X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


හොරුන් සුරතල් කරනු එපා: වහාම දඬුවම් දෙන්න

2021 වසරේ අවසන් දිනය අදය. හෙටින් නව වසරකි. කැවුම් කිරිබත් කා සතුටෙන් ඉපිළෙමින් නව වසර පිළිගැනීමට තරම් සුසංගත පරිසරයක් නොවුව ද එළැඹෙන නව වසර සියලු වස්දොස් දුරු වූ දුකෙන් තොර සැපෙන් බර නව වසරක් වේවා! යි අපි ප්‍රාර්ථනා කරමු.

රට තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අප කිසිවකුට සතුටට පත් විය නොහැක. චෝදනාවට ලක්නොවුණු ක්ෂේත්‍රයක්, ආයතනයක්, පුද්ගලයෙක් සොයාගත නොහැකිය. මේ රට ‘මගේ රට’ යැයි උතුරණ දේශානුරාගයෙන් බදා වැළඳ ගැනීමට නොහැකි නම් එය ඉතා දුක්ඛිත තත්ත්වයකි. එම දුක්ඛිත තත්ත්වය නිර්මාණය කිරීමට සමාජයේ සෑම තරාතිරමකම සාමාජිකයන් දායක වී තිබීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනේ.

දේශපාලනය යන්නට යෙදෙන පර්යාය වචනයක් බවට ‘සොරකම’ යන වචනය පත්වී තිබේ. දේශපාලනයට පිවිසෙන්නේම සොරකම් කිරීමට බවට මතයකි. ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියකම අරමුණ සොරකම් කිරීම බවත් තවත් මතයකි. ඒ අනුව සොරකම යනු ජාතික ක්‍රීඩාවක් යැයි හැඟෙන තරමට තත්ත්වය භයානකය. මෙහි එක් තාර්කික අන්තයක් වනුයේ සොරකමට ඇති ලජ්ජාව හා බිය තුරන්වීමය. එය මුළු සමාජයම පතුළ නොපෙනෙන ප්‍රපාතයක් කරා තල්ලු කිරීමකි.

අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ 2012 වසරේ සිට රුපියල් ලක්ෂ 97 ක අක්‍රමිකතාවක් සිදුවී ඇති බවය. සේවයේ නියුක්ත හා විශ්‍රාමික ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමේදී වෙනත් පුද්ගලයන්ගේ නම් උපයෝගී කර ගනිමින් සැකසූ බැංකු ගිණුම්වලට මුදල් බැරකර මෙම වංචාව සිදුකර ඇති බවට විගණන පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

රුපියල් ලක්ෂ 97 කට ආසන්න මුදලක් සොරා කෑ නීලකාස හොරා එම අධ්‍යාපන කාර්යාලයේ සේවකයෙකි. මෙම හොරාට 2016 වසරේදී වලපනේ ප්‍රාදේශීය සභාවට ස්ථාන මාරුවීමක් ලබා දී ඇතත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සතියකට දින දෙකක් හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ වැටුප් සකස් කිරීම සඳහා ඔහුට අනුයුක්තයක් ලබාදී ඇතැයි එම කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රකාශකයකු අප පුවත්පතට පවසා තිබිණි.

ඔහුගේ බිරිඳගේ නමට ද ගිණුමක් සකස් කර එයට රුපියල් ලක්ෂ 17 ක මුදලක් බැර කර ඇතැයි ද සඳහන්ය. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සිදුවී තිබෙන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

එම සිදුවීම් මාලාවම සැකකටයුතුය. වලපනේ ප්‍රාදේශීය සභාවට මාරුවීමක් ලැබ ගිය පුද්ගලයාට සතියට දින දෙකක් වැටුප් සකස් කිරීම සඳහා කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවය. එහෙත් එයට හේතුවක් මෙන්ම ඉල්ලීමක් තිබිය යුතුය. සේවා අවශ්‍යතා සඳහා අදාළ පුද්ගලයාවම අවශ්‍ය බවට නිර්දේශ ලැබුණේ කෙසේද යන්න විමසිය යුතුය.

එමෙන්ම වැටුප් සකස් කිරීම සඳහා වෙනත් නිලධාරියකු නොයෙදවීමට හේතුව කුමක්ද යන්න සොයා බැලිය යුතුය. මෙම නීලකාස හොරා 2012 වසරේ සිටම මෙම සොරකම කරගෙන ගොස් තිබේ. මෙබඳු සොරකමක් සිදුවන බවට කිසිවකුට හෝ සැකයක් ඇති නොවීම ද සැකයට තුඩු දෙන්නකි. වාර්ෂිකව සිදුකරන විගණනයේදී මේ මහා පරිමාණ සොරකම අනාවරණය නොවූයේ කෙසේද යන්න ද සොයා බැලිය යුතුය.

සොරකමට ඇති ලජ්ජාව හා බිය පහව ගිය කල්හි මෙබඳු සොරකම් කිරීම සාමාන්‍ය දෙයකි. පාසල් සංවර්ධන අරමුදලේ ලක්ෂ ගණනාවක මුදල් වංචාවකට දකුණු පළාතේ පිහිටි එම පාසලේ හිටපු විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය.

දරුවකු පාසලට ඇතුළු කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලසක් වශයෙන් ගත් ගම්පහ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බවට පළ වූ පුවත ගෙවුණු සතියේ වාර්තා වූවකි. එබඳුම අල්ලසක් ගත් බව කියන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගත් බවට ද මාධ්‍ය වාර්තා කළේය.

අධ්‍යාපන කාර්යාලයක්, පාසලක් රටේ අනෙකුත් ආයතනවලට වඩා සුවිශේෂය. මන්ද යත් රටේ අනාගතය තීරණය කෙරෙන පුරවැසියන් බිහි කරන්නේ එම ආයතන විසින් වීමය. එහෙයින් අධ්‍යාපන කාර්යාලවල හා පාසල්වල මානව සම්පත වන්දනීය පූජනීය වීම අපේක්ෂා කළ යුතුමය.

එහෙත් එසේ නොවී ඒවා හොර ගුහා බවට පත්වන්නේ නම් රටේ අනාගතය බාර ගැනීමට සිටින දරුවන්ට යන්නේ වැරැදි සංඥාවකි. එහෙයින් මෙබඳු ආයතනවල සිදුවන වැරැදි ක්‍රියාවලට, හොරකම්වලට වෙනම නීති සම්මත කර හෝ දඬුවම් කළ යුතුය.



අදහස් (2)

හොරුන් සුරතල් කරනු එපා: වහාම දඬුවම් දෙන්න

ajith Friday, 31 December 2021 08:05 PM

මෙබඳු ආයතනවල සිදුවන වැරැදි ක්‍රියාවලට, හොරකම්වලට සම්බන්ධ පුද්ගලයින් තරාතිරම නොබලා පළමුව කළයුතු වන්නේ රැකියාවෙන් ඉවත් කිරිම වේ.

:       0       0

rocky Tuesday, 04 January 2022 08:34 AM

මහත්තයෝ කතා කරලා වැඩක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site