මෙරට ඉංගී‍්‍රසි පාලන අවධියේදී ථූපාරාමයට බටහිරින් පිහිටි නටබුන් ස්මාරකය මිහිඳු සොහොන ලෙසත් නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපය සංඝමිත්තා සොහොන ලෙසත් පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි එච්.සී.පී. බෙල් මෙන්ම ජේ.ජී. ස්මිතර් ද දක්වා ඇත. පසුගිය වසරේ නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපයටත් නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපය සංරක්‍ෂණය කළ අනුරාධපුර පුරාවිද්‍යා අංශය එයට සංඝමිත්තා සොහොන යනුවෙන් නාම පුවරුවක් සවිකොට තිබුණි. එම ස්තූපය අනුලා මෙහෙණියගේ සොහොන ලෙස ද ජන ව්‍යවහාරයේ පැවති අයුරු වලිසිංහ හරිස්චන්ද්‍ර ද සඳහන් කර ඇත. ඉංගී‍්‍රසි අවධිය වනවිට මතුකරගෙන තිබූ ප‍්‍රථම ස්තූපය සංඝමිත්තා සොහොන නොවන බව හා එය පදලස චේතියක් බව සනාථ කරමින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා යුනිවර්සිටි ඔෆ් සිලෝන් රිවිච් සඟරාවට අගනා ලිපියක් සපයා තිබුණි. පදලස චේතිය යනු අති පුරාණයේ සතර බුදුවරයන් වරින් වර ථූපාරාම භූමියට වැඩම කොට දම් දෙසා පෙරළා දඹදිව වැඞීම සඳහා සිරි පදලස තබා බර කොට අහසට නැගි ස්ථානය යැයි මෙරට අනුරාධපුර සමයේ බෞද්ධයන්ගේ විශ්වාසයක් පැවතුන බවද දීපවංසය, මහාවංසය, වංසත්ථප්පකාසිනිය ආදී ග‍්‍රන්ථයන්හි සඳහන්ය. එම ස්ථාන පූජනීය තැන් ලෙස සලකා පසුකාලයක ථූපාරාමයෙන් නැගෙනහිරට පිළිවෙළින් ස්තූප සතරක් ඉදිකොට තිබී ඇත. අනුරාධපුර අවසන් කාලයේ එනම් 4 වැනි උදය රජු සමයේ (946-954) පරන්තක නම් වූ සොළී පාලකයා විසින් අනුරාධපුරය ආක‍්‍රමණය කරන ලද්දේ පාණ්ඩ්‍ය පාලකයා විසින් 3 වැනි දප්පුල රජු වෙත ආරක්ෂාව සඳහා තබාගිය පාණ්ඩ්‍ය රාජ කකුධ භාණ්ඩ ලබාගැනීම පිණිසය. එහෙත් රජතුමා රුහුණට පලා ගියෙන් සිය අරමුණ සපුරාගත නොහැකි වූ සොලී ආක‍්‍රමණිකයන් විසින් ගිනි තබා විනාශ කරන ලද ස්ථාන අතර පදලසෙහි වූ පූජනීය ගොඩනැගිලි ද විය. ඉන් පසු රාජ්‍යයට පත් 4 වැනි මිහිඳු රජු විසින් ඒවා පිළිසකර කරන ලද බව මහාවංසයේ සඳහන්ය. ක්ධයාපිතඃ චොළ රාජස්ස් බලෙන පදලාංඡනෙ චතුන්නං චෙතියානං සො රමනීයං ඝරං අකා සතර බුදුවරයින් සඳහා ඉදිකළ ස්තූප සතර නගරයෙන් දකුණු දෙස වූ බව දීපවංසයේද සඳහන්ය. ථූපාරාම භූමිය පැරණි නගරයට දකුණින් පිහිටා ඇත. විසාලෙ පාචිනාරාමො-ථුපාරාමො ’නුරාධකෙ දක්ඛිණෙ චතුරොථූපා චතුබුද්ධාන සාසනෙ සත්‍ය වශයෙන්ම ථූපාරාමයට නැගෙනහිරින් ඇති කුඩා ස්තූප සම්බන්ධව පුරාණයේ පැවැති පූජනීය ගොඩනැගිලිවල නටබුන් වශයෙන් ගල්කණු, පියගැටපෙළ, කොරවක්ගල්, මුරගල් හා සඳකඩපහණ අදත් දැකිය හැකිය. අනුරාධපුර යුගයේ අවසානය වනවිට පමණක් නොව පොළොන්නරු යුගයේදීද මෙම පදලස චෛත්‍ය සතර පැවති බව මහා බෝධිවංසය සඳහා පොළොන්නරු යුගයේදී රචිත මහාබෝධිවංශ ග‍්‍රන්ථපදයේ ථූපාරාමයට නැගෙනහිරින් සතර බුදුවරයන් සඳහා ඉදිකළ පදලස චේතිය සතරක් තිබූ බව සඳහන් වීමෙන් තහවුරු වේ. අර්හත් මිහිඳු හිමියන් අනුරාධපුරයට වැඩම කොට එහි ඒ ඒ ස්ථානවලට යමින් ඒ ඒ ස්ථානයේ ආගමික වැදගත්කම ගැන කරන ලද විස්තරය සඳහන් කරන බෝධිවංශ ගැටපද කතුවරයා මිහිඳු හිමියන් විසින් පෙන්වන ලද එම ස්ථාන පොළොන්නරු යුගයේදී කුමන නමකින් යුක්ත ස්ථාන දැයි හඳුන්වා දී ඇත. 10 වැනි සියවසේ රචිත පාලි මහාබෝධිවංශයේ මහාවිහාර පරිග්ගහණ කථා යටතේ කකුසඳ, කෝණාගම, කාෂ්‍යප හා ගෞතම යන බුදුවරුන් ථූපාරාමස්ථානයට වැඩම කොට නිමේශයක් සමාධිගතව සිට නැවතත් අහසට නැගි ස්ථාන මිහිඳු හිමියන් විසින් පෙන්වා දෙනු ලබන්නේ අනාගතයේ ථූපාරාමය ඉදිවූ ස්ථානයේ සිටය. ඒ අනුව කකුසඳ බුදුන් අහසට නැගි තැන ”හේ දැන් සතර බුදුන් පදලස පැදුම් දෙසෙන් මහ සෑ තැන්....” යනුවෙන්ද කෝණාගම බුදුන් වැඩ සිටි තැන ”හේ දැන් පදලස පැදුම් දෙසෙන් දෙවැනි මහ සෑ තැන්” යනුවෙන් ද කාෂ්‍යප බුදුන් වැඩ සිටි තැන ”හේ දැන් පදලස පැදුම් දෙසෙන් තුන්වැනි මහ සෑ තැන් යනුවෙන්ද අවසානයට ගෞතම බුදුන් අහසට නැගි තැන ”සිලාචේතියට්ඨානෙ සල තැන්හිදු, හේ පදලස සතරවැනි කුඩා දාගැබයි” යනුවෙන් සඳහන්ය. කාෂ්‍යප බුදුන් වහන්සේ එසේ අහසට නැංග තැන වූ සෝමනස්සමාකයෙහි පසු කල දෙවැනි පෑ තිස් රජුගේ මලණු උත්තිය රජු විසින් සෑයක් කරන ලද බව වංසත්ථප්පකාසිනියේ සඳහන්ය. කෝණාගම බුදුන් වහන්සේ එසේ අහසට නැංග ස්ථානය වූ සිරිස මාලකයේ පසු කල ථූලත්ථන රජු සෑයක් කළ බවද ටීකාව සඳහන් කරයි. මහාවංශයේ හා එහි ටීකාවේද ගෞතම බුදුන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනයේදී අනුරාධපුරයට වැඩම කොට ථූපාරාමය පිහිටන ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිට සිලාචේතිය පිහිටන ස්ථානයේ වැඩවෙසෙමින් දෙවියන්ට අනුශාසනා කළ බව මහාවංසයේ හා ටීකාවේ සඳහන්ය. සද්ධර්ම රත්නාකරයේ බුදුන් වහන්සේ අනුරාධපුරයට වැඩම කළ පුවත සඳහන්ය. කි‍්‍ර.ව. 1474 දී උපසම්පදාව ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේට පැමිණි බුරුම (පේගු) දුත පිරිස පෙරළා සියරට යාමෙන් පසු එරට පිහිටුවූ කල්‍යාණි ශිලාලිපියේ ඔවුන් සිරිලක රැුඳී සිටි කාලයේදී අනුරාධපුරයට ගොස් පුරාණ සිද්ධස්ථාන වැඳපුදාගත් බවත් ඒවා අතර එකක් වශයෙන් ශිලාථූපයක් සඳහන් කර ඇත. ථෙරා රතනචෙතියඤ්ච මරිච්චවට්ටි චේතියඤ්ච ථූපාරාමචෙතියඤ්ච අභයගිරි චෙතියඤ්ව සිලාචෙතියඤ්ච ජෙතවනචෙතියඤ්්ව වන්දිත්වා දක්ඛිණසාඛං මහාබෝධිරුක්ඛඤ්ඡු වන්දිත්වා ලොහපාසාදඤ්ව පස්සිත්වා සද්්ධාතිස්ස රජගේ වැඩිමල් පුත් ලඤ්ජිතිස්ස (කි‍්‍ර.පු. 119-109) විසින් ථූපාරාමයට නැගෙනහිරින් ශිලාථූපය කරවූ බව මහාවංසයේ සඳහන්ය. ථූපාරාමස්සපුරතො - සීලාථුපකමෙව ච ලජ්ජිකාසන සාලංච - භික්ඛුසංඝස්ස කාරයී මේ අනුව ලඤ්ජිතිස්ස රජු විසින් පදලසෙහි අවසාන ස්තූපය වූ සිලාථූපය ඉදිකරන ලද බව වාර්තා වන හෙයින් දුටුගැමුණු රජුගේ බෞද්ධ ප‍්‍රබෝධය යටතේ ලඤ්ජිතිස්සට පෙර ඉතිරි පදලස චේතිය ඉදිකර තිබෙන්නට ඇතැයි සැලකිය හැකිය. ථූපාරාමයට නැගෙනහිරින් දැනට නටබුන්ව ඇති ස්තූප දෙක හැර වෙනත් කිසිදු ස්තූපයක නටබුන් මතු-පිට පොළවේ දක්නට නැත. මේ සම්බන්ධව අදහස් දක්වන මහාචාර්ය පරණවිතාන නූතන අටමස්ථානයේ ආදාහන මළුව ඒ ආසන්නයේ පිහිටීම නිසා ඒවා විනාශ වන්නට ඇති බව ඉහත කී ලිපියේ දක්වා තිබේ. වර්තමානයේ ථූපාරාම දාගැබ් භූමියට උතුරින් ආදාහන මළුව හා විහාර භූමිය වෙන් වන පරිදි මහාමාර්ගය ඉදිකොට ඇතත් ඉංගී‍්‍රසි පාලන සමයේ මෙම ස්තූප පිහිටි බිම ද ආදාහන මළුව ප‍්‍රදේශයට ඇතුළත් වන පරිදි ස්තූපවලට දකුණු දෙසින් ථූපරාම නැගෙනහිර දොරටුව දෙසට ආසන්නව මහාමාර්ගය පිහිටා තිබී ඇති බව පැරණි සිතියම්වලින් මෙන්ම නටබුන් වූ පාරේ අවශේෂ අනුව පැහැදිලි වේ. තවද 20 වැනි සියවසේ මුල් කාර්තුවේදී මහාමාර්ග සෑදීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් බෙල් බෞද්ධ ස්මාරකවල ගල් යොදාගැනීමට ඉඩදීමට විරුද්ධව වලිසිංහ හරිස්චන්ද්‍ර පැමිණිලි කර තිබීමද සැලකිල්ලට ගත යුතුය. 20 වැනි සියවසේ මුල සිට පූජා නගරය අවට ජනාවාස ඇතිවීමේදී නිවාස සාදා ගැනීම සඳහා ස්මාරකවල ගල් ගඩොල් ගලවාගෙන ඇති බවට සාක්‍ෂය බොහොමයක් ඇත. උදාහරණයක් වශයෙන් 1894 වර්තාවල අභයගිරි විහාර භූමියේ උතුරු සීමාවේ පැරණි ස්තූපයක මීටරයක් පමණ උසට අවශේෂ ඉතිරි වී තිබීම වාර්තා වී ඇතත් 1994 දී අප විසින් එය පිරික්සීමේදී දක්නට ලැබුණේ පොළාව යටට ඇති අත්තිවාරම් හා යූප ගල් කොටසක් පමණකි. ඊට ආසන්නවම පදිංචිකරුවන් විසින් නිවාස ඉදිකරනු ලැබ ඇත. පදලස චෛත්‍ය පිහිටි භූමිය තවමත් උත්සව කාලවලදී වාහන නැවැත්වීමද අනවසර වෙළෙඳසල් ඉදිවීමද කෙරෙන හෙයින් එම කරුණුද මෙම විනාශයට හේතු වන්නට ඇත. එහෙත් මෙම භූමියේ කැනීම් කළහොත් මෙම ස්තූපවල අත්තිවාරම් සලකුණුවත් සොයා ගැනීමට හැකිවනු ඇත.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේ
කෙනත් Saturday, 26 January 2013 04:18 AM
මීට වසර 6කට පමණ ඉහතදී මොරටු සරසවියේ වාස්තු විද්‍යා සිසුන් ලෙස අපි අනුරපුර අභයගිරි කැනීම් භූමියට ගියෙමු. එහිදී දැනගන්නට ලැබුණු ප්‍රසිද්ධ නොවුණු දෙයක් ගැන කියමි. අනුරපුර නගරයේ නටඹුන් සොයාගැනීමට අද පිහිටි පොළොවේ සිට අඩි 7ක් යටට පාදන්න ඕනෑ. කාලයත් සමග එකතුවෙන පස් තට්ටු, ගං වතුරු තත්ත්ව මීට හේතුවයි. නමුත් කැනීම් කරන කණ්ඩායම මීටත් වැඩ ආදී 14ක් පමණ යටට හාරගෙන යනකොට තවත් ගොඩනැගිලි රැසක නටඹුන් බොහෝ තැන්වලින් මතු වී ඇත! මේ අනුරපුරයටත් ඉතා ඈත අතීතයේ තිබු වෙනත් නගරයක නටඹුන්ය. නමුත් එම නගරය මතු කිරීමට නම් අනුරපුර නටඹුන් නගරය ඉවත් කිරීමට සිදුවන බව වටහා ගැනීමෙන් ඒවා යලි වසා දැමු බව සදහන්. අනාගතයේ මීට වඩා තාක්ෂණය දියුණු වූ කලෙක ඒ පරපුර එම නගරය ගැන අධ්‍යයනය කරයි යන බලාපොරොත්තුවෙන්! නමුත් මේ කාශ්‍යප බුද්ධ සමයේ ලක්දිව අග නගරය බවට අනුමානයි. මහාවංශයේ ඒ ඒ සිව් මහා බුදුවරුන්ගේ කාලවල ලංකාව හදුන්වපු නමත්, අනුරපුරය ඇති තැන එකල තිබු නගර ගැන විස්තරත් මිහිදු මහා රහතන් වහන්සේ කළ දේශනාවක සදහන්. හිතන්න මේ ඔබ දකින අනුරපුරයට යටින් කසුප් බුදුන් වැඩසිටි කල තිබු ලංකාවේ ඉතිහාසය වැළලී ඇත. එය වසර ලක්ෂ ගණනක් පැරණි ශිෂ්ටාචාරයක් වෙන්න පුළුවන්. (නි)
උදාරත් Tuesday, 21 October 2014 10:18 AM
ලංකාවේ බුදු පිලිම නෙලීම පිලිබඳ පර්යේෂණ කළ යුතුයි. හොඳම ක්‍රමය සොයාගත යුතුයි.(නදී)
සිරීනා මාග්‍රට් Saturday, 01 March 2014 11:00 PM
අපේ උරුමය අන් අයට ගැටළුවක්. එනිසා සැවොම එකතුව අපේ උරුමය රැකගත යුතුයි.(නදී)
ලතා පලිහේන Monday, 24 February 2014 03:52 AM
අපේ උරුමයන් ලොවට පෙන්විම අගය කරමු.(නදී)
ජ.එම.පද්මසිරි Sunday, 07 July 2013 11:05 AM
අනුරාදපුරය ඔබයි ...සිරිසර 2000 වසරක් ඒ අතිතය....අපගේ සංස්කෘතික නගරය ..... (නි)
ලසන්ත Monday, 24 June 2013 11:38 PM
මතක තියාගන්න අපට රාවනගේ ඉතිහාසයක් තියෙන බව. සිංහල රටේ පළමු සිංහල රජු රාවනා බව, එය සොයන්න උත්සහ දරමු.(නදී)
විමල් Tuesday, 18 June 2013 08:24 AM
අපේ උරුමය මෙයයි (නි)
නිරන්ජන Wednesday, 05 June 2013 09:30 AM
ගරු ජනඩිපතිතුමනි අනුරපුර නගරවාසීන් වහා ඉවත් කර අපේ උරුමය ලෝකයට පෙන්වීමට යලිත් අගනුවර අනුරපුරය කරමු මෙය කල හැක්කේ ඔබට පමණි (දී)
ජ අනුර Friday, 17 May 2013 03:09 PM
අපිත් පින්කරමු අනුරපුර ඉපදෙන්න. (ස)
ලලින්ද Sunday, 31 March 2013 09:44 PM
මම මේ ලිපියට ගොඩක් ආසයි. බොහොම ස්තුතිවන්ත වෙනවා (අ)
අජිත් Friday, 08 March 2013 07:00 PM
මගේ රටට තුණූරුවන්ගේ සරණයි! (නි)
ජයන්ත යු.එස්.ඒ Tuesday, 19 February 2013 10:58 AM
සාධු....සාධු....සාධු.... (දී)
සකත් Thursday, 07 February 2013 06:00 AM
බුදුන් වැඩි රටේ සිටීම මට මහත් ආඩම්බරයක්.(නදී)
බටිති Monday, 04 February 2013 01:39 PM
සාධු.....සාධු.....සාධු.....(දී)
හේරත් Wednesday, 30 January 2013 07:45 AM
සාධු....සාධු....සාධු.... (දී)
රත්නායක Monday, 10 December 2012 11:17 AM
අපිටත් මේ ආත්මයේම නිවන් දකින්න ලැබේවා (දී)
යොහාන් Saturday, 12 January 2013 09:28 PM
වටිනා ලිපියක්. (නි)
තරුෂ Saturday, 12 January 2013 02:01 PM
අනේ සාධු.... (දී)
ධනංජය Wednesday, 09 January 2013 12:55 PM
ලංකාදීපය මෙවැනි වටිනා දේවල් වරින්වර ඉදිරිපත් කිරීම ගැන සතුටුයි. (නි)
ධනංජය Wednesday, 09 January 2013 12:55 PM
අපේ රටේ ඉතිහාසය ගැන ආඩම්බරයි. (නි)
දිලීප Monday, 07 January 2013 01:24 PM
සාධු....සාධු....සාධු.... බුදු ගුණ අනන්තයි (දී)
නිත්‍යා Saturday, 05 January 2013 01:00 PM
දරුවන්ව මෙවැනි ලිපි කියවීම සඳහා යොමුකරන්න දෙමාපියන් උත්සාහ කරන්න. නැතිනම් ඉතිහාසය දරුවන්‍ට තවත් එක් විශයක් පමණක් වේවි (ස)
ජගති Sunday, 30 December 2012 08:05 PM
මෙවැනි ලිපි මගින් අපේ ඉතිහාසය පිළිබඳ දැනුම වර්ධනය වේ. අපේ ඉතිහාසය ඉතාම අපූරුයි (ස)
දමිත් Friday, 28 December 2012 10:23 AM
අනුරාධපුර මුස්ලිම් රාජ්‍යයක් වීමට ප්‍රථම යම් විසදුමක් සෙවිය යුතුයි. (නි)
ඉෂාර Tuesday, 25 December 2012 11:27 AM
මම ආදරය කරන, මගේ හදේ ලැගුම් ගෙන සිටින, එකම ස්ථානය අනුරාධපුර පූජණීය පුදබිමයි. මේ වගේ පෞරාණික වැදගත්කමක් ඇති අපේ උරුමය ගැන කියවීමට හා දැකීමට සැලැස්වීම ගැන මම ගොඩක් ස්තුති වෙනවා.. අපේ රටේ උරුමය ගැන තවත් දේ ලියන්න ලංකාදීපයට බොහොම පිං..!(නු)
ඉන්දික Monday, 24 December 2012 07:03 AM
මේ අපේ අභිමානයයි (ස)
සුරංග Friday, 21 December 2012 12:20 PM
අගනා ලිපියක්, ලංකාදීපයට බොහොම පින්. (නි)
ජගත් Sunday, 16 December 2012 12:23 PM
අපේ උරුමය (දී)
සුමනා Thursday, 13 December 2012 06:33 PM
අනුරාධපුර පුදබිමට ගියවිට සිතට ඇතිවන ආධ්‍යාත්මික හැගීම වෙන කිසිදු පුදබිමකට ගියවිට ඇතිනොවන බව මගේ හැගීමයි. (නි)