X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


සුදුස්සාට-නුසුදුස්සාට සහනාධාර දිය යුතුද?

හත් වසරක කාලයක් පුරා සහනාධාර මිලට භූමිතෙල් සැපයීම වෙනුවෙන් තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල් භාණ්ඩාගාරයෙන් නිසි පරිදි ගෙවා නැති බව නොබෝදා වාර්තාවීය. ඒ අනුව 2014 සිට 2020 දක්වා සහනාධාර මිලට භූමිතෙල් සැපයීම වෙනුවෙන් භාණ්ඩාගාරය තවත් රුපියල් කෝටි 3513ක් තෙල් සංස්ථාවට ගෙවිය යුතුව තිබේ.

ආර්ථිකයක් තුළ සහනාධාර සැපයීමේ මූලික අරමුණ විය යුත්තේ ඒ මගින් ආර්ථිකය උත්තේජනය කිරීමයි. ආර්ථිකය තුළ තෝරාගත් එක් එක් ක්‍රියාකාරකම් සහනාධාර දීමෙන් ප්‍රවර්ධනය කිරීම ඔස්සේ ආර්ථිකය උත්තේජනය කිරීමේ බලාපොරොත්තුවෙන් සහනාධාර සැපයීම කෙරේ. සාමාන්‍යයෙන් ලෝකයේ රටවල ආණ්ඩු විසින් සහනාධාර දෙනු ලබන්නේ අංශ 5ක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය උදෙසාය.

අපනයන, කෘෂිකාර්මික, තෙල්, නිවාස හා සෞඛ්‍ය යනු එම ක්ෂේත්‍රයෝය. (ආහාර සහනාධාර අයත් වන්නේ සෞඛ්‍ය හා කෘෂි ක්ෂේත්‍රවලටයි). මෙම ක්ෂේත්‍ර පහ සඳහා මහජනයාට හෝ පෞද්ගලික ආයතනවලට හෝ ආණ්ඩුව ලබා දෙන මූල්‍ය සහන සහනාධාර වෙයි. ඍජු සහ වක්‍ර ආකාරයෙන් සහනාධාර ලබාදෙනු ලබන අතර බදු සහන අයත් වන්නේද අඩු පොලියට ලබාදෙන නිවාස ණය අයත් වන්නේද සහනාධාර ගනයටමය.

අප රටේ නිදහස ලැබූ දා පටන් මේ දක්වා ඉහත කී සහනාධාර වර්ග පහම ක්‍රියාත්මක වී තිබේ. සහනාධාර දීමේ මූලික අරමුණ ඉහත කී ලෙස ආර්ථිකය උත්තේජනය කිරීම වුවද අප රටේ සහනාධාර දීමේ ප්‍රතිඵලය වී ඇත්තේ ආර්ථිකය වළපල්ලට යෑමය.

නිදහස ලැබූ දා පටන් සහනාධාර ඉල්ලීමේ හා සහනාධාර පිරිනැමීමේ සංස්කෘතියකට අපි හුරුවූයෙමු. ඡන්ද දායකයෝ සහනාධාර පිරිනමන්නාට ඡන්දය දුන් අතර දේශපාලකයෝ සහනාධාර පිරිනැමීමට මැතිවරණ පොරොන්දු දුන්හ.

සහනාධාර සැපයීම ඵලදායී වන්නට නම් තෝරාගත් ක්‍රියාකාරකම් උදෙසා තෝරාගත් පිරිසකට සහනාධාර පිරිනැමිය යුතු වුවද මැතිවරණ පොරොන්දු ඔස්සේ ඇති හැකි එකාටත් නැති බැරි එකාටත් පොදුවේ සහනාධාර පිරිනැමුණේ ඡන්ද ලබා ගැනීමේ වුවමනාවටය.

සහල් සහනාධාරය, ඛනිජතෙල් සහනාධාර, විදුලිය පරිභෝජනය උදෙසා සහනාධාර සැපයීම ඉන් කිහිපයකි. රජයෙන් සහනාධාර සැපයීමේදී ඒ සඳහා පිරිස් තෝරා ගැනුණේ නැති තරම්ය. බලයට පත්වුණ ආණ්ඩුවකින් ආර්ථිකයට දරාගත නොහැකි ආර්ථිකය උත්තේජනය නොවන සහනාධාර කපා හැරිය විට එහි ප්‍රතිඵලය වූයේ එකී පක්ෂයට ජනතාවගේ ඡන්දය නොලැබීමයි.

ඡන්ද දායකයාත්, දේශපාලකයාත් හවුලේ පවත්වාගෙන පැමිණි සහනාධාර සංස්කෘතියෙන් ඉවත්වීමට දැන් කාලය එළඹ තිබේ. ඉදිරියේදී සිදු කරන ප්‍රතිව්‍යුහගත කිරීම්වලදී ඉන් පහර වදින අඩු ආදායම් ලාභීන්ට අනිවාර්යයෙන්ම සහනාධාර ලැබිය යුතුවන අතර ඡන්ද ලැබීමේ අපේක්ෂාවෙන් පිරිනමන සහනාධාර ඉවත් කළ යුතුය.

ඵලදායී නොවන සහනාධාර ඉවත් කිරීම පිළිබඳව සලකා බැලීමේදී සහල් සහනාධාරය (හාල්පොත) පිළිබඳ ඉතිහාසයෙන් හා එය ඉවත් කිරීමේ ප්‍රතිඵලය විමසා බැලීමෙන් යම් පූර්වාදර්ශයක් ලබාගත හැකිය.

1953 හර්තාලයට හේතු වූයේ එවකට පැවැති රජය සහල් සහනාධාරය ඉවත්කොට හාල් සේරුව ශත හැත්තෑව දක්වා වැඩි කිරීමය. ඒ හේතුවෙන් 1953 ඔක් 12 වැනිදා අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායකට ඉල්ලා අස්වන්නට සිදුවිය. 1953 ඔක්තෝබර් මාසයේම හාල් සේරුවක මිල ශත 55 දක්වා අඩු කෙරිණි.

1966 දෙසැම්බරයේ බුරුමයේ සහල් අස්වැන්න පහත වැටීම සහ ආසියාකරයේ සහල් ඉල්ලුම වැඩිවීමෙන් අපට මිලට ගන්නට අඩු මිලට සහල් නොතිබිණි. එවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි සහල් සහනාධාර ඉවත් කරන්නට ඩඩ්ලි සේනානායක අකමැති වූයේ හර්තාලයේ අතීත අත්දැකීම් නිසාය. එවකට රාජ්‍ය ඇමැතිව සිටි ජේ.ආර්. ජයවර්ධනගේ අදහස වූයේ සහල් සහනාධාරය කපා හැරීම බව අතීත තතු විමර්ශනයේදී පෙනේ. ඩඩ්ලි සේනානායක ඊට අකමැතිව එක් පුද්ගලයකුට හාල් සේරුව බැගින් නොමිලේ (නිකං) නිකුත් කළේය.

1977 බලයට පැමිණි ජේ.ආර්. 1977 නොවැම්බරයේදී හාල් පොත අහෝසි කළේය. මහවැලි ව්‍යාපාරය නිසා 1980 ගණන්වල අග භාගයේ මෙරට ඒක පුද්ගල සහල් පරිභෝජනය වූ කිලෝ ග්‍රෑම් 113 නිෂ්පාදනය කිරීමට අපි සමත්වීමු. (වෙන වචනවලින් කිවහොත් අපි සහලින් ස්වයංපෝෂණය වූයෙමු) ඉන්පසු හාල්පොත නිසා ආණ්ඩු පෙරලීම නැවතුණේය.

නුසුදුසු සහනාධාර ඉවත් කිරීමේ යහපත් ප්‍රතිඵල අප අත්වින්දේ සහල් සහනාධාරය ඉවත් කිරීම තුළිනි.

අප පවත්වාගත යුත්තේ ආර්ථිකය උත්තේජනයට තුඩු දෙන සහනාධාර මිස ආර්ථිකය වළපල්ලට යැවීමට තුඩු දෙන සහනාධාර නොවේ. නිසි පුද්ගලයන් තෝරා සහනාධාර දිය යුතුය.

නිසි ක්‍රියාකාරකම්වලට සහනාධාර දිය යුතුය. බදු සහන පිරිනැමිය යුත්තේද එසේමය. සහනාධාර සංස්කෘතිය දැන් නිමා කළ යුතුය. සහනාධාර පිරිනැමිය යුත්තේ විචාරශීලීව විනා දේශපාලන වාසි තකා නොවේ.

(***)



අදහස් (0)

සුදුස්සාට-නුසුදුස්සාට සහනාධාර දිය යුතුද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site