X Advertisement
IMG-LOGO

2025 මැයි මස 26 වන සඳුදා


සමාජ සාධාරාණත්වයට කැපවූ නායකයා

(හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 25 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි)

මැයි දිනය සහ වැඩ කරන ජනතාව යනු සමාන පද දෙකකි. මේ කරුණු දෙක ගැන කථා කිරීමේ දී එක්සත් ජාතික පක්ෂයට අමතක කළ නොහැකි නාමය ආර්. ප්‍රේමදාස නාමයයි. එතුමන්ගේ වටිනා ජීවිතය ත්‍රස්තවාදය විසින් බිලිගනු ලැබුවේ එතුමන් වැඩකරන ජනතාවගේ දිනය වෙනුවෙන් වූ මැයි දින උත්සවය සංවිධානයේ යෙදී සිටියදීය. ඒ 1993 මැයි 01 වැනිදා එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම වෙනුවෙනි.

දිළිදුකම පිටු දැකීම, නැති බැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් කිරීම වැනි ධනාත්මක පද අප දේශපාලන ශබ්ද කෝෂයට හඳුන්වාදුන් නායකයා ඔහුය. එම පදවල අර්ථය යථාර්ථයක් බවට පත්කිරීමට සැබෑ වුවමනාවකින්, ශීඝ්‍රගාමී ගමනක් ඇරඹූ නායකයා ඔහුය.

අප සමාජයේ නැති බැරි වෙනුවෙන් ඔහුට සිහිනයක් තිබිණ. දැක්මක් තිබිණ. අධිෂ්ඨානයක් තිබිණ. ඒ සඳහා වූ ගමනේ දී හමුවන තහංචි, අභියෝග, බාධා පරදවා ඉදිරියටම යන්නට නීර්භීතකම ඔහු වෙත තිබිණ.

ආර්. ප්‍රේමදාස මැතිඳුන් තුළ ශ්‍රී ලාංකික සමාජයේ අනාගතය උදෙසා තිබූ සිහිනය සිහිපත් කරන විට මගේ සිහියට නැගෙනුයේ, ඇමරිකානු සමාජය තුළ නිදහස, සමානාත්මතාව සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ මාරින් ලූතර් කිංගේ ‘මට සිහිනයක් ඇත’ (ෂ ්‍ය්ඩැ ් ෘරු්ප) යනු සුප්‍රසිද්ධ කතාවයි. 1963 දී වොෂින්ටනයේ ලිනික්ස් ස්මාරකය ඉදිරිපිට දෙලක්ෂ පනස් දහසක් පමණ වූ නිදහස සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටි ක්‍රියාකාරිකයන් අමතා, ඔහු කළ දේශනයේ ඇතැම් කොටස් කෙරෙහි මගේ මතකය අවදිවේ.

‘මම සිහිනය දකිනවා, අසාධාරණත්වයේත්, මර්දනයේත් උණුසුමෙන් පීඩා විඳින මිසිසිපි ප්‍රාන්තය, නිදහසේත්, ක්ෂේම භූමියක් වන දවස ගැන මම සිහින දකිනවා. අප සමාජයේ උස්තැන් පහත් කරන්නටත්, පහත් තැන් උස් කරන්නටත්, රළු තැන් මොලොක් කරන්නටත්, අපට පුළුවන් වන දිනය ගැන මම සිහින දකිනවා, ජොර්ජියාවේ වහලුන්ගේ දරුවන් සහ වහල් හිමියන්ගේ දරුවන් සහෝදරත්වයේ මේසය වටේ එක්ව හිඳ ගනිමින් සමානයන් ලෙසින් කථා බහ කරන දිනය ගැන මම සිහින දකිනවා. මගේ පුංචි දරුවන් හතර දෙනා සම්බන්ධව, ඔවුන්ගේ හැසිරීම් මත තීන්දු ගන්නා වූ සමාජයක පැවැත්ම පවතින දිනය ගැන.

සැබැවින්ම මාටින් ලූතර් කිංන්ගේ සිහිනයේත්, ආර්. ප්‍රේමදසයන්ගේ සිහිනයේත්, පදනම සහ මූලධර්ම දෙකක් නොවන එකක්ම විය. ප්‍රේමදාස මැතිදුන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සියලු රැස්වීම්වල දී මාටින් ලූතර් කිංග් ‘සිහිනය’ මම උපුටා දැක්වූයෙමි. ප්‍රේමදාස මැතිදුන් ජනපතිධුරයට පත් කර ගැනීමෙන්, අපේ සමාජය පිළිබඳ අපේ තිබූ එබඳුම වූ සිහිනයන් සැබෑකර ගැන්ම අපේ අරමුණ විණ.

ප්‍රේමදාස ජනාධිපතිතුමන් ප්‍රථම අමාත්‍ය මණ්ඩල පත්කිරීම්වල දී, එතුමන් කලින් භාරව සිටි නිවාස අමාත්‍යශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා තෝරාගෙන තිබිණ. ඒ තනතුරේ දිව්රුම් දීමෙන් අනතුරුව, ජනාධිපති මන්දිරයේ එතුමන්ගේ කාර්යාලයට මා කැඳවූ ප්‍රේමදසා ජනාධිපතිවරයා මා වෙත කළ ප්‍රකාශය මට කිසි දිනෙක අමතක නොවේ.

‘දන්නවද ලැබී තිබෙන අමාත්‍යාංශය?’

එතුමන් මගෙන් විමසා සිටියේය.

මම ‘ඔව්’ යයි පිළිතුරු දුනිමි.

‘මගේ අමාත්‍යාංශය දීලා තියෙන්නේ’

ඔහු සිනා සෙමින් පවසයි. නිවාස අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යවරයා සිරිසේන කුරේ මහතායි. මම රාජ්‍ය අමාත්‍යවරයායි.

‘මුලින්ම එන්නේ මහියංගණ ගම් උදාව. මැති අමැතිවරු පයගහලා නැති ගම්මාන එහෙ තියෙනවා. ඉම්තියාස්, මට කැපවීම ඕනේ. ඒ මිනිසුන්ගේ කඳුළු නිවන්නට උපරිම කරන්නට හිතේ තියාගන්න.

‘ඒ වචන එන්නේ ඔහුගේ හදවතින්ම බව මට දැනිණ. ප්‍රේමදාසයන් ගැන සිහිපත්වන ඇතැම් විටෙක මේ වචන දෙසවන්වල දෝංකාර දෙනු මට ඇසේ.

පොල් ඇතුපැලක, මැටි නිවසක, ලෑලි ගෙදරක, මුඩුක්කු නිවසක, වැස්සට නිසි ආවරණයක් අහිමිව, හැරිහැටි නින්දක් නොලබන දරු පවුල්වල ජීවිත ගැන දැඩි ලෙස සංවේදී වූ නායකයා ඔහු විය. පුංචි නවාතැනක ඉඩකඩ නොමැති වූ නිසා මවුපියන්, දරුවන් සහ පවුල් කීපයක් මාරුවෙන් මාරුවට නිදා ගන්නා වූ දරු පවුල්වල ජීවිත ගැන ප්‍රමුඛ අවධානය යොමු කළ නායකයා ඔහු විය. පූට්ටු ගෙවල්, අත්තම් නිවාස, නිවාස ලක්ෂය, නිවාස දසලක්ෂය, නිවාස පහළොස් ලක්ෂය, ජාත්‍යන්තර නිවාස වසර, ඔහු හඳුන්වා දුන්නේ ඒ කඳුළු නිවන්නටය.

‘ජනසවිය’ මේ පොළොවේ ජනිත වූ සංකල්පයකි. පක්ෂ භේද වලින් තොරව විනිවිද පෙනෙන ක්‍රමවේදයකින් දුප්පතුන් නිවැරදිව හඳුනා ගනිමින්, එය ක්‍රියාවට නැගුණේ තුන්වේල කෑමට අවකාශ නැති අප සමාජයේ දරු පවුල් වෙනුවෙනි. ‘සෙවණ මා පිය කැපකරු ක්‍රමය’ ක්‍රියාවට නැගුණේ මවුපියන් අහිමි අසරණ දරුවන්ගේ ජීවිත ඉරණම වෙනස් කරන්නටය. පාසල් දිවා ආහාර වැඩ පිළිවෙළ’ ක්‍රියාවට නැගුණේ හරි කෑම වේලක් නොමැතිව පාසලට පියමන් කරන දරුවන් වෙනුවෙනි. ‘පාසල් නිල ඇඳුම් වැඩ පිළිවෙළ’ ක්‍රියාවට නැගුණේ දහස් ගණනින් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් හැර යන දරුවන්ට පිහිට වන්නටය. ‘මාවතේ අපි’ වැඩ පිළිවෙළ ක්‍රියාවට නැගුණේ මහ මග සිඟමන් යදින පවුල්වල ජීවිතවල අභිමානයක් ලබා දෙමින් ඔවුන් නගා සිටුවන්නටය. උණ බම්බු ගේට්ටු වැඩ පිළිවෙළ’ ක්‍රියාවට නැගුණේ දුම්රිය හරස් මාර්ගයන්හි දී දිනපතා නිරපරාදේ රට පුරා අවදානමට ලක්වන මිනිස් ජීවිතවල රැකවරණය ලබා දෙන්නටය.

‘ජනපති ජංගම සේවා’ රට පුරා ගෙන ගියේ දේශපාලන නායකයන්ගේ නිසි අවධානය ලබාගත නොහැකි ජනතාව වෙනුවෙන්, එම දේශපාලන නායකයන් ජනතාවගේ දෙපා ළඟට ගෙන යාම පිණිසය.

‘කැපකරු ගම්මාන’ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරුණේ රජයේ ප්‍රතිපාදනවලට අමතරව, දානපතීන්ගේ සහාය ද දිළිදු ජනතාව නගා සිටුවීමේ වැඩපිළිවෙළට ලබා ගැනීම සඳහාය.

ප්‍රශ්නයකට ‘නැහැ, බැහැ’ කියන්නට ඔහුගේ දිව නැමුණේ නැත. පුංචි මිනිසුන්ගේ වේදනාවට ඔහු සෑම විටම සංවේදී විය. ‘සෙවණ අරමුදල’ ඔහු ඇරඹුවේ රජයේ ප්‍රතිපාදන වලින්  ඉටු කළ නොහැකි ජනතා සේවාවන්ට අනුග්‍රහ ලබා ගත හැකි මූලාශ්‍රයක් ලෙසිනි.

සෑම ආගමික ජන කොටස් වෙනුවෙන්ම ‘ආගමික අමාත්‍යාංශ’ ආරම්භ වූයේ, සැමට සාධාරණව සැලකීමේ උතුම් ගුණාංගය මුල් කර ගනිමිනි.

දිස්ත්‍රික්කයක් ආවරණය වන ‘මහා ගම්උදාව’ මෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් අවාරණය වන ‘ප්‍රාදේශීය ගම්උදාව’ සහ විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ කර ගත් ‘සති  වැඩපිළිවෙළ’ රට පුරා ගෙනයනු ලැබුවේ ඒකාබද්ධ සංවර්ධනයක අරමුණු ඉටුකර ගන්නටය. ‘ග්‍රාමෝදය මණ්ඩල’ වැඩ පිළිවෙළ හඳුන්වා දෙනු ලැබුවේ ගම් නගා සිටුවීම සහ ගමේ එකමුතුව අරමුණු කර ගනිමිනි.

සංවර්ධනයේ ප්‍රතිලාභ වේගයෙන් ග්‍රාමීය ජනතාව වෙත ගෙන යනු උදෙසා නිලධාරීන් ජනතාවට කිට්ටු කරමින් දිසාපති ක්‍රමය වෙනුවට ‘ප්‍රාදේශීය ලේකම් කාර්යාල’ ක්‍රමය ඇරඹුණේ සාම්ප්‍රදායික පරිපාලන ක්‍රමවේදය විප්ලවීය වෙනසකට ගෙන යමිනි. සාම්ප්‍රදායික සංවර්ධන ක්‍රමවේදය වෙනසකට ලක් කරමින් ‘ගම් පහළොස් දහසේ’ වැඩ පිළිවෙළ ආරම්භ කළේය.

පළාත් පාලන මැතිවරණවල දී ‘තරුණ නියෝජනත්වය සඳහා වන ප්‍රතිශතය සියයට හතළිහකට ‘අනිවාර්ය කෙරෙන නීතිය පැනවුණේ ද තරුණ ජනගහණයට අවශ්‍ය පිළිගැන්ම සහ පාලනයට ඔවුන්ගේ උපරිම සහභාගීත්වය ලබාගැනීමේ අරමුණෙනි.

‘මම බාර ගෙන ඇත්තේ දෙකොන ඇවිලෙන විලක්කුවක් බඳු රටක්’ ප්‍රේමදාස ජනපතිතුමන් මෙසේ කියා සිටියේ උතුරේ සහ දකුණේ ගිනිදැල් මධ්‍යයේ. ජනපති ධූරයේ කටයුතු භාරගන්නට සිදු වූ අවස්ථාවේය. තුණ්ඩු කෑල්ලකින් පාසල්, රජයේ කාර්යාල වසා දැමිණ. දේශපාලන ක්‍රියාකාරිකයන් තනතුරුවලින් ඉවත් නොවුණහොත් ඔවුන් ඝාතනය වේ. රාජකාරියට වාර්තා කරන රජයේ සේවකයන් ඝාතනය විණ. ආරක්ෂක හමුදා පවුල් ද තර්ජනයට මුහුණ දුන්හ. සවස 6න් පසු විදුලිය තහනම් විණ. වටිනා රජයේ ගොඩනැගිලි, බස්රථ ඇතුළු දේපළ ගිනි තැබිණ. ඡන්දය පාවිච්චි කරන්නට ගිය පිරිස් ඝාතනයට ලක් වූහ. අත් කැපිණ, හිස් මුඩු කෙරිණ. ඝාතනය වූයේ අයගේ මෘත දේහ දණහිසට ඉහළින් ඔසවාගෙන යාම තහනම් කෙරිණ, ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම ගැන බලාපොරොත්තු සිඳී ගොස් තිබුණි. ප්‍රේමදාස ජනාධිපතිතුමන් රට බාර ගත්තේ මෙවන් යුගයකය.

‘ජීවිතවලට හානි කරන්න එපා. මම කැමැතියි, ඔබලා සමඟ සාකච්ඡා කරන්නට. ඒ සඳහා ඇස් දෙක වසාගෙන ඔබ කියන ඕනෑම කැලෑවකට වුවද එන්නට මම සූදානම්’

මේ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ ඉල්ලීම් විය. ආයාචනය විය, එය හෘදායාංගම එකක් විය. ජීවිත හානි වළක්වා ගන්නට ඔහු බැගෑපත් විය. ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම රැකගන්නට ඔහු බැගෑපත් විය. එහෙත් ඒ ආයාචනාවලට ප්‍රතිචාර නොලැබිණි. ජනපති ධූරයට පත්ව පළමු මාස පහ පුරා සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, සාමය උදා කර ගන්නට ඔහු කොතෙකුත් උත්සාහ දැරීය, අවසානයේ දී ආරක්ෂක හමුදා විසින් ප්‍රචණ්ඩත්වය මැඩලනු ලැබිණ. දකුණේ මෙන්ම උතුරේ ද ප්‍රශ්නවලට ද කිසිදු වෙනසක් නොදක්වා, ජීවිත හානි වලින් තොරව සාකච්ජාවෙන් විසඳුමක් ලබා ගන්නට අවසන් මොහොත දක්වා ඔහු ගත් උත්සහාය නිෂ්ඵල වීම, ඔහුගේ වේදනාවට හේතු විය.

එතුමන්ට සැඟවුණු න්‍යාය පත්‍රයක් නොතිබිණ. විදේශ සබඳතාවල දී රටේ ගරුත්වය ඉහළින් තබා ගත් ඔහු ‘ශක්තිය නොව යුක්තිය’ ගරු කරන නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් වෙනුවෙන් තිරසාර ලෙසින් පෙනී සිටියේය. ඉන්දියානු සාම හමුදාව යැවීම, ඊශ්‍රායල තානාපති අංශය යැවීම වැනි කරුණු පෙන්නුම් කරනුයේ රටේ ගරුත්වයට සහ ස්වාධිපත්‍යයට හානි කරවන කිසිදු බලවේගයක් නොඉවසන, ඔහුගේ සෘජු හා ප්‍රතිපත්තිකරුක ස්වභාවයයි.

ප්‍රේමදාස මහතා මේ රටේ නායකත්වයට පත්වීම සැබැවින්ම විප්ලවයක් විය, ආර්ථික, සමාජ තහංචි මැඩගෙන, පංති, වර්ග, කුලමල වැනි අභියෝග ජයගනිමින් මේ රටේ ඉහළම තනතුරට ආර්. ප්‍රේමදසා සමහතා පත්විය. ‘අප සමාජයේ ඉහළ පුටුවට යාමට පංති කුලමල වැනි තහංචි කිසිවක් ඇත්තේ නැත. යන විශ්වාසය අප සමාජය තුළ තහවුරු වූයේ ප්‍රේමදාස ජනපති ප්‍රාප්තියත් සමගය යන්න සත්‍යයකි. එක්සත් ජාතික පක්ෂය තුළින් මේ විප්ලවය කරන්නට හැකි වීම ගැන ඒ සඳහා දායක වූ සියලු දෙනාට නිහතමානීව සතුටක් ලැබිය හැක.

ප්‍රේමදසා නායකත්වය යටතේ, එදා බෞද්ධ ජන පදනමකින් යුතු, ග්‍රාමීය ආසන බහුතරයක් ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට ශක්තිය ලැබිණ. 

පොදු ජනතාව අතුරින් මතුවූ, පොදු ජන විඥානය හොඳින් තේරුම්ගත හැකි නායකත්වයක් මෙන්ම ඒ ජනතාව වෙනුවෙන් වූ නිවැරදි දැක්මක් තිබීම හේතුවෙන් ඔහුගේ ගමන් මඟ අප සමාජයේ ඇති කළ ආර්ථික සහ සමාජමය වෙනස්කම් මෙරට පොදුජන ජීවිතයේ ඉමහත් පෙරළියක් ඇති කිරීමට මුල් විණ.

සියල්ලන්ටම සමානව සැලකීම, සියල්ලන්ටම සමාන අවස්ථා ලබා දීම, සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවා දී සමාජයක පැවැත්ම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සැම දා පෙනී සිටි ඇත. ඒ වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවන්හි දී නිර්භීතව නැගී සිට ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ඒ උරුම ගමන අනාගත පරපුරට ද ආරක්ෂා කර දීම මෙන්ම මේ වගකීම් නිර්භයව ඉටු කිරීමට කටයුතු කිරීම, ආර්. ප්‍රේමදාස නාමයට කළ හැකි ඉහළම උපහාරය වනු ඇතැයි මම විශ්වාස කරන්නෙමි.

ඉමිතියාස් බාකිර් මාකාර් 

 



අදහස් (1)

සමාජ සාධාරාණත්වයට කැපවූ නායකයා

Saf Thursday, 03 May 2018 02:08 PM

හොඳ මනුස්සයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site