සැප විඳින්නේ මිනිස්සු විතරමද? සල්ලි තියෙන ඇති හැකි මිනිස්සු විතරමද? ඇතැම් මිනිසුන්ටවත් විඳින්නට ඉඩ හසර නැති සැප විඳින සුනඛයන් සහ බළලූන් පිළිබඳව මේ තොරතුරු ඇස ගැසෙද්දී මේ ප්රශ්නය මතුවේ.
2012 නොවැම්බරයේදී ඉතාලියේ ජීවත් වූ කාන්තාවක් මියගියාය. හෙදියක වූ ඇය ස්ටෙෆානියා නම් වූවාය. අවුරුදු 94දී ජීවිතය හැර ගිය ස්ටෙෆානියා ඇගේ නීතිඥවරයා වූ මාරියා අසුන්තා මගින් ලියා තිබූ ඇගේ අන්තිම කැමති පත්‍රය ඇත්තටම පුදුම එළවන සුළුය. එම අන්තිම කැමති පත්‍රය අනුව ඇය ඩොලර් මිලියන 13.5ක් වූ ඇගේ ධනය ඇය ආදරය කළ තනි කළු හගාති බළලාගේ නඩත්තුව වෙනුවෙන් වෙන්කර තිබුණාය. එම අන්තිම කැමති පත්‍රයට අනුව එම බළලා බලා ගන්නට වෙනම කාන්තාවක් යොදවා ඌට සැපවත් ජීවිතයක් ගත කිරීමට නීතිඥවරයා කටයුතු කළේය.
බල්ලන් - බළලූන් ඇතුළු සුරතල් සතුන් සුවිශේෂී කොට සලකන රටවල් අතර ඇමෙරිකාව ප්රමුඛ වෙයි. 2009 වසරේදී ඇමෙරිකාව සුරතලයට ඇති කරන සතුන් වෙනුවෙන් වූ නිෂ්පාදන අලෙවියෙන් ලද වාර්ෂික වටිනාකම ඩොලර් බිලියන 45.4ක් බව පෙන්වා දෙයි. ඇමෙරිකාවේ සුරතල් සත්ව ආහාර නිෂ්පාදන සංගමයේ වාර්තාවට අනුව 2008 වසරට වන 2009 වෙද්දී සුරතල් සත්වයින් වෙනුවෙන් වූ නිෂ්පාදන වර්ග පහක් පමණ අලූතින් වෙළෙඳපොලට හඳුන්වාදී ඇත. ආහාර, ඇඳන් සහ බල්ලන් බඳින පටි ජාති ඒ අතර නිෂ්පාදන විශේෂවී ඇත.
2009 වසරේදී ඇමෙරිකාවේ මිනිසුන් සුරතල් සතුන් වෙනුවෙන් වියදම් කර ඇති ඩොලර් බිලියන 45.4ක් වූ මුදලින් ඩොලර් බිලියන 17.4ක් ආහාර සඳහාත්, ඩොලර් බිලියන 10.2ක් බෙහෙත් සඳහාත්, ඩොලර් බිලියන 12.2ක් පශු වෛද්‍ය කටයුතු සඳහාත්, ඩොලර් බිලියන 2.2ක් අලූතින් සතුන් මිලදී ගැනීම සඳහාත්, ඩොලර් බිලියන 3.4ක් සුරතල් සතුන් රඳවා තැබීම හා නවාතැන් වෙනුවෙනුත් වැයකර ඇත.
සුපිරි ජීවිත ගත කරන සුපිරි මිනිසුන් තමා සුරතලයට ඇති කරන සතුන්ගේ පෝෂණය හා සෞඛය පිළිබඳ කොතරම් උනන්දු වෙනවා ද සහ ඒ වෙනුවෙන් කෙතරම් මුදලක් වැය කරනවා ද යන්න මෙකී දත්ත එක් උදාහරණයක් පමණි.
සංවර්ධනය වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටවල් සහ දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන ඇතැම් ජනකොටස් ජීවත් වන ඉන්දියාව වැනි රටවල වීදි දරුවන් සහ දුප්පත් ජනතාව ගත කරන දුක්ඛිත ජීවිත හා සසඳා බලද්දී සුපිරි පන්තියේ මිනිසුන්ගේ සුරතලූන් වූ බල්ලන් සහ බළලූන් සෞඛ්‍යයෙන් හා පෝෂණයෙන් අනූන ඉතා සැපවත් ජීවිත ගත කරති.
සෝමාලියාව, ඉතියෝපියාව, වැනි රටවල දරුවන් මන්දපෝෂණයෙන් පීඩා විඳිද්දී මේ සුනඛ හා බළල් පින්වන්තයෝ නියමිත වෙලාවට අවශ්‍ය පෝෂණය, ඖෂධ හා ආදරය ලබමින් ජීවත් වෙති.
ඇමෙරිකාවේ ජාතික සුරතල් සත්ව හිමියන්ගේ සමීක්ෂණ වාර්ෂික වාර්තාවලට අනුව 2007 - 2008 කාලයේදී බල්ලන් හා බළලූන් වෙනුවෙන් ඇමෙරිකාවේ වෙසෙන ජනතාව දරා ඇති වියදම් මෙසේය. බල්ලෙකු වෙනුවෙන් වෛද්‍ය පහසුකම් සඳහා ඩොලර් 453, ආහාර සඳහා ඇමරිකානු ඩොලර් 277ක්, නවාතැන් සඳහා ඇමෙරිකානු ඩොලර් 225ක්, සංචාරය සඳහා ඇමෙරිකානු ඩොලර් 219ක්, සංසරණ සඳහා ඇමරිකානු ඩොලර් 127ක්, විටමින් සඳහා ඇමෙරිකානු ඩොලර් 77ක්, තෑගි සඳහා ඇමෙරිකානු ඩොලර් 66ක්, සෙල්ලම් බඩු සඳහා ඇමෙරිකානු ඩොලර් 41ක් වශයෙනි.
එම වාර්තාවට අනුව බළලකු සඳහා ඉහතකී පහසුකම් සපයාදීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 363ක්, 188ක්, 149ක්, 175ක්, 18ක්, 31ක්, 40ක් සහ 26ක් වශයෙන් පිළිවෙළින් වියදම් කර ඇත.
ඇමෙරිකාවේ ගෘහාශ්‍රිතව ජීවත් වන බල්ලන් සංඛ්‍යාව කොපමණ ද බළලූන් සංඛ්‍යාව කොපමණ ද යන්න දැනගැනීම සඳහා කළ සංගණනයකින් අනාවරණයවී ඇත්තේ ගෘහාශ්‍රිතව බල්ලන් මිලියන 45.6ක් සිටින බවත් බළලූන් මිලියන 38.2ක් පමණ සිටින බවත්ය. එසේ මුළු ඇමරිකා එක්සත් ජනපදයේම සිටින බල්ලන්ගේ සංඛ්‍යාව මිලියන 77.5ක් බවත් බළලූන්ගේ සංඛ්‍යාව මිලියන 93.6ක් බවත් හෙළිදරව් වී ඇත.
සුරතල් සතුන් විශේෂයෙන් බල්ලන් සහ බළලූන් සුරතලයට ඇති කිරීමට පෙළඹෙන මිනිසුන්ගේ බහුතරය වියපත් බව නිසා වඩා හුදෙකලා වූ ජීවිත ගත කරන්නන් හා කිසිවකුගේ ආදරයක් රැකවරණයක් හව්හරණක් නැති ජීවිත ගත කරන්නන්ය. ඔවුන් තමන්ට දැනෙන පාළුව, කාන්සිය, හුදෙකලාව වැනි මනෝභාවයන් මග හරවා ගැනීම සඳහා එයාකාරයෙන් බල්ලන් සහ බළලූන් ඇති කිරීමට පෙලඹී ඇත.
ඇමෙරිකාවේ මිනිසුන් සුරතලයට බල්ලකු හෝ බළලකු ඇති කිරීමට කොතෙක් නම් නැඹුරු වී ඇත්ද යත් නිවාසයක් ඉදිකිරීමේදී සුරතල් සතුන්ට දුවපැන ඇවිදින්නට හැකි ලෙස ඉඩ නිර්මාණය කරමින් නිවාස සැලසුම් පිළියෙළ කරයි. සතුන්ට නිදහසේ වෙසෙන්නට හැකි පරිසරයක් සහිතව නිවාස නිර්මාණය කරයි.
එංගලන්තයේ බල්ලන් වෙනුවෙන්ම වෙන්වූ සුපිරි හෝටලයක් ද ඇත. එංගලන්තයේ ජීවත් වන ධනවතුන්ගේ සුරතලූන් බවට පත්වූ බල්ලෝ මේ සුපිරි තරු හෝටලයේ සැප ලබන්නට තරම් වාසනාවන්තයෝ වී සිටිති.
තම ළගම මිතුරා බල්ලා ලෙස සලකන මේ බොහෝ මිනිසුන් බල්ලන් හා කතා කරයි. උන්ව සුරතල් කරයි. උන්ගේ සියලූ රාජකාරි සියතින් හෝ බල්ලා වෙනුවෙන්ම වෙන්වූ සේවකයකු ලවා ඉටු කරවයි.
එංගලන්තයේ කෝන්වල් නම් නගරයේ මේ සුනඛ හෝටලය ඉදිවී ඇත. මෙය ලොව සුනඛයන් වෙනුවෙන් තැනුණු ප්‍රථම හා සුවපහසුම හෝටලයයි. එය සම්මානලාභී සුනඛ සංගමයේ සංකල්පයක් ලෙස ඉදි වූවකි.
මේ හෝටලයේ බල්ලන් සඳහා වෙන්කළ විශේෂ ඇඳන් හතරක් ද ඇත. සෙල්ලම් කිරීමේ තටාක, විශාල ජනෙල්, බිත්ති සැරසිලි, සෙල්ලම් බඩු, අලංකාර හා සුවපහසු ඇඳ ඇතිරිලි හා පෙරවන සහිත මේ හෝටලය කාමර 15කින් සැදුම් ලද්දකි. උෂ්ණත්වය හා සීතල පාලනය කරන උපකරණ ද මේ සුපිරි බලූ හෝටලයේ ඇත. ටිම් සහ ජැකී මේ බලූ හෝටලයේ අයිතිකරුවන්ය.
මෙම හෝටලය ඉදි කරන්නට වසර 5ක කාලයක් සහ බි්රතාන්ය පවුම් හත්ලක්ෂ පනස් දහසක මුදලක් වැයවී ඇත. අද මෙම බලූ හෝටලයේ වටිනාකම පවුම් මිලියන 1.2ක් වන අතර අවම වාර්ෂික ආදායම පවුම් ලක්ෂයකි. බිල්බේලි නම් ප්‍රකට විකට ශිල්පියා ඔහුගේ බලූ සුරතලූන් වන බැන්ජාර්, බූලේ සහ ටෙඞී වෙනුවෙන් මෑත කාලයේ මෙම හෝටලයේදී උත්සවයක් ද පවත්වා ඇත.
අකුරු කියවන්නට බැරි වුණත් මේ හෝටලයේ සුවපහසු කාමරවල සැප විඳින බල්ලන්ට කියවීමට රූප සහිත සඟරාද ඇත. අකුරු නොදනිතත් උන් මේ සඟරා දිගහැර ඒ වෙත දෙනෙත් යොමු කරගෙන සිටියි.
එදාවේල කන්නට යමක් නැතිව දුක් විඳින දරුවන් සහ මිනිසුන් සිටින ලෝකයේ බල්ලන්ට සහ බළලූන්ට ගිය කලක් යැයි යන සිතුවිල්ල ඇතැම් උන් ගත කරන මේ සුපිරි ජීවිත ගැන අසද්දී බලද්දී යමෙකුට සිතෙනු ඇත. එහෙත් බල්ලන් හා බළලූන් ලෙස ඉපදුනත් එයද වාසනාවට නොවේද සිතීමක් වරදක්ද?
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සුපිරි ජීවිත ගත කරන බලූ - බළල්ලූ
ගාමිණී Sunday, 27 January 2013 02:50 PM
අලට කොයින්ද බල්ලන්ට බලල්ලුන්ට තියෙන සැප..!(නු)
ලාරා Sunday, 27 January 2013 04:08 PM
මට නම් අනුමත කරන්න බැහැ. (නි)
සුදේශ් Sunday, 27 January 2013 05:49 PM
ආ.............පොතක් බලනවා වගේ (ස)
සුදේශ් Monday, 28 January 2013 11:27 AM
කන්න අමතක වෙලා වගේ පොත් බලද්දි (ස)
සුදේශ් Monday, 28 January 2013 12:27 PM
කට්ටිය හොඳට නිදි නේ (ස)
බන්දුල කටාර් Tuesday, 29 January 2013 05:08 AM
අළු ගොඩේ නිදාගන්න එක තරම් සැපක් කොයිද බළලුන්ට..!(නු)
මුතුකුඩ Tuesday, 29 January 2013 07:55 PM
මේවාට කියන්නේ බලුවැඩ කියලා.
හේරත් Wednesday, 30 January 2013 12:54 PM
මේ බල්ලෝ ගිය ආත්මේ පින් කරලා ඇති නේද ? (ස)
අලස් Friday, 01 February 2013 12:42 AM
බල්ලා - මෙහෙ අපිට කවුරුත් මෙහෙම සැප දෙන්නෙ නෑනේ. මම යනව හෙටම ඇමෙරිකාවට. සුදු නෝනා කෙනෙක් ගාවට.(ස)
නිත්‍යා Saturday, 02 February 2013 03:27 PM
පින් කර ඇති සුනඛයෝ (ස)
ඉසුරංගි Saturday, 02 February 2013 03:39 PM
තිරිසනෙක් උනත් මෙහෙම සැප විදින්නේ පෙර කල පිනකට වෙන්න ඇති.(නදී)
ඉසුරන්දි Saturday, 02 February 2013 03:40 PM
ඒක ඒ සතාගේ වාසනාව, ඕකට ඉතින් අඩලා හැපිලා වැඩක් නැහැ.(නදී)
හරිනි Saturday, 02 February 2013 07:55 PM
අපිටවත් නැති සැප.(නදී)
හරිනි Saturday, 02 February 2013 07:55 PM
අපිටවත් නැති සැප(නදී)
අනෝමා Friday, 08 February 2013 03:17 PM
මගේ බැළලියටත් මම සළකන්නේ මේ විදියට තමයි. (නි)
සුපුන් Tuesday, 16 April 2013 11:27 AM
දුප්පත් මිනිස්සු ඉන්න මෙවන් රටක බල්ලන්ට දී ඇති තැන අස්ධාරණයි නේද? (නි)