X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


2014 වසරේ සිදුවිය හැකිදේ

මතුවිය හැකි දේ කලින් දැන ගැනීමේ උනන්දුව කාතුළත් ඇත. තමා පිළිබඳ පමණක් නොව රටේ තොටේ පවා සිදුවිය හැකි දේද පොදුවේ පුද්ගල විෂයෙහි වැදගත්කමක් පවතී. උදා වූයේ නව වසරකි. මේ වසර තුළ පොදුවේ රට තුළ විය හැකි සිදුවීම් කවරේද? මහනුවර ජලාශය පාරේ ආචාර්ය සුජිත් නිශාන්ත යෝගීතුමාගෙන් අප විමසා බැලීමු. එතුමා විසින් පසුගිය කාලය පුරා පැවසූ අනාවැකි බොහොමයක් සිතන්නට දේ ඉතිරි කළෙන් ජ්‍යොතිෂය හා සිය අධ්‍යාත්මික ශක්තිය පදනම් කරගෙන ප‍්‍රකාශ කළ 2014 වසරේ සිදුවිය හැකි දේ පිළිබඳ විමසුමකි.

2014 මැතිවරණ වර්ෂයක් බව පසුගිය කාලය පුරාම මාධ්‍ය මගින් ප‍්‍රචාරය විණ. විශේෂයෙන් පළාත් සභා ජනාධිපතිවරණ මැතිවරණ පිළිබඳ කවුරුත් බලාපොරොත්තු සහිතව ගෙවන වසරකි. ඉදිරි දිනවල දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නියමිතය. විශේෂයෙන් මේ මැතිවරණ පිළිබඳ මත පල කරන යෝගීතුමන් දකුණේ පළාත් සභා ජයග‍්‍රහණය රජයට විශිෂ්ඨ ප‍්‍රතිඵල ගෙනෙන බව ප‍්‍රකාශ කරති.

එහෙත් බස්නාහිර පළාත් සභාව තුළ රජයේ ජයග‍්‍රහණය පෙන්නුම් කළත් එය හිතන්නට යමක් ඉතිරි කරන ප‍්‍රතිඵලයක් බවද පෙන්වා දෙති.
විශේෂයෙන් මෙම වර්ෂය තුළ ආණ්ඩුවේ සිටින මන්ත‍්‍රීවරුන්, ඇමතිවරුන් පිල් මාරුවීම් වලට යා හැකි වර්ෂයකි. රජය තුළම නොයෙක් ඝට්ටන, වාද විවාද, තර්ක විතර්ක එන්න එන්නම ප‍්‍රබල තත්ත්වයකට පත්වේ. මේ හරහා වන කළකිරීම හේතු කොටගෙන දේශපාලකයන් වෙනත් පක්ෂ වලට සේන්දු වීමේ ඉඩකඩ පවතී.

ඊළඟට අග‍්‍රාමාත්‍යධූරය පිළිබඳව දැනුදු රටේ කතා බහක් නිර්මාණය වී තිබේ. දි.මු. ජයරත්න මහතාගෙන් පසු අගමැතිකමට නම් රැුසක් යෝජනා වී තිබුණත් වත්මන් අගමැතිවරයා මේ වසර තුළද සිය පදවිය උසුලනු ඇත. ඔහුට නැගෙන චෝදනා, තවදුරටත් උත්සන්න වනු ඇත.ඉදිරියේ පැවැත්වීමට නියමිත ජිනීවා සමුළුවේදී ජාත්‍යන්තර වශයෙන් ලංකාවට තදබල බලපෑම් එල්ල කළත් සම්බාධක පැනවීමක් හෝ ප‍්‍රබල ආර්ථික පරිහානියක් විය හැකි තරමේ තත්ත්වයක් රටට ඇති නොවේ. ලංකාව හා ජාත්‍යන්තර ගණුදෙනු පිළිබඳ තීරණ රාශියක් ගැනීමට ඉඩ තිබේ. මේ සියලූ බලපෑම් මැයි ජූනි වන විට පහව යන ලකුණු තිබේ. ජූනි වන තුරු කාලය රටට ජාත්‍යන්තර වශයෙන් දැඩි ගැටලූකාරී තත්ත්වයක් පවතී. ඉන් පසුව සුබය.

රජයට සහාය දක්වන සෙසු පක්ෂ නිරන්තරයෙන් ආණ්ඩුව හා ගැටේ. විශේෂයෙන් සෙසු පක්ෂ කිහිපයක් රජයෙන් ඉවත්ව යාමේ අවධානමක්ද පවතී. රජය සංවර්ධන කටයුතු ශීඝ‍්‍රයෙන් සිදුකළද ජීවන වියදම් තවදුරටත් ඉහළ නැගේ.

රටේ අමාත්‍යංශ ගණනාවක් පිළිබඳ මතවාද ඇති වන වසරකි. විශේෂයෙන් විදුලිබල, කෘෂිකාර්මික, අධ්‍යාපන, ඛනිජ තෙල් හා සෞඛ්‍ය යන අමාත්‍යාංශ ඒ අතර ප‍්‍රධාන වේ.

අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ වෙනස්කම් රැසක් සිදුවන වසරකි. ඒ අධ්‍යාපන ක‍්‍රමවේද පිළිබඳ තවදුරටත් කල්පනා කර බැලීම ඉතාවටී. උසස් අධ්‍යාපන අමාත්‍යංශය දරුවන් සමග කල්පනාවෙන් වැඩ කළ යුතු බව පෙනේ. මේ වර්ෂය තුළ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ අස්වැන්න ලැබීම අතින් යහපත් වන්නේය.

එහෙත් වසරේ මැද භාගයේ හා අග භාගයේ අස්වැන්නට හානියක් වීමට පුළුවන. තරුණ පිරිස් එක්ව කණ්ඩායම් වශයෙන් ගොඩනගා ගත් සංවිධාන වල මැදිහත්වීම් විෂයෙහි රජය ක‍්‍රියාමාර්ග හෝ නීතිමය පියවර නොගත හොත් ඒවා ගැටීම් දක්වා උත්සන්න වනු ඇත. විශේෂයෙන් රජය නිහඬව සිටියොත් ආගමික ගැටුම් උත්සන්න වන වසරක් වනු ඇත.

 

 

නොසිතූ පරිදි හදිසි තත්ත්වයක් නිසා රටේ ප‍්‍රබල දේශපාලනඥයකුද විශිෂ්ඨ ගණයේ කලාකරුවකුද දැයට අහිමි විය හැකි වසරකි.

අවස්ථා දෙකකදී මුහුද ආශ‍්‍රිත ප‍්‍රදේශයෙන් පිට රට අභ්‍යන්තරයේ දරුණු සුළං, කුණාටු තත්ත්වයක් ඇතිවේ. එමගින් විශාල හානි තත්ත්වයක් වීමට ඉඩ තිබේ. රිය අනතුරු වලින්ද ඛේදජනක හා බියකරු අනතුරු බහුල වසරකි. ඒවා ජාතික තලයේ කතා බහට ලක්වන ඒවා වෙයි. එබැවින් පොදු ප‍්‍රවාහනයට යොමු වූ අය වඩා කල්පනාකාරී විය යුතුමය. ජල ගැලීම් වලින් රටේ දකුණු හා නැගෙනහිර පළාත් අවධානයෙන් සිටිය යුතු වසරකි. ගිනි විපත්ද වසර මුල පටන්ම පෙන්නුම් කරයි. රජයට එරෙහිව උද්ඝෝෂණ හා විරෝධතා වෙනත් වසරවලට වඩා වැඩි විය හැකිය. ඒවා ජීවිත හානි හා ලේ වැගිරීම් වලින් කෙළවර විය හැකි බැවින් රජය වැඩි ඉවසීමෙන් හා බුද්ධිමත්ව ක‍්‍රියා කළ යුතු කලත් එළැඹ තිබේ.

රජයේ ප‍්‍රධාන අමාත්‍ය ධූර දරන ඇමැතිවරුන් කිහිප දෙනෙකුට බරපතළ චෝදනා ගොනුවන වසරකි. ඊළඟ ජනාධිපතිවරණයෙන් ඒකාන්ත වශයෙන් විපක්ෂය පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරයි. ඒ කවුරුන්ද යන්න එළැඹෙන අපේ‍්‍රල් මාසය තුළ ස්ථිර වශයෙන් ප‍්‍රකාශ කිරීමට පුළුවන.

උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් මේ වසර ජාතික වශයෙන් පුවත් නිර්මාණය වන වසරකි. ජාත්‍යන්තර මැදිහත් වීම් පෙන්නුම් කළත් උතුරු නැගෙනහිර මහජන නියෝජිතයන් අතර ප‍්‍රබල භේද බින්න වීම් ඇතිවේ. එම තත්ත්වය හමුවේ රජයට වාසි සහගතව වන මුත් ඉන් ප‍්‍රයෝජන ගැනීමට උනන්දු විය යුතුය. රාජ්‍ය ආයතනවල හා සිවිල් පරිපාලන ආයතන සමූහයක මෙතෙක් ඇණහිට තිබුණු උසස් වීම් නැවත සිදුවන වසරකි. නමුත් ඒවායේ පරිපාලනය සම්බන්ධව අවදානම් තත්ත්වයක්ද පවතී.

ඉතා දීර්ඝ කාලයකට පසුව රුවන්වැලි මහා සෑය, ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය වෙතද, සෝමාවතිය, මහියංගනය යන පූජනීය ස්ථාන වලටද දෙවි දේවතාවුන් වහන්සේලා වැඩි වශයෙන් වන්දනාමාන සඳහා වැඩම කරන වසරකි. දිව්‍ය රාජ මණ්ඩලයක් මෙසේ වැඩම වීමක් වන්නේ දශක ගණනාවකට පසුය. රටේ ඇතිවෙමින් පවතින බෞද්ධාගමික ප‍්‍රබෝධය හමුවේ දේව සමූහයා පැමිණ ඉහත ස්ථාන වන්දනා කරනු ඇත. මේ දිව්‍ය රාජ මණ්ඩලය පැමිණීම හුදෙක් ඒ අයගේ ආශ්චර්ය පෙන්වීමට හෝ පූජා වට්ටි අපේක්ෂාවෙන් නොවන බව මතක තබා ගත යුතුය. මැයි ජූලි වලින් පසු රටට විශාල ආශිර්වාදයක් වෙමින් මේ වැඩම වීම අලූයම් කාලය තුළ සිදුවේ. එය හුදෙක් එක දේශපාලඥයකුට එක පුද්ගලයකුට, කණ්ඩායමකට, පළාතකට ආශිර්වාද පිණිස වැඩම වීමක් නොව පිවිතුරු බුදු දහම ලංකාවේ ඉතිරිව පැවතීම හා පසුගිය කාලය මුලූල්ලේ හා දැනුදු සිදුවන මහා පින්කම්හි ආශිර්වාදයද හේතුකොට වැඩම කිරීමකි. එබැවින් මැයි ජූලි වලින් පසු රටට ඉතා යහපත් කාල සීමාවක් උදාවේ. දැනට රටේ පවතින වකුගඩු රෝගාදී තත්ත්වයන් හා ජාත්‍යන්තර බලපෑම් මෙතැනින් පසු සෑහෙන දුරට නිමාවක් දකී. ඒ අනුව 2014 රටට නොපෙනෙන ආශිර්වාදයක් හිමිවන වසරකි.

නව වසරේ මුල් මාස තුන ඇතුළත ලංකාවේ නිවැරදි සිවුකොන තෝරා එම ස්ථාන වල එකම වේලාවක සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාවක් අලූයම් කාලය වන තුරු පැවැත්වීම සුදුසුය. එම ස්ථානවල පිරිත් මණ්ඩප සඳහා පිළිගත් වන්දනාවට පාත‍්‍ර ධාතූන් වහන්සේලා වැඩම කළ යුතුය. රාජ්‍ය අනුග‍්‍රහය යටතේ පංච තූර්ය නාදයද සහිතව මේ පිරිත් දේශනාව අවසන යුද්ධයෙන් මියගිය, මග තොට අනතුරු බෝම්බ වලින් මිය ගිය ආදී මේ සියළු අයට සිංහල බෞද්ධ පමණක් නොව සියළු දෙනාට පින් අනුමෝදනාවක් සිදු කළ යුතුය. ලංකාවේ සිවුකොන එකම වේලාවක මෙම පිරිත් දේශනාවක් සිදු කිරීමෙන් රටෙහි එකම වේලාවක අධ්‍යාත්මික බැඳීමක් ඇති කරවීම අවශ්‍ය බව සුජිත් නිශාන්ත යෝගිතුමානන් පවසති.

 

 

 

 



අදහස් (0)

2014 වසරේ සිදුවිය හැකිදේ

සඳුනි Sunday, 12 January 2014 05:25 PM

ඔබතුමා මේවා අනුමාන වශයෙන් නොකියා දින වකවානු සහිතව කෙලින්ම කියන්නේ නැත්තේ මොකද? (නදී)

:       0       0

සියනි Sunday, 12 January 2014 10:21 PM

2014 වර්ෂය තුල සිදුවන්නාවූ මේ කියන විපත් රටේ ග්‍රහ චාර්ය අනුව සිදුවන දේ නම් එයට අවසානයේ පෙන්වා ඇති ජාති බේදයකින් තොරව ආගම් වාදයකින් තොරව රටේ යහපත සදහා ඇපක් කැපවී මියගිය මිනිසුන් උදෙසාත් අනතුරු වලින් මියගිය අයටත් පින් පැමිණවීම හා රටේ ඉදිරි ගමනට ආශීර්වාද කිරීමට පිරිත් සංඝායනාවක් පැවැත්වීම ඉතාමත් සුබ කරුණක් බව මමද පිලිගනිමි.(නදී)

:       0       0

හසිත Monday, 13 January 2014 11:17 AM

රටට යහපතක් වෙනවානම් සුබදායකයි. (ස)

:       0       0

ජයසිරි ජනුවන Monday, 13 January 2014 08:53 PM

අනේ සාදු රටට යහපතක් වෙනවා නම්. ඔව් මේ අදහස් වලින් අප දැනුවත් කලාට පින් ඔබ තුමාට.(නදී)

:       0       0

පාලිත Wednesday, 15 January 2014 09:54 AM

මේවා විස්වාස කරන්න එපා ඇහැට පෙනෙන දේ විතරක් විස්වාස කරන්න (දී)

:       0       0

සුපුන් වික්‍රමසිංහ Thursday, 16 January 2014 11:01 AM

ඔබගේ සටහන පිළිබඳව මා ඉතාමත් සෑහීමකට පත් වෙමි (දිල්) .

:       0       0

වසන්ත කුමාර Thursday, 16 January 2014 02:17 PM

2014 මම දන්නවා මටනම් 100% සුභයි (දී)

:       0       0

සරත් Friday, 17 January 2014 01:33 PM

හොද ප්‍රචාරක ක්‍රමයක්(දිල්)

:       0       0

මනෝජ් Sunday, 19 January 2014 04:24 PM

අනුමානයෙන් කියන කොට එකක් දෙකක් හරියනවා. අපේ හිසට අප අතමය සෙවනැල්ල මේයයි මගේ තේමා පාටය. මේ අය කියන ඒවා විශ්වාස කරන්න එපා පුළුවන්නන් මරණයට අබියෝග කරන්න කියන්න මේ සැම දේම සිදුවන්නේ යම් බලවේගයක් හරහා එයයි දෛවය අප මොනවා කලත් වැඩක් නැහැ. දෛවයට අනුව සියලු දේ සිදුවේ අනාවැකි කියන අයව විශ්වාස කරන්න ගිහින් තියෙන දෙයත් නැති කරගන්න එපා.(නදී)

:       0       0

මධූ Monday, 20 January 2014 02:31 PM

ඕව සාමාන්‍යයෙන් හැම වසරකම වෙන දේවල්නේ රැවටීමක් පමණි (දිල්)

:       0       0

සරත් Tuesday, 21 January 2014 05:58 AM

පාලිත ඔබ ටෙලිපෝන් තරංග, විදුලි තරංග, ටී වී තරංග ආදිය ඇසට නොපෙනුනාට විස්වාස කරන්නේ නැද්ද? ඔබ යමක් නොදන්නා පලියට එය විශ්වාස කරන්න එපා කියන්නේ ඔබේ කුහක කම නිසා. නොදන්නා නොතේරෙන දේවල් ඉගෙන ගන්න බලන්න. ඊට පස්සේ ඒවා හරිද වැරදිද කියා ඔප්පුකර පෙන්වන්න. ඔබේ මෝඩ කම ප්‍රදර්ශනය නොකර. (නදී)

:       0       0

අර්ජුන රනවන Tuesday, 21 January 2014 02:24 PM

කඩේ ගියාට ගාන කීයද. බුදු දහම දන්නා අපිට මේවා විහිළු. පෙර කළ පින් පවු අනුව මේ ආත්මයේ ලැබීම් නොලැබීම සිදුවේ. රටට වුනත් පාලකයෝ යහපත් නම් හොද වෙයි අද වෙන දේ හැටි බැලුවම අපට ඉතිරි වෙන්නේ මොනවද කියල හිතාගන්න පුළුවන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site