X Advertisement
IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


සුදුවෑන් ගැන හිටපු නාවික හමුදාපති කතා කරයි

 SLD_20150308_A012

 

 

යුද සමයේදි නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනකු සුදුවෑන් කණ්ඩායමක් මෙහෙයවූ බවට ප‍්‍රවෘත්ති පළ වෙමින් තිබේ. මේ ඒ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා සමග කළ සාකච්ඡාවකි.

 


ප‍්‍රශ්නය: ඔබ නාවික හමුදාපතිව සිටි සමයේ සුදු වෑන් කණ්ඩායමක් කි‍්‍රයාත්මක  වුණු බවට පුවත් පළ වෙනවා.
 පිළිතුරු:
ඒක සම්පූර්ණ අසත්‍යයක්. නාවික හමුදාවේ කවදාවත් ඔය කියන විදියේ  සුදු වෑන් කණ්ඩායමක් හිටියේ නැහැ. අපේ නාවික  හමුදාවේ රාජකාරි සියයට හැත්තෑවක් පමණ කෙරෙන්නේ මුහුදේ. නාවික හමුදාපතිගේ ආරක්‍ෂාව, කඳවුරුවල ආරක්‍ෂාව. ඒ වගේ ගොඩබිමට අදාළ කාර්යයන් කිහිපයකුත් අපට පැවරිලා තියෙනවා. විශේෂයෙන්ම ති‍්‍රකුණාමලය වැනි ප‍්‍රදේශවල නාවික හමුදාවට වරායේ        ආරක්‍ෂාව  සම්බන්ධයෙන් වගකීමක්  තියෙනවා. ඒ අනුව සියයට හැත්තෑවක් පමණ මුහුදෙත් සීයට තිහක් පමණ ගොඩබිමත්  රාජකාරි කෙරුණා. ඒ අනුව ඔය කියන විදියේ සුදුවෑන් කණ්ඩායමක් අපට  ඉන්න විදිහකුත් නෑ. ඒ නිසා එම ප‍්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක්.

 


ප‍්‍රශ්නය : නමුත් එම සුදුවෑන් කණ්ඩායම පුද්ගලයන් පැහැර ගෙන ගොස් කප්පම් ගෙන පසුව මරා දමා ඇති බවත්, දැන් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙන බවත් පැවසෙනවා.
 පිළිතුර :
ඇත්තටම ඒ නිසා තමයි නාවික හමුදාවේ ගෞරවය වෙනුවෙන් මේ ප‍්‍රශ්නවලට පිළිතුරක් සැපයිය යුතුයි කියලා  මම කල්පනා කළේත්. 2009 වසරෙදි නාවික හමුදාවේ එක් ආරක්‍ෂක නිලධාරියෙක් හිටියා.  ඒ පුද්ගලයා සම්බන්ධයෙන් මම පොලිස්පතිතුමාට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ඒ වගේම  ආරක්‍ෂක අමාත්‍යාංශයටත් ඒ කාලෙම දැනුම්වත් කළා.

 


 ප‍්‍රශ්නය: කුමක් සම්බන්ධයෙන්ද පැමිණිලි කළේ!
පිළිතුර:
පුද්ගලයන් පස් දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධව.

 


ප‍්‍රශ්නය ඔබට ඒ තොරතුරු ලැබෙන්නේ?
 පිළිතුර:
අපේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට ඒ සම්බන්ධයෙන් දුරකථන ඇමතුමක් ඇවිත් ඒ නිලධාරියා මාව දැනුම්වත් කළා. ඊට පස්සේ තමයි අපි ඔහු සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කළේ. ඊට පසුව තමයි ඔහු පිළිබඳව පැමිණිලි කළේ. ඒ අනුව 2011 වසරේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව විභාග කරලා. උසාවියට සනාථ කරලා තියෙනවා. ඔය පුද්ගලයා ඒ සිද්ධියට සම්බන්ධයි කියලා. සාක්ෂි තියෙනවා කියලා.

 


ප‍්‍රශ්නය: සම්පත් නමැති පුද්ගලයාට ත‍්‍රස්ත විමර්ශන කටයුතු සම්බන්ධයෙන් රාජකාරිමය වගකීමක් තිබුණාද?
පිළිතුර:
නෑ ඔහුට එබඳු කිසිදු රාජකාරිමය වගකීමක් තිබුණේ නැහැ.

 


ප‍්‍රශ්නය: එහෙම නම් ඔහු කොහොමද මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්නේ?
පිළිතුර:
ඒවා අතිශය රහසිගතව කරලා තියෙන්නේ. ඔහුට ඇතැම්විට පිටස්තර කණ්ඩායමක් ඉන්න ඇති. ඔහු පිළිබඳව තොරතුරු ලැබුණෙම ඔහුගේ කාමරය විශේෂ පරීක්‍ෂාවට ලක් කෙරෙනවා. එතැනදි තමයි දෙමළ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ හැඳුනුම්පත් ලැබෙන්නේ. අපි ඒවා සියල්ලම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නා.

 


 ප‍්‍රශ්නය : ඇයි ඔහු සම්බන්ධයෙන් නාවික හමුදාව පරීක්‍ෂණයක් නොකළේ?
පිළිතුර :
අපි මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කරනවාත් සමගම ඔහු පලා ගියා.

 


 ප‍්‍රශ්නය : ඔහු පලා ගිහින් බාර වූයේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාටද?
පිළිතුර:
ඔව්! ඒක සත්‍යයක්.

 


ප‍්‍රශ්නය: ඊට පසුව ඔහු බන්ධනාගාරගත කෙරෙනවා.?
පිළිතුර:
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ඔහු බාර වෙලා කියලා මට දැනගන්න ලැබුණාම මම ඒ බව බලධාරීන් දැනුම්වත් කළා. ඊට පස්සේ තමයි ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්නේ.

 


 ප‍්‍රශ්නය : මෙම කණ්ඩායම අධීක්‍ෂණය නාවික හමුදා හිටපු මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඞී.කේ.පී. දසනායක මහතාට පැවරී තිබූ බවත් කියැවෙනවා.
 පිළිතුර :
පළමු වැනි දේ තමයි එහෙම කණ්ඩායමක් හිටියේ නෑ. අනික් කාරණය තමයි කපිතාන් ඞී.කේ.පී. දසනායක නියෝජ්‍ය නාවික මෙහෙයුම් හැටියටයි කටයුතු කළේ. යුද සමයේ ඔහු ඉතා දක්‍ෂ නිලධාරියෙක්. යුද්ධය අවසන් මාස තුනේ මුලතිව් මුහුදු තීරයේ ඉදිරිපෙළ රාජකාරි බාරව හිටියේ එම නිලධාරියයි. ඔහුට ඒ නිසා මේ සම්බන්ධව  කිසිම රාජකාරියක් පවරලා නෑ.

 


 ප‍්‍රශ්නය : කපිතාන් ඞී.කේ.පී. දසනායක විශේෂ නාවික පාඨමාලාවක් හැදෑරීමට ඇමෙරිකාවට ගොස් සිටියදී ඔහු මෙරටට ගෙන්වා කට උත්තර ගැනීමක් වුණා.
 පිළිතුර :
මට පේන විදිහට  එම නිලධාරියාව මෙම සිද්ධියට පටලවන්න හදන උත්සාහයක් තමයි මෙතැන වෙමින් තියෙන්නේ. ඒ නිලධාරියා අවශ්‍ය උත්තර දෙයි කියලා. මම හිතනවා.

 


ප‍්‍රශ්නය : ඔබ හිතනවද යුද සමයේ මෙහෙම දේවල් වෙන්න ඇති කියලා.
පිළිතුර :
අපි කොහෙත්ම එවැන්නකට ඉඩක් දීලා තිබුණේ නැහැ. අපි නිතරම කිව්වේ සිවිල් ජනතාවට කිසිම ආකාරයක හිංසනයක් නොවිය යුතුයි කියලා. ඒ සම්බන්ධයෙන් ගත යුතු ගත හැකි සෑම පියවරක්ම ගත්තා. නමුත් සමහරු වැරදි වැඩ කළානම් ඒ පිළිබඳව යම් සුළු  හෝ තොරතුරක් අපට ලැබුණානම් අපි වහාම කි‍්‍රයාත්මක වුණා. මේ සිද්ධිය වුණත් ඒකට හොඳ උදාහරණයක්.

 


 ප‍්‍රශ්නය : මේ ප‍්‍රශ්නය යළිත්  අලූතෙන් මතු වුණේ කොහොමද?
පිළිතුර:
මටත් හිතාගන්න බැරි ඒකයි. මේ පිළිබඳ පැමිණිලි කරලා. ඒ පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද විමර්ශනවලින් ඒ පුද්ගලයා එම සිද්ධියට සම්බන්ධයි කියලා තහවුරු කරලා තියෙන්නේ. ඒ පුද්ගලයා දැනට ඇප පිට ඉන්නේ. ඒක එහෙම තිබියදි මේක වෙනස් ආකාරයකට යන්නේ ඇයි කියලා මටත් හිතාගන්න බෑ.


ඒ නිසයි ඔබ මේ ගැන මගෙන් විමසුවාම මෙයට පිළිතුරක් දිය යුතුයි. කියලත් පැවසුවේ මොකද මට අවශ්‍ය නාවික හමුදාවේ කීර්තිනාමය රැුක ගන්න නාවික හමුදාව මේ යුද්ධයේදී සුවිශේෂි සේවයක් කළා. කැප්ටන් දසනායකත් විශාල කාර්යභාරයක් කළා. ඒ  වගේ දක්‍ෂ නිලධාරීන් රැුකගන්න මගෙත් යුතුකමක් තියනවා. අදාළ පුද්ගලයා වෙනම ඉන්නවා. මේ එක පුද්ගලයෙක් නිසා නාවික හමුදාවට අගෞරවයක් නොවිය යුතු නිසයි. මම මේ කතා කළේත්. මේ සම්බන්ධයෙන් අපක්‍ෂපාතී  සාධාරණ පරීක්‍ෂණයක් රජය කරගෙන යනවා. එමගින් නාවික හමුදාවේ කිර්තිය රැකෙයි කියලා මම හිතනවා.

 

m



අදහස් (0)

සුදුවෑන් ගැන හිටපු නාවික හමුදාපති කතා කරයි

කුමාරි Wednesday, 11 March 2015 01:17 PM

ආණ්ඩුවක් පෙරලෙනකොට ඔහොම තමයි මහත්තයෝ...වැරදි නැති අයත් වැරදි කාරයෝ වෙනවා... මේ වැඩ වලින් ලෝකය ඉදරියේ අපකීර්තියට පත් වන්නේ අපේ ශ්‍රීලංකා මාතාවගේ නමයි (අ)

:       0       0

අනුරුද්ද Wednesday, 11 March 2015 01:30 PM

හිටපු නාවික හමුදාපති හා මාර්ග සංවර්ධන ලේකම් තුමනි. ජනතාවට ඔබේ පිළිතුරු සැපයීම ගැන ස්තුති කරමි. (අ)

:       0       0

මාපලගම Wednesday, 11 March 2015 04:25 PM

සුදුවෑන් සිද්ධි ලංකාවේ සිදුවුණ සත්‍ය සිදුවීම්. කවුරු කළාද කියා කෙළින්ම කියන්ට බැරිවුණත් යම් අදහසක් ගන්න පුලුවන්. (නි)

:       0       0

මැණික් Thursday, 12 March 2015 02:18 AM

මේ ගැන පුදුමවෙන්න දෙයක් නැහැ මට නම් (නි)

:       0       0

සෙනරත් Thursday, 12 March 2015 03:57 AM

යුද්දේ හරියට කරපු නියම සොල්දාදුවන්ට පහරගහනවා. මේක තමා "යහපාලනය" (ම)

:       0       0

රොසාන් Thursday, 12 March 2015 04:22 AM

මොකා හරියට යුද්දේ කලත් වැරදි දේට දඩුවම් ලෑබිය යුතුයි. සොල්දාදුවෙක් රට දෑය වෙනුවෙන් සේවය කරන එක ඔවුන්ගේ යුතුකමයි (නදී)

:       0       0

දුමින්ද Thursday, 12 March 2015 08:51 AM

තරු ජෙනරාල් වරුන්ගේ හබයක්-හබන් කුකුලන්ට රජ මගුලක්.(හේ)

:       0       0

අශෝක Friday, 13 March 2015 02:16 PM

නාවික හමුදාවේ බොහෝ රහස් පිටරටවලට ගියා කියල මම හොදින්ම දන්නවා. (අ)

:       0       0

මංජරී Monday, 16 March 2015 03:12 PM

දසනායක හා කරන්නාගොඩ ගෞරවනීය දක්ෂ දේශමාමක රණවිරුවන් බව මාත් හොඳින්ම දන්නවා!මේ දෙදෙනාම ඉපැයුවේ ගෞරවය පමණි.සාක්ෂි නැතිව ඔව්න්ගේ ගරුත්වයට හානි වන වචන බාවිතා කරන්න එපා ඉන් ඔබගේ පෞරුෂත්වය කියාපානවා. (ස)

:       0       0

අමිත Tuesday, 17 March 2015 02:50 AM

දැන් තමයි ගොඩක් දේවල් එළියට එන්නේ? කළ අපරාධ වලට කාටවත් සමාවක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site