X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 15 වන ඉරිදා


ශ්‍රී ලංකා වරාය රාජ්‍යය


මාතෘකාව දුටු සැණින් කලබල නොවී සාවධාන වන්න. මේ ලිපියේ මුඛ්‍ය අරමුණ වරාය නගරය හෝ ඒ පනත ගැන විචාරය කිරීම නොවේ. එහෙත් එම සිද්ධිය මුල් කරගෙන ලංකාවේ රාජ්‍ය පාලනයේ මිථ්‍යාවක් ගැන විමසීමක යෙදීම මෙහි අරමුණය. මේ ලිපිය ලිවීමේ දී මා සිත තදින් ම වැළඳගත් ගීතයක් සිහියට නැගේ. ඒ දීපාල් සිල්වා මහතා ගැයූ ‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සූ’ ගීතය ය. මා ඔබගෙන් ඉල්ලා සිටින්නේ එම ගීතය ඇසීමෙන් නො නැවත මනසින් පරිකල්පනයකට ලක් කරමු යන්න ය. මන්ද, පාලකයන් සහ වෙළෙන්දන් දෙන ලද ආකෘති ඔස්සේ නොව තම පරිකල්පනයෙන් දේවල් වටහා ගැනීම වඩාත් වැදගත් නිසා ය.

ලංකාවේ රාජ්‍ය පාලනය ජාතික සීමාවකට කොටුවීම ආරම්භ වන්නේ 1975-77 අතර කාලයේ ය. එය පිම්මේ දුවන්නට පටන් ගන්නේ 1977 න් පසුවය. ඒ ප්‍රකාශය පැහැදිලි කරගනිමු. ගෝලීය හෝ ජාත්‍යන්තර දේශපාලනය තුළ ශ්‍රී ලංකාව වැදගත් චරිතයක් වූයේ 1975 ට පෙරය. ජෝන් කොතලාවල මහතාගේ බැන් ඩුන් ප්‍රකාශය, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජපන් සාම ප්‍රකාශය සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මූලිකත්වය දුන් නොබැඳි ව්‍යාපාරය, සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම සහ ඇය ඉන්දු-චීන ගැටුමේ සාම දූතිකාව ලෙස කටයුතු කිරීම සහ රටක් ලෙස පවත්වාගෙන ගිය ඍජු විදේශ ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාව ලෝක දේශපාලනයේ වැදගත් භූමිකාවක් සහිත කාගේත් අවධානයට ලක්වූ, පිළිගැනීමට ලක්වූ ජාත්‍යන්තර සාමාජිකයෙක් විය. එම කාලයේ ශ්‍රී ලංකාව යනු හුදු ඒ රට තුළම බල පොරයක සිටි චණ්ඩින්ගෙන් පිරුණු රටක් නොව ජාත්‍යන්තර දේශපාලනය ගැන විමසිල්ලෙන් පසුවෙමින් ඒවායේ අවාසි අවම කරමින් අභියෝග කළමනාකරණය කරමින් රාජ්‍ය ගොඩනැගීම පිළිබඳව වෑයමක යෙදුනු පිරිසකගෙන් සමන්විත රටක් ය.

එවැනි රටක් ගෝලීය සිතියමේ හුදු නැවතුම් පොළක් සහ සති පොළක් බවට පත්වූයේ 1977 න් පසුවය. ඉන් පසු එය ගෝලීය දේශපාලනයේත් ගෝලීය වෙළඳාමේත් අවධානයට ලක්වන්නේ ගෝලීය පද්ධතියේ වැදගත් සාමාජිකයකු වශයෙන් නොව ඕනෑම පාර්ශ්වයකට පාවිච්චි කළ හැකි භූමියක්, සතිපොළක්, නැව් තොටක් සහ මුහුදු සීමාවක් ලෙස ය. ගෝලීය පෞරුෂයක් නැති රටක ඉරණම එය ය. එසේම වෙළඳපොළ ක්‍රමය මිස රට ගොඩගත හැකි වෙනත් ක්‍රමයක් ඇත්තේම නැතැයි කියා සිතන සහ ක්‍රියාකරන පාර්ලිමේන්තුවකින් මෙන්ම  වෙළෙඳපොළ සඳහා වහලුන් නිෂ්පාදනය කරන සහ හීලෑ කරන සහතික පත්‍රධාරී මහාචාර්යවරුන්ගෙන් / වරියන්ගෙන්, විද්වතුන්ගෙන් සහ උගතුන්ගෙන් මේ රට පිරෙන්නට පටන් ගත්තේ 77 න් පසුවය.

දැන් අපි මාතෘකාවට යමු. ඉංග්‍රීසි භාෂාවේ Port සහ Harbor යනුවෙන් වචන දෙකක් වේ. Port යන්නට නැව්තොට යන්න භාවිතා කළ හැකිවන අතර Harbor යන්න සඳහා වරාය යැයි කීම සුදුසු යැයි සිතේ. නැව්තොටක් යනු නාවික ගමනාගමනයට සහ භාණ්ඩ-මගී ප්‍රවාහනයට අදාළ විශාල මුහුදු ජල ප්‍රදේශයක් ය. නැව්තොටවල් විසින් සිදුකරනු ලබන මූලික කාර්යය වනුයේ එක් රටක සිට තවත් රටකට වෙළඳ පහසුකම් හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමය. වරායක් යනු නැව් තොටුපොළකට වඩා කුඩා බෝට්ටු නවතා තබන කුඩා මුහුදු ජල කොටසකි. ඒ එසේ වුවත් ලංකාවේ සිංහල ව්‍යවහාරය තුළ ඒ දෙකටම කියන්නේ වරාය කියා ය.

ඒ අනුව බලන කල ශ්‍රී ලංකාව වරාය රාජ්‍යය කි. මේ වන විට නැව්තොටවල් හතකින් ද (ධීවර) වරාය තිහකට ආසන්න සංඛ්‍යාවකින්ද වට වූ රාජ්‍යයක් වරාය රාජ්‍යයක් ලෙස නම් කිරීම නිවැරදි යැයි මට සිතේ. ලංකාව ගෝලීය නාවික සිතියමේ උපායමාර්ගික තැනක පිහිටා තිබෙනවාට අමතරව වරාය හතළිහකට ආසන්න ගණනක් තිබෙන රටක් වීම අප නිසිලෙස ප්‍රයෝජනයට ගෙන නැති බව දීපාල් සිල්වා මහතා තම ගීතයෙන් කියා සිටින්නේ ‘‘රට වටකර සාගරයයි එහි සම්පත් ආකාරයයි පිටින් මාළු රටට ගේනවා ඕයි” යනුවෙන් සදය උපහාසයෙනි. ඇත්තටම රට වටා මුහුදක් සහ මුහුද වටා සාගරයක් තිබුණද පරිභෝජනයට අවශ්‍ය මාළු පිටරටින් ආනයනය කරන අපේ රට  ‘‘කෙරළිනන්නේ පිස්සුවකට වඩා භයානක කෙළිසෙල්ලමක් ය. “රට මැද තනි වෙල් යායයි බැලුවම හරි සිරියාවයි නැවෙන් ගෙනත් හාල් බානවා ඕයි” ඒ දීපාල් සිල්වා මහතාගේ ගීයේ ඊ ළඟ පද පෙළය. මේ සියල්ල නොතකා නිසිලෙස කළමනාකරණය කරන්නට බැරිවුණ තීරකයන් සහ පාලකයන් ඊ ළඟ වැඩෙන් නම් රට ගොඩගත හැකි බව කී ගමනක් නම් අපට පවසා ඇති දැයි මෙනෙහි කරන්න.

විවෘත ආර්ථිකය, එනම් රටේ ආර්ථිකය විවෘත කළවිට, මහවැලිය කඩිනම් කළ විට, ජල විදුලි බලාගාර වැඩිකළ විට, විශ්වවිද්‍යාල ගණන   සහ ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කළ විට, මගී ප්‍රවාහනය, රෝහල් සහ වෛද්‍ය සේවය පෞද්ගලික අංශයට ද විවෘත කළ විට, අධිවේගී මාර්ග තැනූ විට, වාහන වැඩිවැඩියෙන් ගෙන් වූ විට, වෙළඳපොළ ආරක්ෂා කිරීම සඳහා එහි අකටයුතු සහ හානි වසන් කළ විට යනාදී වශයෙන්, දියුණුවේ නාමයෙන් කොපමණ දේවල් අප ඉදිරියේ තබා ඇති දැයි සිතන්න. ඒ එකකින්වත් පසු මේ රටේ පොදු ජනයාගේ ජීවිත සුඛිත මුදිත වූයේ නැත. අලුත්ම යෝජනාව වරාය නගර ව්‍යාපෘතියෙන් නම් අපට ගොඩ ඒමට හැකිය යන්න ය. එහෙත් මේ ‘අප’ යන්නට මේ රටේ පොදු ජනයා අයිති නැත. මා ගියවර ලිපියේ පැහැදිලි කළේ රාජ්‍යය පිළිබඳ ජනතා විශ්වාසය මුළුමනින්ම බිඳවැටී ඇති බවය. එය එසේ නම් ආණ්ඩු කියන දේවල් ගැන කවර විශ්වාසයක් ද? එසේ විශ්වාස නොකරන්නේ රටේ දියුණුවට යැයි කියා මේ දක්වා ක්‍රියාත්මක කළ කිසිම දෙයකින් අපේක්ෂිත දේ නොව මහා හානි ප්‍රමාණයක් සමාජයට අත්කර දීමට මෙරට තීරකයන් සහ පාලකයන් කටයුතු කර ඇති නිසා ය.

අප ඇසිය යුත්තේ ලංකාවේ එහෙම වෙන්නේ මන්ද කියා ද? ඊට පිළිතුර වන්නේ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා සිය ‘‘අයි ඩෝන්ට් නෝ වයි” නම් වූ ඔහුගේ ගීතයෙන් ප්‍රකාශ කරන අයුරින් ‘‘ලංකාවේ එහෙම වෙන්නේ ඇයි, අයි ඩෝන්ට් නෝ වයි” යන්න ද නැත. ඊට කදිම පිළිතුරක් දීපාල් සිල්වා මහතාගේ ගීතයෙන් සොයා ගත හැකිය. එහි දක්වා තිබුණේ ‘‘නිස්සො සුදුස්සෝ යටකොට, පුස්සො වැඩ දෙනව යමරෙට, සෙතක් වෙයිද එහෙම රටකට” යනුවෙනි. දශක ගණනාවක් මේ රට ගෙවා ලබා ඇත්තේ එවැනි අත්දැකීම් ය.

අප ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක්, එනම් අපේ රටේ වර්තමානයේ සිටින සහ වන්නට සිතාගෙන සිටින පාලකයන්ගෙන් සහ තීරකයන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. ඒ, ඔබ මේ රටට යෝජනා කරන සංවර්ධන ආකෘතිය කුමක් ද? ඒ සඳහා ඔබ සතුව ඇති මාස්ටර් ප්ලෑන් එක මොකද්ද? එවැන්නක් ඇත්නම් එහි එකම උපායමාර්ගය වෙළෙඳාම ද? ඊට පිළිතුර ඔව් නම් කිව යුත්තේ, ගෝලීය ක්‍රමයක් තුළ භූ දේශපාලන උගුල්වල සහ ආර්ථික උගුල්වල නොවැටී ඒ උපායමාර්ගය ඉටුකර ගැනීමට සයුරු කීපයක් කාන්තාර කීපයක් ගිරිශිඛර කීපයක් තරණය කරන්නට වේ දැයි සිතා ඔබ කටයුතු කරන බවක් නම් පෙනෙන්නට නැත කියා ය. රාජ්‍ය තාන්ත්‍රීය, ආර්ථික, වෙළඳ සහ ආරක්ෂක ක්ෂේත්‍රවලට අදාළ ගෝලීය සිතියම්වල ගොදුරක් ම සහ අතකොළුවක් ම වූ, ගෝලීය ප්‍රජාව තුළ වැදගත්, තීරණාත්මක, ගුණාත්මක, ප්‍රශස්ත සහ ආකර්ශනීය භූමිකාවක් නැති අප වැනි රටවල අනාගත ඉරණම එතරම් සුබදායක නැති බව අප සියල්ලෝම දනිති.

එහෙත් එය නොතකා ක්‍රියාකරන අභ්‍යන්තර (දේශපාලන ක්‍රියාවලියක නොව) බල පොරයක නිරත වීම පාලන පුරුද්ද කරගත් රටවලට ඒ ගැන සිතන්නට වුවමනාවක් නැත. දේශපාලනය සහ බලපොරය අතර විශාල වෙනසක් ඇත. දේශපාලනය මානව වර්ගයාගේ සහ භූමියේ යහපත උදෙසා වන්නකි. බල පොරය හුදු තමන්ගේ සහ තම කණ්ඩායමේ ස්වාර්ථකාමී අරමුණු ඉටුකර ගැනීම සඳහා වන්නකි. එවැනි සමාජයක දේශපාලනඥයෝ නොසිටිති. සිටින්නෝ බලවාදීහුය. අප කාගේත් වගකීම විය යුත්තේ මේ සමාජය දේශපාලන සමාජයක් කිරීමය. එවිට දේශපාලනය විසින් ගනු ලබන තීරණ හැම විටම පොදු ජන හිතවාදී සහ අනාගතවාදී වනු ඇත. වරාය නගරය පිළිබඳ ගන්නා තීරණ ගත යුත්තේ ගෝලීය ක්‍රමයක් තුළ භූ දේශපාලන උගුල්වල සහ ආර්ථික උගුල්වල නොවැටී ය. එසේ වැටීමට බොහෝ ඉඩකඩ ඇත්තේ 1977 න් පසු අපේ රට ගෝලීය සිතියමේ උපායමාර්ගික සහ ක්‍රියාකාරී සාමාජිකයකු නොවී සිටින නිසාය. එබැවින් අප ගත යුත්තේබාහිර පාර්ශ්ව උපායමාර්ගිකව කළමනාකරණය කරන ජාතික තීරණයක් මිස බල-පාර්ශ්වීය තීරණයක් නොවේය යන්න මෙවර මගේ කිවි දා දැක්මය’.


(***)
කොළඹ විශ්වවිද්‍යාලයේ  
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක

 



අදහස් (3)

ශ්‍රී ලංකා වරාය රාජ්‍යය

chathura Friday, 23 April 2021 07:29 AM

හැමෝගේම කයිවාරුව සිංගප්පූරුව වෙන්න සහ කරන්න. හැබැයි එහෙ වගේ නීති බැහැ. සිංගප්පූරුවේ තියෙන්නේ රාජ්‍ය මාධ්‍ය විතරයි. පෞද්ගලික මාධ්‍යයට එරට ඉඩක් නැත. මොකද මිනිස්සු බෙදා වෙන්කරන නිසා. උද්ඝෝෂණ නීතියෙන් තහනම්. විදේශ ආයෝජකයින්ට සහ කර්මාන්ත ශාලා නිෂ්පාදනය අඩාල නොවෙන්න. ප්‍රවාහනය බස් සහ දුම්රිය රාජ්‍ය අනුබද්ධ පෞද්ගලික සමාගම් විසින් ලාභය අරමුණු කරගත් විදිහට පවත්වාගෙන යයි. තනි අයිතිය තිබෙන බස් රථ ධාවනයට ඉඩක් නැත. එසේ ඉඩ ලබාදුනහොත් මුදල් සඳහා ජීවිත වටිනාකම ගණන් නොගන්නා බස් සේවාවක් ඇතිවෙන බැවින්... ප්‍රධාන අාහාර විකිණුම් ජාලය රජයේ සමාගම් අනුබද්ධ ලාභය මත පවත්වාගෙන යයි. පෞද්ගලික කඩ මගින් අාහාර විකිණුම් සඳහා අවසර නැත (ප්‍රධාන ධාරාවේ කඩ). ඒ මිනිස්සු ලෝකෙට දීලා තියෙන වෙනස එයයි. එක පුද්ගලයෙකුගේ වැටුප වැඩි වුණත් හැම සමාගමක්ම මූලස්ථානය එහි පවත්වාගෙන යයි. අපි ඉතින් ලෝකෙටම තියෙන්නේ මේ ගොඩබිම විතරයි කියලා හිතාගෙන වැඩකරමු. උද්ඝෝෂණය කරමු....

:       1       14

sugath Friday, 23 April 2021 11:01 AM

වරාය නගරය ලංකාවට අලුත් දෙයක් වුවත්, එය ලෝකයේ අනිකුත් රටවලට අලුත් දෙයක් නොවේ. සම්ප්‍රදායෙන් පිට රටේ අලුත් දෙයක් කරන විට ලාංකිකයින් බොහෝවිට ඊට විරුද්ධ වෙයි. ඒ තමා අපේ මිනිසුන්ගේ හැටි. ඊට හේතුව විය හැක්කේ අපේම ඇති අනාරක්ෂිත භාවය විය හැකියි. '80 දශකයේ ඇඟලුම් කර්මාන්තය ආරම්භ කරන විට, බොහෝ දෙනා කිවේ එය සුද්දන්ට යට ඇදුම් හදන කරන ව්‍යාපාරයක් කියායි. නමුත් අද ඒවායේ ලක්ෂ 6 කට ආසන්න ප්‍රමාණයක් රැකියා කරනවා. දැන් වරාය නගරය ආරම්භ කරන්නට යන විට එය අඩාල කිරීමට බිල්ලන් මවමින්, උසාවි ගානේ පෙත්සම් ගහනවා. මෙවැනි ව්‍යාපෘති වලින් රටේ තරුණ තරුණියන්ට රැකියා බිහිකල හැකියි. මෙවැනි දේ අඩාල කිරීමට උසාවි ගානේ පෙත්සම් ගහන උදවියට, රටේ රැකියා බිහි කිරීමට විකල්ප මාර්ග ඉදිරිපත් කළ හැකිද?

:       5       14

ප්‍රේමරත්න රාජපක්ෂ--( pramarathna rajapaksha ) Friday, 14 May 2021 02:08 PM

අපරටේ කලාකරුවාගේ -හා ගායකයාගේ මනෝවිඥානයට අනාගත සිදුවීම් බොහොමයක් දැනීමක් -සිදුවී තිබින - ඒවා ගැන සිතීමට තරම් පොදු මිනිසාට මානසික දියුනූවක් නොවීම අප කණගාටුවිය යුතුය -සුනිල් ආරියරත්න මහතාගේ ගීතප්‍රබන්ද -නන්දා මාළනියගේ ගායනා ඒ අතරවිය -එසෙම ඹබතුමා නෙසක් සදහන්කල -මේ රටේ ම්නිස්සු -කෙලින්නෙ පිස්සු ගායකයාද -කන්ටදෙනව නම් අපිට -බොන්ට දෙනවනම් අපිට -මොනවදවෙන ඹ්න කරන්නේ ?මෙසැමඑකකින්ම කියවුනේ අණාගත සිදුවීම්ය --නමුත් මේවා මනසින් සිතන මනිසුන් අපට සිටියානම් යම් යහපත් මගක් ඇතිවන්නට ඉඩ තිබුනියැයි මම සිතමි . ඉතිහාසය --සාහිත්‍යය පෙළපොතින් ඉවත්වීම එක් ප්‍රතිපලයක් යැයි සිතේ -

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site


A PHP Error was encountered

Severity: Notice

Message: fwrite(): write of 34 bytes failed with errno=28 No space left on device

Filename: drivers/Session_files_driver.php

Line Number: 272

Backtrace:

A PHP Error was encountered

Severity: Warning

Message: session_write_close(): Failed to write session data using user defined save handler. (session.save_path: /var/lib/php/sessions)

Filename: Unknown

Line Number: 0

Backtrace: