X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


ස්වර්ණමාලි දෙවඟන වූ ගාඩි වංශයේ නායිකාව

02_page_3-R    

 

දේවානම්පියතිස්ස මහ රජතුමා බෞද්ධයකු වීම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට හේතුවක් වූ බව පුරාණ කතා ඇසුරේදී පෙනීයයි. එතුමා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් දහම් අසා ධර්මාවබෝධය ලැබුවා පමණක් නොව ලක්දිව සෑම දෙසම වෙහෙර විහාර කරවන්නටද මූලික විය. ථූපාරාමය ඉදිකිරීම මෙන්ම අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි රෝපණයද සිද්ධ වූයේ දේවානම්පියතිස්ස රජ දවස මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදිය.


අනුරාධපුරයේ අටමස්ථාන වලින් ඉතිරිය ඉදිවුයේ ඉන් සියවස් ගණනකට පසුවය. නමුත් අනුරාධපුරයේ අටමස්ථානය ඉදිවන තැන් මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට පෙන්වා වදාළහ. මේ පුවත පුරාණ ලේඛනවල සඳහන් වේ.


මිහිඳු මහරහතන් වහන්සේ සමන් මල් මිටක් දෝතට ගෙන අහසට විසි කළහ.

5
මහරජ මේ සමන් මල් මිට අහසේදීම අට කොටසකට බෙදී අනුරාධපුරයේ අට තැනෙක පතිත වන්නේය. ඒ වනාහි මතු රුවන්වැලි මහාසෑය, මිරිසවැටිය, ථූපාරාමය, අභයගිරිය ආදී වූ අටමස්ථානය ඉදිවන තැන්ය.


ඒ අනුව අනුරාධපුර අටමස්ථානය ඉදිවුයේ එදා මිහිඳු මහ රහතන් වහන්සේ පෙන්වා වදාළ ස්ථානවල බව කියැවේ.


මේ සිදුවීමෙන් වසර ගණනකට පසුව දුටුගැමුණු මහ රජතුමා අනුරාධපුරයේ රජවිය. එතුමාට රාජ්‍ය බලය ලබාගැනීමට එළාර නම් ද්‍රවිඩ රජකු සමග විශාල සටනක් කරන්නට සිදුවිය. සටනින් ‘දුටුගැමුණු’ ජය ලැබීය. එතුමා තුන් සිංහලය එක්සත් කිරීමෙන් පසු ඊළඟට කළ දැවැන්තම කාර්ය වූයේ රුවන්මැලි මහා සෑ චෛත්‍ය කර්මාන්තයයි.


චෛත්‍යය හැකි තාක් විශාලව සිදු කිරීම දුටුගැමුණු රජතුමාගේ අදහස විය. එතුමා රිදී නගුලක් ගෙන ස්තූපය බැඳීමේ සීමාව ලකුණු කළේය. ඒ, ප්‍රමාණය අති විශාල වූවකි.


‘රජතුමාගේ ජීවිත කාලය තුළ මේ ඉදිකිරීම් නිමාකළ නොහැකියි’.... එදෙස බලා සිටි ඍධිමත් සිද්ධාර්ථ නම් රහතන් වහන්සේ තීරණය කළහ.


‘රජතුමනි ඔබට චෛත්‍යය කළ හැකි සීමාව මා පෙන්වන්නම් ’ යනුවෙන් පවසා සිද්ධාර්ථ රහතන් වහන්සේ මහ සෑයේ ප්‍රමාණය ලකුණු කළහ.


එතැනින් පසු රජතුමාට ඊට වඩා බරපතළ ප්‍රශ්නයක් මතු විය.


මහ සෑය ඉදිකිරීමට වෙන්වූ භූමියේ විශාල තෙළඹු ගසක් තිබෙයි. මේ ගස චෛත්‍ය කර්මාන්තය සඳහා කැපිය යුතුම වේ. මේ වෙලේ තෙළඹු ගසට අධිගෘහිත දේවතාවියක් පෙනී සිට, ‘ මහ රජ ... මේ ගස කැපීමට මා විරුද්ධය. මේ මගේ වාස භවනයි. ඔබේ කටයුත්තට වෙනත් ස්ථානයක් තෝරා ගන්න’.... යි ප්‍රකාශ කළාය.

6
‘දේවතාවිය, අපි මේ කරන්නේ සම්බුද්ධ ශාසනයට උතුම් සේවයක්. මහා සෑය කිරීමට අතීතයේ මහරහතන් වහන්සේ පවා පෙන්වා වදාළ ස්ථානය මෙතැනයි... ඔබ අපට ඉඩ දෙන්න....’ රජතුමා ඉල්ලා සිටියේය.


රජතුමා කී දෙය අසා සිටි දෙවඟන, හොඳයි... මා වෙනුවෙන් යමක් ඔබට කළ හැකිද? යි විමසා සිටියාය. 


‘එසේය..... දේවතාවිය’


‘එහෙනම් මහරජ මගේ නම ස්වර්ණමාලී..... රත්නමාලී කියලත් කියනවා. ඔබ කරවන මහ සෑයට මගේ නම තබන්න. එය කළ හැකිද?


රජතුමා මහ සෑයට ස්වර්ණමාලී නම තැබීමට කැමැති විය. රුවන්වැලි මහා සෑයට රත්නමාලී හා ස්වර්ණමාලි නාමය වැටුණේ මේ සිදුවීම මුල් කරගෙනයි.


එදා වූ මේ සිදුවීම ස්වර්ණමාලී දෙවඟනට තවමත් දවසක් දෙකක් වැනි පුංචි කාලයක් විය හැකියි. ඇයගේ වෘක්‍ෂ දේව ආත්මයේ ආශිර්වාදය තවමත් ස්වර්ණමාලී මහා සෑයට නොමඳව ලැබෙනවා ඇති. ස්වර්ණමාලි සෑයට කරන පින්කම්වලට ස්වර්ණමාලී දෙවඟන අදටත් උදව් උපකාර කරනවා ඇති.


මේ ස්වර්ණමාලී දෙවඟන පිළිබඳව ජනශ්‍රැති පර්යේෂක මාමිණියාවේ ඉලංගසිංහ මහතා අපට තවත් අදහසක් එකතු කළේය.


‘මහත්තයො ඔය රන් තෙළඹු ගහේ කතාවට අනුව ස්වර්ණමාලී කියලා දේවතාවියක් රුවන්වැලි සෑය හදපු ස්ථානයේ වැඩ හිටියා කියනවනේ. ඒ කතාවට තවත් බොහෝම දීර්ඝ ඉතිහාසයකට ගියොත් අනුරාධපුර නගරය මැනවින් ගොඩනැගුවේ පණ්ඩුකාභය රජතුමා. ඒ කාලේ අනුරාධපුර නගරයේ පිරිසිදු කිරීම් කටයුතුවලට කසළ ශෝධකයෝ 500 ක් නවත්වලා තියෙන්නේ ඔය ස්වර්ණමාලී දෙවඟන හිටපු ප්‍රදේශයේ. ඒ කසළ ශෝධකයන් සියලු දෙනාම ‘ගාඩි මිනිස්සු’ අපි දැනට විශ්වාස කරන හැටියට මේ ගාඩි මිනිසුන්ගේ ප්‍රධානියා හැටියට හිටපු කෙනා තමයි ස්වර්ණමාලී (රත්නමාලී) කියන කාන්තාව.

රත්නවල්ලී කියලත් ඇයට කියනවා. ඇය මරණින් මතු දේව ආත්මයක් ලබා මේ ගාඩි ජනතාව අතරම ඉපදුණා කියලා ජනප්‍රවාදයේ විශ්වාස කරනවා. ඇය දේව ආත්මය ලැබුවේ ගාඩි ජනපදයේ තිබුණු තෙලඹු ගසක භූමාටු දෙවඟනක් ලෙස. ඉතින් මේ ගාඩි ජනතාව තමන්ගේ නායිකාව ලෙස සලකා ඇයට වැඳුම් පිඳුම් කරලා තියෙනවා. 

Rasavitha-3.qxd
පණ්ඩුකාභය රජ සමය කියන්නෙ ලංකාවට බුදුදහම ලැබෙන්න පෙර ප්‍රාග් බෞද්ධ සමය. ඒ කාලේ පර්වත වන්දනාව, වෘක්ෂ වන්දනාව, දේව ඇදහිලි, යක්‍ෂ ඇදහිලි, තිබුණා කියනවානේ. කාලවේල චිත්තරාජ වැනි යක්‍ෂයන්ට පවා දේවාල කළ යුගයක්. නාගයන් ඇදහුවා. තාපස ආරාම තිබුණා. ඒ කාලේ රත්නවල්ලි කාන්තාව මරණින් මතු දේවත්වයට පත් කිරීම තුළ ගාඩි ජනයා වැරදි නෑ. ඔවුන්ගේ නායිකාව හැටියට මේ රත්නවල්ලි විවිධ අවස්ථාවල කතා කරන්න ඇති. කසළ ශෝධකයන්ගේ ප්‍රශ්න විසඳල දෙන්න ඇති. ගාඩි ජනතාවගේ දුකට සැපට පිහිට වෙන්න ඇති. ඒ අනුව ඇය මරණයෙන් පසු තෙළඹු ගහේ දේවතාවියක් වූ බව ගාඩි ජනයා ගැඹුරින් විශ්වාස කළා.


ඉහත මතය ප්‍රවාද ගත මතයක් වුණත් තර්කානුසාරයෙන් ස්වර්ණමාලී දේවතා ඉතිහාස අධ්‍යයනයට තවත් අපූරු අදහසකි. ඒ අනුව ස්වර්ණමාලී දේවතාවිය රුවන්වැලි සෑ බිමේ වැඩ සිටින්නේ මෙරට ප්‍රාග් බෞද්ධ යුගයේ සිටය. මේ අනුව ඇය දෙවඟනක වුවද, මුල් අවධියේ බුදුන් සරණ ගිය දෙවඟනක ලෙස නොපෙනේ. ඇය බුදුන් සරණ ගොස් සිටියා නම් මහ සෑ කර්මාන්තයට ස්ථානය ලබා දීමේදි පැකිළෙන්නේ නැත. නමුත් මහ සෑ කර්මාන්තයෙන් පසු මේ ස්වර්ණමාලිනිය බෞද්ධ දෙවඟනක් හැටියට මහ සෑයටත් සැදැහැවතුන්ටත් බොහෝ උපකාර කරන බවට නම් අවිශ්වාසයක් නැත. 


ඒ අනුව ස්වර්ණමාලී චෛත්‍ය වන්දනාව යනු එක් අතෙකින් ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතුන්ට කරන බුද්ධ වන්දනාවකි. තවත් අතෙකින් මහානුභාව සම්පන්න ස්වර්ණමාලී දෙවඟනට කරන ගෞරවයකි. එබැවින් මහ සෑ වන්දනාවෙන් පසු ස්වර්ණමාලි දෙවඟනට පින්දීම වැදගත් කාරණයක් හැටියට තතු දන්නෝ අදහති. 


ඉලංගසිංහ  මහතා අපට තවත් තොරතුරක් මතක් කළේය.


අපේ අත්තප්පල හිටපු කාලේ මළුවේ විශාල කෝන් ගහක් තිබිල තියෙනවා. ඒ කාලේ සති පිරිත් පින්කම අහන්න ආපු සෙනඟ මේ කෝන් ගහටත් වඳිනවාලු. එතැන දේව රූප තියලා කෝන් ගහේ භූමාටු දෙවිවරු වැඩ හිඳිනවා කියන විශ්වාසය තිබිල තියෙනවා. අද මේ කෝන් ගහ නෑ. නමුත් රුවන්වැලි සෑයේ ආරක්‍ෂාවට භූමාටු දෙවිවරු එදත් ඒ අවට විමාන තනාගෙන හිටියා කියලා අත්තප්පල කිවුවා. ඒ අය මේ කෝන් ගහට දෙවිවරු වඩිනවා දැකලත් තියෙනවා. එවැනි භූමාටු දේව විමාන තමත් රුවන්වැලි සෑය අවට ඇති කියන එක නම් අමතක නොකළ යුතුයි.


සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට එදා බුදු රජාණන් වහන්සේගෙන් බණ ඇසූ දෙවිවරුන්ට මහ රහත් උතුමන්ගෙන් බණ ඇසු දෙවිවරුන්ට දිව්‍ය ආයුෂයට අනුව එදා මෙදා කාලය ඉතාම සුළු කාලයකි. පිනට දහමට ප්‍රිය දෙවිවරුන්  බණ ඇසීමට කැමැති දෙවිවරු බුද්ධ කාලයේත් ආරාම අසළ විමාන තනා ගෙන සිටි බව පැරණි කතා තුළදී බොහෝ හමුවේ. 


ඒ අනුව ස්වර්ණමාලී මහා චෛත්‍ය අසල සිදුවන පින්කම් දැක බලා ගන්නට, ඒවාට සහභාගී වන්නට, ආශිර්වාදය පිහිට ලබා දෙන්නට, එහි සිදුවන පිරිත් දේශනා, ධර්ම දේශනා අසන්නට දෙවිවරු ප්‍රිය සිතින් මහා සෑ මළුව අවට ගස්වල වැඩ වසන බව සිතිය හැකිය.


අනුරාධපුර පූජා නගරයේ වෙසෙන ඇතැම්හු පූජා භූමියේ පැරණි ගස්වලට රාත්‍රී කාලයේ අහසින් ඇවිත් නොපෙනී යන විවිධ ආලෝක ධාරා දැක ඇත.
ඒවා දකින සමහරුන් වෘක්‍ෂ දෙවියන් යැයි සිතා වඳින පුදන ගස් අනුරාධපුර නගරයේ බොහෝ ඇත. විශේෂයෙන් දේව රූප තබාගෙන වන්දනීය පූජනීයත්වයක් ගහට ආරෝපණය කර, ඒ අසල පඬුරු ගැට ගසා, දේව කන්නලවු කර, දෙවියන්ට, ආහාර පුදා දෙවියන්ගෙන් යහපත, පිහිට ඉල්ලා සිටින වෘක්ෂ වන්දනා ස්ථාන අනුරාධපුරයේ සුලබය. ඉන් සමහරක් රුවන්වැලි සෑය, මහ බෝ අවටද වෙයි.


කෙසේවෙතත් අනුරාධපුර ජනයා වෘක්ෂ දේව වන්දනාව දැඩිව හුරු පිරිසක් වුයේ කෙසේද යන්න ගැඹුරු විමර්ශනයක් තුළින් සොයා බැලිය යුතුය.
රජරට ජනතාව මහසෑය මහ බෝ ආදී පූජනීය ස්ථානවලට කරන වන්දනාමානවලට අමතරව ජලය - වෘක්ෂ ආදී බොහෝ දේටද දේවත්වයෙන් වඳිති, පුදති. 
ඒවා ඔවුන්ගේ ජීවන දර්ශනය තුළට ආවේ කෙසේද ?  දේවත්වයන් ආරෝපණය වූයේ කෙසේද ? මෙවැනි දේ පුළුල් විශ්ලේෂණයන් තුළ අප සොයා යා යුතු කරුණු වේ.

m



අදහස් (0)

ස්වර්ණමාලි දෙවඟන වූ ගාඩි වංශයේ නායිකාව

ධර්මසිරි Tuesday, 05 April 2016 01:10 PM

ජීවිත කාලයටම මේවා වටිනවා .මම මේ ලිපි කියවනවා .ඔබ සැමට බුදු සරණි. දෙවි පිහිටයි.! (ර)

:       0       0

ආලෝක. Wednesday, 06 April 2016 06:14 AM

හොඳ ලිපියක්.(හේ)

:       0       0

රොෂාන් Wednesday, 06 April 2016 09:32 AM

මෙවෑනි ලිපි කියවන හෑමෝටම තෙරුවන් සරණයි (හේ)

:       0       0

ශානිකා Thursday, 07 April 2016 02:06 PM

ලස්සන, හොඳ ලිපියක්. දන්නේ නැති දේවල් ගොඩක් දැනගත්තා (නි)

:       0       0

පුෂ්පා Monday, 11 April 2016 09:57 AM

කැමත්තෙම්ම කිවන ලිපි පෙළක්. නොදන්නා හුගක් දේවල් දැනගන්න අපට පුළුවන්.තවත් මෙවන් ලිපි පලකරන්න.(ම)

:       0       0

නිලූක Monday, 18 April 2016 11:26 PM

රසවත් ලිපියකි. එසේම මෙම රත්නමාලි දේවිය පිළිබඳ තවත් පුරාවෘත්තයක් පවතී. එනම් වසර 5000 කට පෙර ලක්දිව එක් ඍෂිවරයෙක් ජීවත්විය. එනම් අප කවුරුත් දන්නා මහා රාවණාගේ පියාණන් වූ පුලස්ති ඍෂිවරයායි. ඔහුගේ බාල දියණය ස්වර්ණමාලී නම් විය. පසුකාලීනව යක්ෂ ගෝත්‍රිකයන් ඇය දේවත්වයේ ලා පිදුම් කළහ. ඇය වාසය කළ රුක මෙය බව සඳහන්ය. එසේම රුවන්වැලිසෑයේ හතරැස් කොටුව නිම කිරීමට රාවණා රජු විශ්වතරණය සදහා යොදාගත් තාරකා දොරටුව ලබාදුන් බවද එය තැන්පත්කොට හතරැස්කොටුව නිම කළ බවද සඳහන් වේ. අනුරාධපුර වැසියන් ලෙස අප විශ්වාස කරන්නේ එම කතා පුවතය (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 21 April 2016 08:16 AM

පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වර්ණමය හඩින් "ඔබේ නමින් සැය බදිමි" ගීතය ස්වර්ණමාලිය හොදින් විස්තර කරනු ඇත. (හේ)

:       1       0

සතිස් Thursday, 21 April 2016 01:54 PM

ඉතා වටිනා ලිපියකි. මෙම පුරාවුර්ත සහ පාරම්පරිකව පැවතෙන කතා ඉතා ගැඹුරින් අද්‍යනය කර සත්‍යය මතු කරගෙන ඒවා ලේකන ගත කල යුතුයි. නැතිනම් උතුර, නැගෙනහිර ට දැනට වෙලා තියන දෙය අනුරාදපුරයටත් වෙනවා නොඅනුමානියි.(හේ)

:       0       0

වීරවර්ධන Thursday, 28 April 2016 06:04 AM

ඉතාමත් හොඳ ලිපියක් ලංකාදීප ස්තූතියි (බ)

:       0       0

සේනක Monday, 02 May 2016 02:47 PM

මට හිතෙන්නේ ස්වර්ණමාලි දෙවගන වන්දනා කරපු ජනතාවගේ ඉල්ලීමට එකඟවෙලා රජතුමා චෛත්‍යයට ඒ නම දාන්න ඇති.(හේ)

:       0       0

අනුර Friday, 06 May 2016 02:23 PM

නොදන්නා දේවල් ගොඩක් අපිට මේ ලිපියෙන් දැනගත හැකිවුණා.මේ වගේ ලිපි අලුත් පරපුරට ගොඩක් වැදගත් වෙනවා. ඔබ සැම දෙනාටම තෙරුවන් සරණ පතමි! (නි)

:       0       0

ටෙරන්ස් Saturday, 07 May 2016 01:42 AM

හරිම රසවත් ලිපියක් (නි)

:       0       0

ආනන්ද Thursday, 07 July 2016 12:06 AM

ලංකාදීප දිනේවා! මෙවැනි ලිපි මෙන්ම ජනතා අදහස් රටට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දී තිබෙන අපේ ලංකාදීප පුවත්පත දිනේවා! දිනේවා! දිනේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site