X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


හිරේට නියමවූ ”සල්මන් ඛාන්”

 

09-Page-17-BB  

 

වික‍්‍රමාන්විතයා, පේ‍්‍රමාන්විතයා, වීරයා, ආදරවන්තයා මේ ආදී චරිත රංගනය වෙතින් දශක දෙකකට අධික කාලයක සිට ඔහු බොලිවුඞ් සිනමාව කළඹමින් සිටියේය. ඔහු සතු කි‍්‍රයාශීලී රංගනය හමුවේ ඔහුට ආදරය කළේ කෝටි සංඛ්‍යාත ඉන්දීය සිනමා රසික ජනතාව පමණක් නොවේ. ආසියානු කලාපයේ බොහෝ රටවල සිනමා පේ‍්‍රක්ෂක ජනතාව අතර ඔහු ජනපි‍්‍රය තරුවකි. ඒ සල්මාන් ඛාන් යැයි අමුතුවෙන් කිව යුතු නොවේ.

 


සල්මාන් ඛාන් නිසා අද බොලිවුඩයේ මෙන්ම කලාපයේ අනෙකුත් රටවල සිනමාලෝලී ජනතාව කැළඹී සිටින මොහොතකි මේ. ඒ කැළඹීමට හේතුව වෙනදා මෙන් ඔහුගේ සිනමා රංගනයක් නිසා නම් නොවේ.

5656


සල්මාන් මීට වසර 13 කට පෙරදී රිය අනතුරක් සිදු කළේය. බීමත්ව රිය පදවා වූ නොසැලකිලිමත්කම නිසා පදික වේදිකාවේ සිටි එක් පුද්ගලයකු එදා මරුමුවට පත්විය. තවත් කීප දෙනෙක් තුවාල ලැබූහ. මෙකී කාරණා අළලා සල්මාන්ට එරෙහිව නඩුවක් විභාග කෙරිණි. මෙම නඩුව අවසන මුම්බායි අධිකරණය විසින් මේ සුපිරි බොලිවුඞ් තරුව පස් වසරකට සිරගත කරන ලදී.

dddd
සල්මන් ඛාන් තම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල පිළිගත් එරට අධිකරණය ඇපෑල විභාගකර අවසන් වනතුරු ඇප නියම කළේය. ඒ අනුව ඉන්දියානු රුපියල් තිස් දහසක ඇපයක් මුම්බායි මහාධිකරණයෙන් පැනවිණි. පසුගිය වසරවලදී අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලාංකීය සිනමා රසික ජනතාවගේ ආදරය දිනාගත් මේ සල්මාන් ඇත්තටම කවුද?


අබ්දුල් රෂීඞ් සලීම් සල්මාන් ඛාන් ඔහුගේ සම්පූර්ණ නාමය වේ. උපත ලැබුවේ 1965 දෙසැම්බර් 27 වැනිදා මධ්‍ය ප‍්‍රදේශ්හි ඉන්දෝරයේදීය. හින්දු සහ ඉස්ලාම් භක්තිකයෙකි. ඇෆ්ගනිස්ථාන සම්භවයකින් පැවත එන සල්මාන්ගේ පියා වන්නේ බොලිවුඞ් සිනමාවේ තිර රචකයකු වන සලීම් ඛාන්ය. මව සුෂිලා චරාක්ය. නමුත් මවගේ අහිමිවීම සමග සල්මාන් රැුක බලා ගත්තේ සුළු මව වන හෙලන් විසිනි. ඔහුගේ මව හින්දු ජාතික කාන්තාවකි. ඉස්ලාම් දහම පියාගේ පාර්ශ්වයේ ආගම වූ නිසා ඔහු මව සහ පියාගේ ආගම් දෙකම අදහන අයෙකු බවට පත්විය.


අර්බාස් ඛාන් සහ ෂොහේල් ඛාන් ඔහුගේ සොහොයුරන් වන අතර අර්බාස් විවාහවී සිටින්නේ බොලිවුඞ් නිළි මල්ලිකා අරෝරා සමගය. අල්විරා සහ අර්පිතා සොහොයුරියන් වන අතර ඇල්විරා විවාහවී සිටින්නේ ප‍්‍රකට බොලිවුඞ් නළු සහ අධ්‍යක්ෂවරයකුවන අතුල් අග්නිහෝති‍්‍ර සමගය. මුම්බායිහි ශාන්ත ස්ටැනිස්ලෝස් උසස් පාසලින් මූලික අධ්‍යාපනය ලද සල්මාන් ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත්තේ සින්ඩියා පාසලෙනි.


සල්මාන් බොලිවුඞ් සිනමාවට පිවිසියේ 1988 දී බිවි හෝ තෝ අයිසි චිත‍්‍රපටයේ වෙනත් අයෙකු සඳහා හඬ කැවූ ශිල්පියකු ලෙසය. ඔහුගේ පළමු ප‍්‍රධාන චරිතය රඟපෑ බොලිවුඞ් නිර්මාණය වූයේ ආදරණීය කතා පුවතක් රැුගත් ”-මේන් ප්‍යාර් කියා” චිත‍්‍රපටයයි. එතැන් සිට නව ජීවනයක් ලද ඔහු බොලිවුඞ් සිනමාවේ වාණිජ අංශයෙන් සුවිශාල ආදායම් වාර්තා තැබූ චිත‍්‍රපට රැුසක ප‍්‍රධාන භූමිකාව බවට පත් විය.


-”සල්ලූ” රඟපාන චිත‍්‍රපටයක් කිසි දිනෙක අසාර්ථක නොවනවා යැයි යන මතය බොලිවුඩයේ පවතින්නකි. එක් අතකට විටෙක වඩාත් වාසනාවන්තම බොලිවුඞ් තරුව ඔහුම වීය. පළමු ප‍්‍රධාන චරිතය රඟපෑ -”මේන් ප්‍යාර් කියා” සහ කරන් අර්ජුන්, ජීට්, කුච්xකුච් හෝතා හෙ, හම් දිල්දේ චුකේ සනම්, තේරේ නාම්, නෝ එන්ටි‍්‍ර, ඩබාන්ග්, බොඩිගාඞ් ඔහු රඟපෑ අතිශය ජනපි‍්‍රය වූ ඉහළම ආදායම් වාර්තා තැබූ චිත‍්‍රපට කීපයකි.


සල්මාන් යනු මෙලෙසින් අතිශය ජනපි‍්‍රය වූ බොලිවුඞ් තරුවක් පමණක්ම නොවේ. චිත‍්‍රපට නිෂ්පාදකවරයකු සහ රූපවාහිනි චරිතයක්ද වෙයි. ඔහුටම අයත් ඒ හා බැඳුණු ව්‍යාපාරද පවතී. බොලිවුඞ් සිනමාව ඔහු නම් කර ඇත්තේ ආර්ථික අතින් වඩාත් සාර්ථක වූ නළුවා ලෙසය. පසුගිය කාලයේ චිත‍්‍රපට අටක රඟපෑම වෙතින් පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 16 ක් උපයා ඇතැයි වාර්තාවේ.


මෙලෙසින් සුපිරි ධනවතෙකු වූ සල්මාන් සතු වත්කම් හිමිකම් බොහෝය. ඒ අතරින් ඔහු දිවි ගෙවෙන බන්ද්‍රා ප‍්‍රදේශයේ මුම්බායිහි ගැලැක්සි සුපිරි නිවාස සංකීර්ණයේ ඇති නිවස අධික මිලකින් යුතු එකකි. ඊට අමතරව පාන්වේල්හි අක්කර 150 කින් යුතු රමණීය පරිසරයක සුපිරි බංගලා තුනක් තනා තිබේ. ඊට පිහිනුම් තටාකයක්ද අයත්ය. වයස අවුරුදු පනහට සමීපව සිටියද සල්ලූ හට වැඩියෙන්ම ආදරය කරන්නේ නව යොවුන් තරුණියන්ය. ඔහුට පිස්සු වැටුණු කාන්තාවෝ බොහෝ වෙති. ඊට ප‍්‍රධාන වූ හේතුව ලෙස ශාරීරික යෝග්‍යතා ප‍්‍රවීණයින් ප‍්‍රකාශ කරන්නේ සල්මාන් සතු තාරුණ්‍යයේ පෙනුම මෙන්ම අඟල් 42ක පරාසයකට පැතිරී ඇති ඔහුගේ දේහධාරී පපු පෙදෙස නිසා බවය. සල්මාන් කාය වර්ධන ශූරයකුද වන්නේය.


මෙලෙසින් පිරිපුන් පිරිමි චරිතයක් ලෙස සමාජයේ දිනෙන් දින බැබළෙමින් සිටි ඔහුගේ ජීවිතය වටා ගෙතුණු ආදර සබඳතාද බොහෝය. නමුත් ඒ බොහෝ ආදර සබඳතා අතරින් ලෝකයට හෙළිවූයේ ජනපි‍්‍රය චරිත හා බැඳුණු කීපයක් පමණෙකි. දිනෙන් දින ජනපි‍්‍රයත්වය ලබමින් ඉහළ වාණිජ වටිනාකමක් ලබමින් ඉහළ ධනස්කන්ධයක් ඉපැයූ සල්මාන් ඒ ධනයෙන් කොටසක් සමාජ සත්කාරක සහ ප‍්‍රජා කටයුතු සඳහා වැය කිරීමට මැළි නොවීය. මෙම සමාජ සත්කාරක සේවා සඳහා ඔහුගේ මූලිකත්වය යටතේ පදනමක්ද පිහිටුවා තිබේ.


නමුත් මෙකී සියල්ල අතරේ සල්මාන්ගේ ජීවිතයට බාධක කම්කටොළු රැුසකට එක පිට මුහුණ දීමට සිදුවූයේ සුරූපී අයිෂ්වර්යා රායි සමග වූ ආදරය බිඳ වැටීමත් සමඟ යැයි බොලිවුඩයේ බොහෝ දෙනා විශ්වාසකරන දෙයකි. එදා 1999 දී රඟපෑ -හම් දිල් දේ චුකේ සනම්” චිත‍්‍රපටයේ අයිෂ්වර්යා සමග ඔහු ප‍්‍රධාන චරිතයක් රඟපෑවේය. සල්ලූ, අයිස් හට පුදුමාකාර අන්දමේ ආදරයක් දක්වන්නට පටන්ගෙන ඇත්තේ එහි රූගත කිරීම් අතරතුරේදී බව සඳහන් කළ හැකිය. නමුත් 2002 දක්වා මේ පුවත රහසක් ලෙස තබා ගන්නට දෙදෙනාම වගබලා ගත්තෝය. ඒ සබඳතාවය ගැන එකී කාලයේදී පුවත් පළවූයේ ඉතා කලාතුරකිනි.


කෙසේ වෙතත් සල්මාන් සහ අයිෂ්වර්යා අතර වූ සබඳතාවය බිඳ වැටුණු බව ලැව් ගින්නක් සේ පැතිර ගියේය. එය කෙතරම් දරුණු ආදර බිඳ වැටීමක්ද යත් රායිගේ වෙන්වීම හමුවේ සල්මාන් හැසිරුණේ දඩබ්බරයකු මෙනි. එනිසා පොලිසියට ගොස් කට උත්තර දීමට පවා ඔහුට සිදුවිණි.


අද මෙලෙසින් සල්මාන් සිරගතවීමට වූ ප‍්‍රධාන හේතුවේ මුල වන්නේ එදා අයිෂ්වර්යා රායි සමග වූ අමනාප වීමෙන් පසුව දැඩි ලෙස බීමට ඇබ්බැහිවීමය. දිනෙක ඔහු කෙතරම් දුරට මත්වී සිටියාදැයි යත් පදික වේදිකාවේ නිදා සිටි අහිංසකයකු යට කරගෙන ගොස් තවත් කීප දෙනෙකුට තුවාල සිදුවී ඔහු පැදවූ සුපිරි වාහනය නතර වූයේ ඔහුටත් නොදැනය. නමුත් සමහරු එදා පැවැසුවේ දැඩි ලෙස උරණව සිටි සල්මාන්, චිත්ත පීඩාව නිසා රථය එලෙස අපරීක්ෂාකාරී ලෙස පැදවූ බවය.


කෙසේ වෙතත් සියල්ල සිදුවී හමාරය. අවසන ඔහුට සිදුවූයේ වසර 13ක් තිස්සේ පැවැති නඩුවකට මුහුණදීමටය. එසේ තිබියදීද සල්මාන් දඩයමේ ගොස් අහිංසක මුවෙකු (දුර්ලභ ගණයේ) මැරී යැයි යන චෝදනාවටද නඩුවක් පැවතිණි. එතැනින්ද නොනැවතී නීතිය හමුවේ සහ පොලිසිය හමුවට නැවත නැවතත් සල්මාන් හට යාමට සිදුවූයේ විවිධ චෝදනා එල්ලවී තිබූ නිසාවෙනි.


අයිෂ්වර්යාට පෙම්බැඳි සල්මාන්ගේ පේ‍්‍රමය ඔහුට සරදම් කළේ එලෙසින් වුවද, පසුව ඔහු සුරූපී කති‍්‍රනා කයිෆ් සමග ඉතා සමීප ඇසුරක් පවත්වා තිබේ. එය පෙම්වතුන්ගේ ස්වභාවය ඉක්මවා ගොස් පැවැත්වූ ඇසුරක් යැයි විටෙක කති‍්‍රනාම පවසා ඇතැයි සඳහන්වේ. 2011 දී එයද බිඳ වැටුණි. කති‍්‍රනාට අමතරව සුරූපී බොලිවුඞ් නිළියන් වන සංගීතා බිජ්ලානි, සෝමි අලි යන සුරූපිනියන්ද සල්මාන්ගේ පෙම්වතියෝ වූහ. මෑත කාලයේ ඔහු හා සමීප ඇසුරක් පවත්වමින් සිටි සුරූපී බොලිවුඞ් නිළි චරිතය ලෙස මාධ්‍ය වෙතින් ප‍්‍රකාශ වූයේ ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති බොලිවුඞ් තාරකාවියක වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ නාමයයි.


එකී චරිත ගැන පමණක් සඳහන් වුවද අයිෂ්වර්යාගේ පෙම් පලහිලව්ව බිඳ වැටීමෙන් අනතුරුව සල්මාන් ඉන්පසුව සමීප සබඳතා පැවැත්වූ කිසිදු චරිතයකට නිශ්චිතවම ආදරය නොකළ බව සමහරු කියති. ඉන්පසු ඔහු පළිගැනීම අරමුණු කරගෙන ආදරය කළා දැයි දන්නේ ඔහුගේ හිතම පමණෙකි. කෙසේ වුවද බොලිවුඩයේ සුපිරි තාරකා බොහෝමයක් අතර සලමාන් මානුෂීය චරිතයකි.


ඒ ඔහු බොහෝ දෙනා වෙනුවෙන්  ඕනෑම අවස්ථාවකදී උදව් උපකාර කර ඇති බැවිනි. එනිසාම රසික ජනතාවටත් වඩා සමහර බොලිවුඞ් තරු අතර ඔහු ආදරණීය මිනිසෙකි. මේ දඬුවම පැනවීමෙන් අනතුරුව ඒ බොලිවුඞ් තරු සමාජ වෙබ් අඩවි ඔස්සේ කළ ප‍්‍රකාශ මගින් එය කදිමට සනාථ වේ.


නමුත් රටක නීතිය යනු ඒ කිසිවක් නොවේ. නීතියකට වැදගත් වෙන්නේ, එය කි‍්‍රයාත්මක කිරීමට වැදගත් වෙන්නේ පුද්ගලයාගේ තරා තිරම නොවන වග මෙම තීන්දුව මගින් කදිමට සනාථ වේ. මේ සුපිරි බොලිවුඞ් තරුව අවස්ථා කීපයකදීම ලංකාවටද පැමිණියේය. ඒ පැමිණි අවස්ථා අතරින් වැඩිපුරම ඔහු මෙරට මාතෘකාවක් බවට පත්වූයේ පසුගිය ජනපතිවරණය සමයේ පැමිණීම නිසාය.


එදා එලෙසින් සල්මාන් මෙරටට පැමිණීම නිසා එදා ඉන්දියාවේ සිටින කොටි හිතවාදී පිරිස් වෙතින් ඔහුට බලපෑම් පවා එල්ල වුණි. සල්මාන් මෙරටට පැමිණි ගමන දේශපාලන ප‍්‍රශ්නයක් බවට පරිවර්තනය වූයේ එතැන් සිටය. එය අදටද පවතින්නකි. එමෙන්ම හෙට දින දේශපාලන වේදිකාවේදීද ඒ ගැන කතාවීම අරුමයක් නොවේවි. එකී සියලූ දේට අමතරව සල්මාන්ට මුම්බායි අධිකරණය විසින් දෙනු ලැබූ මෙම නඩු තීන්දුව මෙරට නීති විශාරදයින්ද කතා කරන තීන්දුවක් බවට පත්ව තිබේ.


සල්මාන්ට කළා නම්? ඇයි අපේ රටේ චරිතවලට තරා තිරම නොබලා දඬුවම් නොකරන්නේ යන්න දැන් නීතියට සම්බන්ධ අය අසන ප‍්‍රශ්නයක් වී තිබේ. මොන විදියට සිදුවුවද සල්මාන්ට මේ දුන් තීන්දුව යට ඇත්තේ කුමක්දැයි යන්න මතු පිටින් පෙනෙන මේ සියලූ දේට වඩා තවත් කාරණා තිබිය හැකිය. එහෙත් දකූණු ආසියානු කලාපීය බලවත් රාජ්‍යයේ ජනගත චරිතයකට තරා තිරම නොසලකා ලබාදුන් මේ තීන්දුව කලාපීය නීතියේ ස්වාධිපත්‍යය ගොඩනැගීම සඳහා දෙනු ලැබූ සුභ ලකුණක්ම වන්නේය. අසුබ ලකුණක් වී තිබෙන්නේ සල්මාන් හා ඉදිරි නිර්මාණවලට ගිවිස ගෙන සිටි සමාගම් වෙතය. මෙනිසා රුපියල් ප‍්‍රකෝටි ගණනින් ඔවුනට පාඩු විඳීමට සිදුවනු ඇත. නමුදු රටක නීතිය යනු මිල කළ නොහැකි අති උතුම් දෙයකි. අප එයට ගරු කළ යුතු වෙමු.

m



අදහස් (0)

හිරේට නියමවූ ”සල්මන් ඛාන්”

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site