X Advertisement
IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


සීගිරියේ බිතු සිතුවම් විනාශය

කි‍්‍ර. වර්ෂ 476 සිට 498 දක්වා රජ කළ කාශ්‍යප රජතුමා ගොඩ නැගූ සීගිරි බලකොටුව සිංහල රාජවංශයේ අමරණීය නිර්මාණයකි. එය ලංකා ඉතිහාසයට පමණක් සීමා වූවක් නොවේ. විදේශිකයන්ද සීගිරිය පිළිබඳව දක්වන්නේ අසීමිත ආදරයකි. මෙම බලකොටුව ගොඩ නගා ඇති ආකාරය අපේ පැරණි සිංහලයන් තුළ පැවති ශිල්පීය ඥාණය ලොවටම කියා පාන සංකේතයක් බඳුය. සීගිරියේ උද්‍යාන අලංකාරය, බලකොටුවේ ආරක්ෂාව, ජල නළ පද්ධතිය ඇතුළු සෑම ඉදිකිරීමක්ම ලෝකයා ඉදිරියේ තබන්නේ ප‍්‍රශ්නාර්තයකි. සීගිරියට පැමිණෙන දස දහස් සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයින්ගේ නෙත් සිත් වශීකරන සීගිරි බිතු සිතුවම් ලෝක ඉතිහාසයේද ලාංකීය ඉතිහාසයේද අමරණීයත්වයට පත්ව තිබේ. මෙවන් නිර්මාණ ලෝක උරුමයන් බවට පත්ව තිබෙන්නේ එහි ගැබ්වී ඇති සුන්දරත්වය හා ආකර්ශණීයත්වය නිසාමය. සීගිරි ලඳුන්ගේ රූපශ‍්‍රියාවට වෛර බැඳගත් පිරිස්ද නැත්තේ නොවේ. එවැනි පිරිසක් සිදුකළ අමානුෂික ක‍්‍රියාවක් නිසා අපේ ඉතිහාසය ඉරිතලා ගියේය. කලාකාමී හදවත් ශෝකයෙන් මුසපත් කළ සීගිරි බලකොටුවේ ශෝක ජනක සිදුවීම 1967 ඔක්තෝබර් මාසයේ 13 වෙනි දින සවස් යාමයේදී සිදුවිය. එය නූතන ඉතිහාසයේ සඳහන් වන කඳුළු කතාවකි. ශත වර්ෂ ගණනාවක් ස්වභාව ධර්මයේ උවදුරකට පවා පත් නොවූ සීගිරි ළඳුන් මිනිස් උවදුරකට ගොදුරු වූ බව ලක්වැසියන්ට දැනගන්නට ලැබුණේ 14 වෙනි දින හිරු උදාවීමත් සමගය. හොර රහසේම සීගිරි බලකොටුවට ඇතුළු වූ කිහිප දෙනෙකු ශත වර්ෂ ගණනාවක් ලෝකයේ කලාකාමී රසවතුන්ගේ දෑස් පිනවූ බිතු සිතුවම් දහ අටක තාර වැනි ඝණ තීන්ත වර්ගයක් අතුල්ලා එම සිතුවම් විනාශයට පත් කළ අතර උල් ආයුධයකින් ඇන සිතුවම් දෙකක ළැම ප‍්‍රදේශයට තුවාල සිදු කර තිබුණි. මෙම ශෝකජනක සිදුවීම 14 වන දින පෙරවරු කාලයේදී දුරකථන පණිවුඩයක් මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනගන්නට ලැබුණේය. අදහාගත නොහැකි එම පණිවුඩය ලද වහාම ක‍්‍රියාත්මක වූ පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සී.ඊ. ගොඩකුඹුරේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසඥ ආචාර්ය රාජා ද සිල්වා යන මහතුන් සීගිරියට ගොස් සිදුවී තිබෙන තත්ත්වය එවකට අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාට දන්වා සිටි අතර අවශ්‍ය පරීක්ෂණ පැවැත්වීම් කටයුතු පොලිසියට භාර කරන ලදී. ඔක්තෝබර් 14 වන දින සිට සීගිරිය නැරඹීමට පැමිණීමද ජනතාවට තහනම් විය. රජයේ උපදෙස් පරිදි සීගිරි ළඳුන් ප‍්‍රකෘති ස්වභාවයට පත් කිරීම සඳහා කඩිනම් පියවර ගනු ලැබීය. සීගිරි  බිතු සිතුවම්වලට සිදුවී  ඇති විනාශය සම්බන්ධයෙන් ආචාර්ය සී.ඊ. ගොඩකුඹුරේ මහතා එවකට ඇමරිකානු තානාපති කාර්යාලයේ සංස්කෘතික නිලධාරී ඩබ්ලිව්.ඒ. සයිමන් මහතා සමගද සාකච්ඡුා පවත්වා තිබේ. ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය බී.බී. ලාල් මහතාගෙන් උපදෙස් ලබා ගැනීමටත් ඉතාලියේ සිටින අතිදක්ෂ පුරාවිද්‍යා රසායන විශේෂඥයා ලංකාවට ගෙන්වා ගැනීමටත් රජය තීරණය කළේය. ඉතාලි විශේෂඥවරයා ගෙන්වා ගැනීම සඳහා එවකට ඉතාලියේ ලංකා තානාපතිව සිටි එච්.ඩබ්ලිව්. විජේකෝන් මහතා දැනුම්වත් කරමින් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය විසින් ඔක්තෝබර් 19 වෙනි දින ඉතාලියේ ලංකා තානාපති කාර්යාලයට විදුලි පුවත්පතක් යවන ලදී. එහි ප‍්‍රතිඵලය වූයේ ඉතාලියේ අතිදක්ෂ පුරාවිද්‍යා රසායන විශේෂඥයා වූ ආචාර්ය ලූසියානෝ මරාන්සි මහතා ලංකාවට පැමිණීමයි. මේ වන විටත් රසායන විශේෂඥ රාජා ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සීගිරි ළඳුන්ගේ පැවැත්ම වෙනුවෙන් මහත් වෙහෙසක් දරමින් සිටියහ. විදේශීය විශේෂඥ පිරිස් පැමිණෙන තෙක් විනාශයට පත් කළ සීගිරි සිතුවම් මත රසායනික ද්‍රව්‍ය ආලේප නොකරන ලෙසටත් තීන්ත පාරවල් ඉවත් නොකරන ලෙසටත් සේවයේ යෙදී සිටි පිරිසගෙන් අගමැති ඩඞ්ලි සේනානායක මහතා ඉල්ලීමක් කරන ලද්දේ එතුමාද සීගිරියේ බිතු සිතුවම් කෙරෙහි දැක්වූ ආදරය නිසාමය. සිදුවූ විනාශයෙන් සීගිරි ලඳුන් සාර්ථකව මුදවා ගැනීමට අගමැති තුමා ඇතුළු සියළුම පිරිස්වලට තිබූ අවශ්‍යතාවය එදා පැහැදිලිව දකින්නට ලැබුණේය. අධ්‍යාපන, සංස්කෘතික අමාත්‍ය අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා සීගිරියේ සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් මාසයේ 21 වෙනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක්ද කළේය. ඉතාලි ජාතික ලූසියානෝ මරාන්සි, රාජා ද සිල්වා සහ ගොඩකුඹුරේ යන මහතුන් ඇතුළු පිරිසක් ඔක්තෝබර් මස 24 වෙනි දින සීගිරියට ගොස් විකෘති කළ බිතු සිතුවම්වලට  නව පණක් ලබා දීමේ ඓතිහාසික මෙහෙයුම ආරම්භ කළෝය. තමන්ට සිදුවූ විපතක් සේ සලකමින් එම මෙහෙයුමට දායක වූ සියල්ලන්ම එකාවන්ව කටයුතු කිරීම ජාතියේ වාසනාවක් විය. මරාන්සි මහතා ඇතුළු පිරිස එසේ කටයුතු කරද්දී සාහිත්‍යධරයකු මෙන්ම කලාකාමියෙකු වූ එවකට මාතලේ දිසාපතිවරයාව සිටි සරත් අමුණුගම මහතා (වර්තමාන අමාත්‍ය* දිනපතාම සීගිරියට පැමිණ සේවයේ යෙදී සිටි පිරිස සමග එක්වී සිටීම සුපුරුදු දසුනක් විය. කැඩපත් පවුරේ සටහන්ව ඇති කුරුටු ගී පිළිබඳව මරාන්සි මහතාට පැහැදිලි කරමින් සරත් අමුණුගම දිසාපති වරයා ඔවුන්ට කුරුටු ගී වල ඇති රසවත් භාවය කියා දෙමින් සේවයේ යෙදී සිටි පිරිසගේ වෙහෙස නිවීමට ගත් උත්සාහය සීගිරියේ කඳුළු කථාවේ අමතක නොවන සිහිවටනයකි. ලූසියානෝ මරාන්සි මහතා ඉතාලියෙන් රැුගෙන ආ ඩෙකා පෙක්ස් නමැති රසායන ද්‍රව්‍යය භාවිතා කරමින් ඔහුගේ අත්දැකීම් ඒ හා මුසු කරමින් සීගිරි ලඳුන් ප‍්‍රකෘති තත්ත්වයට පත් කිරීමට ගත් උත්සාහය සාර්ථක වූ අතර ආචාර්ය රාජා ද සිල්වා මහතා ප‍්‍රමුඛ දේශීය සේවක පිරිස දැක්වූ කැපවීම සීගිරි ඉතිහාසයේ නොමැකෙන සටහනක් විය. අපේ ඉතිහාසය විකෘති කිරීමට තැත් කෙරූ සීගිරියේ බිතු සිතුවම් විනාශය පරදවමින් නැවතත් සීගිරි ලඳුන් දැක බලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයින්ගේ දෑස් පින් කර තිබූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. රුදුරු ඛේදවාචකයක් නිමා කරමින් නැවතත් සීගිරි ලඳුන් පෙර සේම තම රූප ශෝභාවන් අපේ හදවත් තුළට සමීප කරමින් කියා සිටින්නේ සීගිරි රජ දහනෙන් මෙපිට ආලකමන්දාවක් ලෝකයේ වෙනත් කිසිම තැනක නොමැති බවය. සියලූ වැඩ කටයුතු සාර්ථකව නිමකර ලංකාවෙන් පිටත් වීමට පෙර ලූසියානෝ මරාන්සි මහතා මෙම ප‍්‍රකාශය කළේය. ”මෙතරම් කලාත්මක අගයක් ඇති චිත‍්‍ර මා ලෝකයේ කිසිම රටකදී දැක නැත.” ගාමිණී පරණයාපා



අදහස් (0)

සීගිරියේ බිතු සිතුවම් විනාශය

වසන්ත නාත් පතිරත්න බිබිලේ. Friday, 23 September 2011 02:00 PM

අතිතයේ ශ්‍රි විභුතිය පමණයි අපිට දැන් ආඩමිබර වෙන්න ඉතිරිව ඇත්තේ.අනේ දෙවියනේ එයවත් රුකගන්න.අපිට කියාදෙන්න.

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 03:56 PM

අපේ ලෝක උරුමයන් වනසන්නට කිසවෙකුටත් ඉඩ දෙන්න එපා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site