X Advertisement
IMG-LOGO

2025 මැයි මස 25 වන ඉරිදා


1818 නිදහස් අරගලයට වසර 200යි

විනීතා එම් ගමගේ

ඌව වෙල්ලස්සේ පළමු නිදහස් අරගලයට නායකත්වය දුන්  මොනරවිල වීර කැප්පැටිපොළ විරුවා දේශද්‍රෝහියකු ලෙස නම් කර බ්‍රිතාන්‍යයන් විසින් හිස ගසා දමා වසර 199කි.  එමෙන්ම 1818 පළමු නිදහස් අරගලය ඇරැඹී වසර 200කි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කැප්පෙටිපොල ජාතික වීරයෙකැයි නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. එහෙත් ඔහුගේ වීරඑත්වය කෙබ`දු දැයි දන්නෝ අල්ප පිරිසකි. ඔහුගේ ජීවන චරිතය අධ්‍යයනය කළ යුත්තක් පමණක් නොව ළමා පරපුරට  එතුමන්ගේ චරිතාංග රැසක් ආරෝපණය කළ යුතුයැයි කෙනකුට හැඟී යා හැකිය. ඔහු එතරම්ම සුවිශේෂී චරිතයකි.

මාතලේ දිස්ත‍්‍රික්කයේ උඩුගොඩ මොනරවිල දී උපන් කැප්පෙටිපොල දිසාව රාජාධි රාජසිංහ රජ සමයේ දියවඩන නිලමේ තනතුර හෙබවූ ගොලහැල නිලමේ නොහොත් කැප්ෙටිපොල නිලමේ ය. මව මොනරවිල කුමාරිහාමිය. පවුලේ වැඩිමහලු පුතු වූ මොනරවිල කැප්පෙටිපොල නිලමේට නැඟණියක් හා මලනුවන් කෙනෙක්ද ද සිටියහ.  වීර මද්දුම බණ්ඩාරයන්ගේ මෑණීයන්  වන ඇහැලේපොල කුමාරිහාමි ඔහුගේ නැගණියයි.

ආදි වාසීන් ගෙන්   පණ්ඩුකාභය රජ සමයේ සිටම  බදු අය කිරීමක් සිදුවූයේ නැත. ඒ ඔවුන් මෙරට මුල්ම වාසින් ලෙස තිබු ගෞරවය හේතුවෙනි. එහෙත් උඩරට පාලනය භාරගත් බ්‍රිතාන්‍යයෝ  ආදිවාසින්ගෙන් පවා අය  බදු එකතු කළහ. ඌව වෙල්ලස්සේ මුහන්දිරම් තනතුරට පත් කර සිටි හජ්ජි මරික්කාර් නමැත්තා අයබදු එකතු කිරීමට ගිය අවස්ථාවේ බදු ගෙවීම් පැහැර හැරි ආදිවාසින් සමඟ ඇතිවු හබය අවසන් වූයේ ඔහු මරා දැමීමෙනි.

මේ උඩරට පළමු නිදහස් අරගලය ආරම්භ වූ අවස්ථාවයි. මෙහිදී ආදිවාසින් වෙනුවෙන් පෙනී සිටියේ කිවුලේ ගෙදර මොහොට්ටාල ය. ඔහු යටතේ අරගලය උත්සන්න වෙද්දී එය මැඩ පැවැත්වීම සඳහා බ්‍රිතාන්‍යයෝ ඒ 1817 නොවැම්බර් 17 වැනිදාය. ඉංග‍්‍රිසි හා සිංහල සොල්දාදුවන් සහිත සේනාංකයක් ද සමග කැප්පෙටිපොල දිසාව ඌව වෙල්ලස්ස බලා ගමන් කළේය.

දෙපාර්ශ්වය අළුපොත දී එකිනෙකා මුණ ගැසුණහ. එහි දී කිවුලේ ගෙදර මොහොට්ටාල ගේ නායකත්වයෙන් සිටි කණ්ඩායම රට වෙනුවෙන් කැප්පෙටිපොල දිසාවෙට කරුණු පැහැදිලි කළහ. එමෙන්ම අධිරාජ්‍යවාදින්ට එරෙහිව කරන සටනේ නායකත්වය ගන්නැයි මොනරවිල කැප්පෙටිපොල දිසාවට ඇරයුමක් ද කළහ.

තමන් සිංහලයාගේ නිදහස වෙනුවෙන් සටන් වදින බව මහනුවර ඒජන්ත තැනට දන්වන්නැයි තම සේනාංකයට දැනුම දුන් කැප්පෙටිපොල මහ දිසාව තමන් බාරයේ තිබු ආයුධ ද   බ‍්‍රීතාන්‍ය කොඩිය ද ආපසු බාර දී ඔවුන් පිටත් කර හැරියේය. සතුරාගේ ආයුධවලින් සතුරාට පහර නොදෙන්නට තරම් ඔහු ප‍්‍රතිපත්ති ගරුක විය. 

වසරකට ආසන්න කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය පාලකයන්ට එරෙහිව ගෙන ගිය සටන ජයග‍්‍රහණයට ඔන්න මෙන්න කියා තිබියදී බ්‍රිතාන්‍යයන්ගේ කුමන්ත‍්‍රණකාරී කෙටවීම්වල ප‍්‍රතිපලයක් ලෙස කැප්පෙටිපොල මහ දිසාවෙත් මඩුගල්ලේ දිසාවෙත් 1818 ඔක්තෝබර් 28  වැනිදා බ්‍රිතාන්‍ය අත්අඩංගුවට පත්විය.

කැල්ල පිළිබ`ද නඩු ඇසිණි.  අත් අඩංගුවට පත්වුවත් කැප්පෙටිපොල දිසාව කලබලයට පත් නොවූ අතර තමන් පලකයන්ට එරෙහි අරගලයක් කළ බවත් පිළිගත්තේ   නැත. තමන් කළේ මාතෘ භූමිය බේරා ගැනීමේ අරගලයක් බවත් ඇත්තේ සටන කළ අන්දමේ වරදක් බවත් අත් අඩංගුවට පත්වූයේ ඒ නිසා බවත් ඔහු කියා සිටියේය.

අධිරාජ්‍යවාදින්ට එරෙහිව පැන නැගුණු මෙරට පළමු නිදහස් අරගලයට නායකත්වය දුන් කැප්පෙටිපොල මහ දිසාව සහ මඩුගල්ලේ දිසාවගේ හිස් ගසා මරණයට පත් කරන්නට දින නියම විණි. ඒ මීට වසර 199 කට පෙර 1818 නොවැම්බර් 26 වැනිදාය. හිස ගසා දමා මරණයට පත් කරන්නට නියම වු කැප්පෙටිපොල මහ බෝගම්බර  දිසාවත් මඩුගල්ලේ දිසාවත් අදාල දිනයේ දී බෝගම්බරට ගෙනයන්නට පෙර මාළිගාව වැඳ  පුදාගන්නට අවස්ථාව උදා කර දෙන ලදී. කැප්පෙටිපොල මහ දිසාව තම තුප්පොට්ටිය දළදා සමිඳුන් වෙත පූජා කර වන්දනා කළේය. අනතුරුව වදක භූමිය වෙත ගෙන ගිය ඔහු තම ඉණ නිරන්තරව රැඳී තිබු ධම්මපදය කුඩා පුස්කොළ පොත ගෙන ගාථා පාඨයක් ද කියවා එය ද හිත මිතුරු සුදු ජාතිකයෙකුට තෑගි කළේය. එයින් පවා ඔහු පෙන්වා දුන්නේ තම සටන සුදු ජාතිකයින්ට එරෙහි එකක් නොව රට බේරා ගැනීම පිණිස පමණක් කළ එකක් බවය.

අනතුරුව දංගෙඩියට හිස පහත් කර එක කඩු පහරින් හිස සි`දලන්නැයි වදකයාට අණ කළේය. එහෙත්  ඔහුගේ හිස එක කඩු පහරින් වෙන් නොවු බව කියැවේ. නිර්මාංශිකයෙකු වන ඔහුගේ බෙල්ලේ තන්තුවල ශක්තිමත්භාවය නිසා එසේ වූ බව පැවැසෙතත් මේ නිර්භීත සිංහලයාගේ අභීත භාවය හමුවේ ගහලයාගේ දෑත් වෙවුලා ගියේ යැයි සිතීම ද සමහර විටෙක නිවැරදි වනු ඇත.

ඇදහිය නොහැකි තරම් වූ දස්කම් ඇති මේ වීර චරිතය පිළිබදව තව දුරටත් පර්යේෂණ කරනු වස් එවකට එනම් 1818 වන විට මෙරට ආණ්ඩුකාර ධුරය දැරූ බ‍්‍රවුන්රිග් ගේ නියමයෙන් කැප්පෙටිපොල දිසාවගේ ගසා දැමූ හිස එඩින්ග්බරෝ සරසවියේ කපාල විද්‍යා පර්යේෂණ අංශය වෙත ගෙන ගිය බව සඳහන් වේ.

කැප්පෙටිපොල දිසාවගේ ඇති නිර්භීත භාවය බුද්ධිය මෙන්ම භාෂා ශාස්ත‍්‍රයන්හි පරිණතභාවය ට හේතු වූයේ ඔහුගේ මොළයේ ඇති අසාමාන්‍ය හා සුවිශේෂී පිහිටීම බව එහි පර්යේෂණයන්හි නියැළුණු විද්‍යාඥයෝ සඳහන් කළහ.

එඩින්ග්බරෝ සරසවියේ තිබු කැප්පෙටිපොල විරුවාගේ හිස් කබල අපට යළි ලැබෙන්නේ 1948 දීය. එය දළදා මාලිගාවේ තැන්පත් කර ඇත. පසු කාලීනව එනම් 1974 දි මහ මළුවේ තැනුණු ස්මාරකයක එම හිස තැන්පත් කරනු ලැබු අතර අදත් එහි තැන්පත් කර තිබේ.

එහෙත් දළදා සමිඳුන් වැඳ  පුදා ගන්නා අති බහුතරයක් දෙනා එහි කැප්පෙටිපොල විරුවාගේ හිස තැන්පත් කළ ස්මාරකය ඇතැයි දන්නේ නැත. දන්නේ නම් බොහෝ දෙනා එහි ගොස් ඔහුටද උපහාර පුදන්නට පැකිලෙන්නේ ද නැත.

අධිරාජ්‍යවාදින්ට එරෙහිව සටන් කළ ජාතික වීරයින් මෙන්ම රට දැය සමය වෙනුවෙන් සටන් වැදුණු ජාතික වීරයින් රැුසක් අපේ ඉතිහාසයේ සිටිති. ඔවුහු සමරන්නට ඔවුන් ගැන අධ්‍යයනය  කරන්නට තැනක් රටට නැත. ජාතික වීරයින් වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදි කිරීම ජාතික අවශ්‍යතාවයකි. එය ඉටු කරන්නට නොහැකියාවක් නොමැත. බන්ධනාගාරය ඉවත් කරනු  ලැබූ බෝගම්බර ගොඩනැගිලි මේ සඳහා ඉතා සුදුසු තැනකි. එතැන නැතත් කොතැනක හෝ මේ විරුවන් සමරන්නට කෞතුකාගාරයක් ඉදිකෙරෙන්නේ නම් එය මේ විරුවන්ට කෙරෙන ගෞරවයකි. එමෙන්ම අනාගත පරපුර වෙනුවෙන් කෙරෙන ආයෝජනයකි.



අදහස් (9)

1818 නිදහස් අරගලයට වසර 200යි

Raveendra Sunday, 26 November 2017 12:14 PM

වැදගත් සහ ඉතිහාසය පිළිබඳ නැවත මතක්කර අපගේ මාතෘභූමිය වෙනුවෙන් තම ජීවිත පුජාකළ අභීත විරුවන් යම්තාක් දුරට හෝ ඔවුන් ගැන මතකයට නැගීමට උත්සාහ කිරීම පිළිබඳව විනීතා එම් ගමගේ මහත්මිය වෙත ස්තුතිවන්ත වන්නෙමු. මෙහිදී අපට නැගෙන එක් ගැටළුවක් ඇත. එනම් අප මොනතරම් දීන සහ මුල අමතක කරන ජාතියක්ද? මෑත ඉතිහාසයේ රට වෙනුවෙන් තම වටිනා ජීවිත පූජා කල රණවිරුවන් "ඉතාමත්ම සුළු කාල පරාසයකදී " අමතක කර ඇති අප 1818 වැනි අතීතයක රට වෙනුවෙන් ජිවිත පුජාකළ එම විරුවන් ගැන කෙසේ සිතම්ද?

:       0       939

indika Monday, 27 November 2017 02:20 AM

මේ වගේ වීරයන් බිහිවේවා...වීරයන් සැමදා මේ රටේ ඉපදේවා.

:       0       132

janatha anura Monday, 27 November 2017 02:57 AM

වැදගත් සහ ඉතිහාසය පිළිබඳ නැවත මතක්කර අපගේ මාතෘභූමිය වෙනුවෙන් තම ජීවිත පුජාකළ අභීත විරුවන් යම්තාක් දුරට හෝ ඔවුන් ගැන මතකයට නැගීමට උත්සාහ කිරීම පිළිබඳව විනීතා එම් ගමගේ මහත්මිය වෙත ස්තුතිවන්ත වන්නෙමු.

:       0       66

sna Monday, 27 November 2017 05:49 AM

මෙවැනි වැදගත් ලිපි තව තවත් බිහිවේවා

:       0       81

කුමාර් (ගල්ෆ්) Monday, 27 November 2017 06:50 AM

තුන්සිය හැටපස් දවසේම එකිනෙකා කුලල් කාගන්නා සිංහල ජාතියට කොහෙද වෙලාවක් තියෙන්නේ... කැප්පෙටිපොල විරුවෝ සමරන්න.

:       0       376

yamuna Monday, 27 November 2017 10:18 AM

පරගැත්තන් නැවතත් ඉපදී තිබෙනවා වගෙයි. අපේ මානව හිමිකම් කඩකළාට නඩු දාන්න බැරිද?

:       0       27

supun maduranga Tuesday, 28 November 2017 04:49 AM

රට බේරගන්න ජීවිතය පරදුවට තැබූ මෙතුමන්ලට තවමත් සාධාරණය ඉටුවී නැත. මෙම අසාධාරණය ලෝකෙටම ප්‍රසිද්ධ කල යුතුය. සුද්දන්ගේ මිලේච්ච පාලනය ලෝකෙටම පෙන්විය යුතුය.. ඉතිහාසය හදාරපු විද්වතුන්ගේ මතය නම් ජාත්‍යන්තර අධිකරණය වෙත මෙම අසාධාරණය ගෙන යායුතු බවය. එහිදී කරුණු ඔප්පු කර එංගලන්තය වරදකරුවන් කර යුතුය. මුළු ජාතියෙන්ම සමාව ගෙන වන්දි ලබාගත යුතුය. මෙම ක්‍රියාමාර්ගය හැර ඔවුන්ට සාධාරණය දිය හැකි වෙන ක්‍රමයක් නැත.

:       0       14

Sadamali Tuesday, 28 November 2017 06:56 AM

සමරන්න

:       0       0

m.w jagath vijitha kumara Monday, 14 May 2018 03:39 PM

ඉතිහාසය විෂයට ආස කරන කෙනෙක් හැටියට මෙය ගොඩක් වටිනවා. අනාගත දරුවන්ට මේවා කියාදිය යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site