ගිනි අවියට සමු දුන් ඇය නව දිවියක් ලබා සමාජ ගත වන්නේ කටුක අතීතය අමතක කර විවාහවී දරුමල්ලන් සමඟ සොඳුරු දිවියක් ගත කිරීමේ පැතුමෙනි. එහෙත් සමාජය ඇය නිකැලැල් තරුණියක ලෙස පිළිගැනීමට තරම් කාරුණික නොවන්නේ නම් ඇගේ ඉරණම කොතරම් අභ්‍යාග්‍ය සම්පන්නවේද?
කොළඹ සිට කිලෝමීටර 335ක් පමණ දුරින් පිහිටි කිලිනොච්චි දිස්ත්‍රික්කය කලක් එල්ටීටීඊ පාලනය යටතේ පැවැතියේ ය. ශ්‍රී ලංකා හමුදාව විසින් කිලිනොච්චිය අත්පත්කර ගනු ලැබුවේ 2008-2009 කාලයේ ය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකින් ද, ග්‍රාම නිලධාරී කොට්ඨාස 95කින් ද, ගම්මාන 329කින් ද කිලිනොච්චි දිස්ත්‍රික්කය සමන්විතය.
එල්ටීටීඊ හිටපු නායක ප්‍රභාකරන්ගේ නිවස පිහිටා තිබුණේ ද, එල්ටීටීඊයේ ජාත්‍යන්තර නායකයා වූ බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපී දැන් සිටිනුයේ ද, 2001 දී සාම ගිවිසුම අත්සන් කරනු ලැබුයේ ද කිලිනොච්චියේ ය.
ඉන්ටර් නිවුස් ආයතනය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවැත්වූ වැඩමුළුවකින් පසු මාධ්‍යවේදීන් කණ්ඩායම් ලංකාවේ විවිධ ප්‍රදේශවලට යොමු කළ අතර කණ්ඩායම් දෙකක් කිලිනොච්චියටත්, මුලතිව්වලටත් ගියේය. කිලිනොච්චි ගමනේ අරමුණ පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන්ගේ දැන් තත්ත්වය සොයා බැලීමයි.
පැය හයක් තිස්සේ ගමන් කළ බසය කිලිනොච්චියට ළඟා වන විට අලුයම පහ පමණ වී තිබිණි. ප්‍රදේශයට ඇද හැළෙමින් පැවැති ධාරානිපාත වාර්ෂාව නිසා අතුරු මාර්ග රැසක් ජලයෙන් යට වී තිබිණි.
කලක් ගිනි අවි අතැතිව සිටි එල්ටීටීඊ සාමාජිකයන් 12000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකා රජයෙන් පුනරුත්ථාපනය කරනු ලැබූහ. ඉන් වැඩි පිරිසක් කිලිනොච්චියේ ජීවත් වෙති. පුනරුත්ථාපන කාලයෙන් පසු සමාජයට මුහු කළ හිටපු එල්ටීටීඊ සාමාජිකයෝ රැසක් දැන් ප්‍රශ්න වැලක පැටලී ගැලවීමට නොහැකිව සිටිති.
‘අවුරුදු 19න් මම එල්ටීටීඊයට බැඳුණා.මගේ සහෝරදයා යුද්දෙන් මැරුණා. යුද්දෙන් පස්සේ යුද හමුදාවෙන් පුනරුත්තාපන කඳවුරකට යොමු කළා.අවුරුදු එක හමාරක පුනරුත්තාපන කාලය ඉවර වෙද්දි මගේ වයස අවුරුදු 24යි.මම මුහුණ දුන් කුරිරු අත්දැකීම් අමතක කර අලුත් ජීවිතයක් බලාපොරොත්තුවෙන් කඳවුරෙන් එළියට බැස්සේ. කාන්තාවකගේ ජීවිතය සම්පූර්ණ වෙන්න නම් විවාහ වෙලා දරුවන් හදන්න ඕනෑ. මම බලාපොරොත්තු වුණ දේ නොවෙයි ලැබුණේ.අවුරුදු එක හමාරක් කඳවුරක සිටි නිසා සමාජය මා දිහා බලන්න ගත්තේ සැකෙන්. නමුත් අපට පුනරුත්තාපන කාලේ කිසිම නරකක් වුණේ නෑ. හොඳින් සැලකුවා.‘‘ කිලිනොච්චියේ ජයන්ති නගරයේ තරුණියක එලෙස පැවසුවාය. මෙවන් ගැටළුවලට තමා පමණක් නොව තවත් බොහෝ දෙනෙක් මැදිව සිටින බව නම ප්‍රසිද්ධ කරනවාට අකමැති වූ ඇය කීවාය. මෙවැනි දුර්මත නැති කිරීමට වගකිවයුත්තන් කිසිවක් කර නැතැයි ඇය පැවසුවාය.
‘පුනරුත්ථාපන කාලේ අපට කෑම බීම ලැබුණා.නමුත් ප්‍රයෝජනවත් දෙයක් නම් ලැබුණේ නෑ. එල්ටීටීඊ කාලේ අපට කරන්න බොහෝ වැඩ තිබුණා.රස්සා තිබුණා. පුණරුත්තාපන කඳවුරේ ඉඳලා එළියට ආවාට පස්සේ දැන් රස්සාවල් නෑ.අපි කොහොමද ජීවත් වෙන්නේ?‘ කිලිනොච්චියේ ජයන්ති නගර්හි මනිමේකලා එලෙස විමසන්නීය.
තිස් හතර හැවිරිදි මනිමේකලා වසර කිහිපයක් එල්ටීටීඊ සංවිධානයේ සේවය කළ බව කියන්නීය.යුද්ධයේ අවසන් සමයේ ලොකු අම්මා සමඟ ගොස් යුද හමුදාවට බාර වූ ඇය වසර එක හමාරක් පුණරුත්තාපනය ලබා තිබේ.
‘සිවිල් ආරක්ෂක බළකායේ රැකියා දෙන බව කිව්වත් ලැබුණේ නෑ.දැන් පොඩි රස්සාවකට යනවා.රුපියල් 7000යි වැටුප.ජීවත් වෙන්න අමාරු නිසා මහත්තයා සෞදි ගියා. නමුත් තවම රස්සාවක් ලැබී නෑ.අපට සමෘද්ධියත් නෑ.‘යැයිද ඇය සුසුමක් හෙළුවාය.
පුනරුත්තාපනයෙන් පසු ඇය නැවත සමාජගත වන්නේ උන් හිටි තැන් නැති සියලු දේ අහිමි වූ අයකු ලෙසනි.ඇගේ නවාතැන සොයුරියගේ නිවසයි.
‘යුද්දෙ නිසා අපට ඔක්කොම නැති වුණා.ආයෙත් යුද්දෙ එපා.ජීවත් වෙලා ඉන්න තිබුණොත් ඇති.‘
මනිමේකලා වැනි පුනරුත්ථාපනය ලද එල්ටීටීඊ සාමාජිකාවන් රැසකටම දැන් ඇති ප්‍රධානම ප්‍රශ්නය එයයි. ජීවත් වී සිටීමට, බඩ වියත පුරවා ගැනීමට, දරු මල්ලන් උස් මහත් කිරීමට ජීවනෝපායක් සොයා ගැනීමේ බරපතල ගැටළුවට ඔවුහු මුහුණ දී සිටිති.
එල්ටීටීඊ සැකකරුවන් පුනරුත්ථාපනය කර සමාජගත කර වසර හතරකට වැඩි වුවත් ඔවුනට ඇලවූ කොටි ලේබලය තවමත් ගලවා නැත.කොටි ලේබලය නිසා පුනරුත්ථාපනය ලැබූවන් කබලෙන් ලිපට වැටී සිටිව බව ඔවුහු පවසති.
‘‘1993 දි මම එල්ටීටීඊයට බැඳුණේ.අවුරුදු දෙකක් විතර වැඩ කළා.1996 දි අපි ටිපර් රථයකින් යාපනේ යද්දි බිම් බෝම්බෙකට අසුවී මගේ දකුණු කකුල කැඩුණා.යුද්දෙ ඉවර වුණාට පස්සේ අවුරුද්දක් විතර පුනරුත්ථාපන කඳවුරේ හිටියා.ඉන් පසු අතට රුපියල් 250ක් දී බසයට නැංගුවා.කිලිනොච්චියෙන් බැහැලා ත්‍රීරෝද රථයක බිරිඳගේ ගේ ළඟට ආවා. රුපියල් 250 ඉවරයි. ගෙට ගොඩවෙද්දී අතේ සතයක්වත් නෑ.‘‘යැයි නම හෙළි කීරීමට අකමැති වූ ආබාධිත ත්‍රීරෝද රියදුරෙක් සිය දුක්බර කතාවට මුල පුරමින් කීවේය.
‘ආබාධිතයන්ට කෘත්‍රිම කකුලක් ගන්න රුපියල් පනස් දහසක් දෙනවා.ඒ සඳහා පෝරමයක් පුරවන්න තියෙනවා.එය ග්‍රාම නිලධාරී ලවා සහතික කරන්න ඕනෑ.එහි තිබෙනවා මෙහෙම වාඛ්‍යයක් ; ‘‘ඉහත නම සඳහන් පුද්ගලයා රජයට හෝ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ක්‍රියා නොකළ බව මෙයින් සහතික කරමි.‘‘ මේ වාක්‍ය තියෙද්දි ග්‍රාම නිලධාරීන් අත්සන් කරන්නේ නෑ. මෙය මට විතරක් නොවෙයි බොහෝ පිරිසකට තියන ප්‍රශ්නයක් . ‘
එල්ටීටීඊ සාමාජිකයන් පුනරුත්ථාපනය කර සාමාන්‍ය ජනතාව ලෙස සමාජ ගත කළ බව කීව ද යුද සමයේ පැවැති තහංචි ඉවත් කිරීමට තවමත් වගකිවයුත්තන් කටයුතු කර නැති බව ඔහුගේ අදහසයි.
පුනරුත්ථාපනය වී ගමට පැමිණි ඔහු වතුවල වැඩ කරමින් බිරිය සහ දියණියන් තිදෙනා සමග ජීවත් වීමට දුක් මහන්සියෙන් කුඩා නිවසක් සෑදීම ඇරැඹුවද තවමත් එහි වැඩ නිම කර ගැනීමට හැකිවී නැත. ත්‍රීරොද රියදුරකු ලෙස කටයුතු කළත් ඔහුට රියදුරු බලපත නැත. ඒ පාදයක් අහිමි ආබාධිතයකුට රියදුරු බලපත ගැනීමට හැකි විශේෂ වාහනයක් මිලට ගැනීමට තරම් ඔහුට වත්කමක් නොමැති බැවිනි.
‘ගමේ සමිතිවල නායකත්වය ගෙන වැඩ කටයුතු කරන්න කැමතියි. නමුත් සමහරුන් කැමති නෑ අපි වංචා දූෂණ නැතිව හරියට වැඩ කරන නිසා . අපි නායකත්වය ගෙන පොදු වැඩක් කරනවා නම් අපි ආයෙත් වෙනත් දේකට ලෑස්තිවෙනවා කියා කොටි ලේබලය අලවනවා. එනිසා මම ගමට නායකයකු වෙන්න යන්නේ නෑ.ගෙදරට විතරක් නායකයෙක් වෙලා ඉන්නවා.‘
පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් ගැන සමාජයේ ඇති වැරදි මතය වෙනස් කිරීමට මේ වන තෙක් කිසිවකු කිසිම ක්‍රියාමර්ගයක් ගෙන නැති බැවින් ඔවුන්ගේ අත්දැකීම්වලින් සමාජයට වැඩක් ගැනීමේ අවස්ථාව ඇහිරී ගොස් ඇතැයි ඔවුන්ගේ වදන්වලින් කියැවෙයි. සමාජයේ ඉදිරියටම ගමන් කරන්නැයි ඔවුන් පුනරුත්ථාපන කඳවුරුවලින් පිටතට එවා ඇත්තේ සමාජයේ ඇති බැරියර රැසක් ඉවත් නොකර බව ඔවුහු කියති.එනිසා එදා සිටි තැනින් ඉරිදියට යෑමට ඔවුනට අසීරුය.
‘‘යුද්ධය සහ පවුලේ ගැටළු නිසා 2003 දි මට ඉගෙනීම නවත්වන්න සිද්ධ වුණා.මම පවුලේ වැඩිමලා.සහෝදර සහෝදරියන් හත දෙනෙක් ඉන්නවා. තාත්තට පිළිකා රෝගය හැදිලා මහරගම පිළිකා රෝහලට ඇතුළු කළා. අම්මා තාත්තා ළඟ ඉඳන් සාත්තු කළා. මම තමයි පවුලේ බර ඇද්දේ. මගේ ලොකු නංගී එල්ටීටීඊයට බැඳුණා. 2007 දි තාත්තා මිය ගියා. තාත්තාගේ අවසන් කටයුතු සඳහා නංගිට සති දෙකක නිවාඩුවක් ලැබුණා. 2008දි මන්නාරම සටනින් නංගී මිය ගියා.‘‘යයි කිලිනොච්චියේ ස්ටුඩියෝවක් හා ඩීවීඩී අලෙවි හලක් පවත්වාගෙන යමින් ස්වෝත්සාහයෙන් දිවි පෙවෙත ගෙන යන යෝගරාජා දිනේෂ් කඳුළු සලමින් පැවසීය. ඔහු තවමත් 30 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි.
‘2008දි මං විවාහ වුණා.පසුව මමත් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ වුණා.එල්ටීටීඊයේ නීතියක් තිබුණා අලුතින් විවාහවූ අය යුද පෙරමුණට යවන්නේ නෑ කියලා.මට තිබුණේ යුද්ධ කරමින් ඉදිරියට යන අයට අවශ්‍ය පහසුකම් සැපයීමයි.එල්ටීටීඊ කියා මා මහ ලොකු පුහුණුවක් ලැබුවේ නෑ.දවස් හතක පුහුණුවක් ලැබුවේ.යුද්ධය අවසන් වුණාම මාස හයක පුනරුත්ථාපනයක් ලබා දෙනවා කීවත් වසර දෙකහමාරක් තරම් දීර්ඝ කාලක් තියාගත්තා.මට වඩා වැඩි කාලයක් එල්ටීටීඊයේ සිටි අයට සහ යුද පෙරමුණේ සිටි අයටත් මං වගේ පොඩි කාලයක් සිටි අයටත් එකම කාලයක් ‘ඇතුළට‘ වෙලා ඉන්න වුණා.එය කොතරම් අසාධාරණද? සහන ණය ලබා දෙනවා කීවත් තවම එවැනි කිසිවක් ලැබුණෙ නැහැ.මගේම උත්සාහයෙන් තමයි මේ හැම දෙයක්ම ගොඩනගා ගත්තේ.“
එල්ටීටීඊ පාලන කාලයේ තිබූ විනයගරුකත්වය දැන් නැති බව දිනේෂ් සහ මුලින්ම කී කාන්තාව යන දෙදෙනාම පැවසූහ.
‘‘ඒ කාලයේ විනය විරෝධී වැරදි වැඩ කවුරුත් කරන්න ගියේ නෑ (ප්‍රභාකරන්ට)බයේ.ඒත් දැන් මේ සමාජයේ විනය පිරිහිලා.තරුණයන් තැන තැන රස්තියාදු ගහනවා.අපචාරත් වෙනවා වැඩියි.හවස හයෙන් පස්සේ ගෑනු ළමයෙක් පාරේ යවන්න බයයි.‘‘
ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් අරඹා රැකියා නැති පිරිසට රැකියා අවස්ථා ඇති කරන්නේ නම් විරැකියාව පිළිබඳ ගැටළුව සහ විරැකියා නිසා රස්තියාදු ගසන තරුණයන් විවිධ අපචාරවලට යොමු වීමේ ගැටළුව බොහෝ දුරට අඩුවනු ඇතැයි ඔවුහු කියති.
අවුරුදු 13ක් එල්ටීටීඊයේ සේවය කර ඇති තවත් අයෙකුගේ දෑස ෂෙල් ප්‍රහාරයකින් අහිමි වී ගොස් ඇත. නම හෙළි කිරීමට අකමැති වූ ඔහු අවසන් සටන තෙක්ම එල්ටීටීඊ යුද පෙරමුණේ සිට ඇත. එල්ටීටීඊ නායකයකුගේ ආරක්ෂකයකු ලෙස ද ඔහු දෙවසරක් කටුයුතු කර තිබේ. 2009 අප්‍රේල් 17 වැනි දා අලුයම යුද හමුදාවෙන් එල්ල වූ ෂෙල් ප්‍රහාරයකින් දෑසම එහිමි වූ තමා ප්‍රතිකාර ලැබීමෙන් පසු පුනරුත්ථාපන කඳවුරක කාලයක් සිටි බව ඔහු කියයි.
‘පුනරුත්ථාපන කඳවුරේ සිටියදී හොඳට සැලකුවා. නමුත් වෘත්තීය පුහුණවක් ලැබුණේ නෑ.ඉන් පසු රාජ්‍ය නොවන සංවිධානයකින් ලණු පාපිසි මැසීම සඳහා පුහුණුවන් ලැබුණා.ලණු පාපිස්සක් 250ක් පමණ වෙනවා. ඒත් වැඩිපුර විකිණෙන්නේ රුපියල් 50 රෙදි පාපිසි. මම කෑම උයන්න ඉගෙන ගත්තා.දැන් පොඩි කේටරින් ස්ර්විස් එකක් කරගෙන යනවා.අලුතින් එන අය ලොකු ගානක් දාලා පහසුකම් සහිතව ව්‍යාපාර පටන් ගන්න නිසා අපිට බිස්නස් අඩුයි.ඔවුන් සමග හැප්පෙන්න අපට බෑ.‘
පුනරුත්ථාපන කාලයෙන් පසු ජංගම දුරකතනයකින් වැරදි ඇමතුමක් නිසා (මිස්කෝල්) ඇතිවූ ප්‍රේම සම්බන්ධකින් විවාහ දිවියට එළඹි ඔහු දැන් එක්දරු පියෙකි.බිරිය හා දියණිය ජීවත් කරන්නට ඔහු ලොකු වෙහෙසක් දරයි.
‘‘හමුදාව සමඟ තරහක් නෑ.ඔවුන් සමග යාළුවන් විදියටයි ඉන්නේ. නමුත් අප වැනි ආබාධිතයන්ට ආණ්ඩුවෙන් ලැබෙන අවධානය අඩුයි. හිටපු එල්ටීටීඊ කෙනෙක් කියලා හංවඩු ගහනවට මං කැමති නෑ.දෙමළ සහ සිංහල ඕනෑම කෙනකුට තමන්ගේ ජාතිය ගැන හැඟීමක් තියෙන්න පුළුවන්.එය සාමාන්‍ය දෙයක්.අපිටත් තිබ්බා.ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේ ඒ කාලේ කළා.දැන් ඒ සියල්ල ඉවරයි.ආයේ ඒවා කරන්නේ නෑ.දේශපාලනේ කරන්නෙත් නෑ. ආයේ යුද්දෙකුත් එපා. අපිට හමුදාව සමඟ කිසිම ගැටළුවක් නෑ. රාත්‍රියට පාරේ යනවා. හමුදාවෙන් අපට කිසිම අනතුරක් කරන්නේ නෑ.‘
පුනරුත්ථාපනය වූ එල්ටීටිඊ සාමාජිකයන් පාවා දෙන්නන් ලෙස ඇතැමෙකු දකින බවත් තම සමාජය කරදරයට පත් කළ පිරිසක් ලෙස තවත් පිරිසක් දකින බවත් ඔවුහු පැවසූහ.
පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් මුහුණ දෙන ගැටළු රාශියක් ඇතැයි කිලිනොච්චියේ ඇන්ග්ලිකන් දේවස්ථානයේ එස් කේ ඩැනියෙල් පියතුමා කීවේය.
‘පුනරුත්ථාපනය වෙලා එළියට ආ අය මුහුණ දෙන ප්‍රධාන ගැටළු තුනක් තිබෙනවා.පළමු වැන්න තමයි මොවුන් හමුදාවේ ඒජන්තවරුන් කියා ප්‍රතික්ෂේප කරන අවස්ථා බොහෝ තියෙනවා. ඔවුන් හමුදාවේ ඔත්තු කාරයන් කියා කොන් කරනවා.දෙවැනි කාරණය තමයි ඒ කාලයේ තිබුණු තත්ත්වය හැටියට එල්ටීටීඊ සාමාජිකයන් ගෙවල්වලට ගිහින් පුද්ගලයන් බඳවා ගන්නවා.පුනරුත්ථාපනය වී පැමිණි කෙනෙක් කා හරි එලෙස බඳවාගෙන ඔවුන් යුද්ධයේදි මියගොස් ඇත්නම් ඔවුන්ගේ දෙමාපියන් හා නෑදෑයන් ඒ පුද්ගලයව ප්‍රතික්ෂේප කරනවා.අහවලා නිසා තමයි අපේ ඥාතියා මැරුණේ කියනවා.තුන් වැනි කාරණය තමයි සමාජයේ මතයක් තිබෙනවා කාන්තාවන් පුනරුත්ථාපන කදවරුදුවලට සිට ආ විට ඔවුන්ගේ පිරිසිදු භාවය අහිමි වෙලා කියා.ඒ නිසා සොයා නොබලාම නෑදෑයෙන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා.පවුල් ජීවිතයේත් ලොකු ගැටළු මතු වෙනවා. ‘‘
එම ප්‍රදේශයට පැමිණ රාජ්‍ය නොවන සංවිධාන බොහෝමයක් පුනරුත්ථාපනයවූවන්ට ලබා දෙන්නේ අවශ්‍ය දේ නොවන බව පියතුමා කියයි.
‘ගොවිතැනට අවශ්‍ය උපකරණ දෙන්න ඕන අයට මහන මැෂින් දෙනවා. මහන විදිය උගන්වන්නෙත් නෑ.ඒ නිසා කිසිවකුට ප්‍රයෝජනයක් නෑ.2000කට පමණ සිවිල් ආරක්ෂක බළකායේ රැකියා දුන්නා.තවත් බොහෝ දෙනකු ඉන්නවා රැකියා නැතිව.‘
ඔවුනට අලවා ඇති කොටි ලේබලය තවමත් ගලවා නැති නිසා පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකාවන් දෙදෙනකු මුහුණ දුන් ගැටළු දෙකක් ඩැනියෙල් පියතුමා විස්තර කළේය.
‘එල්ටීටීඊයට යන්න කලින් අවුරුදු අටක් ස්වේච්ඡා ගුරුවරියක ලෙස කටයුතු කළ කෙනෙකු තමා ඉගැන්වූ පාසලට ගොස් තිබුණා වෙනත් රැකියාවකට යෑමට සේවා සහතිකයක් ගන්න.එල්ටීටීඊ හිටපු කෙනකුට සේවා සහතික ලබා දි ප්‍රශ්නවල පැටලෙන්න බැහැ කියා විදුහල්පති එය ප්‍රතික්ෂේප කර තිබුණා.තව කෙනෙක් යෝග ඉගෙන ගන්න ඉන්දියාවේ යන්න කියා.ගමන් බලපතේ අංකය ගැහුවාම එල්ටීටීඊ සාමාජිකාවක් ලෙස සටහන් වීම නිසා ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වුණා.‘
යුද්ධය අවසන් වී වසර හයක් ගත වුව ද පොදුවේ ගත් කළ මේ සියලු දෙනා ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් බියක් දැක්වූහ.ඇතැමෙක් නම ප්‍රසිද්ධ කරනවාට බිය වූහ.
අවසන් වශයෙන් ඔවුන් මතු කළ තවත් ගැටළුවක් වූයේ භාෂා ප්‍රශ්නයයි.පොලිසියේ හා රෝහල්වල භාෂා දන්නා වෛද්‍යවරුන් හා නිලධාරීන් නැති නිසා ගැටළුවලට මුහුණ දෙන්නට සිදුවන බව ඔවුහු කීහ.
පුනරුත්තාපනය කර සමාජ ගත කරද්දී ලැබුණු දෙයක් ද නැත.ඔවුන් සාමාන්‍ය මිනිසුන් ලෙස දකින්නට සමාජය හුරු කර ද නැත.
මේ නිසා විසඳුම් නොලත් ගැටළු රැසක ඔවුහු මැදිවී සිටිති.සුසුම් හෙළති.ඔවුන් බලා පොරොත්තු වන්නේ වෙනත් රාජ්‍යයක් නොවේ.ඔවුන් බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වීමට අවශ්‍ය වටපිටාව පමණි.
‘යුද්දෙ නිසා දෙපැත්තෙම අයගේ ගොඩක් දේවල් නැතිවුණා. ආයෙ නම් යුද්ධයක් එපා. අපිව කොහොම හැදින්වුවත් කමක් නෑ. ඒත් අපි තනිකරන්න එපා..." පුනරුත්තාපනය වූ එල්ටීටිඊ සාමාජිකයෙක් අවසන් වශයෙන් ඉල්ලා සිටියේය.
තරිඳු ජයවර්ධන, ඉඳුනිල් උස්ගොඩආරච්චි, උදය කාර්තික්, ආර් ඉන්දුමතී
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘බඩ වියත රැකගන්න උතුරේ යුද්ධයක්‘
ධනුෂ්ක Wednesday, 09 December 2015 03:38 AM
ටෙහාන් හරියට ලිපිය තේරුම් අරගෙන නැහැ වගෙයි. මේ අය සමාජයෙන් කොන්කිරීම අසාධාරණයි. (නි)
විමල් Wednesday, 16 December 2015 02:01 PM
අපේ රටේ පාලන ක්‍රමයේ පවතින දුර්වලතාවයන් නිසා තමයි යුද්ධයක් හට ගත්තේ. එය දියුණු කළේ සිංහල දේශපාලකයින්මයි. වන්දි ගෙව්වේ අහිංසක සිංහල දෙමල මිනිස්සු. ජේ. වී. පි. කාරයින් මරණ කොට ශ්‍රී ලංකා කාරයින් අනුමත කළා. දෙමල මිනිස්සු මරනකොට සිංහල බහුතරයක් අනුමත කළා.නමුත් සිතුවේ නැහැ මැරෙන්නේ අපේම මිනිස්සු කියල. මේවා පොදු ප්‍රශ්න ලෙස හඳුනාගෙන දිර්ඝකාලින විසදුම් සෙවීමක තවම නොපෙනේ. ඉදිරිය දකින බුද්ධිමත් මිනිස්සු පාලකයින් විය යුතුයි. (බ)
චතුර Tuesday, 15 December 2015 08:15 PM
නමුත් අපේ රටෙන් කොටසක් ඉල්ලා සිංහල මිනිසුන් අනුකම්පාවකින් තොරව දහස් ගණන් මරපු කට්ටියක් බවත් අමතක කරන්න අපිට බැහැ (නි)
අස්රා Friday, 11 December 2015 05:05 AM
මත්පැන් පානයත් ඝිග්‍රයෙන් ඉහළ යනවලු. හම්බ කරන සොච්චමත් බේබදුකමට නැතිවෙන කොට ආර්ථික ප්‍රශ්න තවත් වැඩිවේවි මේකටත් විසඳුමක් අවශ්‍යයි (ම)
කපිල Thursday, 10 December 2015 12:14 PM
ඇත්තෙන්ම මේ අය පිළිබඳව මීටවඩා පුළුල් අවධානයක් යොමුකළ යුතුමයි. ඔවුන් අපේ රටේ පුරවැසියෝ. කෝ මේ මහලොකුවට කයිවාරුගහන දේශපාලකයෝ...? (නි)
දුමින්ද Thursday, 10 December 2015 08:54 AM
දකුණේ, උතුරේ වෙනසක් නැතිව යුද්ධයේ සියලු වින්දිතයන් සුවපත් කල යුතුය. (ර)
පුබුදු Thursday, 10 December 2015 02:00 AM
සිංහල දෙමල අපිට එකට ඉන්න පුළුවන්. අවස්ථාවාදී දේශපාලුවෝ තමයි සේරම අවුස්සන්නේ. උතුරේ මහඇමති වෙනම පාලනයක් ඉල්ලනවා. මේවා තමයි නැතිකරන්න ඕනෑ. නැත්නම් අපිට නිදහසේ සමගියෙන් ඉන්න කවදාවත් ලැබෙන්නේ නැහැ (නි)
සරණපාල Wednesday, 09 December 2015 09:48 AM
යහපලයා අැස්වහගෙන නේ ඉන්නේ. රටේ සිද්ධ වෙන දේවල් ගැන හොයන්නේ නැහැනේ. (බ)
දුමින්ද Wednesday, 09 December 2015 06:05 AM
සංහිඳියාව මහ පොළවට එන්නේ කවදාද? (නි)
සොපි Wednesday, 09 December 2015 06:04 AM
'අපව තනිකරන්න එපා '. දකුණට ඔවුන් දී ඇති පණිවිඩය එයයි .මේ සාමාන්‍ය වැසියන්ගේ ගැටළු වලට රජය විසදුම් දිය යුතුයි .ඔවුන් තනිවුනොත් නැවතත් වර්ගවාදී බලවේග ඔවුන්ගේ මනස අවුල් කර තමුන්ගේ පටු ,ආත්මාර්ථකාමී අරමුණු සඳහා යොදා ගනියි .... (ත).
දිමුත් Wednesday, 09 December 2015 05:19 AM
මේ මිනිස්සු ගැන මානුෂිකව බලන්න.(ම)
නිශාර්ඩ් Wednesday, 09 December 2015 04:35 AM
බොහොම සංවේදී හද සැලෙන කතා ටිකක්. ඔවුන් ගැන මට බොහොම දුක හිතෙනවා. ආණ්ඩුව මෙයට වඩා බොහොම හොඳින් මොවුන් ගැන අවධානය යොමු කරලා ඒ අයට ජීවිකාව කරගෙන යන්ට යම් ස්ථිරසාර වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. (බ)
ටෙහාන් Tuesday, 08 December 2015 01:22 PM
පුනරුත්තාපනයෙනුත් අපේ එවුන් ගසා කාල වගේ (බ)
මනෝජ් Wednesday, 09 December 2015 02:53 AM
සම්පුර්ණ වරද දේශපාලකයන්ගේ, රජයේ ප්‍රතිපත්ති සම්පාදක නිලධාරීන්ගේ හා නුසුදුස්සන් පාර්ලිමේන්තු ඇරිය ඡන්දදායකයන්ගේය. (නි)
නිලූ ගමගේ Wednesday, 09 December 2015 02:20 AM
මෙය බලා මටත් කඳුළු ආවා. දුක තමයි. මොනවා කරන්නද අපි? (නි)
නන්දසේන Wednesday, 09 December 2015 02:25 AM
කණගාටුදායක පුවතක් (නි)
ප්‍රදීප් Wednesday, 09 December 2015 02:06 AM
මේ ලස්සන රටයි මිනිසුන්වයි මේ තත්ත්වයට ඇදදමා ඇත්තේ අපි විසින්ම පත්කරගත් දේශපාලඥයින් නේද? (නි)
කමල් Tuesday, 08 December 2015 08:44 PM
මට නම් ඇත්තටම කණගාටු හිතුනා (නි)
ටෙනිසන් Tuesday, 08 December 2015 05:37 PM
බණ්ඩාර ඉරිසියාව, අතීතයත්,අනුමානයත් නොවෙයි කතා කලයුත්තේ. වර්තමානය හා අනාගතයයි.අපේ අම්ම හරිම සැරයි.මම හැමදාම වගේ ඇගෙන් වෙවල්පාර කනවා. එදවස මම ඇයට හරියට වෛරකලා.නමුත් දැනුම් තේරුම් එනකොට මම ඇයට ආදරය කළා,මගේ පන දෙවෙනි කොට මම ආදරය කළා.මම වැරදිද? (ත)
සුනිල් ගිකියනගේ Tuesday, 08 December 2015 04:12 PM
විග්නේශ්වරන්ට ඉන්දියාවට ආධාර කරන්න ඉස්සෙල්ලා මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්න පේන්නේ නැද්ද මන්ද. අනික දෙමළ මන්ත්‍රීලා ඔක්කොම අතුරුදහන් වුනු අය ගැන හොයනවා මිසක මේ ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට විසදුම් හොයන්නේ නැහැ. මේකට හේතුව මේ ප්‍රශ්න තියෙනකම්ම තමයි මුන්ට මන්ත්‍රීකම් ඇමතිකම් ගන්න පුලුවන් වෙන්නේ (බ)
විමල් Tuesday, 08 December 2015 03:37 PM
බොහොම වටිනා ලිපියක්. මේ පිළිබඳව බලධාරීන්ගේ , සමාජයේ අවධානය යොමුවිය යුතුව ඇත. තිබෙන ප්‍රශ්න විසදා, අලුතින් ප්‍රශ්න ඇති නොවීමට කටයුතු කිරීම දියුණු සමාජයක ලක්ෂණයක්. (බ)
බණ්ඩාර රුසියාව Tuesday, 08 December 2015 03:24 PM
දැන් ඔහොම කීවට රට උන්ට ගියානම් අපිට මොකද වෙන්නේ. අපි උන්ගේ කසල ශෝධකයෝ වෙනවා. (බ)
රතන Tuesday, 08 December 2015 02:06 PM
සියලු දෙනා එකමුතුවී මෙවැනි අයට උදව් කළ යුතුයි. රජයක් වශයෙන් මේ අයගේ වගකීම් බාරගත යුතුයි (බ)