X Advertisement
IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


හරිහැටි නොලැබෙන ජනතාවට තවමත් අයවැය සහන

1  

 

මහින්ද රාජපක්ෂ මහතාගේ රජය පෙරළා දමමින් වත්මන් රජය බලයට පත්වන්නේ ජනතාවට රටට යහපාලනයක් ඇති කිරීමේ මැතිවරණ තේමා පාඨය මූලික කරගනිමින්ය. මේ රටේ ලක්ෂ 62කගේ ජනවරම ලද වත්මන් රජය ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව දින සියය තුළ ක‍්‍රියාත්මක කිරීමට පොරොන්දු වූ පරිදි ජනතාවට සහන ලබාදෙන නව අතුරු අයවැයක් මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජනවාරි මස 29 වැනිදාය. එහිදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 13ක මිල ගණන්ද ඊට අමතරව ගෑස් සහ සිමෙන්ති වලද මිල ගණන් අඩුකෙරිණි.

 

21_SLMA_P20_Back
කිලෝ 12.5 ගෑස් සිලින්ඩරය රුපියල් 300කින් හා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 90කින්ද අඩුකෙරිනි. අයවැයට පෙරාතුව එනම් ජනවාරි 21 වැනිදා ලෝක වෙළඳ පොළේ තෙල් බැරලයක මිල පහත වැටීමට සාපේක්ෂව 92 ඔක්ටේන් පෙට‍්‍රල් ලීටරය රුපියල් 150-117 දක්වාද, 95 ඔක්ටේන් පෙට‍්‍රල් ලීටරය රුපියල් 158-128 දක්වාද, ලංකා ඔටෝ ඞීසල් ලීටරය රුපියල් 111-95 දක්වාද, ලංකා සුපර් ඞීසල් ලීටරය රුපියල් 138-110 දක්වාද, භූමිතෙල් ලීටරය රුපියල් 81-65 දක්වාද මිල අඩුකර ජනතාවට ලබාදීමට රජය කටුයුතු කළේය. මෙම ඉන්ධන මිල මේ ආකාරයෙන් අඩුවීම නිසා පුද්ගලික බස්රථවල හා රජයට අයත් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ වලද ගාස්තු සියයට 8කින් අඩු කෙරිණි. නමුත් මෙම සියලූ සහන ඒ ආකාරයෙන්ම ජනතාවට ලැබී තිබේද? යන්න විශාල ගැටලූවක්ව පවත්නා බව ජනතා මැසිවිලිවලින් ඉතාම පැහැදිලිය.


ඉන්ධන මිලගණන් අඩුකිරීමෙන් පසු මධ්‍යම පාන්තිකයා බොහෝවිට ගමන් බිමන් යාමට යොදාගන්නා ත‍්‍රිරෝද රථවල ගාස්තුව සියයට 10කින් අඩුකළ යුතුයැයි ත‍්‍රීරෝද රථ සංගම් තීරණයට පැමිණියද රටේ බහුතරයක් ත‍්‍රීරෝද රථ රියැදුරන් එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නගන බවක් පෙනෙන්නට නැත. පසුගිය රාජපක්ෂ රජය පෙට‍්‍රල් ලීටරය රුපියල් 10කින් ඉහළ දැමූ විට පසු දිනම ත‍්‍රීරෝද රථවල අවම ගාස්තුව රුපියල් 10කින් ඉහළ දැමීමට ක‍්‍රියාකළ ත‍්‍රීරෝද රථ රියදුරන් මෙවර පෙට‍්‍රල් ලීටරය රුපියල් 33 කින් අඩු කළද තවමත් එහි සහනය ජනතාවට හරිහැටි ලබානොදීම පිළිබඳව ජනතාව තුළ ඇත්තේ විශාල කලකිරීමකි. ඒ ගැන සෘජුලෙසම සොයා බලන්නට ත‍්‍රීරෝද රථ සංගම් පෙළඹෙන බවක්ද පෙනෙන්නට නැත. අනෙක් අතට ලංකා ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 16කින් අඩුකළද පාසල් සිසු දරු දැරියන් ප‍්‍රවාහනය කරනු ලබන කුලීරථවලද මිලගණන් සංශෝධනය කිරීමට එම රථ හිමියන් ක‍්‍රියානොකිරීම නිසා දෙමාපියන් තුළ ඇත්තේද විශාල නොසතුටකි. එසේම ඉන්ධන මිල පහත දැමීම නිසා බස්ගාස්තුවලින් එදිනෙදා ගමන් බිමන් යන ජනතාවට යම් සහනයක් ලැබුනද වර්තමානයේ අපේ රටේ පවතින උග‍්‍ර මාරු කාසි හිඟය හේතුවෙන් ගමන්වාර වලදී තමන්ගේ ප‍්‍රවේශපත‍්‍රයට හිමි ඉතිරි මුදල් නිසියාකාරව නොලැබේ. විශේෂයෙන්ම රුපියලේ සහ රුපියල් දෙකේ කාසි  ඉතිරි මුදල් ලෙස මගීන්ට නොලැබෙන බව ඔවුන්ගේ මැසිවිල්ලයි. පසුගිය කාලසීමාව පුරාවටම දක්නට ලැබුණු මෙම මාරුකාසි හිඟයට රජය පාර්ශ්වයෙන් හෝ යම් පියවරක් ගැනෙන බවක් තවමත් පෙනෙන්නට නොලැබෙන නිසා ගමන් බිමන්වලදී මෙන්ම එදිනෙදා පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේදී වෙළෙන්ඳන් අතින් පවා මෙම ප‍්‍රශ්නයට මුහුණදීමට ජනතාවට සිදුවී තිබේ. විශේෂයෙන්ම දවසේ රාජකාරි නිමවා කොන්දොස්තරවරුන් බස්රථ හිමියන්ට ලබාදෙන දවසේ ආදායමට ඇතුළත් මාරුකාසි බස්රථ හිමියන් අතිරේක ඉතිරියක් ලෙස ගෝනිවල එකතු කිරීමට පෙළඹීම නිසා මෙම තත්ත්වය වඩාත් උග‍්‍රවී ඇති බව දැනගන්නට තිබේ.

SLD_20150222_A020
වර්තමානයේ වඩාත් කැපී පෙනෙන ප‍්‍රශ්නය වන්නේ පාරිභෝගිකයා ඔවුනට එදිනෙදා අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේදී මුහුණ දීමට සිදුවී ඇති ප‍්‍රයෝගික ගැටලුය. පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා පවසන ආකාරයට මේ වනවිට පාරිභෝගිකයන් 3000කගෙන් පමණ පැමිණිළි ලැබී ඇත්තේ පසුගිය අයවැයෙන් අඩුකළ භාණ්ඩ වර්ග වෙළෙඳුන් නියමිත මිලට අලෙවි නොකර පැරැුණි මිලටම අලෙවි කිරීමට පෙළඹී ඇතැයි යනුවෙනි. සීනි කිලෝව නව අයවැයෙන් රුපියල් 70-90 දක්වා මිල පරාසයකට අඩුවුවද තවමත් වෙළෙඳුන් සීනි රුපියල් 100-110ත් අතර මිලකට විකිණෙන බවට පාරිභෝගික පැමිණිලිද ඒ අතර වෙයි. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල රුපියල් 81 සිට 65 දක්වා මිල අඩු වූ ලාම්පු තෙල් ලීටරය තවමත් රුපියල් 85ත් 100ත් අතර මිල ගණන් වලට වෙළෙඳුන් අලෙවි කිරීම නිසා එම ප‍්‍රදේශවල ජනයා මහත් අසීරුතාවලට මුහුණ පා සිටිති. ග‍්‍රෑම් 425 ටින් මාලූ තවමත් පැරැුණි මිලටම අලෙවි කරන්නට වෙළෙඳුන් පෙළඹී ඇත්තේ පැරැුණි මිලට ගත් ටින්මාලූ නව සංශෝධන මිලට විකුණා පාඩු ලැබීමට ඔවුන් සූදානම් නැති නිසාය. නමුත් මේවා සම්බන්ධයෙන් තවමත් නිසිලෙස වගකිව යුතු රජයේ පාර්ශවයන් ක‍්‍රියාත්මක නොවීම මහජනයාගේ විමතියට හේතුවී තිබේ.


නව අයවැයෙන් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 12.50කින් අඩු වූ අතර ඊට සාපේක්ෂව පාන් රාත්තල රුපියල් 6කින් අඩුවිය. එහෙත් පාන් රාත්තල තිබිය යුතු නිශ්චිත බර ප‍්‍රමාණය වන ග‍්‍රෑම් 450ක් එහි නැත. ඇත්තේ ග‍්‍රෑම් 350කිි. නමුත් මේවා සම්බන්ධයෙන් වැටලීම් හා සොයාබැලීම් සිදුකරන කිරුම් මිනුම් වැටලීම් ඒකකයේ ප‍්‍රමාණවත් තරම් නිලධාරීන් නොසිටීම හේතුවෙන් මාස 6ක පමණ සිට අක‍්‍රිය වී ඇත. ඒ නිසා කූට වෙළෙඳුන් තමන්ට රිසිසේ ජනතාව මුලාකරමින් භාණ්ඩ අලෙවි කිරීමට ඉඩකඩ නිර්මාණය වීම සැබැවින්ම ඛේදජනකය.


මෙම ගැටලූ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික සංවිධානය පාරිභෝගික අධිකාරිය සමග කළ සාකච්ඡුා වලදී අනාවරණය වී ඇත්තේ වෙළෙඳුන් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලෙවි කිරීම හා මිල දර්ශන ඉදිරිපත් නොකරන අවස්ථාවල පමණක් ඒවා සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ක‍්‍රියා කළ හැකි බවය. එසේ නම් මේවාට වැටකඩොලූ බැඳීම වෙනුවෙන් වෙළඳ කටයුතු අමාත්‍යාංශය ක‍්‍රියාකළ යුතුය. බොහෝ විට අද සමාජයේ සමහරක් මාසය අවසානයේ වේතනයෙන් ගෙවීම සඳහා ණය පොතට භාණ්ඩ ලබාගැනීමට පෙළඹී ඇති නිසා කූඨ වෙළෙඳුන්ගේ මෙම ක‍්‍රියාකාරකම් වෙනුවෙන් නැගී සිටින්නට නොපෙළඹෙනුයේ තමන්ට එම භාණ්ඩ මිලදී ගැනීමේ පහසුව අහුරාලනු ඇතැයි යන අනියත බිය නිසාය. නොඑසේනම් මෙසේ වැඩිමිලට භාණ්ඩ අලෙවිකරන අවස්ථා පිළිබඳව පැමිණිලි පාරිභෝගිකයන්ට දැනුම්දීමට ස්ථිරසාර ක‍්‍රමවේදයක් තිබිය යුතුය.


විශේෂයෙන් මෙවන් මෙහොතක වෙළෙඳුන්ද කිසිදු මානුෂික මුහුණුවරකින් යුතුව පාරිභෝගිකයා දෙස බලන්නේ නැත. කිරිපිටි පැකට්ටුවක සීනි කිලෝවක මිල අයවැයෙන් අඩුවුවද කිරි තේ කෝප්පය රුපියල් 20සිට 40න් පහළට පැමිණ නැත. ගෑස් සිලින්ඩරය රුපියල් 300න් අඩුවුවද ආප්පයක මිල රුපියල් 12න් 15න් පහළට පැමිණ නැත. තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 12.50කින් අඩු වුවද වෙළෙඳ සංගම්වල බලපෑම මත බේකරි නිශ්පාදන රුපියලකින් අඩුකරන්නට බේකරි හිමියන් පෙළඹුනද එය ජනතාවගේ පාර්ශ්වයෙන් බලද්දී දැනෙන වෙනසක් නොවේ. ඉන්ධන මිල හා විදුලි බිල්පත් අඩුවීමේ සහනය අපේ රටේ නිශ්පාදකයන් හා වෙළෙඳුන් භාණ්ඩවලට තවමත් පාරිභෝගිකයන්ට දැනෙන අයුරින් එක්කිරීමට පෙළඹී නැත.


මේ අතර අයවැයෙන් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 90 කින් අඩු කළද තවමත් එය හරිහැටි ක‍්‍රියාත්මක කිරීමට වෙළෙඳුන් අසමත්වීම නිසා ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ නියැළී සිටින බොහෝ දෙනෙකු දැඩි අසීරුතාවන්ට මුහුණ පා සිටින බව දසතින් වාර්තාවේ. සිමෙන්ති වෙළෙඳුන් වැඩිමිලට ලබාගත් සිමෙන්ති තොග රුපියල් 90 ක් වැනි ඉහළ අගයකින් අඩුකර විකුණා පාඩු ලැබීමට අකමැති නිසා ඒවා සඟවා ඇති බව පාරිභෝගිකයන්ගේ අදහසයි. කෙසේ වුවද මේ වනවිටත් එම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සිමෙන්ති ආනයනයකරුවන් හා පාරිභෝගික අධිකාරියේ අදාළ බලධාරීන් අතර සාකච්ඡුා ක‍්‍රියාත්මක වන අතරේ ඉතා ඉක්මනින් ඒ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් පාරිභෝගිකන්ට සහනයක් සලසන බව පාරිභෝගික අධිකාරියේ ආරංචි මාර්ග සනාථ කරයි.


කෙසේ වුවද පෙනෙන්නට තිබෙන තත්ත්වය අනුව මෙම අය වැය ලේඛනය හුදු ලියැවිල්ලකට පමණක් සීමා නොවී ප‍්‍රායෝගිකව ඉටුවන්නක් බවට පත්කිරීම නව රජයේ අදාළ බලධාරීන්ගේ යුතුකමකි. අයවැය සම්බන්ධයෙන් සොයා බැලෙන පසු විපරමක් අත්‍යවශ්‍ය වන අතර පසුගිය රජය ජනතා අප‍්‍රසාදයට ලක්වූයේ පාරිභෝගිකයාට සහන නොදී කළුකඩ හිමියා පොහොසත් කළ බැවින් යහපාලනය සඳහා පෙළ ගැසෙන නව රජයද ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය. එසේ නොමැති වුවහොත් ඒ වෙනුවෙන් පාඩම් උගන්වන්නටද මහජනතාව මැලිනොවනු ඇත.

 

m



අදහස් (0)

හරිහැටි නොලැබෙන ජනතාවට තවමත් අයවැය සහන

අශෝක Wednesday, 25 February 2015 05:32 PM

ලංකාවේ මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය බත්ය. එමනිසා දුප්පත් මිනිසුන්ට යහපතක් වෙන්නේ හාල් මිල ,පරිප්පු මිල, පොල්මිල ,කිරිපිටි මිල අත්‍යවශ්‍ය බඩුවල මිල අඩුකිරීමෙනි (නි)

:       0       0

කමල් Thursday, 26 February 2015 04:33 PM

රබර් මිළ තේ මිළ අන්තිමටම බැහැලා. ගිය ආණ්ඩුවෙන් 300ට ගත්ත රබර් මේ ආණ්ඩුවෙන් 350 ට ගන්නවා කිව්වත් අද 200 ට දෙන්නත් බෑ. (නදී)

:       0       0

දයාල් Friday, 27 February 2015 12:38 AM

කොත්තමල්ලි වතුර හරි ලාබයි. මේ දවස් වල මහින්ද මහත්තයා වෙනුවෙන් රැස්වෙන මිනිස්සු දැකලා වෙනස දකින්න ගිය අපිට උණ හැදිලා. ඉතින් කොත්තමල්ලි වතුර තමයි බොන්නේ (නි)

:       0       0

සුනන්ද පෙරේරා Saturday, 28 February 2015 01:36 PM

රබර් මිල බැස්සේ කිරි පිටින් ගෙනා නිසා නේද? අපේ දේශීය නිෂ්පාදන නැති කරන්න හදන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site