අක්කරපත්තුව ආලයඩි වෙම්බු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොට්ටයාගල ඓතිහාසික පුරා විද්‍යා ස්ථානයේ වූ දාගැබක කොටස් ඇතුළු නටබුන් ප‍්‍රදේශය පසුගිය දිනෙක මුළුමනින්ම ඩෝසර් කර දමා කුඹුරක් හදා තිබෙන ආකාරය සැබවින්ම කණගාටුදායක දසුනක් විය. අම්පාර නගරයේ සිට කිලෝමීටර් 26ක් ගිය තැන හමුවන අක්කරපත්තුව නගරයේ සිට දකුණු දෙසට වැටි ඇති සාගම පාරේ කිලෝ මීටර් තුන හතරක් යන විට මාර්ගයෙන් වම්පස කුඹුරුයායක් මැද ඓතිහාසික මොට්ටයාගල කන්ද හමුවෙයි. මුහුදු මට්ටමේ සිට මීටර් දෙකතුනක් උසැති මේ කඳුපාමුල මෙතෙක් කල් ස්වභාවික උපද්‍රවයන්ට පවා හසු වී, එහෙත් නොනැසී පැවති පුරා විද්‍යාත්මක නටබුන් මෙලෙස ඩෝසර් කර කුඹුරක් සෑදීම සැබවින්ම ප‍්‍රහේළිකාවකි. කඳු පාමුල පිහිටි මේ පුරා විද්‍යා ස්ථානය ඈත අතීතය දක්වා දිවයන්නකි. මහානාග රජුගේ කාලයේ සිට යඨාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස යන රජ සමයන් දක්වා මෙහි අතීතය දිව යන බව ඉතිහාසයේ කියැවෙයි. මෙම කඳු ගැටය අනුරාධපුර මුල් යුගයට අයත් ක‍්‍රි.පූ 1 සහ තුන යන සියවස් වලට අයත් පූර්ව බ‍්‍රාහ්මීය අක්ෂර වලින් සමන්විතය. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් විසින් රචිත Imscrittion of Ceylon Part - 01 හී ශිලා ලිපියේ මෙම ස්ථානය පිළිබඳව සටහන් වී ඇත. කෙසේ නමුත් පසුගිය දිනෙක මෙම අපරාධය දැක බලා ගැනීමටත්, මහා සඟරුවන ගේ විරෝධතාව සහ සත්‍යග‍්‍රහය වාර්තා කිරීමටත් එහි ගිය අපට මෙම ස්ථානයේ ඇති බෞද්ධ ෙඓතිහාසික උරුමයේ වටිනාකම මැනවින් වැටහිණි. එක්තරා කාලයක ප‍්‍රභාකරන් සහ ඔහුගේ ත‍්‍රස්ත නඩය නිජබිම් සංකල්පයක් ගැන කීවේ බහුතර දෙමළ ජනතාවක් වෙසෙන කුඹුරු යායක් මැද පිහිටි මෙවන් බෞද්ධ උරුමයන්ද පෙනී පෙනී තිබියදීය. ප‍්‍රභාකරන්ගේ අති අමානුෂික එල්.ටී.ටී.ඊ පාලන සමයේදීවත් කඩා බිඳ විනාශ කර ගැනීමට නොහැකි වූ මෙම ස්ථානය වර්තමානයේ කඩා බිඳ ඩෝසර් කිරීම හද කම්පා කරවන්නකි. මේ දැවැන්ත මොට්ටයාගල කඳු මුදුනේ තවත් බෞද්ධ නටබුන් රැසක් විය. මෙහි කිසිදා නොසිඳෙන්නේ යැයි සැලකෙන දිය පොකුණකි. ගලින් කරන ලද පඩි පෙළකි. කඳු මුදුනේ චෛත්‍යයක් තිබූ බවට නටබුන්ය. කඳු මුදුනේ සිට අවට බැලූ විට පෙනෙන්නේ මනරම් දසුනකි. නැගෙනහිර මුහුදු තීරයත් ඒ අතරතුරින් පෙනෙන කුඹුරු යායත් කලාතුරකින් දක්නට ලැබෙන දර්ශනයකි. රජසමයේ ඉතා සශ්‍රීකව මෙන්ම බෞද්ධ සංස්කෘතියෙන් තෙදවත් වන්නට ඇතැයි සැලකෙන මේ භූමිය පිළිබඳව පුරා විද්‍යා නාම පුවරුවක්වත් අප යන විට එම ස්ථානයේ නොතිබිණි. මේ අතර මොට්ටයාගල කන්දේ එක් තැනක කෙටූ බුදුරුවකි. එතරම් පැහැදිලි නැති මේ බුදුරුවේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර නොතිබුණි. මෙම ගල පාමුල ඇති කුඹුරු යායේ හිමිකරු මුස්ලිම් පුද්ගලයකු වන අතර මෙම ඩෝසරයේ රියැදුරු දෙමළ ජාතිකයෙකි. මෙම මුස්ලිම් ඉඩම් හිමියා තම කුඹුරු පුළුල් කරනු වස් මෙය ඩෝසර් කර ඇත. මේ පිළිබඳව අක්කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම්. එච්.සමන් මහතාට දැනගන්නට ලැබීමෙන් පසුව මාධ්‍යවේදීනට මේ බව දැනුම් දී ඇති අතර ඒ මඟින් අම්පාර විද්‍යානන්ද පරිවේනාධිපති කිරිඳිවැල සෝමරතන හිමියෝ දැනුවත් කළේය.මේ අතර සමන් මහතා අක්කරපත්තුව පොලීසියත්, පුරාවිද්‍යා නිලධාරීනුත් වහාම දැනුවත් කිරීමට පියවර ගත්තේය. ඉන් පසුව අක්කරපත්තුව පොලිසිය මගින් පුද්ගලයන් දෙදෙනා උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 25,000/- බැගින් දඩ නියම කර මුදා හැරියේය. මොට්ටයාගල කඳු මුදුනේ වූ චෛත්‍යයද නිධන් හොරුන් විසින් හාරා දමනුලැබ තිබුණු අතර කඳු පාමුල දාගැබේ නිධන්ද රැගෙන යන්නට ඇතැයි විශ්වාස කෙරේ. දාගැබේ ගඩොල්ද එතැන තිබූ ගල් කණුද ඩෝසරයට අසුවී කැඞී බීඳී විනාසවී ගොසිනි. පසු ගියදා මෙම ස්ථානයට වැඩම කළ මහා සඟරුවන විරෝධතා ව්‍යාපාරයක සහ සත්‍යග‍්‍රහයක යෙදුනහ. අම්පාර විද්‍යානන්ද පරිවේනාධිපති කිරිඳිවැල සෝමරතන හිමියන් එම අවස්ථාවේදී මෙම සිද්ධිය පිළිබඳ අදහස් පළ කළේ මෙසේය. ‘‘අද මේ ප‍්‍රශ්නය පිළිබඳව සමහර නිලධාරීන් මුනිවත රකිනවා. අපි සාමාකාමී විරෝධතාවෙන් සත්‍යග‍්‍රහයෙන් පෙන්වා දෙන්නේ බෞද්ධ උරුමයන් රැුකගත යුතුයි කියලයි. උතුරු නැගෙනහිර තිබෙන බෞද්ධ උරුමයන්ට අත්වෙලා තියෙන ඉරණම එතරම් හොඳ නෑ. අපි අන්‍ය ජාතීන්ට, අන්‍ය ආගම්වලට, අන්‍ය සිද්ධස්ථානවලට ගරු කරනවා. බෞද්ධයෝ වශයෙන් අපි කවමදාවත් අන්‍ය සිද්ධස්ථාන වලට හානි පමුණවලා නෑ. නමුත් සීගිරිය වැනි ස්ථානයක් නැගෙනහිර තිබුණානම් ඒකත් ඩෝසර් කරලා ඉවරයි. එහෙම නැත්නම් ඒක ගල්කෝරියක් බවට පත්වෙලා ඉවරයි. ජනාධිපති තුමා තිස්වසරක යුද්ධය අවසන් කරලා මේ රටේ හැමෝටම නිදහස ලබා දුන්නා එසේ නම් පුරා විද්‍යා නිලධාරීන් මෙන්ම ආරක්‍ෂක අංශ නිලධාරීන් මෙවැනි ස්ථාන රැක ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි. මේ විනාශ වූ දාගැබ අපේ ශිෂ්ටාචාරයේ වැදගත් සලකුණක්. අද ඒ සලකුණ නෑ. මේ ස්ථානය තවදුරටත් විනාශ වෙන්නට ඉඩ නොදී අවශ්‍ය පියවර ගත යුතුයි. ඒ මගින් අපේ උරුමය ඉරහඳ පවතින තුරා රැකගත යුතුයි. මෙම අවස්ථාවේදී, ගල්මඩුකන්ද පුරාන රජ මහ විහාරයේ විහාරාධිපති හෑගොඩ විමලඥාන හිමියෝද අදහස් දැක්වුහ. වැඩම කළ සියලූම භික්ෂූන් වහන්සේලා පෝස්ටර් රැගෙන විරෝධතාවේ නියැළීමෙන් අනතුරුව සත්‍යග‍්‍රහයක්ද පැවැත්වූහ.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අක්කරපත්තුවේ වැනසෙන බෞද්ධ උරුමය
රොහාන් Tuesday, 16 October 2012 08:17 AM
අනේ ඉතිං දඹූල්ලේ පල්ලිය ඉවත් කරන්න කියපු වෙලාවේ කට්ටිය නටපු නැටිල්ලක්? (නි)
පසිදු Saturday, 27 October 2012 02:50 PM
සුගත්, මේ රටේ මෙහෙම දේවල් හැමදාම වෙනවා. අපි නිටවුන් වගේ නිදාගෙන ඉන්නවා. (නි)
සුගත් Friday, 19 October 2012 04:41 PM
ලංකාවේ තවත් මේවගො බෞද් ස්ථාන එකකට අත තියන්න බලන්න (අ)
රත්නායක Friday, 19 October 2012 10:38 AM
මේවා දැක දැකත් කොහොමද සමහරු නොදැක්කා වගේ ඉන්නේ? (නි)
වරුණ Thursday, 18 October 2012 10:51 PM
අපේ දේ හමයි ඔය නැති වෙන්නේ
නිලන්ත Thursday, 18 October 2012 06:46 PM
කොහොමද මන්දා මිනිස්සු මේවා දැක දැකත් නිහඩව ඉන්නේ? (නි)
රමිල Wednesday, 17 October 2012 07:45 AM
එහෙම වෙන්න දෙන්න බැහැ නේද? (දී)
මොහමඩ් Tuesday, 16 October 2012 05:47 PM
ජාතියක් ආගමක් මේකට සම්බන්ධ කරගන්න එපා (නි)
අමිල Tuesday, 16 October 2012 02:39 PM
ජනක දන්න දේ කියන්න බලන්න අපටත් දැනගන්න එක්ක...
රොෂාන් Sunday, 14 October 2012 04:10 PM
මේකට වගකියන්න ඕනෑ සුලුජාතින්ගේ ඡන්ද වලට කඹුරන දේශපාලුවොයි. (නි)
ටිටී Monday, 15 October 2012 05:34 PM
මේ වැනසෙන්නේ අපේ උරුමයයි. (නි)
ජනක Monday, 15 October 2012 01:43 PM
"බෞද්ධයෝ වශයෙන් අපි කවමදාවත් අන්‍ය සිද්ධස්ථාන වලට හානි පමුණවලා නෑ......... " හාමුදුරුවනුත් බොරු කියනවනෙ... කොහම උනත් මෙ වැඩෙ වැරදියි ඒ දෙන්නට දඩ ගහලනම් මදි ඒත් ඒ දේම බෞද්ධ උදවිය කරොත් දඩෙත් නෑ නොවෑ...(ස)
හෂාන් Monday, 15 October 2012 01:20 PM
අපේ දේ මේ නැති වෙන්නේ
ශාන්ත Sunday, 14 October 2012 06:13 PM
කවදා හෝ දිනක උතුරු නැගෙනහිර සිංහලයන්ව යටත්කර ගැනීමට උත්සාහ කරන බව පෙනෙන්න තිබෙනවා. (නි)
සුමනා මානවඩු Sunday, 14 October 2012 05:00 PM
අකකරෙයිපත්තුවේ විතරක් නෙමෙයි මුළු නැගෙනහිර පලෘතම සිංහලයින් නැතිකිරීමයි සැලසුම.(නදී)
අමරසිරි Sunday, 14 October 2012 04:31 PM
බෞද්ධ උරුමය රැකගැනීමට වෙරදරන සැමට ප්‍රණාමය!
රාජා Sunday, 14 October 2012 04:27 PM
බෞද්ධ උරුම විනාශ කිරීමට දඩුවම රු: 25000 නම් එයාලා ලංකාව පුරා ඇති බෞද්ධ උරුම රු:25000 ගානේ ගෙවලා විනාශ කිරීමට ඉදිරිපත් වෙයිද? (නි)