විභාග ප‍්‍රතිඵල පැමිණීමට පෙර පත්තරේ තිබුණ දැන්වීමකට අනුව යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවට සාමාන්‍ය සෙබළෙක් වශයෙන් සේවයට බැඳී තණමල්විල ඌව - කුඩාඔය පුහුණු කඳවුරේ පුහුණුවීම් කළා. එසේ මම හමුදා පුහුණුව ලබමින් සිටියදී මගේ දෙවැනි අක්කා ප‍්‍රතිඵල සටහන තැපෑලෙන් පුහුණු පාසලට එවා තිබුණා. එම ප‍්‍රතිඵල සටහන දැකපු මාගේ එහි සිටිය යාළුවෙක් කිව්වා අපරාදේ ආමි එකට ආවේ වෙනත් රස්සාවක් කරන්න තිබුණා කියලා. මේ හේතූන් මත මට යුද හමුදාව එපාවෙලා ගෙදර එන්න හිතුනා. ඒ අනුව මම මාසයක විතර පුහුණුවක කාලයකින් පස්සේ සවස නාන්න වැවකට එක්කගෙන ගියාට පස්සේ හමුදා නිලධාරීන්ට හොරෙන් එතනින් පැනලා ගෙදර ආවා. මම හමුදාවෙන් පැනලා ඇවිත් ගෙදර ඉන්නකොට මගේ අක්කලා කිව්වා ඔයා ගෙදර ඉන්න එපා. හමුදාවෙන් ඇවිත් අල්ලාගෙන යාවි. ඒක නිසා ගෙදරින් පිට ගිහින් ඉන්න කියලා. ඒ අනුව අපේ ලොකු අක්කාගේ යාළුවෙක් කටුනායක 20 කණුව කියන ප‍්‍රදෙශයේ පදිංචි වෙලා කුළියට හිටියා. මම ඒ ගෙදරට ගිහිල්ලා නැවතුනා. පස්සේ මම එහේ ඉඳගෙනත් ඇඟලූම්හල් වල රස්සාවල් හොයන්න උත්සාහ කළා. එම කැසිනෝ ක්ලබ් එක තිබුණේ කොල්ලූපිටියෙයි. මම ඒකේ සම්මුඛ පරීක්‍ෂණය සඳහා යනවිට ජීව දත්ත පෝරමයක් ඉංග‍්‍රීසියෙන් පුරව ගෙන ගියා. ඒක බලලා මට රස්සාව දුන්නා. එදින ගොඩක් කට්ටිය ඇවිත් හිටිය අතර 50ක් විතර රස්සාවට තෝරා ගත්තා. මට කිව්වා පුහුණු කාලයේ රු. 2,000ක් දෙනවා කියලා. ඊට පස්සේ රු. 7,500/= බැගින් ගෙවන බවත් කිව්වා. එහෙම කියලා මාව පුහුණු කළේ සෙල්ලම් කරන්න එන අයගේ කාඞ් අදින්නයි. මම මෙතන මාස එකහමාරක් විතර රැුකියාව කරමින් සිටින විට රස්සාව හොඳට කරන අයව බලලා බම්බලපිටිය ක්ලබ් එකේ රස්සාව කිරීමට දැම්මා. මේ වෙනකම් මම රස්සාවට ආවේ තල්පේ ගෙදර ඉඳන්. ක්ලබ් එකට ආවාට පස්සේ මම නාවින්න හංදියේ බෝඩිමක නතර වුනා. ඒකේ ලිපිනය මට දැන් මතක නැහැ. මේ වෙනකොට මගේ බිරිඳ රට හිටියේ. මම මෙතෙනත් මාස 06ක් විතර සේවය කළා. මෙහෙම සේවය කරමින් සිටින විට මම ගෙදර ගිය දවසක පොඩි අක්කත් එක්ක මම කරන රස්සාව ගැන කිව්ව. එවිට ඒ අය මම කරන රස්සාවට අකමැති වුණා. මේ රස්සාව කරන ගමන් මම බිරිඳ සමග යාලූවෙලා හිටිය කාලේ එයාගෙන් සල්ලි ගෙන්වා ගෙන් කැසිනෝ ගැහුවා. ඒ හැම පාරම මම පරාද වුණා. ඒ සියලූ හේතුන් මත මම තීරණය කළා රස්සාවෙන් අස්වෙන්න. රස්සාවෙන් අස්වුණාට පස්සේ මට වෙනත් ආදායමක් නොතිබුණ නිසා ගමේ කුලීවැඩ කරමින් ජීවත්වුණා. මේ වෙනකොට මම යාලූවෙලා හිටිය තරුණිය හිටියේ රට. මම කුලී වැඩ කරන ගමනුත් පත්තර වලින් රස්සාවක් තියේද කියලා බලනවා. නමුත් පත්තරවල දාලා තියෙන සෑම රස්සාවකටම සහතික මුල් පිටපත් ඉල්ලලා තිබුණා. ඒ වෙන කොට මගේ ළඟ සහතිකවල මුල් පිටපත තිබුණේ නැහැ. ඒවා මම ආමි එකට දීලයි තිබුණේ. ඒ හේතුව නිසා මට රස්වාවකට යන්න බැරි වුණා. එහෙම ඉන්න කොට තමයි මම පත්තරේ දැක්කේ නාවික හමුදාවට සෙබළුන් බඳවා ගන්න බව. ඒ අනුව මම පාසැලට ගිහිල්ලා නැවතත් අස්වීමේ සහතිකයක් ලබාගෙන කොළඹ නාවික හමුදා මූලස්ථානයට පැමිණියා. පසුව මාගේ සහතික පරීක්‍ෂා කිරීමෙන් පසු මාව එක දවසින් සම්මුඛ පරීක්‍ෂණයට ලක්කරලා දවස් දෙකකින් ඇඳුම් අරගෙන එන්න කියලා මාව ගෙදර එව්වා. ඊට පස්සේ මම ගෙදර ගිහිල්ලා අම්මාගේ කැමැත්ත පළ කළ ලියුමකුත් අරගෙන ග‍්‍රාම සේවා සහතිකයක්ද අරගෙන දවස් දෙකකින් විතර අම්මයි අක්කයි එක්ක නාවික හමුදාවට ආවා. එයාලා මාව ඇරලවා ගෙදර යන්න ගියා. ඒ අනුව මම 1997.05.25 දින මම නාවික හමුදාවේ ආධුනික නාවික සෙබළ යන තනතුරට බඳුනා. ඊට පස්සේ අපිව වැලිසර ගැමුණු නාවික හමුදා කඳවුර වෙත එක්කගෙන ගිහිල්ලා පුහුණු කටයුතු සිදු කරලා 1997.07.15 වන දින විසිරයාමේ උත්සවය තියලා දවස් දෙකකට විතර පස්සේ අපිව එක්කගෙන ගිහිල්ලා ඕමන්ත නාවික හමුදා කඳවුරට අනුයුක්ත කර ඉදිරි ආරක්‍ෂක වළල්ලේ සේවයේ යෙදෙව්වා. මම නාවික හමුදාවෙ ටික කලක් සේවයේ යෙදී සිට ගෙදර ආවා. ආයෙ නාවික හමුදාවේ සේවයට ගියේ නෑ. මම 2003.11.20 දින දෝහා කටාර් රටට ගියා. ඒ ගිහිල්ලා මුල් මාස 03ක් විතර දෝහා බෑන්ක් එකේ කාර්යාල කාර්ය සහයක වශයෙන් කටයුතු කළා. මෙහෙම ඉන්න කොට 2004 වසරේ සුනාමි ආපු නිසා ඒ ගැන හොයන්න බලද්දී ගෙදරින් කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් 2005.01.02 විතර ලංකාවට පැමිණියා. මම ඇවිත් ඊට පස්සේ දවසේ මගේ බිරිඳත් ලංකාවට පැමිණියා. ඒ ඇවිත් සති දෙකක් විතර හොඳට ගෙදරට වෙලා හිටියා. එහෙම ඉන්න කොට සල්ලි ඉවරවෙන විට ගෙදර ප‍්‍රශ්න ඇතිවෙන්න පටන් ගත්තා. මෙහෙම ප‍්‍රශ්ණ වැඩිවෙද්දි මම ගෙදර කාටවත් නොකිය බිරිඳත් එක්ක තරහ වෙලා ගෙදරින් ආවා. එහෙම යනකොට මගේ අතේ සල්ලි කීයක්වත් තිබුණේ නැහැ. මම ගෙදර ඉඳන් ගාල්ලට ඇවිත් මගේ අතේ තිබුණ මගුල් මුද්ද උකස් තියලා රු. 6,000/= මුදලක් අරගෙන සෙරෙප්පු දෙකක් ගත්තා. ගාල්ලෙන් කෑම කාලා මම එහෙම්ම කොළඹ ආවා. කොළඹ එනකොට රාත‍්‍රි 7.30ට විතර වෙලා තිබුණා. මම කොළඹ ආවේ කිසිදු අරමුණක් නැතිව. කොළඹට ඇවිත් ඇවිදිමින් ඉන්න ගමන් මුත‍්‍ර කරන්න ඕනවුන නිසා මාතර බස් නවත්වන පුද්ගලික බස් නැවතුම් පළේ වැසිකිළියට ගියා. ඒ ගිහින් මම එළියට එන්න හදන කොට එක්කෙනෙක් ඇතුලට ආවා. තවත් කට්ටිය ඇතුලෙත් හිටියා. ඒ ඇතුලට ආපු කෙනායි මමයි එක වර වගේ මුහුණට මුහුණ බැලූවා. එවිට දෙන්නම හිනාවුණා. එතකෙට මම කිව්වා එළියට ඇවිත් කථා කරමු කියලා. මම එහෙම කියන්න හේතුව වුණේ මම පොඩිකාලේ අපේ ගෙවල් ළඟ අයියා කෙනෙක් ආශ‍්‍රය කිරීමෙන් සමලිංගික සේවනයට හුරුවුණා. ඊට පස්සේ මම අවස්ථාවක් ලැබුණොත් පිරිමි කට්ටියත් එක්ක ඉන්නවා. ඒ අනුව වැසිකිලියට ආපු පුද්ගලයා මාත් එක්ක හිනාවෙන කොට මම තීරණය කළා එයත් ඒ වගේ කෙනෙක් වෙන්නැති කියලා. මම මේ වෙනකොටත් කිහිප දෙනෙක් එක්ක සමලිංගික සේවනයේ යෙදිලා තිබුණා. මට මේ වෙලේ ගොඩක් අවශ්‍ය වුනේ එහෙම කරලා හරි රස්සාවක් හොයා ගන්නයි. ඊට පස්සේ එයා එළියට ඇවිත් කතා කළා. එහෙම මගේ විස්තර එයාටත් එයාගේ විස්තර මටත් කිව්වා. ඒ වෙනකොට මට තේරුනා එයත් පිරිමින් එක්ක ඇසුරු කරන්න කැමැති එක්කෙනෙක් කියලා. මම මගේ නම සහ ඉන්න තැන් ආදිය විස්තර කිව්ව අතර එහිදී ඔහු දුපතේ කට්ටිය දාසන් අයියා කියලා කියනවා කිව්වා. කරවල වාඩියක වැඩ කරනවා කියලත් කිව්වා. ගෙවල් වාලච්චානේ කියලත් මට කිව්වා. දාසන්ගේ සම්පූර්ණ නම මම දැනගත්තේ එයාගෙ ගෙදර ගියාට පස්සේ. එයාගේ නම වන්නේ ”අරුණාචලම් ඉලංගේෂ්වරන්” කියන නමයි. අපි මෙහෙම විස්තර කතා කරන ගමන් මම කිව්වා මට රස්සාවක් හොයා ගන්න ඕනෑ කියලා. එවිට අරුණාචලම් මට කිව්වා එයත් එක්ක කරවල වාඩියට යමු කියලා. ඒ වෙනකොට මට යන්න තැනැක් තිබුණ නැති නිසා මම යන්න කැමැති වුණා. පස්සේ රෑ 12.00 පහුවෙලා බස් එකකින් පාලවි හංදියට ගියා. පාලවි හංදියෙන් බැහැලා ඉන්නකොට උදේ හයට විතර එතනට බස් එකක් ආවා. ඊට පස්සේ මමයි දාසන් අයියයි ඒ බස් එකේ නැගල කල්පිටියට ගියා. ඒ ගිහින් කල්පිටිය නගරයෙන් උයාගෙන කන්න අවශ්‍ය කලමනා අරගෙන කල්පිටිය ජැටියෙන් බෝට්ටුවකින් ”බත්තලන්ගුන්ඩුව” දුපතට ගියා. ඒ ගිහිල්ලා දාසන් අයියා මාව එයාලාගේ කට්ටියට අදුන්වලා දීලා මම රට ඉදන් ආවා කියලා කිව්වා. (ඔහු ඉන්පසු තම දමිල මිතුරාත් සමග කරවල වාඩියේ ජීවත්වූ ආකාරය දීර්ඝ විස්තරයක් කරයි) කොළඹ ඇවිත් ටෙක්නිකල් හංදිය ළඟ ලැගුම් හලක නැවතුනා. ඒ ඇවිත් රස්සාවල් හොයමින් ඉන්න කොට දමිල පත්තරයකද නිව්ස් දාලා තිබුණා යාපනය ඕල්පාර්ක් රෙස්ටුරන්ට් එකට අරක්කැමියෙක් අවශ්‍යයි කියලා. පස්සේ මම දාසන්ට කිව්වා එක්කෙනක් විතර ඉල්ලලා තියෙන නිසා මම ගෙදර යන්නම්. ඔයා ගිහිල්ලා බලලා මටත් රස්සාවක් හොයලා දෙන්න කිව්වා. එදින අපි රාත‍්‍රී ලොජ් එකේ නැවතුනා. ඊට පසු දින මම ගෙදර ආවා. දාසන් යාපනයේ යනවා කියලා මට කිව්වා. මම ගෙදර ගිහින් ඉද්දී දාසන් මගේ ජංගම දුකථනයට කථා කරලා කිව්වා එයා ඒ හෝටලයේ සේවය කරනවා. එතන හොඳයි. බොස්ටත් ඔයා ගැන කිව්වා. ඒක නිසා රස්සාවට එන්න කියලා දාසන් මට කිව්වා. කෝල් කරලා මැනේජර්ගෙන් අහගන්න කිව්වා එන විදිහ. පස්සේ මම මැනේජර්ගෙන් කෝල් කරලා එතනට යන හැටි අහගත්තා. ඒ අනුව මම ගෙදරට හා බිරිඳට කිව්වා මගේ යාලූවෙක් නුවර එළියේ ජොබ් එකක් සෙට් කරලා තියෙනවා. මම ඒකට යනවා කියලා යාපනේ ආවා. ගෙදර කවුරුවත් මම යාපනයේ ගියා කියලා දැනගෙන හිටියේ නැහැ. ඒ අනුව මම වව්නියාවට ගිහිල්ලා ඒ 09 මාර්ගය හරහා හෝටලයට ගියා. ඒ යන කොට ඕමන්ත මාර්ග බාධකයෙන් හමුදාවෙන් හා එල්.ටී.ටී.ඊ මුර මාර්ග බාධක වලින් පරීක්‍ෂා කළා. අපේ හමුදාවෙන් මගෙන් මුකුත් ඇහුවේ නැහැ. එල්.ටී.ටී.ඊ එකෙන් මාව කාමර දෙකකට යවලා විස්තර අහලා පුරවන්න දීපු කොළය අත්සන් ගෙන යැව්වා. ඒ පාස් එක දුන්නට පස්සේ තමයි බස් එකට නගින්න පුළුවන්. එහෙම මම යාපනයට ගියා. මුහමාලේ එල්.ටී.ටී.ඊ මාර්ග බාධකයෙන් කිසිම කරදරයක් වුණේ නැහැ. අයි.ඞී. එක බලලා යන්න කිව්වා. මම යාපනයට ගියාම ත‍්‍රීවිල් එකක් අරගෙන තමයි හෝටලයට ගියේ. ඊට පස්සේ එහි කළමනාකරු සහ හිමිකරු වන සොදිලිංගම් යන දෙදෙනා මාත් එක්ක කතාකර රස්සාව දුන්නා. මම එතන වේටර් හා කාමර සේවක යන දෙකම කළා. එහෙම මම එතන මාසයකට ආසන්න කාලයක් රස්සාව කරගෙන හිටියා. පස්සේ මම නිවාඩු එන්න ඕන කියලා පඩිත් අරගෙන ගෙදර එන්න ආවා. එහෙම එනකොට මුහමාලේ චෙක්පොයින්ට් එකෙන් මාව නවත්තගෙන විස්තර ඇහුවා. මම රස්සාවක් කරන්න ආවා කිව්වාම එල්ටීටීඊ එකේ එතන හිටිය කට්ටිය මගෙන් ඇහුවා ඇයි ගාල්ලේ ඉඳලා මෙච්චර දුර ආවේ කියලා. ඒ වගේ මගෙන් ගොඩක් විස්තර අහලා ඒ කාමරයෙන් මාව වෙනත් කාමරයකට යොමුකළා. එතනදී මගේ ජංගම දුරකථනය අරගෙන එහි තිබුන සියලූම අංකයන් ලියා ගත්තා. එහෙම ලියාගෙන යද්දී දාසන්ලාගේ ගෙදර අංකයත් තිබුණා. මම ඒක සේව් කරලා තිබුණේ දාසන්ගේ අක්කා වන ලෙච්චමි කියන නමින්. එහිදී ඒ අය ඇහුවා කවුද ඒ කියලා. මම එවිට විස්තර කිව්වා. මම වැඩකළ හෝටලයේ විස්තරත් ලියා ගත්තා. එහෙම පැය එකහමාරක් විතර මාව තියාගෙන ප‍්‍රශ්න කිරීමෙන් පසු මට යන්න අවසර දුන්නා. නමුත් මම නාවික හමුදාවේ හිටිය කියලා ඒ අයට කියන්න ගියේ නැහැ. ඊට පස්සේ මම වවුනියාවට ඇවිත් ගෙදර ආවා. ඒ ඇවිත් මම හෝටලයට කෝල් එකක් අරගෙන ඉලංගේෂ්වරන්ට කථා කරන්න කියලා ඉල්ලලා දාසන් අයියට මාව එල්.ටී.ටී.ඊ යෙන් නවතාගෙන හුඟාක් වෙලා පරීක්‍ෂා කළා කියලා කිව්වා. පස්සේ දාසන් මේ කතාව හෝටලයේ අයිතිකරුට කියලා තියෙනවා. එවිට බොස් බයවෙලා නැවත රැකියාවට එන්න එපා කියලා මට විදුලි පණිවුඩයක් එව්වා. මට කියන්න අමතක වුනා. එල්ටීටීඊ කට්ටිය මාත් එක්ක කතා කරන විට මට එච්චරටම දෙමළ ඒ කාලේ කතා කරන්න බැහැ. එයාලටත් සිංහල කතා කරන්න අමාරුයි. අපි තේරෙන විදිහට ඉංග‍්‍රීසි භාෂාවත් උපයෝගී කරගෙන කතා කලා. මට රස්සාවක් නැති නිසා හෝටලයෙන් එවපු විදුලි පණිවුඩයත් අරගෙන මම යාපනයේ හෝටලයට ආවා. මේ වෙන කොට බිරිඳ දැනගෙන හිටියා මම යාපනයේ හිටියා කියලා. මම ඒ පාර යනකොට මාර්ග බාධක වලින් කිසිම කරදරයක් වුනේ නැහැ. මම හෝටලයට ගියාට පස්සේ මැනේජර් කිව්වා රස්සාව දෙන්න බැහැ කියලා. මට රස්සාව කරන්න දුන්නේ නැහැ. ඒ නිසා දාසන් අයියත් රස්සාවෙන් අස්වෙලා පඩි මුදල්ද රැගෙන පහුවදා හෝටලයෙන් යාපනයට ආවා. ඒ ඇවිත් කාමරයක් අරගෙන අපේ බෑග් තියලා රස්සාවල් හොයන්න ඇවිද්දා. රස්සාවල් හම්බ වුනේ නැහැ. මේ අතරේ අපි නල්ලූර් කෝවිලටත් කිහිප වතාවක් ගියා. නාගදීප පන්සල කිට්ටුව තවත් කෝවිලක් තිබුන අතර අපි ඒකටත් ගියා. එහෙම දවස් තුනක් විතර ඉද්දී හරියට රස්සාවක් ලැබුන නැති නිසා කොළඹ එන්න කියලා යාපනයෙන් පිටත්වුණා. එහෙම එද්දී මුහමලේ චෙක් පොයින්ට් එකේදී එල්.ටී.ටී.ඊ සාමාජිකයන් විසින් අපිව පරීක්‍ෂා කළා. එවිට දාසන් මට කිව්වා එදා මාව පරීක්‍ෂා කළ කට්ටිය ඉන්නවනම් පෙන්නන්න කියලා. එවිට මම පෙන්නුව. පසසේ අපි දෙන්නම එතනට ගියා. එවිට අපට වාඩි වෙන්න කියලා ඒ කට්ටිය අපෙන් විස්තර විමසුවා. එවිට දාසන් දෙමළෙන් අපි මහවිරු පවුලක අය. ඇයි මෙයාට යන්න නොදී කරදර කළේ කියලා ඇහුවා. මට ටිකක් තේරුනා. නොතේරුනු දේවල් පස්සේ අහද්දී එයා මට සිංහලෙන් කියපු දේවල් ගැන කිව්වා. එහෙම කියද්දී අපත් එක්ක ටිකක් කතා කරන්න ඕනෑ ටිකක් ඉන්න කියලා කිව්වා. පස්සේ අපි එළියෙන් වාඩිවෙලා හිටිය අතර එයා වැඩ ඉවර කරලා ඇවිල්ලා යතුරු පැදි දෙකකින් අපිව කිලිනොච්චියට එක්කගෙන ගියා. එතකොට දවල් 11.30 විතර ඇති. එහේ පොඩි ගෙයක් තිබුණා. ඒ වටේට සිවිල් කට්ටියගේ ගෙවලූත් තිබුණා. අපව එක්කගෙන ගිය ගෙදර හිටියේ එල්ටීටීඊ අය විතරයි. එතනත් කවුරුවත් පදිංචිවෙලා ඉන්න තැනක් නොවෙයි. අපි එතනට ගිහිල්ලා ටික වේලාවක් ඉන්නකොට ශිවා කියල එල්ටීටීඊ සාමාජිකයා එතනට ආවා. ඒ ඇවිත් අපිත් එක්ක කතා කළා. ඒ කතා කරන ගමන් මම නාවික හමුදාවේ හිටියා කියලා කිව්වා. එවිට ශිවා මගෙන් ඇහුවා ඔවුන්ට උදව් කරන්න කැමතිද කියලා. එවිට මම එයට කැමැත්ත පළකලා. ඒ අතරේ මට රස්සාවක් නැති බවත් ඇති ප‍්‍රශ්නත් කිව්වා. එහෙම කතා කරන ගමන් ශිවා මාගේ පවුලේ විස්තර ඇතුලූ සියලූම විස්තර අහලා ලියා ගත්තා. දවල් කෑමත් එතනදී දුන්න අතර ශිවත් අපත් එක්ක කෑම කෑවා. ශිවා මාත් එක්ක තමයි වැඩිපුර කතා කළේ. දාසන් එක්ක කතා කළේ නැහැ. පස්සේ දාසන්ගේ විස්තරත් ලියා ගත්තා. එහෙම කතා කරන ගමන් මම නාවික හමුදාවේ කියලා දැන ගත්තම ශිවා කිව්වා ත‍්‍රීකුණාමලය තිස්ස නාවික හමුදා කදවුරේ පිහිටීම පිළිබඳව දළ සැකැස්ම ඇඳලා දෙන්න කියලා. එයාලා කිව්වා කටුවට ඇඳලා දුන්නම ඇති හොඳට ඒ අය ඇඳ ගන්නම් කියලා. පස්සේ මම ඒ අයට තිස්ස කඳවුරේ පිහිටීම ඇතුලත හා පිටත සියලූම විස්තර ඇතුලත් කර ඒවා නම් කරලා ඇඳලා දුන්නා. මම මේවා ඇන්දේ පහුවදා උදේ. මේ නිවසේම අපි දෙන්නා රාත‍්‍රිය ගතකළ අතර අපි දෙන්නා හැරෙන්නට ශිවා විතරක් නිවසේ ඇතුලේ හිටියා. පිටත කවුරුත් හිටියද කියලා කියන්න දන්නේ නැහැ. අපි උදේ නැගිටලා මම නාවික හමුදා කඳවුරේ විස්තර ඇඳලා දීලා එන්න සූදානම් වුණා. එවිට ශිවා මටයි දාසන් අයියටයි රුපියල් 10,000/= බැගින් සල්ලි දුන්නා. ඒ සල්ලි දෙනකොට මගෙන් හා දාසන් අයියාගෙන් දෙමළෙන් මොනවද ලියලා ඉලක්කමෙන් රුපියල් දහදාහක් කියල සල්ලි ගාන දාලා තිබුණ කොළ දෙකක අප දෙන්නගෙන් අත්සන් ගත්තා. ඊට පස්සේ ශිවා අපි දෙන්නාව අවස්ථා දෙකකදී කිලිනොච්චි ටවුමට ගෙනත් දැම්මා. පස්සේ අපි කිලිනොච්චියේ ඉඳලා වව්නියාවට ඇවිත් කොළඹ ආවා. අපි කොළඹ එනකොට රාත‍්‍රී හත විතර වෙලා තිබුණා. ඒ වෙනකොට දාසන්ගේ ළඟ තිබුණ සල්ලිත් මට දීලයි තිබුණේ. අපි දෙන්නා කොළඹ ආවාට පස්සේ ටෙක්නිකල් හංදියේ තියෙන ලොජ් දෙකක කාමර දෙකක් අරගෙන නතර වුණා. එහෙම නතර වෙන්න හේතුව වුණේ අපි දෙන්නම එක කාමරයක ඉඳලා පොලිසියට අහුවෙයි කියන බය නිසා සහ කැසිනෝ ගහන්න යන්න අදහසක් තිබුණ නිසයි. මම කාමරයට ගිහිල්ලා ඇඟපත හෝදගෙන දාසන්ට හොරෙන් ස්ටාඩස්ට් එකට ගිහිල්ලා කැසිනෝ ගැහුවා. එකෙන් මගේ ළඟ තිබුණ සල්ලි ඔක්කෝම පරාද වුණා. පස්සේ මම කාමරයට ආවා. ඊට පස්සේ දාසන් මගෙන් කොහේද ගියේ කියලා අහලා සල්ලි ඉල්ලූවා. එවිට මගේ සල්ලි කැසිනෝ ගහලා පරාද වුණා කිව්වාම එයා විශ්වාස කළේ නැහැ. පස්සේ මට බැනලා සල්ලි ඉල්ලූවා. එවිට මම කොටුවට ගිහිල්ලා මම පාවිච්චි කළ ජංගම දුරකථනය කඬේකට විකුණලා රු. 4,500/=ක මුදලක් ලබා ගත්තා. ඒකෙන් මම රු. 1,000/= ක මුදලක් තියාගෙන රු 3,500/= මුදලක් එයාට දුන්නා වගේ මතකයි. ඊට පස්සේ අපි දෙන්නා ගෙවල් වල යන්න පිටවුනා. මතු සම්බන්ධයි...
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හමුදා තොරතුරු කොටින්ට විකුණා කැසිනෝ ගැසූ සිංහල කොටියා