X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


සෝභිත හිමියන්ගේ දැක්ම තුළ ඇති සමාජ වගකීම

( නොවැම්බර්ව 08 වැනි දිනට යෙදෙන අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මා හිමියන්ගේ 
සත්වැනි ගුණ සමරුව නිමිත්තෙනි )


 
මෙරට පහළ වූ අති උදාර මහා යතිවරයාණන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් දැයට සමුදී අදට වසර හතකි. ගෙවුණ වසර හතක කාලය තුළ මේ රටේ නිර්මාණය වූ දැවැන්ත සමාජ දේශපාලන හා ආර්ථික අර්බුද තුළ අද පවා එයින් ගැලවීමක් නොමැතිව හසරක් නොමැතිව ලතවන ජාතියකට, සෝභිත හිමි නොමැති වීමේ පාඩුව අන් කවර කාලයකටද වඩා බරපලළ ලෙස දැනෙමින් පවතී. තම පටු අපේක්ෂාවන්ගෙන් තොරව රටේ යහපත පමණක් අරමුණු කරගනිමින් කටයුතු කරන ජාතික නායකයත්වයන්හි රික්තයක් මේ රටේ පවතින තාක්කල් සෝභිත හිමියන් අප අතර නොවීමේ අඩුව වඩ වඩාත් අපට දැනෙනු ඇත.
අද අප රටක් ලෙස මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදයට තිරසාර විසදුමක් ලබාගැනීමට නම් අප; සෝභිත හිමි අපට පෙන්වා දුන් සමාජ ප්‍රතිසංස්කරණ කරා යොමුවිය යුතුමය. එහිදී ජාතියක් ලෙස අපට තවදුරටත් නිරර්ථක ලෙස දියසෙන් කෙනෙක් පහළ වන තෙක් බලාසිටිය නොහැකිය. එහිදී මේ රටේ පොදු සමාජය අන් සියල්ලටම පෙර වර්ථමානයේ රට මුහුණ දී ඇති අර්බුදයේ ගැඹුර මෙන්ම සෝභිත හිමියන්ගේ දර්ශනය තේරුම් කරගැනීම ඉතා වැදගත්ය. සෝභිත හිමියන් ඉතාමත් පැහැදිලි ලෙස රටට පෙන්වාදුන්නේ මේ රට් අනාගත යහපත රදාපවතිනු ඇත්තේ ජනතාවට වගකියන, පාලනයේදී වගවීමට බැදී සිටින, ශිෂ්ට සම්පන්න දේශපාලන සම්ප්‍රදායක් තහවරු කරගැනීම මත පමණක්ම බවය. උන්වහන්සේ නිරතුරුවම ඒ වග අවධාරණය කලා පමණක් නොව අන් සියල්ලටම පෙර ඒ සඳහා ගත යුතු පළමු පියවරද පෙන්වා දුන්නේය.
“මේ රටේ අපේ හාමුදුරුවරු එකතු වෙලා කල යුතු මහා මෙහෙවරක් තියෙනවා. ඒක තමයි විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් ඇති. මේ ව්‍යවස්ථාවට තව යන්න බෑ. මේක තමයි විනාශයට මුල. මේකෙ තියෙන ඡන්ද ක්‍රමය, මන්ත්‍රීවරු පත්කරන ක්‍රමය, ඔක්කොම වැරදියි. ඒක මහ විනාශයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න අවශ්‍යයි” ඉන් පෙර අන් අවස්ථාවලට ද වඩා සෝභිත හිමියන් ඉතාමත් තදින් මේ අකාරයට අවධාරණය කරන ලද්දේ උන්වහනේගේ හැත්තෑ වෙනි ජන්ම දිනය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සව සභාවේදී ය. 
මාදුළුවාවේ සෝභිත හිමියන් පක්ෂ දේශපාලනයෙහි නිරත වූ අයෙක් නොවේ. උන්වහන්සේ පක්ෂ දේශපාලනයට සම්බන්ධ නොවූවා පමණක් නොව භික්ෂුව බල දේශපාලනයට යොමුවීම කිසිවිටක අනුමත නොකළ අයෙකි. ‘වාදීභසිංහයාණෝ’ කෘතියෙහි ද ඒ බව උන්වහන්සේ මැනැවින් ප්‍රකාශ කර තිබේ. “මටත් කොළඹ දිස්ත්‍ර්ක්කයෙන් පාර්ලිමේන්තුවට තරග වදින්න ඇරයුම් ලැබුණා. ඒත් මම ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි භික්ෂූන් වහන්සේලා පක්ෂ දේශපාලනයට නොයා යුතුයි කියන එක. අපට ඊට වඩා පුළුල් දේශපාලනයක් තියෙනවා. ඒ තමයි වල්පොළ රාහුල හාමුදුරුවෝ තමන්ගෙ භික්ෂුවකගෙ උරුමය කියන පොතින් පෙන්නපු , යක්කඩුවෙ හාමුදුරුවො විද්‍යාලංකාර ප්‍රකාශයෙන් පෙන්වා දීපු දේශපාලනය. අපේ දේශපාලනය තමයි පරාර්ථ චර්යාව.  
පරාර්ථ චර්යාව ඒ්කායන ලෙසම ඉලක්ක කරගත් උන්වහන්සේගේ සමාජ මැදිහත්වීම පරාසයන් ගණනාවකට අයත් විය. එහි සමාරම්භක අවධිය උන්වහන්සේගේ විශ්වවිද්‍යාල ජීවිතය තුළින් හදුනාගත හැකිය, එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස උන්වහන්සේ පත්ව ඇත්තේ 1965 වසරේදීය. විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසු පරිවෙනාචාර්‍යවරයෙකු හා අනතුරුව පරිවෙනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරන සමයේ සිටම මේ රටේ ප්‍රමුඛ ජාතික ප්‍රශ්න පිළිබදව උන්වහන්සේ බලවත් අවධානයක් යොමු කර තිබේ. 
ලංකේය තරුණ පරපුර මත්ද්‍රව්‍ය වසංගතයෙන් මුදාගැනීම අරමුණු කරගනිමින් උන්වහන්සේ ආරම්භ කළ අමද්‍යප තරුණ සංවිධානය වසර හතලිස් ගණනාවකට පසු අදටත් සක්‍රීය සංවිධානයකි. අප රට ත්‍රස්ථවාදයේ ගොදුරක්ව පැවැති සමයේ රටත් ජනතාවත් ඉන් මුදවා ගැනීමට ආරම්භ කළ ජාතික වීර පදනම, මව්බිම සුරැකීමේ ව්‍යාපාරය  මගින් කළ මෙහෙය කිසිවෙකුට හෝ අමතක කල නොහැක. එහිදී උන්වහන්සේ සෘජුවම අභීතව එරෙහි වූයේ  රට බෙදා වෙන් කිරීමට ගනිමින් සිටි උත්සාහයට හා ඒ සදහා යොදාගත් ම්ලේච්ඡ ත්‍රස්තවාදයට පමණකි.  දශක කිහිපයක් තිස්සේ රටක් වශයෙන් අප මුහුණ දුන්  යුද තත්වය මේ රටේ රාජ්‍ය බලය අත්පත් කරගත් පිරිස නොවිසදූ  ගැටළුවක්, දරුණු පිළිකාවක් බවට පත්වීමේ අවාසනාවන්ත ප්‍රතිඵලයක් බව මැනැවින් අවබෝධ කරගෙන සිටි උන්වහන්සේ කිසිවිටක ජාතිවාදය මුල් කරගෙන ඊට විසඳුම් නොපැතීය. එමෙන්ම යුද්ධය අවසන් වීමෙන් පසු ජාතික ප්‍රශ්නයද ඇතුළු රටේ මූලික ගැටළු සදහා විසඳුම් ලබාගැනීමට සිදු කල යුතුව තිබූ ප්‍රතිසංස්කරණ මගහැර එම අවස්ථාව තනි පවුල් පාලනයක් ස්ථාපිත කිරීමට ගනිමින් සිටි උත්සාහයට එරෙහි වෙමින් එමගින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව ද නිවැරැදිව රටට අනතුරු හැඟවීය.
ඒ සමගම උන්වහන්සේ එහිදී තමන් වෙතින් ඉටුකල යුතු යුතුකම හොඳින් අවබෝධ  කරගනිමින් ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිදියාව උදෙසා  තමන් වහන්සේට කළ හැකි උපරිමය කරන්නට පසුබට නොවීය. සියළු ජාතීන් හා ආගමික ප්‍රජාවන් එක්ව කටයුතු නොකරන රටකට යහපත් අනාගතයක් නොමැති බව පෙන්වා දෙමින් ඒ සදහා පළල් සංවාදයකට මුළ පිරූ ආගමික නායකයෙකු ලෙස උන්වහන්සේ අදටත් බුහුමන් ලබන්නේ ඒ නිසාය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් උන්වහන්සේ අපේක්ෂා කරන ලද්දේ  ද මනුෂ්‍යත්වය ආරක්ෂා වන ශීලාචාර රටක් ලෙස ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමෙහි ඇති අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කිරීමට ය. පොදු ජනතාවට යුක්තිය ඉටු වන පරිසරයක් නිර්මාණය කරගැනීම ඒ මගින් අපේක්ෂිත ප්‍රධාන ඉලක්කය විය. සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් අරමුණු කර ගනිමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉදිරිපත් කළ දස වැදෑරුම් යෝජනාවලිය අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ දර්ශනයේ කැඩපත ලෙස සැලකිය 
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු කරණය , නීතියේ ආධිපත්‍යය, ජාතික හා ආගමික සංහිදියාව, දේශීය ආර්ථිකය ශක්තිමත් වීම, අධ්‍යාපනය සෞඛ්‍යය ඇතුළු යටිතල පහසුකම්  වර්ධනය කිරීම, මානව අයිතිවාසිකම් සහ නිදහස සහතික කිරීම, කාන්තාවන්ගේ හා දරුවන්ගේ ආරක්ෂාව, පරිසරය සුරැකීම වැනි මූලික ඉලක්කයන් එහි අන්තර්ගත විය. මෙම දස වැදෑරුම් යෝජනාවන් තුළ ජන විඥානය අවදි කිර්‍ර්මට යොදාගත යුතු ගැඹුරු දැක්මක් විදහා දැක්වේ.  අනාගතයේ යම් හෝ දිනයක කවුරුන් විසින් හෝ මේ රට යහපත් ආකාරයට  පරිවර්ථනය කරනු ඇත්ද? එය සිදුවනු ඇත්තේ සෝභිත හිමියන් අපේක්ෂා කරන ලද ඉහත දස වැදෑරුම් යෝජනා මේ බිමෙහි යතාර්ථයක් බවට පත්වූ දිනකදීය. 
 
කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය



අදහස් (0)

සෝභිත හිමියන්ගේ දැක්ම තුළ ඇති සමාජ වගකීම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site