X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


සහන හොඳයි! සල්ලි කොහෙන්ද? ප්‍රතිවිපාකත් බරපතළ වේවි!

ආර්ථික ප්‍රශ්නවලින් මිරිකී සිටින රටට සහන පැකේජයක් ආණ්ඩුව ප්‍රකාශයට පත් කර තිබේ. රජයේ සේවකයන්, විශ්‍රාමිකයන්, සමෘද්ධිලාභීන් සහ යුද්ධයේ දී ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීම් කළ ආරක්ෂක අංශ එයින් ආවරණය කෙරේ.

වතුකරයේ ජනතාවට ද තිරිඟු පිටි සඳහා වෙනම සහනයක් සපයා ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ සඳහා අය කරන බදු සම්පූර්ණයෙන් ඉවත්කොට තිබේ. ජීවන වියදම ප්‍රශ්නයක් වී ඇති අවස්ථාවක සහ කොවිඩ් අවදානම මැද ආදායම පිරිහී ඇති ජන කොටසකට අවශ්‍යම කරන උපකාර සැලසීම අගය කළ යුතුය.

සහන ලැබුණ පිරිස මහත් උද්දාමයකට පත්ව ඇති බව සැකයක් නැත. බඩු මිල හා ඉන්ධන මිල ගණන් ඉහළ යෑම ගැන තිබුණ කනස්සල්ල තාවකාලිකව යටපත් විය හැකිය. සහනය සමග මතුවන අනෙක් පැත්තක් ද තිබේ. මෙම සහන දෙන්නේ කෙසේද? ජාතික ආදායම දුර්වල වී ඇති අවස්ථාවක ප්‍රකාශයට පත් කරන සහන සඳහා වහාම මුදල් උපයා ගැනීමට භාණ්ඩාගාරයට සිදු වේ.

ආදායම ඉක්මනින් නංවා ගැනීමේ දී බදු වැඩි කිරීම හැර අනෙක් ප්‍රතිකර්මයක් නැත. ඍජු හා වක්‍ර බදු සශෝධනය කරන්නට සිදුවෙයි. මෙම බදු ගෙවන්නට සිදුවෙන්නේ ද දුක් විඳින පොදු ජනතාවටය. බදු ප්‍රතිශත නැවත වටයකින් නංවන අවදානමක් ඇති පසුබිම තුළ එදිනෙදා ජීවිතයේ බර ඉසිලිය නොහැකි ආකාරයකට තවත් වැඩි කරන අවකාශයක් නිර්මාණය වනු ඇති බව සඳහන් කළ යුතුව තිබේ.

සහනවලට වැය කරන ධනයෙන් උද්ධමනයක් ඇති වෙයි. එයට මුහුණ දෙන පරිදි හැදෙන ආර්ථිකය මැද පන්තිය හා දුගී දුප්පත් ජන කොටස තවත් අර්බුදයකට තල්ලු කරන අවදානමක් ඇත. ඉදිරි මාස කිහිපය තුළ එහි ප්‍රතිවිපාක දැනෙන්නට බැරි නැත. ප්‍රපාතයකින් තවත් පහළට වැටෙන්නට පෙර එයින් ගැලවෙන මගක් සොයාගැනීම අවශ්‍යය. ජනප්‍රිය තීන්දුවලින් ක්ෂණික වාසි ලැබිය හැකිය. ආර්ථික වර්ධනය අරමුණු කරගෙන තද තීරණ නොගතහොත් ඇතිවිය හැකි දරුණු ප්‍රතිවිපාක ද අපේක්ෂා කළ යුතුය.

රජයේ ආර්ථික වැඩපිළිවෙළ අසීරු තැනක බව මෙහි දී අමතක කළ යුතු නැත. අභ්‍යන්තර හා බාහිර වශයෙන් බරපතළ පීඩන දෙකකට මැදි වී සිටී. රජයේ ආදායම පිරිහී ඇත. 2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය එයට සාක්ෂියකි. සංවර්ධන වැඩ කටයුතු සීමා කරන ලද අතර රජයේ ගොඩනැගිලි ඉදිකිරීම් පවා අත්හිටුවීය. රජයේ රැකියා සැපයීම සීමා කර තිබේ. විදේශ විනිමය හිඟය බාහිර වශයෙන් එල්ල වූ පීඩනයකි.

විදේශ සංචිත ගැන අවධානය යොමු කරන්නට සිදුවී තිබේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේ දී පවා විනිමය හිඟ බව වාර්තා වෙයි. රාජ්‍ය ආදායම අඩු, විදේශ විනිමය සංචිත සීමා වී ඇති අවස්ථාවක ප්‍රකාශයට පත්කර ඇති සහන 2022 වසරේ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි තියුණු බලපෑමක් එල්ල කරනු ඇත.

පවතින විෂම රාමුවෙන් ගැලවෙන්නට අලුත් පියවර අවශ්‍යය. බදු වැඩි නොකර රාජ්‍ය ආදායම නංවාගත යුතුව තිබේ. රටට විශාල අවස්ථා නැත. විදේශ විනිමය සංචිත තර කරගත යුතුය. මෙකී වෙනස්කම් සඳහා අනුබලයක් ලෝකයේ වෙනත් රටකින් ලැබෙන්නේ නැත. සෑම රටක්ම කොවිඩ් වසංගතයේ ග්‍රහණයට හසු වී තිබේ. මහන්සියෙන් වැඩ කරන්නට සිදුවේ. නිෂ්පාදනය නැංවිය යුතුය.

මානව සම්පත නිසි සේ උපයෝගී කරගැනීමට සිදුවේ. ඉඩම්, සාගර සම්පත්, බලශක්තිය වැනි පැති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. නිෂ්පාදනය වැඩි කරන අතර ඒවා ලෝක වෙළඳපොළට අපනයනය කළ හැකි ක්‍රම ගැන යුහුසුළු වීම වැදගත්ය.

සහන ලබාදෙන අතර සහන සඳහා අවශ්‍ය ධනය උත්පාදනය කරගැනීම ආණ්ඩුවේ වගකීමකි. ආදායම උත්පාදනය නොකළහොත් ණය බර තවත් උත්සන්න විය හැකිය. ඉදිරියේ දී තවත් ප්‍රශ්න ඇති කරනු ඇත. ණය ගෙවා ගැනීම පවා පහසු නැති අවධියක සිටින අප එවැනි පැති ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය.

ආර්ථිකය එක පැත්තකට දෙන විසඳුම අනෙක් පැත්තකින් අනපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කරන අතර එහි ප්‍රතිවිපාක ඉතාම අහිතකර විය හැකිය. අසීරු අවස්ථාවක ආර්ථිකයක් පාලනය කිරීම පහසු නැත. වියදම අඩු කරගත යුතු අතර වහාම කළ හැකි ප්‍රතිසංස්කරණවලට යා යුතුය. එවැනි ක්‍රියාමාර්ගයකින් බැහැරව ගන්නා තීරණවල අවදානමක් තිබේ.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට යොමු කළ හැකිය.

මිලින්ද මොරගොඩ



අදහස් (2)

සහන හොඳයි! සල්ලි කොහෙන්ද? ප්‍රතිවිපාකත් බරපතළ වේවි!

anura Wednesday, 05 January 2022 06:10 PM

අකැමැති නම් රිට'න් කරන්න.

:       3       3

චන්දිම Thursday, 06 January 2022 07:49 AM

මේ රටේ වැඩ කෙරෙන විදියට ඔන්න ඔය විදියේ සහන පැකේජ දෙන්න වෙන්නේ හදිසි විපත් වගේ හේතු නිසා නෙමෙයි. දේසපාලුවන් හද්ද ගොන් වැඩ කරන්න ගිහින් රටේ ආර්ථිකය වන කර ගත්තට පස්සෙයි. ඒ වගේම ඊළඟ ඡන්දෙදී හද්ද පරාජය වෙන එක අඩු කර ගන්න. හැබැයි මේ සහන දෙන්නේ ඔවුන්ගේ දේපල වලින් නෙමෙයි. දැන් කරන්න හදන්නේ රටේ දේපල සම්පත් රහස් ගිවිසුම් වලින් විකුණලා ඒ ලැබෙන සොච්චම් මුදලින් තව කොමිසුත් ගහගෙන නම් අනාගතයේදී අපේ ඊළඟ පරපුරට විශාල විනාශයකට තමයි මුහුණ දෙන්න වෙන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site