X Advertisement
IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


හුදකලාව බියකරුද කොතරම්

 

බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාගේ නිවසට දිනක් වැඩම කළ අවස්ථාවේ නිවස ඇතුළින් වෙනදාට වඩා වෙනස් ශබ්ද ඇසෙන්නට විය. එම නිසා බුදුහු අනේපිඬු සිටිතුමා අමතා ඒ හඬ කුමක්දැයි විමසූහ. ඒ අවස්ථාවෙහි අනේපිඬු සිටුතුමා බුදුරජාණන් වහන්සේට කියා සිටින්නේ තම නිවසේ පසුගිය දවස්වල සිදුවූ අලුත් සිද්ධිය ගැනයි.

 

SLTK_10.qxd
‘බුදුහාමුදුරුවනේ අපේ පුතාට මනාලියක් කැන්දාගෙන ආවා. ඇගේ නම සුජාතා. බොහෝ ධනවත් නිවසක සැපට හැදුණු කුමාරිකාවක් (අඞ්ඩා අඞ්ඩකුලා) ඇයගේ ගති ගුණ හරි අමුතුයි. තමන් ගැන විතරයි වැඩිපුර හිතන්නේ ඇයට හිතෙන දේ තමයි නිවැරදි  හැටියට ගන්නේ. නැන්දම්මා ගැන තැකීමක් නෑ.

මාමා ගැන තැකීමක් නෑ ස්වාමිපුරුෂයා ගැන තැකීමක් නෑ. කථා බහ කිරිමේ සංවරයන් අඩුපාටයි. අලුත් හින්දද දන්නෙත් නෑ. ලොකු පවුලක කෙනෙක් නිසාද කියන්නත් බෑ. බුදුහාමුදරුවනේයි’ හිතේ තිබුණු අවුල්, අපිළිවෙළ බව නිසාම අනේපිඬු සිටුතුමා එක දිගට කියාගෙන කියාගෙන ගියා. ඒ අවස්ථාවේ සිටුවරයාගේ මානසික තත්ත්වය තේරුම් ගත් බුදුරජාණන් වහන්සේ ගේ ඇතුළේ සිටි සුජාතා නම් වූ අනේපිඬු සිටුවරයාගේ ලේළිය තමන්වහන්සේ හමුවට ගෙන්වා ගත්තා. එසේ ගෙන්වාගෙන සුජාතාගේ මානසික තත්ත්වය වටහාගෙන ධර්මය දේශනා කළා. බුදු රදුන්ගේ දෙසුම් විමසුම් නුවණින් සුජාතා අසාගෙන සිටියා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇයට ගෞරවයක් තිබුණු නිසාත් උන්වහන්සේ කරන පැහැදිලි කිරීම් තමන්ට වැටහෙන නිසාත් ඇය ඒවා හොඳින් අසා සිටියා. බුදුරජාණන් වහන්සේ ස්වාමි භාර්යාවරුන් සත් දෙනෙක් සිටින බව වදාරා ඒ ඒ අයගේ ගති ගුණත් වෙන වෙනම විස්තර කර දුන්නා. ඉන්පසු “සුජාතා දුව” ඔබ කෙබදූ භාර්යාවක් වීමට ඇලුම් කරන්නෙහිදැයි බුදුරජාණන් වහන්සේ විමසුවා. එවිට සුජාතා ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන් ආකාරයට තමන් දාසි භාර්යාවක් ලෙස ස්වාමි පුරුෂයා සමග කටයුතු කිරීමට ආසා කරන බවයි. එවිට බුදුරදුන් දේශනා කරනු ලැබුවේ. 1 දාසි භාර්යාව, 2 භගිනි භාර්යාව, 3 සකී භාර්යාව, 4 මාතුභාර්යාව ලෙස තම ස්වාමි පුරුෂයා කෙරෙහි දයාර්ද්‍ර බව දක්වන තැනැත්තිය මානසික වශයෙන් අභියෝග ජයගැනීමට සමත් නිසාත් අනිකා කෙරෙහි කල්පනා කරන ආකාරය යහපත් නිසාත්, වඩාත් බුද්ධිමත් ලෙස කටයුතු කරනු ලබන නිසාත් මරණින් පසු දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබන බවයි. 1 වධක භාර්යාව 2 ස්වාමි භාර්යාව 3 චෝර භාර්යාව මානසික අතෘප්තිකර භාවය නිසාත්, අකුසල ධර්ම වැඩිදියුණු කර ගන්නා නිසාත් මරණින් පසු අපායේ උත්පත්තිය ලබන බවයි.

30pg-10d--taksalawa--pgs

 

සත්තභරියා සූත්‍රයෙහි දේශනා කරනු ලැබ තිබෙන කරුණු ස්ත්‍රියක් අරභයා දේශනා කළ නිසා භාර්යාවන් සතක් ලෙස දැක්වුවද එයම එලෙසම අනෙක් පැත්තටද ගත හැකි බව පෙනේ. එනම්, භාර්යාව කෙරෙහි 01 උපේක්ෂා සහගතව කටයුතු කරන සැමියා, 02 සහෝදරයෙක් වගේ කටයුතු කරන සැමියා, 03 මිතුරකු වගේ කටයුතු කරන සැමියා, 04 පියෙක් වගේ කටයුතු කරන සැමියා, 05 හොරෙක් වගේ කටයුතු කරන සැමියා, 06 වධකයෙක් වගේ කටයුතු කරන සැමියා, 07 බිරිඳ වැඩකාරියක් යයි සිතා කටයුතු කරන සැමියා වශයෙනි.


මෙම පිරිසෙන් පළමුව දක්වා ඇති සතර දෙනා තම ගිහි ගෙදරද දිව්‍යලෝකයක් වගේ කරගන්නා බැවින් මරණින් මතු දිව්‍ය ලෝකයෙහිද අනෙක් තුන්දෙනා ගිහි ගෙදරද අපායක් වගේ කර ගන්නා බැවින් මරණින් පසු අපායෙහිද උත්පත්තිය ලබන බවද දහමෙහි එන අනෙක් බොහෝ විග්‍රහයන්ට අනුව නිගමනය කළ හැකිය.


විවාහයක් නම් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ දෙදෙනෙකුගේ එක්වීමක්ම විය යුතු බව බුදු දහම දකියි. එසේ දැකීමටද හේතුවක් තිබේ. විවාහවීම යනු දරුවකු බිහිකිරීමේ හැකියාව සඳහාම වන එකතුවීමක් ලෙස බෞද්ධ සමාජය දකියි. ලිංගිකත්වය ප්‍රබල මානව අවශ්‍යතාවයක් වුවද එය මතු කිරීමට හෝ හුවා දැක්වීමට බෞද්ධ සමාජය එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. පිරිමියෙක් වීම පිනක් ලෙසත් ස්ත්‍රියක් වීම පවක් ලෙසත් බුදු දහමෙහි කිසිම තැනක දක්වන්නේ නැත. මනුෂ්‍ය ආත්මයක උත්පත්තිය ලැබීම පිනක් ලෙසත්, සුදුසුකාලයේ ලෝක ධර්ම අනුව විවාහයට පත්වීම පිනක් ලෙසත්, විවාහ වී දරුවකු ලැබීම පිනක් ලෙසත් දක්වන බුදු සමය ස්ත්‍රියක වී උපත ලැබීම පවක් ලෙස නොදක්වන්නේ ස්ත්‍රිය හා පුරුෂයා අතරේ බුද්ධි වර්ධනයේ හෝ චින්තනමය වශයෙන් හෝ කායික ශක්තියෙන් කිසිදු වෙනසක් නොමැති නිසාය.


පුරුෂයකු වීම පිනක් ලෙසත් ස්ත්‍රියක් වීම පවක් ලෙසත් බමුණු දහමෙහි උගන්වයි. බමුණු දහම බිහිවුයේ දඹදිව නමුදු ශ්‍රී ලාංකේය සංස්කෘතිය සකස්වීමේදී යම් යම් බමුණු අදහස්ද මිශ්‍ර වී තිබේ. කතෝලික දහමෙහිද ලෝකය මැවූ පසු තහනම් ගස පෙන්වා එහි ඵල අනුභය නොකරන්නයයි අණකළ බව බයිබලයේ දක්වයි. බයිබලයෙහි එන උත්පත්ති කථාවත්, අග්ගඥ සූත්‍රයේ එන විවාහ සංස්ථාවේ ආරම්භයත් එකිනෙකට එය ඉතා දුරස්ථ ඉගැන්වීම් දෙකකි. ඒ දෙක කෙසේවත් සමකරන්නට යාම හෝ එසේ හැකියයි සිතීම හෝ මුළාවකි.


ස්ත්‍රිය පුරුෂයා අතර චින්තනමය හා හැකියාවන්ගේ වෙනසක් නොමැති බව දක්වන බුදුදහම ස්ත්‍රියක් වීම නිසාම ඇයට ආවේණික ලක්ෂණ කිහිපයක් දක්වා තිබේ එනම්,


01 තරුණ වියේ විවාහය නිසා මවගෙන් ඈත් වන්නට සිදුවීම, 02 මාසිකව සිදුවන ශාරීරික වෙනස්වීම් දරා සිටීම, 03 දරුගැබක දස මාසයක් (සති තිස්හයක්) දරා සිටීමට සිදුවීම, 04 ප්‍රසූත වේදනාව දරා සිටීමට සිදුවීම, 05, ස්වාමියාගේ අදහස්වලට වැඩි තැන ලබාදීමට සිදුවීම යනාදියයි. ආවේණික දුක්ඛ සූත්‍රයෙහි මේ කරුණු දක්වා තිබේ. එකී කරුණු එලෙසින් සිදුවීම කාන්තාවක් තමන්ට පමණක් ඇති දුකක් ලෙස සලකනවාද? එසේ නොමැතිනම් ඒවා නොමැතිවීම දුකක් ලෙස සලකනවාද යන්නද වර්තමානය අනුව විමසා බැලිය යුතුය. ස්ත්‍රියක් ලෙස උපතලැබීම පෙර සංසාරයේ පවක් ලෙස බුදු දහමෙයි සලකන්නේ නැත.


ස්ත්‍රියක හා පුරුෂයකු එක්ව ජීවත් වීමේදී දෙදෙනා අතර විශ්වාසයත්, ප්‍රඥාවත් යන කාරණා දෙකම අත්‍යවශ්‍ය වේ. විශ්වාසයක්ද අන්ධ විශ්වාසය නොවීමද වැදගත්ය. ප්‍රඥාවද, එහි කොටසක් වන ස්ථානෝචිත ප්‍රඥාවද දෙදෙනාටම වැදගත්ය. කථාකිරීමේදීද ක්‍රියා කිරීමේදීද, කල්පනා කිරීමේදීද යන තුන් ආකාරයේදීම ප්‍රඥාව තිබිය යුතුවෙයි. ප්‍රඥාව යනු අධ්‍යාපන සහතිකවලින් මනින එකක් නොව සිය ජීවිතයේදී තම තුන්දොර මෙහෙය වන ආකාරය අනුව තීරණය කරනු ලබන්නකි.


වර්තමාන සංකීර්ණ සමාජයේ විවාහ බහුල වශයෙන් දික්කසාද තත්ත්වයට පත්වන අවස්ථාද දික්කසාද වී ආපසු ඒ දෙදෙනාම නැවත විවාහ වන අවස්ථාද බහුල වශයෙන් දක්නට ලැබෙන බවද සාපේක්ෂ වශයෙන් නැවත විවාහවීමට වඩා දෙදෙනා වෙන්වන අවස්ථා වැඩි බවද වාර්තාවේ. දික්කසාද වන සිය දෙනෙකු ගෙන කළ පර්යේෂණයකින් එයින් සියයට අනූවකට පමණ දික්කසාද වීමට බලපෑ පොදු කාරණා කිහිපයක් මෙසේ ගොනුකළ හැකිය. දික්කසාදය ඉල්ලන්නේ විවාහ වී මුල් අවුරුදු දෙක ඇතුළත වීම, එක් පක්ෂයක වංචනික බව නිසා විවාහයට පත්වී පසුව එම වංචාව දැන ගැනීම, තමන්ගේ මනස තමන්ට පාලනය කර ගත නොහැකි වීම, මානසික අක්‍රමිකතා පැවතීම, ඥාතීන් අතර පවතින අනවබෝධ හා අනවශ්‍ය වචන හුවමාරුව, දෙදෙනාගේ අදහස් එකම අරමුණකට නොගැනීම, මාපියන්ගේ විවාහ ජීවිතවල පැවති කඩතොලු, ආදරය යනු කුමක්දැයි (විවාහ ජීවිතයට සාපේක්ෂව) අර්ථකථනය කර නොගැනීම, විවාහය පිළිබඳ අනිකාගේ කැපකිරීම් අවතක්සේරු කිරීම වර්තමානයේ දික්කසාද වන සියයට අනූවක පමණ පිරිසකගේ ඇත්ත කතාවය. එය එසේ නමුත් බොහෝවිට ඔවුන් නීතියට යන්නේ නීතිඥ මහත්වරුන් දක්වන හේතු දක්වමින්ය. එයට හේතුව නීතියේ පෙර දැක්වූ හේතුකාරණා ‘දික්කසාදයක්’ වීමට බලපාන හේතු වශයෙන් දක්වා නොමැති නිසා විය හැකිය.


කළ අධ්‍යයනවලදී අප දුටු අනෙක් ලක්ෂණය වන්නේ දික්කසාද වීමෙන් විවාහය අවසන් කළ යුතුය යන සිතුවිල්ල වැඩි වශයෙන් මතුවීම නීතිය දක්වා යන්නේ හෝ යවන්නේ ස්ත්‍රී පක්ෂය විසින්ය. දෙදෙනා නොගැළපෙන්නේ මේ නිසායයිද ඒ සඳහාම හේතු ලෙස දෙපැත්තෙන්ම අදහස් දක්වනු ලැබූවත් ඔවුන් ඒ දක්වන්නේ සත්‍යම කාරණාව නොවේ. බොහෝ ඒවා වෙනත් මානසික සිතුවිල්ලක් නිසා ඇතිකර ගත් අසත්‍ය කරුණුය. සත්‍යය කීවත් ඒවා සත්‍යයන් නොවේ. ඒ වායේ ඇත්තේ ඒ සිද්ධිදාමය පිළිබඳ තමන් සිතූ ආකාරයයි තමන් තමන්ගේ ඇසින් දුටු කොටසයි. තමන්ගේ කනින් ඇසූ දෙයයි. ඒවාට අතින් පයින් එකතු කර නෑදෑයන් ගොතන කතා බහයි.


සත්ත භරියා සූත්‍රයෙහි දැක්වූ කරුණු අනුව අනේපිඬු සිටුතුමාගේ පුත්‍රයාත්, ලේළියන් අතර පැවති විවාහය දික්කසාදය දක්වා ඈතට නොගියේ ලේළිය ගේ අදහස් සාවධානව අසා සිටීමටත් විවාහ ජීවිතයක පවතින අභියෝගාත්මක බව තේරුම් බේරුම් කර දීමටත් බුදුරජාණන් වහන්සේ නිවසට වැඩම කළ නිසාය. අනවබෝධී අදහස් අවබෝධයෙන් පුරවාලන්නට එම නිසා හැකියාව ලැබිණි.


විවාහ වී දික්කසාද වූ තරුණයෙක් සහ තරුණියක් මා සමග සිය විවාහය ගැන කියූ කතා දෙකක් මගේ සිතෙහි තදින් කාවැදී තිබේ. දික්කසාද සිද්ධි සිය ගණනක් ගැනත් ඔවුන්ගේ විවිධ දුක්ගැනවිලි හා ප්‍රීති දායක සිද්ධි අසා ඇති මට ඒ දෙදෙනා වෙන වෙනම මා සමග කියූ අදහස මිනිසා කෙරෙහි උපේක්ෂා වේ පහන් දැල්වීමේ මේ අවශ්‍යතාව මතු කළේය. ඒ තරුණයා කීවේ මෙයයි.


හාමුදරුවනේ, මගේ නෝනා හරි හොඳයි. ඒත් අපිට අපි හරියට තේරුම් ගන්න බැරිවුණා. මගේම කරුමෙ වෙන්නැතියි හේ කඳුලින් බිම බලා ගන්තේය.
තරුණිය කීවේ මෙයයි.


මට කේන්ති යනවා වැඩියි. ගෙදර නිතර කලකෝලාහල තමයි ඒත් හාමුදුරුවනේ, මේක මෙච්චර දුර යාවි කියා මම එදා හිතුවේ නෑයි ඈ දෑසේ දෑලෙන් වෑහෙන කඳුළු වළකාලමින් කීවාය”.

m191



අදහස් (0)

හුදකලාව බියකරුද කොතරම්

දර්ශි Friday, 05 February 2016 09:52 AM

මේ ලිපිය මා කියවා සතුටු වු අතර එම ලිපිය පළකිරිම පිළිබඳව ඔබට පින්. (නි)

:       0       0

ජිම් Thursday, 17 March 2016 05:49 AM

හොඳ ආදර්ශවත් ලිපියක්. (නි)

:       0       0

ආනන්ද Sunday, 10 July 2016 10:25 PM

ගරුතර හාමුදුරුවනේ, සත්ත භරියා සූත්‍රය පොත ගෙන්වා ගැනීමට මාර්ගයක් පහදා දෙන්න. ඔබවහන්සේට පින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site