X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


අගනුවර ගණිකා ජාවාරම්කරුවන්ට කොටුවුණ ගමේ කෙල්ලන්ගේ කතාව

ඇය නුවරඑළිය ප‍්‍රදේශයේ වත්තක පදිංචිව සිටින 21 හැවිරිදි වියේ පමණ පසුවන සුන්දර යුවතියකි. තරුණියගේ මව සහ පියා මිය ගිය නිසා එදා පටන් ඇය බලා ගත්තේ ආච්චි සහ සීයා ය. එළවළු වගාකර විකුණා ලබාගන්නා සොච්චම් මුදලින් මේ තිදෙනා ජීවිකාව ගෙන යති. ආච්චි හා සීයා සමග මේ තරුණිය ජීවත්වන්නේ නොයෙක් අඟහිඟකම් මැද්දේය. කොළඹ සිට එළවළු මිලදී ගැනීමට නුවරඑළියට කාලයක් පටන් පැමිණෙන මුදලාලි කෙනෙක් සිටින අතර ඇය ඔහුද තරමක් දන්නා හඳුනන පුද්ගලයෙකි. ”මට පුළුවන් නම් කොළඹ පැත්තෙන් මොකක් හරි රස්සාවක් හොයලා දෙන්න” යැයි තරුණිය එළවළු මිලදී ගැනීමට පැමිණ සිටි දිනක මුදලාලිගෙන් විමසුවාය. ”ගාමන්ට් රස්සාවක් හොයලා දෙන එක මට සුළු වැඩක්” යැයි මුදලාලි පැවසුවේ තරුණිය දෙස කෑදර බැල්මක්ද හෙළමිනි. නුවරඑළියේ සිට තරුණිය ඔහුත් සමග පසුගිය දිනක කොළඹ පැමිණියේ ගාමන්ට් රස්සාවක් සොයාගෙනය. මුදලාලි ඔහුගේ හිතවත් ත‍්‍රීරෝද රථ රියදුරෙක්ගේ ත‍්‍රිරෝද රථයක තරුණියව නංවාගෙන ගියේ කොල්ලූපිටිය මුහුදු වෙරළ තීරයේ තිබෙන ගෙස්ට් හවුස් එකකටය. ගෙස්ට් හවුස් එකේදී හමුවන පුද්ගලයකුට තරුණිය බාර දෙන්නේ මේ තමාගේ හොඳම හිතවතෙක් බවත් මොහු ගාමන්ට් රස්සාවක් සොයාදෙනු ඇති බවත් පවසමිනි. මේ තැනැත්තා රාජගිරිය ප‍්‍රදේශයේ පදිංචි අයෙකි. කාලයක සිට දන්නා හඳුනන මුදලාලිගේ කීම විශ්වාස කළ තරුණිය කිසිම බියක් සැකක් නොමැතිව ඔහුත් සමග යන්නේ ගාමන්ට් රස්සාවක් ලබාගැනීමේ අරමුණ ඇතිවය. වැල්ලවත්ත පැත්තේ තියන රෙස්ට්හවුස් එකක දින දෙක තුනක් නවත්වාගෙන සිටින තරුණිය ඊළඟට කැඳවාගෙන යන්නේ මහරගම ප‍්‍රදේශයේ පිහිටි නිවසකටය. මහරගම ප‍්‍රදේශයේ පිහිටි ඒ නිවසේ මවක් පියෙක් සහ දියණියක් ද තවත් කාන්තාවෝ දෙදෙනෙක්ද පදිංචිව සිටිති. ගෙදර අයිතිකාරියගේ දියණිය හා අනෙක් කාන්තාවන් දෙදෙනා පවසා ඇත්තේ ඔවුන් කොළඹ ප‍්‍රදේශයේ මල් සාප්පුවක සේවය කරන බවය. කාන්තාවන් දෙදෙනා මේ ගෙදර පදිංචිවී සිටින බවත් නුවරඑළියේ සිට පැමිණි තරුණියට පවසා තිබේ. රූමතියන් වන මේ කාන්තාවන් තිදෙනා සමහර දිනවලට සවස වැඩ ඇරී ගෙදර එන්නේ ඉතිරිවුණ මල් ගෙදර ගෙනා බව පවසමින් යැයිද කියති. ගාමන්ට් රස්සාව කවදා ලැබේ දැයි කියා නුවරඑළියේ තරුණිය කිහිපවතාවක්ම විමසා සිටි අවස්ථාවේ ඇයට අර කාන්තාවන් තිදෙනා පවසා ඇත්තේ ළඟදීම එය ලැබෙනු ඇතැයි කියා ය. ”මොකද තවමත් මේකිගෙන් වැඩක් ගත්තේ නැත්තේ” යැයි කියා එක් කාන්තාවක් අනෙක් කාන්තාවන් දෙදෙනාගෙන් විමසනවා නුවරඑළියේ තරුණියට ඇසී ඇත. ඒ කාන්තාවන්ගේ කථාව ඇසීමෙන් නුවරඑළියේ තරුණියගේ හිතට කිසියම් සැකයක්ද ඇතිවී තිබෙන බව කියති. යන එන ඉසව්වක් හෝ ඉන්නේ කොහේද කියා වැටහීමක් නොමැති නිසා පලා යාමටද ඇයගේ හිතට බියක් ඇතිවී තිබේ. ගාමන්ට් එකක රස්සාවක් සොයා දෙන්නම් කියා එළවළු මුදලාලිගෙන් නුවරඑළියේ තරුණිය බාරගත්තේ ගණිකා වෘත්තියේ කාන්තාවන් හා තරුණියන් යොදවා යහමින් මුදල් හරි හම්බකරන ජාවාරම්කාරයෙක් බව ඇය හාංකාසියක්වත් දැන සිට නැත. ත‍්‍රිරෝද රථ රියදුරෙක් ලෙස ජීවිකාව ආරම්භ කර ඇති මොහු පසුව ගණිකාවන් සැපයීමේ ජාවාරමට අතගසා ඇත්තේ එතරම් වෙහෙස මහන්සියකින් තොරව යහමින් මුදල් හම්බකිරීමට හැකියාව තිබෙන නිසාය. කුලී පදනම මත සුඛෝපභෝගී මෝටර් රථ හා වෑන් රථ ලබාගෙන ඒවා යොදාගෙන ගැනුම්කරුවන්ට අවශ්‍ය තැනටම රූබර තරුණියන් හෝ කාන්තාවන් ගෙන ගොස් දීම රාජගිරියේ ගණිකා ලොක්කා වසර කිහිපයක සිටම කරගෙන යයි. ”අලූත් කෑල්ලක් එහෙම නැද්ද ළඟදී හම්බවුණේ. ගාණ කීය වුණත් කමක් නැහැ. මට  ඕනෑ අලූත් කෑල්ලක්. පරණ කෑලි එක්ක ඉඳලා දැන් ඇතිවෙලා තියෙන්නේ” රාජගිරියේ ගණිකා ලොක්කාගේ ජංගම දුරකථන අංකයට ඇමතුමක් දී එසේ විමසා ඇතැයි කියන්නේ ඔහුගේ හොඳම කස්ටමර් කෙනෙකි. ‘අලූත් කෑල්ලක්’ යනුවෙන් මේ ගැණුම්කරු කියා ඇත්තේ තමාට කන්‍යාවියකගේ පහස අවශ්‍ය බවය. ”අපෝ  ඕක සුළු වැඩක්. ළඟදී අලූත්ම කෙනෙක් හම්බවුණා. ඒවාගේ කෙනෙක්ව ඉල්ලනකම් තමා මම බලාගෙන හිටියේ. තැන කියන්න මං අරගෙන එන්නම්” යැයි රාජගිරියේ ගණිකා ලොක්කා ගැණුම්කරුට පැවසීය. කුලී පදනම මත ලබාගන්නා සුඛෝපභෝගී වාහන තුළම අවශ්‍ය නම් ගැණුම්කරුට සිය අවශ්‍යතා සපුරාගත හැකිය. එසේත් නොමැති නම් තරුපහේ හෝටලයකට වුවද රැගෙන යාමට හැකියාව මොහු විසින් ලබාදී ඇත. රාජගිරියේ ගණිකා ලොක්කා වැඩ කරන්නේ ගැණුම්කරුගේ රුචිකත්වය අනුවය. නුවරඑළියෙන් ගෙනා තරුණිය සුඛෝපභෝගී මෝටර් රථයක නංවාගෙන තවත් කාන්තාවක්ද සමග පිටත්වන්නේ ඇයට ඇඟලූම් කම්හලේ රැකියාවකට යාමට එහි අයිතිකරු හම්බවෙන්න යන බව පවසමිනි. කොළඹ ප‍්‍රදේශයේ පාළු ස්ථානයකට ගොස් මෝටර් රථය නතර කරන රාජගිරියේ ගණිකා ලොක්කා සහ අනෙක් කාන්තාව බැස යන්නේ ‘මේ ළඟකට යන්නේ ඉක්මනට එනවා’ යැයි පවසමින් බව ද කියති. මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජනගත් නුවරඑළියේ තරුණිය හිමිං සීරුවේ පලාගොස් ත‍්‍රිරෝද රථයකට අත අල්ලා ගොඩවන්නේ යන එන තැනක් ගැන කිසිම අවබෝධයක් නොමැතිවය. කොළඹ ප‍්‍රදේශයේ කිසියම් ප‍්‍රදේශයක් බලා ඇය ත‍්‍රිරෝද රථයෙන් බැසගත් ගමන් ගාස්තුව ගෙවීමට මුදල් ඇය අතේ තිබී නොමැත. තමා මුහුණ පෑ ඇබැද්දිය ඇය ත‍්‍රිරෝද රථ රියදුරු මහත්තයාට පැවසීමෙන් පසු ඔහු මේ බව ඒ අසල සිටි තවත් ත‍්‍රිරෝද රථ රියදුරු මහත්මයෙකුට දැනුම් දී තිබේ. ඒ ත‍්‍රිරෝද රථ රියදුරා තරුණිය නංවාගෙන යන්නේ බොරැල්ල පැත්තේ තිබෙන කන්‍යාරාමයක් වෙතය. ඇය කන්‍යාරාමයට බාර දීමෙන් පසු කන්‍යා සොහොයුරියන් දෙදෙනකු ඇය කැඳවාගෙන එන්නේ කොළඹ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයටය. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම කාර්යාංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සැම්සන් ප‍්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ලබන්නේ පොලිස් පරීක්ෂක අමිල ජයරත්න මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි. පොලිස් නිලධාරීන් දෙදෙනකු ගැනුම්කරුවන් ලෙස පෙනී සිටිමින් රාජගිරියේ ගණිකා ලොක්කාගේ ජංගම දුරකථනයට කථාකර කාන්තාවන් දෙදෙනකු අවශ්‍ය බවත් මරදානට ඒ කාන්තාවන් දෙදෙනා කැඳවාගෙන එන ලෙසත් පවසා ඇත. පොලිස් නිලධාරීන් යෙදූ මෙම උපක‍්‍රමයට රැවටුණු ඔහු කාන්තාවන් දෙදෙනකුද නංවාගෙන මරදාන ප‍්‍රදේශයේ පාසලක් ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ අවට රැකවල්ලා සිටි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්ෂක අමිල ජයරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායම මොහු අල්ලාගෙන ඇත. අත්අඩංගුවට ගත් ගණිකා ජාවාරම්කරු නුවරඑළියේ තරුණිය ලබාගෙන ඇත්තේ එළවළු මුදලාලිට රුපියල් 15,000 ක පමණ මුදලක් ලබාදීමෙන් බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇතැයිද පැවසේ. ගණිකා ජාවාරම්කරු සමග අල්ලාගත් එක් කාන්තාවක් කුරුණෑගල ප‍්‍රදේශයේ ද අනෙක් කාන්තාව මහරගම ප‍්‍රදේශයේ ද පදිංචිකාරියෝ වෙති. නුවරඑළියේ තරුණිය දින කීපයක් නවාතැන් ගෙන සිට ඇත්තේ මහරගම ප‍්‍රදේශයේ කාන්තාවගේ නිවසේය. මහරගම කාන්තාව සැමියාගෙන් දික්කසාද වී ජීවත්වන්නේ ඇයගේ මව් පියන් සමග මහගෙදර ය. කුරුණෑගල කාන්තාව සැමියාගෙන් වෙන්වී ජීවත්වන අතර මේ දෙදෙනාටම දරුවෝ සිටිති. මේ දෙදෙනා අවුරුදු 27 සහ 29 අතර වයසේ පසුවන කොයිකාගෙත් සිත් පැහැර ගැනීමට සමත් රූබර කාන්තාවන් දෙදෙනෙකි. ගණිකා වෘත්තියේ නිරතවෙමින් එක් කාන්තාවක් පමණක් මාසිකව සාමාන්‍යයෙන් රුපියල් 40,000 ක පමණ මුදලක් උපයන බවට කරුණු හෙළිවී ඇත. ”තරුපහේ හෝටල්වලට තමා අපි වැඩි වශයෙන් යන්නේ. පැය 2-3 ක් ගත කරන්න අපේ ගාණ රුපියල් 15,000 ක් විතර වෙනවා. කෑම බීම කාමර ගාස්තු අප එක්කගෙන යන කෙනා ගෙවන්න  ඕනෑ හොඳ සල්ලිකාරයෝ තමා අප එක්කගෙන යන්නේ. සමහරු සන්තෝසමත් එක්ක වැඩිපුර ගාණක් දීලා යනවා. අවුරුදු 60-70 විතර වයසේ පසුවන සල්ලිකාරයෝ, ලොකු ලොකු රස්සාවල් කරලා පැන්ෂන් ගත්තු මහත්තුරු පවා අපේ පහස සොයාගෙන එන අවස්ථා  ඕනෑ තරම් තිබෙනවා. අපට වයස ප‍්‍රශ්නයක් නැහැ, ගාණ තමා බලන්නේ. අපට වැඩක් නැතිව යන්නේ බොහොම කලාතුරකින් දවසක තමා” යැයි මෙම කාන්තාවන් දෙදෙනා පවසා ඇතැයිද දැන ගැනීමට ඇත. ”දරුවන්ටත් හොඳින් උගන්වනවා විතරක් නොවේ අපේ අම්මලා තාත්තලා රැක බලා ගන්නෙත් මේ රස්සාවෙන් තමා. හම්බකර ගන්නා සල්ලිවලින් දෙයියනේ කියලා කරදරයක් නැතිව ජීවත්වනවා” යැයිද සැකකාර කාන්තාවන් දෙදෙනා පවසා ඇතැයි කියති. ගැණුම්කරුවන් සොයා ගැනීමට ගණිකාවන් යොදාගන්නා උපක‍්‍රමයක්ද මේ කාන්තාවන් දෙදෙනා පොලීසියට හෙළිකර ඇති බව දැන ගැනීමට තිබේ. හොඳ හෝටලයකට ගිය පසු ගැනුම්කරුගෙන් ලැබෙන ගාණෙන් කිසියම් මුදලක් ඒ හෝටලයේ කළමනාකරුවකුට හෝ සේවකයකුට ලබාදී කස්ටමර්ලා සොයාදෙන ලෙස ඉල්ලා සිටින්නේ ජංගම දුරකථන අංකයන්ද ඔවුන් අතට පත්කිරීමෙන් පසුවය. මේ කාන්තාවන් දෙදෙනාගේ මව්පියන් මෙච්චර කාලයකට සිතාගෙන සිට ඇත්තේ දුවලා මල් සාප්පුවක වැඩ කරන බවය. ඇත්ත කථාව ඔවුන් දැනගෙන ඇත්තේ දියණියන් පොලිස් දැලට අසුවීමෙන් පසුවය. නුවරඑළියේ තරුණිය රාජගිරියේ ගණිකා ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයාට විකුණා රුපියල් 15,000 ක පමණ මුදලක් ලබාගත් එළවළු මුදලාලි හා ඔහුගේ හිතවතා වන ත‍්‍රිරෝද රථ රියදුරා අල්ලා ගැනීමටද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. එළවළු ව්‍යාපාරය කරගෙන යන අතරවාරයේ මොහු කාන්තාවන් හා තරුණියන්ට රස්සා සොයා දෙන බව පවසා රවටාගෙන පැමිණ ගණිකා ව්‍යාපාර කරගෙන යන පුද්ගලයන්ට විකුණා මුදල් උපයන තැරැව්කාරයකු බවටද තොරතුරු පොලීසියට ලැබී ඇතැයි කියති. අත්අඩංගුවට ගත් රාජගිරියේ ගණිකා ජාවාරම්කරු ළඟ තවත් කාන්තාවන් රැසක්ම සේවයේ නිරතව සිටින බවට ද තොරතුරු දැන ගැනීමට ඇත. ජාවාරම්කරු කරන්නේ ඒ කාන්තාවන් අවශ්‍යතැන්වලට ගෙනගොස් දී හොඳ ගාණක් ගැනීමය. මොහු ද දරුවන් සිටින පියෙකි.

විස්තරය : ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය



අදහස් (0)

අගනුවර ගණිකා ජාවාරම්කරුවන්ට කොටුවුණ ගමේ කෙල්ලන්ගේ කතාව

ඔෂධ Thursday, 21 June 2012 03:00 PM

මේ අක්කලා මෙහෙම සුදු වුණේ කොහොමද දන්නේ නෑ

:       0       0

ඉෂාන් Wednesday, 27 February 2013 05:12 PM

අසරණකම නිසාද කියන්න නම් දන්නෙ නැහැ. ඒත් සදාචාරෙට මේවා ගැළපෙන්නෙ නැහැ. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 31 October 2012 06:17 AM

මේ ලංකාවේ ගැහැණු ළමයි නෙමෙයි. (නි)

:       0       0

සෑම් Friday, 10 August 2012 10:30 AM

නුවරඑළියේ ගැණු ළමයා හරිම වාසනාවන්තයි මෙම උගුලෙන් බේරීමට ලැබීම ගැන. අතරමගදී හමුවුන අවංක ත්‍රී රෝදරථ රියදුරන් දෙදෙනාට ගොඩාක් පින්, අනතුරේ වැටෙන්න ගිය ළමයා බේරාගැනීම සම්බන්ධව. එළවලු මුදලාලිට සහ ගණිකා පාලකට මෙලොවදීත් එලොවදීත් පළ දෙනවාමයි කළ පව් වලට. (නි)

:       0       0

රුවන්මලී Saturday, 04 August 2012 01:49 PM

මේ හැම දේකටම මුල දුප්පත්කම. සමාජ ක්‍රමයේ වැරැද්ද.

:       0       0

නුවන් Monday, 25 June 2012 10:05 PM

සල්ලිවලට තියෙන කෑදර කම නිසා අද ලෝකේ මෙව්වා කොච්චරවත් සිද්ද වෙනවා

:       0       0

මාතලන් Sunday, 24 June 2012 09:04 AM

ලංකාවෙ ගනිකා වෘතිය නිතිගත කරන්න ලමා අපචාර ස්ත්‍ර දූෂන අඬුවෙවි 

:       0       0

චම්මි Saturday, 23 June 2012 10:46 PM

අනේ මන්දා මෙහෙම ගිහිං ලංකාවෙ ඔක්කොම මේ වගේ කරයිද මංදා...

:       0       0

නිසාර් Saturday, 23 June 2012 09:38 PM

අපේ රටේ තියන තත්තවෙට මිනිස්සු බලන්නේ කොහොම හරි ‍හොදට කාල බීලා ඉන්න.. පව්.. දැන් එයාලගෙ අමම්ලට දරැවන්ට මොකද වෙන්න?? කන්න බොන්න දෙන්නෙ ‍කවුද? මම කියන්නෙ මේ අය හිර කරල නෙවේ මොකක් හරි රස්සාවක් හොයලා දෙන්න..

:       0       0

Saturday, 23 June 2012 03:19 PM

අහිංසක දුප්පත් කෙල්ලෝ පව්.ඇයි ජාවරම්කාරයන්ගේ ‍ඡායාරූප දාන්න බයද??

:       0       0

චතු Saturday, 23 June 2012 12:52 PM

අහිංසක දුප්පත් කෙල්ලෝ පව්.

:       0       0

රුවන් Friday, 22 June 2012 09:36 AM

ඒ අයගෙ ඡායාරෑපම දාන්නකො.

:       0       0

හිල්මි Sunday, 17 June 2012 11:27 PM

මේ ‍ෆොටෝ වල ඉන්න කෙල්ලෝ නම් ලංකාවේ කෙල්ලෝ කියලා කියන්නවත් බෑ

:       0       0

රාජපක්ෂ Wednesday, 20 June 2012 09:29 PM

ඇත්තටම මේවා කරන උන්ගේ පින්තුරයි දන්න ඕන ගෑනියෙකුගෙ වටිනකම නොදන්න තිරිසන්නු

:       0       0

චතුර අසංක Wednesday, 20 June 2012 07:58 AM

මොනව උනත් මේවා අල්ලලා උනත් දඩුවම් දෙන එක හොදයි..!!

:       0       0

සකල බුජන් Tuesday, 19 June 2012 09:20 PM

මේ නම් කලු මැණිකෙලා නෙමෙයි බොල කොලුවෝ.මේ තිරිවාන කෑලිනේ

:       0       0

ප්‍රසන්න Tuesday, 19 June 2012 09:24 PM

මට විශ්වාශ කරන්න පුලුවන් මේ ලංකාවේ අය නෙමෙයි

:       0       0

කුමාර Tuesday, 19 June 2012 06:11 PM

උන්ට හොදනම් අපිට මොකෝ

:       0       0

ප්‍රසාද් Tuesday, 19 June 2012 06:07 PM

ඇයි ජාවරම්කාරයන්ගේ ‍ඡායාරෑප දාන්න බයද??

:       0       0

ප්‍රියන්ත විජේසිංහ Tuesday, 19 June 2012 03:21 PM

ඡායාරෑප දාන්න ඕන මේ අයගෙ නෙමෙයි ‍මේවා කරවන අයගෙ....

:       0       0

දයා සෞදි Tuesday, 19 June 2012 01:53 PM

කොහොම උනත් වටින්නේ නැහැනෙ අපේ කෙල්ලන්ගෙ පින්තූර දාන එක‍.‍‍‍‍‍...

:       0       0

පාලි ඩුබායි Tuesday, 19 June 2012 11:08 AM

‍මොකද මේ කාගෙවත් ‍ඡායාරෑප දාන්නෙ?? ඇයි ඒ අයගෙ ඡායාරෑපම දාන්නකො..

:       0       0

මාතලන් Monday, 18 June 2012 10:18 PM

මෙ තායි කෙල්ලොනෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site