විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වා දුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 22 වැනි වරටත් සංශෝධනය සඳහා මැතිසබයට කෙටුම්පත් ඉදිරිපත් කර තිබේ. පසුගිය කාලයේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ගණනාවකින්ම කියැවුණේ රටේ තිබෙන බොහෝ ප්‍රශ්නවලට විසඳුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් බවය. ඒ අනුව අදාළ කටයුත්ත ඉටුවී ඇත. ලිබරල්වාදී මත දරන දේශපාලන කණ්ඩායම් මෙයට ප්‍රශංසාව පළකරද්දී ජාතිකත්ව අරමුණ වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ගණනාවක් දැනටමත් 22 සංශෝධනයට සිය දැඩි විරෝධය පළකර තිබේ. එම සංවිධාන එකතුව වෙනුවෙන් ආචාර්ය ගුණදාස අමරසේකර සිය විරෝධය කතානායකවරයාට ලිඛිතවම ඉදිරිපත් කළේය.
පසුගිය කාලයේ මෙරට ව්‍යවස්ථා සම්පාදන ක්ෂේත්‍රයේ දක්නට ලැබුණ එක්තරා පොදු ලක්ෂණ වන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ සිට මේ දක්වා පැවති හැම ආණ්ඩුවක්ම වරින්වර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළේය. ඒ සෑම රජයක්ම ව්‍යවස්ථා සංශෝධනයට පදනම් කරගත්තේ තම තමන්ගේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති සහ ඇතැම්විට විවිධ දේශපාලන පක්ෂවල පෞද්ගලික අභිලාෂයන්ය. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනයේ සිට මෙවර ඉදිරිපත් කර තිබෙන 22 වැනි සංශෝධනය දක්වා මෙම ලක්ෂණය තදින්ම කැපී පෙනෙයි.
ලෝකයේ බොහෝ රටවල් ව්‍යවස්ථා සම්පාදනය කරන්නේ තම තමන්ගේ රටේ සහ ජාතියේ අභිලාෂ සාක්ෂාත් කර ගැනීමටයි. ඉන්දියාවට 1950දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළ නීති විශාරද ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කාර් ව්‍යවස්ථාව සම්පාදනයට පෙර පුළුල් දේශපාලන මත විමසුමක් කළේය. එසේම මෙරටට හඳුන්වා දුන් ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොඩලය එංගලන්තයේ වයිට්ගෝල් ව්‍යවස්ථා සම්පාදක අධිකාරියෙන් අපට ලැබුණ ද එය මෙරට දී පිරිපහදු කළ ව්‍යවස්ථා විශාරද ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට පෙර ප්‍රධාන දේශපාලන පක්ෂවල හා සුළු පක්ෂ නායකයන්ගේ මත විමසුමක් කළේය. ඒ සමඟ අපට නිදහස ලබාදීමට නිර්දේශ කළ සෝල්බරි කොමිසම හමුවේ නියෝජනය වූ විවිධ දේශපාලන මතද විමසා බැලීය. ඒ අනුව ශ්‍රීමත් ජෙනිංග්ස් කෙටුම්පත් කළ 1948 ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 ශ්‍රී ලංකාව ජනරජයක් වනතෙක්ම නිර්බාධිතවම ක්‍රියාත්මක විය.
අපේ දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළේ ව්‍යවස්ථා විශාරදයකු වන ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාය. ඒ සඳහා යෝජනා ලබාගන්නට මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත්කළ බව අපට මතකය. ශ්‍රී ලංකාව ජනරජයක් කරමින් මෙරට සමඟ බ්‍රිතාන්‍ය කිරීටයට තිබූ අවසන් නිල බැඳීම අත්හිට වූ 1972 ජනරජ ව්‍යවස්ථාව ද 1978 වෙනසට භාජන වනතුරුම ගැටලුවකින් තොරව නිසියාකාරව පැවතුණි.
1978 ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ නීතිඥ එච්.ඩබ්ලිව්. ජයවර්ධන ප්‍රමුඛ නීතිඥ පිරිසක් විසින් සැකසූ 1978 ව්‍යවස්ථාව ගත වූ වසර 44 තුළ මේ වනවිට වාර 21 ක් සංශෝධනය කර තිබේ. 22 වැනි සංශෝධනය මැති සබයට දැන් ඉදිරිපත් කර ඇත. මෙමගින් වෙනස් කරන්නේ පසුගිය රජය සම්මත කළ 20 වැනි සංශෝධනයයි. එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වූ පසු ගෙනා 20 වැනි සංශෝධනය ස්ථාපිත කළේ යහපාලන රජය සම්මත කරගත් 19 වැනි සංශෝධනය අහෝසි කරන්නටය. එය ඔවුන්ගේ මැතිවරණ පොරොන්දුවකි. යහපාලන රජය 19 වැනි සංශෝධනය ගෙන ආවේ ඊට පෙර පැවැති මහින්ද රාජපක්ෂ රජයේ සම්මත කර තිබූ 18 වැනි සංශෝධනය අහෝසියටය. මහින්ද රාජපක්ෂ රජය 18 වැනි සංශෝධනය ගෙන ආවේ ඊට පෙර ක්‍රියාත්මක කර තිබූ 17 වැනි සංශෝධනය අහෝසි කරන්නටය. මෙලෙස ව්‍යවස්ථා සම්පාදනයේ පූර්වාපර සන්ධි ගළපා බලන විට පෙනී යන්නේ 17 වැනි සංශෝධනයේ සිට 22 වැනි සංශෝධනය දක්වා ආණ්ඩුවෙන් ආණ්ඩුවට ව්‍යවස්ථා සංශෝධන කර ඇති බවය. ඒ ඒ දේශපාලන පක්ෂවල පෞද්ගලික න්‍යාය පත්‍ර ඒ සඳහා මුල් වූ බව මෙහි දී පැහැදිලිව පෙනෙන කරුණකි.
ව්‍යවස්ථා සම්පාදනය යනු ජාතික වශයෙන් වැදගත් වන පුළුල් කාරණාවකි. එය පෞද්ගලික දේශපාලන අරමුණුවලට ලඝු නොකළ යුතුය. එසේම ව්‍යවස්ථාවක් සම්පාදනය කිසියම් දේශපාලනඥයකු විසින් තනිව කළ යුත්තක් නොවේ. ඒ සඳහා පුළුල් සංවාදායක් හා ජනමත විමසුමක් අවශ්‍යය. එසේ නොවුණහොත් ව්‍යවස්ථා සංශෝධනය ඊළඟ ආණ්ඩුවක දී නැවතත් සංශෝධනය වන බව පසුගිය වසර කිහිපය තිස්සේ සිදුවූ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අධ්‍යයනය කරන විට පැහැදිලි වෙයි. මෙවර ඉදිරිපත් කර තිබෙන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මැතිසබා බලතල පුළුල් කෙරෙන යෝජනා ඇතුළත් බව ප්‍රකාශ වී ඇත. ඒ ගැන සුබපතන අතරම ව්‍යවස්ථා සංශෝධනය පුළුල් සමාජ පිළිගැනීමකට ලක්වන ලෙස ක්‍රියාත්මක කිරීම එහි මතු පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව සඳහන් කළ යුතුය.
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
22 වැනි සංශෝධනයට සියලු පක්ෂවල අනුමැතිය ගනිමු