවාගෙන යුදබිමට යාමට කිසිසේම හැකියාවක් තිබුණේ නැත.

මේ නිසා කැලම් මැක්රේ තම අලුත්ම චිත්‍රපටයෙන් උලුප්පා දැක්වීමට උත්සාහ කරන අඩපණ, දියාරු,  දුබල තර්ක දුටුතැනම ලොප්වී යයි.

ශ්‍රී ලංකාවේ හුටපටය විකුණාගෙන කෑමේ අසික්කිත උත්සාහයක යෙදී ඉන්නා දේශීය සහ විදේශීය කණ්ඩායම් සියල්ලගේම උවමනාව ශ්‍රී ලංකාවේ නැවත වතාවක් අස්ථිර තාවයක් බිහිකිරීම මිස අද නිදහස්ව නොබියව සතුටින් සාමාන්‍ය ජීවිතයක් ගෙනයන උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ සුබ සාධනය නම් නොවේ. 

ප්‍රභාකරන්ගේ පුතාගේ යැයි කියන ඡායාරූප පෙළ ඊලාම් ත්‍රස්තවාදි ඩයස්පෝරාවේ කොන්ත්‍රාත්තුව ඉටුකිරීමට කැපවී ඉන්නා සුළුතරයක් විසින් ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කිරීම උදෙසා නිර්මාණය කරන නරි නාටකයක එක කොටසක් පමණි.

දැන් අවශ්‍යව ඇත්තේ එම ව්‍යාජ පින්තුර තියුණු ලෙස නිරීක්ෂණය කොට ඒවායේ ව්‍යාජ බව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ එළිදරව් කිරීමය. 

මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ය, ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක්ය , කියමින් සිංහලෙන් කෑමොර ගසමින්,  තානාපති කාර්යාල අසල පෙළපාළි යාම හෝ බකන් නිලා සිටීමෙන් හෝ නොවේ.

 

 



අදහස් (0)

ශ්‍රී ලංකාවට එරෙහි අලුත් චිත්‍රපට තුනක්

ධම්මික Saturday, 02 March 2013 07:42 AM

ළමයාගේ මුහුණෙ කිසිම බයක් නම් පෙනෙන්න නැහැ. හරියට පුරුදු අය ළග ඉන්නවා වගෙයි. (නි)

:       0       0

බොතේජු Sunday, 17 March 2013 12:37 AM

අපේ මවුබිම වෙනුවෙන් සිංහල අපි එනවා. (නි)

:       0       0

භානු Sunday, 17 March 2013 12:42 AM

මේ මොන වැඩේ උනත් ලංකාව අස්ථාවර කරන්න කාටවත් බැහැ (දී)

:       0       0

සමීර Wednesday, 13 March 2013 02:39 PM

මේවා කාගේ වැඩද? (දී)

:       0       0

සමීර Wednesday, 13 March 2013 02:39 PM

මේවා එලි දක්වන එක තහනම් කරන්න ඕනේ (දී)

:       0       0

සමීර Wednesday, 13 March 2013 02:44 PM

මේක කොහොම හරි නවත්වන්න ඕනේ (දී)

:       0       0

දිනේෂ් Wednesday, 13 March 2013 07:23 AM

බොරුවට ජය ගන්න බැහැ. (නි)

:       0       0

නාලක Monday, 04 March 2013 01:22 PM

අපි බය නැහැ (දී)

:       0       0

දමිත් Sunday, 03 March 2013 11:06 AM

මේ පාර්වතීලා වගේ අය තවමත් ලංකාවේ ඉන්නේ අපේ මිනිස්සුන්ගේ තියෙන හොදකමට. (නි)

:       0       0

නලින් Saturday, 02 March 2013 01:33 PM

ඒවා මහා කැත වැඩ (දී)

:       0       0

ජගත් Saturday, 02 March 2013 01:33 PM

අපිව වට්ටන්න කාටවත් බැහැ (දී)

:       0       0

ජයලත් Saturday, 02 March 2013 01:37 PM

ලක් මාතාව වෙනුවෙන් අපි (දී)

:       0       0

වන්නි Saturday, 02 March 2013 12:38 PM

අපි නොබියව ඉදිරියටම යනවා (දී)

:       0       0

දෝහා Saturday, 02 March 2013 09:53 AM

මට නම් පෙනෙන විදියට මේක මියගියවුන්ට කරන අපහාසයක්. (නි)

:       0       0

සරත් Tuesday, 26 February 2013 12:02 PM

අපේ හමුදාව කවදද සෙරෙප්පු දැම්මේ (ස)

:       0       2

වීෂා Saturday, 02 March 2013 06:15 AM

මට හිතෙනවා ඒ බිස්කට් පැකට් එක හලාල් එකක් කියලා. (නි)

:       0       0

සම්පත් Wednesday, 27 February 2013 11:29 PM

පාර්වතී, රටේ හැමෝටම පොදුවේ ලැබෙන ‍දේට වැඩිය දෙයක් බලාපො‍රොත්තු වෙන්න එපා. (නි)

:       0       0

පාලිත Wednesday, 27 February 2013 10:57 PM

අපි සිහලයෝ. අපි කාටවත් බය නැහැ (දී)

:       0       0

ඉස්රා Wednesday, 27 February 2013 11:16 AM

මගේ රටට විනකරන අයට ළගදීම ඒ පවු පලදේවි. (නි)

:       0       0

ලලිත් Wednesday, 27 February 2013 10:12 AM

කාට කියන්නද මේ දුක (දී)

:       0       0

වසන්ත Wednesday, 27 February 2013 10:08 AM

දෙයියනේ, මොකද්ද මේ ලංකාවත් එක්ක තියෙන මේ තරම් තරහා (දී)

:       0       0

අමල් Wednesday, 27 February 2013 12:44 AM

මේක පරිගණකයෙන් හදාපු පින්තූරයක් බව පේනවා. අපේ රජයත් රටත් අපහසුතාවයට පත් කරන්න කරපු මගඩි වැඩක් මේක. මේ වගේ දේකින් බුද්ධිමත් ජනතාව රවට්ටන්න බැහැ.

:       0       0

චම්පි Tuesday, 26 February 2013 09:47 PM

පාර්වතී, ඉතින් ඇයි බොරු කියන අය ඉන්න රටේ තවත් ඉන්නේ? (නි)

:       0       0

මාර්ක් Tuesday, 26 February 2013 08:07 PM

ඔය බොරු කතා ගොතන අයට මුකුත් දඩුවමක් දෙන්න බැරිද? (නි)

:       0       0

පුසන්න Tuesday, 26 February 2013 12:27 PM

අත්තඩංගුවේ ඉන්න කෙනෙක් චොකලට් කකා මේ වගේ සැහැල්ලුවෙන් ඉඳියිද ? (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 26 February 2013 12:18 PM

මේක දැනගත්තහම සමහරුන්ට නම් හරිම සතුටු ඇති. (නි)

:       0       0

පාර්වතී Tuesday, 26 February 2013 12:16 PM

ගිය පාර ගිහින් ආණ්ඩුව පොරොන්දු වුනා අවුරුද්දක් ඇතුලත යමක් කරනවා කියලා. ඒ කිවූ දේවල් කලේ නැහැ. මෙහේ අය රවටටනවා වගේ එහේ අය රවටන්ඩ පුළුවන්ද බලමු.(නදී)

:       0       0

ඉෂාර Tuesday, 26 February 2013 12:11 PM

මේක තනිකර බොරුවක්.සරම් පාවිච්චි කරන්නේ කොටි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site