X Advertisement
IMG-LOGO

2025 මැයි මස 23 වන සිකුරාදා


හෙරොයින් ජාවාරම් කළ පොලිස් කොස්තාපල්

“සර් කුඩු විකුණන පොලිස් රාලහාමි කෙනෙක් ඉන්නවා. එයාගෙන් මගේ යාළුවෙකුත් කුඩු අරගෙන බොනවා.”


කොළඹ දිසා දූෂණ මර්දන අංශයේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වජිර ධනපාල මහතාට හෙරොයින් මත්කුඩු විකිණීමේ ජාවාරමේ නිරතව සිටින බව කියන පොලිස් රාලහාමි ගැන ඔත්තුව ලබාදුන්නේ ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවකු විසිනි.


පොලිස් පරීක්ෂක ධනපාල මහතා ඔහුට ලැබුණු මේ ඔත්තුව ගැන කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට පවසා ඔහුගේ උපදෙස් අනුව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින පොලිස් රාලහාමි කොටුකර ගැනීමට සැලසුමක් සකස් කළේය.

06--08-BA
දිසා දූෂණ මර්දන අංශය පවතින්නේ ද නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතාගේ ඍජු අධීක්ෂණය යටතේය. 


පොලිස් පරීක්ෂකවරයාගේ පෞද්ගලික ඔත්තුකරුගේ මිත්‍රයා මාර්ගයෙන් කුඩු ජාවාරමේ නිරතව සිටින බව කියන පොලිස් රාලහාමිගේ ජංගම දුරකථනයට කෝල් එකක් ගත්තේ පොලිසිය ඔහු අල්ලා ගැනීමට යෙදූ උපක්‍රමයේ පළමු පියවර වශයෙනි.


මගේ යහළුවෙක් ඉන්නවා එයත් ළඟදි ඉඳලා කුඩුවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. මගේ ඒ යහළුවාටත් රාලහාමිගෙන්ම කුඩු ගන්න පුළුවන් ද, කියා පොලිස් ඔත්තුකරුගේ මිත්‍රයා විමසූ අවස්ථාවේ පොලිස් රාලහාමි එසේ කිරීමට පුළුවන් බව කියා ඇත.


කුඩු විකුණන බව කියන පොලිස් රාලහාමිගේ ජංගම දුරකථන අංකය පොලිසිය ලබාගත්තේ ඒ විදිහටය.


මත් කුඩු ලෝලියෙක් ලෙස පෙනී සිටිමින් පොලිස් රාලහාමිගේ හෑන්ඞ් ෆෝන් එකට ඊට පස්සේ කතා කරන්නට පටන් ගත්තේ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරියෙකි. 


කුඩු විකිණීමේ ජාවාරමක නිරතව සිටින බව කියන පොලිස් රාලහාමි පොලිසිය යෙදූ ඇම හරියටම ගිල්ලේය.


“සර් මට කුඩු ඕනෑ. අද දවසට ගහන්න කුඩු ටිකක්වත් මගේ ළඟ නැහැ.”


කිසිම ප්‍රශ්නයක් නැහැ. තමුසේ මාව හම්බ වෙන්න එනවා. මම මරදානේ පොලිස් බැරැක්කයේ ඉන්නේ.


මේ කුඩු විකුණන බව කියන පොලිස් රාලහාමි හා මත්කුඩු ලෝලියෙක් වශයෙන් පෙනී සිටි පොලිස් නිලධාරියා අතර ඇතිවූ කතාබහය.


මත් කුඩු ලෝලියෙක් ලෙස පෙනී සිටි පොලිස් උපාය දූතයාට රුපියල් 8,000ක පමණ මුදලකුත් රැගෙන එන්න කියා තිබූ නිසා මුදල් නෝට්ටු සූදානම් කරගෙන ඒවායේ අංක ලියාගෙන ඡායාරූප ද ලබා ගත්තේය.


මරදාන පොලිස් භූමියේම පොලිස් බැරැක්කයක් පිහිටා ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ නිලධාරීන්ට එහි පොලිස් බැරැක්කයක් වෙනම ඇත. 


මත් කුඩු ජාවාරම් කරන පොලිස් රාලහාමි ඉන්නේ ඒ පොලිස් බැරැක්කයේ තිබෙන කාමරයකය. 


පොලිස් උපාය දූතයා මරදානේ පොලිස් බැරැක්කය ළඟට ගියේ රුපියල් 8,000ක මුදලත් රැගෙනය.


පොලිස් රාලහාමි කුඩුත් රැගෙන පොලිස් බැරැක්කය ළඟට ආ අවස්ථාවේ පොලිස් පරීක්ෂක ධනපාල මහතා ඇතුළු පොලිස් කණ්ඩායම විසින් වැටලීමක් සිදුකර ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. 


තමා පොලිසිය යෙදූ උගුලකට අසුවූ බව දැන ගන්නා විට ප්‍රමාද වැඩිය.


අත්අඩංගුවට ගත් පොලිස් රාලහාමි සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 10ක පමණ ප්‍රමාණයක් තිබී සොයා ගැනීමට වැටලීම සිදුකළ පොලිස් කණ්ඩායමට හැකිවිණි.


සොයාගත් සියලු හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 1 1/2ක් පමණ වේ. 


පොලිස් කණ්ඩායම සැකකාර පොලිස් රාලහාමි නවාතැන් ගෙන සිටින කාමරය සෝදිසිකර බලා ඔහුගේ ලොකර් එකක සඟවා තිබූ තවත් හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 670 පමණ ප්‍රමාණයක් සොයා ගත්තේය.


බැංකු පොත් දෙකක් සහ ජංගම දුරකථන සිම් කාඞ් කිහිපයක්ම සොයා ගත්තේ ඔහුට අයත් බෑගයක බහා තිබියදීය.


මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අනුයුක්තව පෑලියගොඩ මූලස්ථාන පොලිස් රාජකාරි සඳහා යොදවා සිටින පොලිස් නිල සුනඛ “ටර්බෝ” ද ගෙන්වා ගත්තේ තව දුරටත් කාමරය සෝදිසි කිරීමටය. 


“ටර්බෝ” මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහාම විශේෂ පුහුණුවීම් ලබා සිටින පොලිස් නිල සුනඛයෙකි.


“ටර්බෝ” ලබාදුන් හෝඩුවාවක් අනුව සැකකාර රාලහාමි නිදාගත් ඇඳ යට පරීක්ෂාකර බලා සොයා ගත්තේ කේරළ ගංජා පැකට් එකකි. 


පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර වීරකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය හා උපදෙස් මත පොලිස් නිල සුනඛයා මෙහෙයවනු ලැබුවේ පොලිස් කොස්තාපල් එච්.එන්.ඒ.අයි. බණ්ඩාර (71028) මහතාය.


හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීමට සම්බන්ධ බව කියමින් අත්අඩංගුවට ගත් පොලිස් රාලහාමි රාජකාරි කරන්නේ ද මත්කුඩු ජාවාරම් මැඩලීමට ස්ථාපිත කර තිබෙන පොලිස් මත්ද්‍රව්‍ය කොට්ඨාසයේ වීම විශේෂත්වයකි.


මත්ද්‍රව්‍ය තොග ගණනින් සොයා ගෙන ප්‍රධාන පෙළේ දෙස් විදෙස් ජාවාරම්කාරයින් හා ජාවාරම්කාරියන් සැලකිය යුතු සංඛ්‍යාවක් නීතියේ රැහැනට කොටුකර ගනිමින් මත්ද්‍රව්‍ය මැඩලීමට සුවිශේෂ කාර්ය භාරයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය පසුගිය කාලය පුරාම සිදුකළ බව අප කිසිසේත්ම අමතක නොකළ යුතුය. 


සැකකාර පොලිස් රාලහාමි සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කළේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් යටතේය.


පොලිස් රාලහාමිගේ රාජකාරි සේවා කාලය වසර 10ක් පමණ වන අතර ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ රාජකාරියට පැමිණ ඇත්තේ මීට වසර 04ක පමණ කාලයක ඉහත දී බව දැන ගැනීමට ඇත.


මාස හතක පමණ කාලයක් තිස්සේ සිට මොහු හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින බව පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී කරුණු අනාවරණය වී තිබේ.


සැකකාර රාලහාමි පොලිසියට පවසා ඇතැයි කියන්නේ වැටලීම් වලින් සොයාගන්නා හෙරොයින් තොගවලින් සුළු කොටසක් වරින්වර සොරාගෙන ගොස් මෙසේ විකුණන බවය.


කේරළ ගංජා පැකට් එකක් සොයා ගැනීමෙන් පෙනී යන්නේ මොහු ඒවා විකිණීමේ ජාවාරමක ද නිරතව සිටින බව යැයි පොලිසිය සැක කරයි. 


සැකකරු කරන මේ ප්‍රකාශය කෙරෙහි පමණක් විශ්වාස නොකර ඔහු කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ගෙන් හෙරොයින් ලබාගෙන ඒවා විකුණන්නේ ද කියා පොලිසිය පුළුල් ලෙස සොයා බලාගෙන යයි.


සැකකරුගේ බැංකු ගිණුම් පරීක්ෂාකර බලා ඔහුගේ වත්කම ගැන මෙන්ම ජංගම සිම් කාඞ් ඔස්සේ ඔහු පවසා ඇති සැක කටයුතු පුද්ගලයන් ගැන ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.


පොලිසිය පවසන ආකාරයට හෙරොයින් මත්ද්‍රව්‍ය වල ශුද්ධ බර ග්‍රෑම් 2කට වැඩි නම් එම නඩුව විභාග කළ යුත්තේ මහාධිකරණයකය.


මහාධිකරණ නඩු විභාගයක දී යමෙක් වරදකරු වුවහොත් ඇතැම් විට මරණ දඬුවම පවා නියම විය හැකිය. 


ඒ නිසා හෙරොයින් ග්‍රෑම් 02 පමණ ප්‍රමාණයක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම අපේ රටේ නීතිය අනුව බරපතළ වරදක් වන්නේය.


පොලිස් පරීක්ෂක ධනපාල මහතා සමග හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ බව කියන පොලිස් රාලහාමි අත්අඩංගුවට ගැනීමේ වැටලීම පොලිස් සැරයන්වරුන් වන ප්‍රසන්න (28328), කමල් (21858), කොස්තාපල්වරුන් වන කුලරත්න (77952), එරන්ද (23687), බාලසූරිය (76229), සම්පත් (77945), කුමාර (82730), වීරසිංහ (83764) මහත්වරුන් සහ කාන්තා කොස්තාපල් හේරත් (9484) සිදු කළහ.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ මෙහෙය වීම යටතේ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක ලසන්ත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකරු රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

m



අදහස් (0)

හෙරොයින් ජාවාරම් කළ පොලිස් කොස්තාපල්

අජිත් Thursday, 11 August 2016 01:10 PM

නීතිය හා සාමය රකින අය මේවගේ වැරදි කරනවානම් අනිවාර්යෙන්ම දැඩි දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

ටානි Thursday, 11 August 2016 03:58 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

සිසිර Sunday, 14 August 2016 11:19 AM

නිලධාරීන් මෙහෙමනම් වෙන මොන කතාද.? (ර)

:       0       0

අහමේෆ් Sunday, 14 August 2016 11:25 AM

මොවුන්ටනම් මරණ දඬුවමයි හොඳ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site