X Advertisement
IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


අගනුවර මහ මැදුරක් පිනට දුන් වෙස්සන්තර දොස්තර

  dhf 

 

පැළ ඉනි වැටට, බිම් අඟලට ඇණ කොටා ගනිමින්, මිනීමරා ගන්නා යුගයක තමා සතු පර්චස් පනස් හතක ඉඩම සහ කාමර දහයකින් යුතු විශාල නිවාසය, ආගමික, ශාසනික සහ සමාජීය පුනර්ජීවය වෙනුවෙන් යොදවා ගැනීමට කොළඹ තරුණ බෞද්ධ සංගමයට පරිත්‍යාග කළ වෙස්සන්තර වෙදදුරෙකු ගැන අපි තොරතුරු සොයාගියෙමු.

 

5656

නමට පමණක් බෞද්ධ නොවුණු සැබෑ මහත්මා ගතිවලින් හෙබි ආදර්ශමත් මිනිසකු වූ වෛද්‍ය ආටිගල මහතා තමා වෙතට ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණි කිසිම ආගමික පූජ්‍ය පක්ෂයේ අයෙකුගෙන් මුදල් අය කිරීමක් කළේ නැත. කෑදරකමින් මුදල් රැස්නොකර රෝගීන් උකසට තැබූ වෛද්‍යවරයකු නොවුණ ඔහු ආර්ථික අපහසුතා ඇති නැති බැරි අයගෙන් කිසිඳු මුදලක් අය නොකර ප‍්‍රතිකාර කළේය. 1916 වසරේ මැයි මස 22 දින ගාල්ලේදී උපත ලැබූ දොන් ජිනදාස ආටිගල, නම් වන ඔහු පසුව වඩාත් ප‍්‍රසිද්ධ වූයේ ඞී.ජේ. ආටිගල නමිනි. මිතුරන් අතර ‘‘ජින්’’ යන සුරතල් නාමයෙන්ද ඔහු හැඳින්විය.


කොළඹ විශාකා විද්‍යාලයෙන් (එවකට) මූලික අධ්‍යාපනය හැදෑරු වෛද්‍ය ආටිගල මහතා ද්විතික සහ උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්ය.


කොළඹ විශ්වවිද්‍යාලයේ රෝග විනිශ්චය පිළිබඳ මහාචාර්යවරියක වූ ඩැෆ්නි කනකරත්න සමග විවාහ වූ විශේෂඥ වෛද්‍ය ආටිගල මහතා, මිය යන තෙක්ම දිවියේ වැඩි කොටසක් කැපකර ඇත්තේ අන් අයගේ යහපත සහ රෝගීන්ගේ සුභසෙත වෙනුවෙනි. රෝග විනිශ්චය සම්බන්ධයෙන් අති විශිෂ්ට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු වූ ඞී. ජේ. ආටිගල මහතා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ යාවජීව සාමාජිකත්වය ලබන්නේ 1975 වසරේදීය. එතැන් සිට මිය යන තෙක්ම සාමාජිකත්වය දැරූ ඔහු කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් නිහඬව සිදුකරනා සමාජ සත්කාරයන් වෙනුවෙන් ඉටුකරනා සේවාවන්ට සක‍්‍රීයව දායක වූවේය.


ආර්ථික අපහසුතාවලින් පෙළෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නඟා සිටුවීමටත්, දාන, සීල, භාවනා ආදී පුද්ගල අධ්‍යාත්මය පෝෂණය කරනා ආගමික කටයුතු සඳහාත්, වැඩිහිටි නිවාස, පුස්තකාල, ළමා සංවර්ධන මධ්‍යස්ථාන, විශ‍්‍රාමශාලා, බෞද්ධ නායකත්ව පුහුණු පාඨමාලා ආදිය පවත්වමින්, නඩත්තු කරමින්, කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් සිදුකරනා ජාතික සහ ආගමික කර්තව්‍යය පිළිබඳව නිබඳව අගය කළ ඞී. ජේ. ආටිගල වෛද්‍යතුමා ජීවත්ව සිටියදී උපරිමයෙන්ම තම ශ‍්‍රමය සහ ධනය ඒ සමාජ සත්කාරයන් වෙනුවෙන් යෙදවීය.

16-page14-S2-2


අවසානයේ සිය අන්තිම කැමැති පත‍්‍රයෙන් කොන්දේසි විරහිතව තමා නමට බොරැුල්ලේ පිහිටි නිවෙස කොළඹ තරුණ බෞද්ධ සංගමයට පවරා ඇත්තේ නිහඬව සිදුකරනා සමාජ සත්කාරයන්ට පණ පෙවීමක් ලෙසය. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සාමාන්‍යාධිකාරි මේජර් ජනරාල් ජන්මික ලියනගේ සහ සහකාර සාමාන්‍යාධිකාරි (පාලන) ජේ. එම්. පී ජයසිංහ මහතාගෙන් වෛද්‍යවරයාගෙන් ලද පරිත්‍යාගය, සමාජ සත්කාර කටයුතු වෙනුවෙන් යොදා ඇත්තේ කෙසේද යන්න විමසා සිටියෙමි.

tjkg
වෛද්‍යවරයාගේ ඇවෑමෙන් පසු කොළඹ තරුණ බෞද්ධ සංගමය සතු වූ නිවාසය, මුලින්ම පෙර පාසලක් සඳහා භාවිතා කරනු ලැබුවත්, පසුව එය ප‍්‍රතිපත්තිමය හේතුවක් මත නතර කර දැමීමට සිදුව තිබෙනවා. පිරිමි දරුවන් සඳහාම වෙන්වුණ පෞද්ගලික පාසලක් - පන්සලක් වෙනුවෙන් එම ඉඩ වෙන්කර ගැනීමට කොළඹ තරුණ බෞද්ධ සංගමය කටයුතු කරනු ලැබුවත් එයත් සාර්ථක වුණේ නැහැ. පසුව එම ඉඩම සහ නිවෙස අලූත්වැඩියා කර මූල්‍ය සමාගමකට කුලීපදනම මත ලබාදී තිබෙනවා.


වාර්ෂිකව ඉන් ලැබෙන මිලියන 6ක ආදායමින් මිලියන 1.5 මුදලක් වැලිඔය සම්පත්නුවර මහා විද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා යොදවනවා. වකුගඩු රෝගය උත්සන්න එම ප‍්‍රදේශයේ මිනිසුන්නට බොන්න පිරිසිඳු වතුර නැහැ. ඒ තත්ත්වයට පිළියමක් ලෙසට නළ ලිං මාර්ගයෙන් ජලය ලබාගෙන පිරිපහදු කර පුද්ගල ප‍්‍රයෝජනයට ලබාදීමට වෛද්‍ය ආටිගල මැතිතුමාගේ අරමුදලින් අපට හැකිව තිබෙනවා.


ජීවත්ව සිටියදී ජීවිතය ගැන සැබෑ අවබෝධයකින් ජීවත් වූ වෛද්‍යවරයා දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට හැකි සෑම වෙලාවකදීම උපකාර කරනු ලැබුවා. ඒ කාර්යය අද ඔහුගේ අරමුදලින් නොකඩවා කොළඹ තරුණ බෞද්ධ සංගමය කරගෙන යනු ලබනවා. මේ වසරේදී අඩු ආදායම් ලාභි විශ්වවිද්‍යාල දරුවන් එකසිය අනූපස්දෙනෙකුටත් (195) උසස් පෙළ හදාරණ අඩු ආදායම් ලාභී දරුවන් හැත්තෑපස්දෙනෙකුටත් (75) ශිෂ්‍යත්ව පිරිනමනු ලැබුවා. ඊට අමතරව ඞී. ජේ. ආටිගල අරමුදලින් වාර්ෂිකව තරුණ බෞද්ධ සංගමයෙන් සිදුකරන දාන, සීල, භාවනා වැඩසටහන් වලට දායකත්වය ලබාගනු ලබනවා.


වෛද්‍යවරයාගේ තොරතුරු සොයායාමේදී ඔහුගේ ඥාතීන් කිසිවෙකු සොයාගැනීමට නොහැකි වූයේ ඔවුන් බොහෝ පිරිසක් දැනට විදෙස්ගතව සිටින බැවිනි. එම නිසාම අපි ඞී.ජේ. ආටිගල වෛද්‍යතුමා සමග වැඩිකාලයක් සේවය කළ කායික රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතාගෙන්ද ඔහු ගැන විමසීමක් කළෙමු.


දැනට විශ‍්‍රාමිකව සිටින මා තමයි ලංකාවේ පළමු වකුගඩු ශල්‍යකර්මය කළ වෛද්‍යවරයා.


ඞී. ජේ. ආටිගල වෛද්‍යතුමා මට මුලින්ම මුණ ගැසෙන්නේ ගුරුවරයෙක් ලෙසට එවකට මා සිටියේ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ. ඔහු දක්ෂ ගුරුවරයෙක්. ඔහු වෙතින් ගුරුහරුකම් ලැබීමේදී මට හැඟී ගියා ඔහු යහපත් මානව හිතවාදියෙක් බව. කොළඹ ජාතික රෝහලට විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙසට 43 වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ආටිගල මහතා රාජකාරි කරද්දී මමත් ඊට යාබද වාට්ටුවක වෘත්තීය රාජකාරි කරනු ලැබුවා.


වෛද්‍යතුමා මිය ගියේ 1997 වසරේදී. ඒ වෙනකම් ඔහු තම නිවෙසේ රෝගීන් පරීක්ෂාකරන කටයුතු කළා. තමා විශ‍්‍රාම ගොස් සිටියදීත් ප‍්‍රතිකාර ලබාගැනීමට රෝගීන් සොයා ඒම ගැන ඔහු ඉමහත් සතුටින් හිටියේ. විශ්වාසය මත තමා සොයා දුරබැහැර සිට පැමිණෙන රෝගීන් කිසිම කෙනෙකු ඔහු තමාගේ සම්පත් දායකයන් ලෙස සිතුවේ නැහැ. ඔහු සිතුවේ ඔවුන් තමන්ට පිං රැුස්කර දෙන්නට පැමිණෙන පිරිසක් ලෙසය. මා එලෙස ප‍්‍රකාශ කිරීමට හේතුව ඔහු, රෝගීන් වැඩිවෙන තරමට තම මඩිය තරකර ගත හැකිවේ, යැයි කියා කිසිම විටෙක නොසිතූ නිසාය. සාමාන්‍යයෙන් 1970 ගණන්වල විශේෂඥ වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න රුපියල් සියයක් (රු 100/-) හෝ ඊට වඩා වැඩි මුදලක් ගෙවිය යුතුයි නමුත් විශේෂඥ වෛද්‍ය ආටිගල මහතා රෝගී පරීක්ෂාව වෙනුවෙන් අය කරනු ලැබුවේ රුපියල් 20 රුපියල් 25 වැනි මුදලක් පමණි.


එයත් රෝගියා ගෙවිය යුත්තේ එකවරයි.


එවකට අගමැතිවරයාගේද පෞද්ගලික වෛද්‍යවරයෙකු වූ ඔහු, කිසිම විටෙක තනතුරු තාන්නමාන්න, බලය බලාපොරොත්තුවෙන් වෘත්තිය ගෞරවය පවාදුන්නේ නැත. ප‍්‍රයිවෙට් කාසි මුදලින් දෑත සරුකරගන්නා, වත්මන් ඇතැම් වෛද්‍යවරුන් හමුවේ, වෛද්‍ය ආටිගල වෙදදුරුතුමණි සැබෑවටම ඔබ නොමිනිසුන් අතර ඉපදුන දෙවියෙකි.

m



අදහස් (0)

අගනුවර මහ මැදුරක් පිනට දුන් වෙස්සන්තර දොස්තර

හංසි Thursday, 21 May 2015 07:21 AM

මෙවන් නිහතමානි වෙදදුරන් ඉතා අඩුයි ඒ අතර එබ මිනිසුන් අතර මතකයේ රැදෙන දෙවියෙක් (ම)

:       0       0

චාමික Thursday, 21 May 2015 12:16 PM

මෙතුමා හොද වැදගත් මනුෂ්‍යයෙක් බව හැ‍ඟේ. (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 21 May 2015 06:51 PM

මැති ඇමතිවරු, ප්‍රභූවරු යැයි කියාගන්නා උත්තමයන්ටත් මේ වගේ දෙයක් කරන්න පුළුවන්නේ (නි)

:       0       0

නිමල් Thursday, 21 May 2015 07:15 PM

මිනිසුන් අතර දෙවි කෙනෙක්! ඔබතුමා මේ කළ පිනම ඇති (නි)

:       0       0

සමන් Friday, 22 May 2015 12:03 AM

මම නම් මේ තැනට ආවේ කීයක්හරි හොයාගෙන මාළිගාවක් හදාගන්න. (නි)

:       0       0

විජිත් Friday, 22 May 2015 03:22 AM

ඇතැම් බුද්ධ පුත්‍රයෝ දේපළට නඩු කියන සමයක මෙතුමා අපේ කාලයේ සැබෑ බුදුවරයෙක් . (නදී)

:       0       0

චාමික Saturday, 23 May 2015 05:55 AM

මෙතුමා හොද වැදගත් මනුෂ්‍යයෙක් බව හැ‍ඟේ කියල විතරක් නෙවේ මම ලිවේ. දරුවෝ නැති නිසා දේපල පරිත්‍යාග කරන අය තම දරුවෝ පවා දන් දුන් බවයි (නදී)

:       0       0

කුමාර Saturday, 23 May 2015 06:00 AM

මිනිසත්බව පිරිපුන් උදාර මිනිසුන්ගේ නාමය කෙදිනකවත් මියයන්නේ නැත, ඔබතුමාට දැන්මම නිවන්සුව ප්‍රර්ථනා කිරීමට මගේ සිත ඉඩදෙන්නේ නොමැත මන්දයත් ඔබවැනි මිනිසුන් අපේ රටට මේ ලෝකයට තව තවත් සිටියයුතු බැවින්. (නදී)

:       0       0

ගුණරත්න Saturday, 23 May 2015 09:11 AM

පූජාච පූජනීයානම්... (නි)

:       0       0

නයනජිත් Saturday, 23 May 2015 05:37 PM

මේ පින් බලෙන් ඔබතුමා මතු කවදා හෝ නිවනට ළඟාවේවා! (නි)

:       0       0

කොස්වත්ත Sunday, 24 May 2015 11:49 AM

ඔය රිස්වි ශේෆ්රිෆ් මහත්තයාත් බොහොම ගුණයහපත් කෙනෙක්. ඉතා නිශ්ශබ්දව අතිමහත් සේවයක් කරනවා මුදල් බලන්නේ නැතුව. (නි)

:       0       0

සුපුන් Sunday, 24 May 2015 02:28 PM

පුදුමයි මේවා අරයගෙන් බේරිලා තියෙන එක. වලව්වක් විදිහට හදලා නැතුව ඇති (නි)

:       0       0

රොබට් Monday, 25 May 2015 04:31 AM

මේ මහත්තයා හොඳ වැඩක් කරලා තියෙන්නෙ. හැබැයි ආණ්ඩුවට නොදුන් එක නම් ලොකු දෙයක්. මොකද එහෙම වුණා නම් ඇමතියෙක් හරි ඔවුන්ගෙ ගෝලයෙක් හරි ඔය ගෙයි පදිංචිවෙලා පස්සෙ හොර ඔප්පුවකින් තමන්ගෙ නමටම ලියා ගන්නවා. (නි)

:       0       0

මාලි Monday, 25 May 2015 07:39 AM

සමහරුන්ට හොඳ දෙයක් ඇහිලත් සතුටු වෙලා ඉන්න පිනක් නැතිව වගේ (ම)

:       0       0

පෙරේරා Tuesday, 26 May 2015 03:30 AM

මෙතුමා වෙනුවෙන් බෞද්ධ අය තව තවත් ලොව පහල වේවා! එතුමා රස කර ගත්ත පිනෙන් උතුම් මහා නිවන අත් පත් වේවා! (නදී)

:       0       0

කුමාරි Friday, 17 July 2015 08:41 AM

මමත් බෙහෙත් අරගෙන තියෙනවා. හරිම හොඳ දොස්තර මහත්තයෙක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site