X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


හෙට වෙනුවෙන් රැකගත යුතු නෙදර්ලන්ත වෙල්කම් ගම්මානය

(හේමලතා ඩී. හේවගේ)


පන්නල - නාලවලාන ප‍්‍රදේශයේ අක්කර 16 ක පමණ  භූමියක ස්ථාපිත කරන ලද, වැඩිහිටි මව්පියවරුන් 330 කට ආසන්න ප‍්‍රමාණයක් රැකවරණය ලබාදුන් නෙදර්ලන්ත වෙල්කම් ගම්මානය මේ වනවිට මව්පියවරුන් 95 දෙනෙකුද සමඟ පත්වාගෙන යමට නොහැකි තත්වයකට පත්ව ඇත.                                  

නෙදර්ලන්ත ජාතික හර්මන් තියඩෝර්ස් ස්ටුවර්ට් මහතා විසින් 1994  ජූලි මස 09 වන දින සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකරන ලද මෙම ගම්මානයේ ජීවත්වූ වියපත් මව්පියන්ට අදවනවිට තුන්වේලෙහි කුසගිනි නිවාගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවද සඳහන්වේ.          
                                                                                                              මෙම ගම්මානයේ නිර්මාතෘවරයා වන්නේ ”නෙදර්ලන්ත ජාතික සුදු මහතා” ලෙසින් හඳුන්වනු ලබන හර්මන් තියඩෝර්ස් ස්ටුවර්ට් මහතාය.

ඒ මහතා 2012 වර්ෂයේ මියයෑමෙන් පසු ගම්මානය රැකබලාගත් පාලකයන්ගේ ඇතිවූ ගැටලුකාරී තත්වයන් හමුවේ මෙය දිනෙන් දින වැසීයාමට පටන්ගැනීමත් සමඟ කෝටි ගණනක් වටිනාකමින් යුත් ගොඩනැගිලි ඇතුළු දේපලද විනාශ වෙමින් පවතී. 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වෙල්කම් ගම්මානයට අද අත්වී ඇති ඉරණම පිළිබඳව ප‍්‍රදේශයේ ප‍්‍රධානතම රජයේ නිලධාරියා වන පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බණ්ඩාර  මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ පැවසීය.        

“මෙම වැඩිහිටි නිවාසයේ පාලන තන්ත‍්‍රයේ ගැටලුකාරී තත්වයක් පසුගිය කාලයේ සිට උද්ගතවී ඇතිබව  එහි සේවකයන්ගෙන් අපට දැනගන්න ලැබුණා. මාස කිහිපයක සිට ඔවුන්ට වැටුප් නොගෙවීම නිසා ගැටලුකාරී තත්වයක් ඇතිවෙලා තිබුණා. පාලන අධිකාරිය උත්සාහ කළේ මෙහි සිටින වැඩිහිටියන් වෙනත් ස්ථානවලට මාරුකර යවා මෙම දේපල ඇතුළු භූමිය විකුණා දැමීමටයි. අපි පොලීසිය දැනුවත්කරලා මෙය වසා දැමීම වැලැක්වූවා. 

ඒ සමඟම පසුගිය අප්‍රේල් 01 වන දින වන විට ඔවුන් සියලු වගකීම්වලින් ඉවත්වෙලා තියෙනවා. එදින සිට මේ වැඩිහිටියන්ට ආහාරපාන ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදෙන්න කෙනෙක් සිටියේ නැහැ. 
 
ප‍්‍රාදේශීය ලේකම්වරයා විදිහට මම මගේ කාර්ය මණ්ඩලයත් සමග එකතුවී මේ වැඩිහිටි  මව්පියවරුන්ට ආහාරපාන ටික ලබාදෙන්න කටයුතු කළා.

ඒ වාගේම වැඩිහිටි මහ ලේකම් කාර්යාලයල සමාජ සේවා පළාත් දෙපාර්තමේන්තුව සහ සමාජ සේවා අමාත්‍යංශය  දැනුවත් කළා.

කඩිනමින් ක‍්‍රියාත්මක  කළ යුතු මානුෂීය  කාර්යක් හැටියට සලකලා අපි මේ අසරණ වැඩිහිටියන්ට අවශ්‍ය ආහාරපාන ඇතුළු පහසුකම් ලබාදෙන්න කටයුතු කළත් මෙය දිගු කාලයක් අපට කළ හැකි කටයුත්තක් නෙමේ.   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මෙම අර්බුදය සම්බන්ධයෙන් වගකිවයුතු ආයතනවල අවධානය යොමුවී මේ නේවාසිකව සිටින වැඩිහිටියන් 95 දෙනෙකුගේ ජීවිත රැකගැනීමේ වගකීම භාරගන්න කටයුතු කරන්න  ඕනෑ.” 
 
වෙල්කම් ගම්මානයේ මේ වන විට පරිපාලන කටයුතුවල නිරතව සිටින නිලන්ත නුවන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීවේය. 

“මම මේ ආයතනයේ වසර තුනහමාරක කාලයක සිට පරිපාලන  නිලධාරියෙකු ලෙස සේවය කරනවා. 1996 වර්ෂයේ හර්මන් මහත්යගේ පෞද්ගලික ධන පරිත්‍යායෙන් හිසට සෙවනක් නැති වියපත් වැඩිහිටියන්ට හිසට සෙවනක් ලබාදීමේ අරමුණින් තමයි මෙය ස්ථාපිත කළේ. මෙහි වැඩිහිටියන් 320 කට පමණ නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පහසුකම් ඉදිකරලා තියෙනවා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

වසර 22 තිස්සේ මෙහි සම්පූර්ණ කටයුතු පාලනය වුණේ නෙදර්ලන්තයෙන්  ලැබෙන ආධාර යටතේ. නෙදර්ලන්තයේ පාලන මණ්ඩලයක් හා ශ්‍රී ලංකාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයක් එක්ව තමයි මෙහි පාලනය  සිදුවුණේ.  මෙහි නිර්මාතෘ හර්මන් තියඩෝර්ස් ස්ටුවර්ට් මහතා 2012 වර්ෂයේ මියගියාට පසු තමයි ප‍්‍රශ්න පැනනැගුණේ.

වර්තමාන සභාපති ෆොන්ස් කැටෝ මහතා කියන්නේ මෙය පවත්වාගෙන යන්න සල්ලි නැහැ. ඒ නිසා මේ වැඩිහිටියන්ව වෙනත් තැනකට යොමුකරලා මේ භූමිය සමග මේ දේපළ විකුනන්න  ඕනෑ කියලයි. 

සාකච්ඡා වට කිහිපයක්ම තිබ්බා. ඒවා අසාර්ථක වුණා.  නමුත් වැඩිහිටි මහ ලේකම් කාර්යාලය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙය පවත්වාගෙන යාමට අවශ්‍ය බව දිගින් දිගටම පෙන්වා දීල තියෙනවා. මෙහි වැඩිහිටියන්ට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්වීමෙන් ආහාරපාන ටික ලබාදුන්නත් වෙනත් නඩත්තු කටයුතු සියල්ල මේ වනවිට අඩපණ වෙලයි තියෙන්නේ. 

 විදුලි බිල මාස 02 කින් ගෙවලා නැහැ. රාත‍්‍රීකාලයට යොදවන්න සාත්තු සේවක සේවිකාවන් නැහැ. වැඩිහිටියෙක් අසනීපවුණොත් බෙහෙත් ටිකක් ගෙනත් දෙන්න රෝහලකට රැගෙන යන්න කෙනෙක් නැහැ. 

සමහර වැඩිහිටියන්ව නාවන්නේ කවන්නේ පොවන්නෙත් දැන් මෙහි ඉන්න වැඩිහිටියෝම තමයි. මෙය විකුණා දැමීම හර්මන් තියඩෝර්ස් ස්ටුවර් නිර්මාතෘවරයාටත් කරන අගෞරවයක් විදිහටයි මම නම් දකින්නේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

අදාළ වගකිවයුතු ආයතනවල අවධානය යොමුකර මෙය රැකගන්න කියලයි අපි වැඩිහිටියන් වෙනුවන් ඉල්ලා සිටින්නේ” යැයි ද නිලන්ත මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

හෙට වෙනුවෙන් රැකගත යුතු නෙදර්ලන්ත වෙල්කම් ගම්මානය

PA - RA Saturday, 06 July 2019 02:01 PM

පිටරට විදේශිකයින් ලංකාවට අති විශිෂ්ට අන්දමින් උදව් කරන අතර අපේ මිනිසුන් වනසනවා බැරිනම් විදේශයකින්ගෙන් හෝ එන්. ජී. ඕ. එකකින් ආධාරයක් ගන්න.

:       47       97

Chandima Wednesday, 10 July 2019 06:04 PM

මේ රටේ විනෝදය උදෙසා කෝටි ගණන් සල්ලි විසිකරන මිනිස්සු කොච්චර ඉන්නවද? මේ ස්ථානය පටන් ගත්තු දවසේ මමත් එතන හිටියා. එතෙක් මම දැකලා තිබුනේ වැඩිහිටි නිවාස කිව්වට ශාලාවක ඇඳන් පේලි පේලි දාපු නිකම් මඩම් වගේ තැන්. ඒ අතින් මේක වැඩිහිටියන්ට එදා නිදහස් සුර පුරයක්. එදා නම් මම හිතුවේ මේ ආයතනය ආදර්ශයට අරන් වැඩිහිටියන් සදහා තව සිය ගණනක් මේ වගේ ක්‍රමවත් නිවාස හදාවි කියලා. එ්ත් අනේ මේ රටේ වැඩිහිටියෝ ගැන කොච්චර බණ කිව්වත් මේ වගේ වේලාවකදී හැමෝම වගේ නොදැක්ක නොදන්නා ගානට මග හැරලා යනවා. එක බණකටවත් මේ සිද්ධිය ගැන කතා කරන්නේ නැහැ. හැබැයි මහා ලොකුවට වැඩිහිටි දින වගේ බොරු වැඩ නම් ජයට කරනවා. ඒ නිසා ඊළඟ ලෝක වැඩිහිටි දිනයේදීවත් මේ ආයතනය අමතක වෙන්න නොදී මාධ්‍යවලින් විශාල උද්ඝෝෂණයක් කළයුතු වෙනවා.

:       0       0

මනෝද්‍යා වීරආරව්වි Tuesday, 06 August 2019 05:00 PM

මේ ආයතනයට උදව් කරන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site