X Advertisement
IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


අට වසරක සුනාමි මතකය

20_SLTK_Back_P13

 

ඒ සිදුවීම නැවත සිතන්නට පවා බියකරුය. ඉතිහාසයේ ඒ නපුරුම මොහොත උදාවූයේ 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා අලූයම 7.00ට පමණය.

 


සුදු පෙණ පිඬු නගමින් වෙරළ සිපගන්නා කරදිය රැල්ල ගම්බිම් සුන්බුන් බවට පත් කරමින් මව්පියන්ට දූ දරුවන්ද, දූ දරුවන්ට මව්පියන්ද, බිරින්දෑවරුන්ට ස්වාමියන්ද, ස්වාමියන්ට බිරින්දෑවරුන්ද, සහෝදර සහෝදරියන්ට, සහෝදර සහෝදරියන්ද හිතමිත‍්‍රාදීන්ට හිතමිත‍්‍රාදීන්ද, සුරතලයට ඇති කරන සතා සීපාවාද මහ සයුරු පතුළට රැගෙන ගියේය. උදුවප් පෝදා සාදු නාදයත් ඝණ්ඨා නාදයත් අසන්නට සිටියවුන්ගේ කණවැකුණේ වැළපීම් හා අඳෝනාය.

මෙ සිදුවීමේ අතිශය ඛේදනීය බව සනාථ කෙරුණු දසුන් පෙළක් පෙළ ගැසී තිබුණේ ගාල්ල බස් නැවතුම් පොළ අසල ගොඩනැගිල්ලක් මත සිට වීඩියෝ ගතකර තිබූ අජන්ත සමරවික‍්‍රම නම් මාධ්‍යවේදියාගේ වීඩියෝ කැමරාවෙහිය. රූපවාහිනී තිරයේ දිගහැරුණු එම දසුන් පෙළ සැබවින්ම හද කකියවන සුළු විය. තැන තැන ගොඩගැසුණු දහසක් මිනී කඳු මිහිදන් කෙරුණේ බැකෝ යන්ත‍්‍රවලින් හෑරු විශාල වළවල් තුළයි. මරණයේ බියකරු අත්දැකීමෙන් ශේෂ වූ කම්පනයත්, දෑස් අග නළියන කඳුළත්, තිගැස්මත් සුනාමියෙන් බැට කෑ දහසක් ජනයාගේ සිත් සතන් තුළ සදහටම ඉතිරි කළේය.


මෙවැන්නක් මීට පෙර සිදුවන්නේ වසර දහස් ගණනකට පෙරාතුවය. ඒ කාවන්තිස්ස රජ සමයේය. එදවස මෙලෙස මුහුද ගොඩගැලූ මොහොතේ රටවැසියා මුදාගැනීම සඳහා තම දූ කුමරිය වූ විහාර මහා දේවිය මුහුදට බිළිකළ බව මහාවංශය කියයි.


ලාංකේය ජන සමාජය ‘සුනාමිය’ යන්න පිළිබඳව මුල්වරට අසන්නේ දැනගන්නේ මෙම ව්‍යසනයත්් සමඟමය. සැබැවින්ම එය හද කම්පා කරවන සුළුය. වෙරළබඩවාසීන්ගේ දුක් කඳුළු හොඳින් හඳුනන ඔවුන්ගේ දිවි රැක ගන්නට උදව් වූ සොඳුරු මහ සයුර නොසිතූ ලෙසින් වියරු වී ඔවුන්ගේ ජීවිත උදුරා ගන්නට තරම් සැහැසි වූයේ කෙසේදැයි සිතා ගැනීම පවා ඔවුනට අසීරු වූයේය.


එදාවේල සොයා ගනිමින් දිවිගත් දුප්පතුන්ගේ පැල්පත්, කඩකාමර, ධීවරයන් සතු එකම ධනය වූ බෝට්ටු මෙන්ම එම වෙරළාසන්නයේ දිවි ගෙවූවන්ගේ, සෙස්සන්ගේ නිවෙස්, යානවාහන ද එකම දිය සුළියකට හසුව මුහුදට පාවී ගියේ කප්පරක් දුක් අඳෝනා මධ්‍යයේය.ඉන්දුනීසියාවේ සුමාත‍්‍රා දූපත අසල මුහුදේ 2004 දෙසැම්බර් 26 වැනිදා ඉරිදා අලූයම 6.58 ට හටගත් භූමිකම්පාව හේතු කොටගෙන මහ සයුර ගොඩගැලීමෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින හා බුරුමය යන රටවල් ද අප‍්‍රිකාවේ සෝමාලියාව යන රටවල්වලට දරුණු ලෙස හානි සිදු වූ අතර ඒවායින් වැඩිම දේපළ හානි හා ජීවිත හානි සිදුවූයේ ශ්‍රී ලංකාවටය.


ලංකාව ආසන්නයේ සිදු වූ භූ කම්පනය රික්ත මාපකයේ සටහන් වූයේ 6.5 ක් ලෙසය. එය සුමාත‍්‍රා ආසන්නයේ 8.5 ක් ලෙස සටහන් විණි. අපේ රටේ දකුණු, නැගෙනහිර හා නිරතදිග වෙරළ කලාපවල මෙම ව්‍යසනය හරහා සිදු වූ හානිය අතිමහත්ය. මුළු සිරිලකම මෙයින් එකම මළ ගෙයක සිරි ගත්තේය.
ත‍්‍රිකුණාමලය, මඩකළපුව, පොතුවිල්, කල්මුණේ, කලවංචිකුඩි, මුතූර්, වෙන්නප්පුව, මාරවිල, හම්බන්තොට, ගාල්ල, මාතර, තංගල්ල, අහංගම, වැලිගම, තොඩුවාව, කටුනේරිය උල්හිටියාව, වයික්කාල ආදී පෙදෙස් බෙහෙවින් හානියට පත් වූයේය. තංගල්ල ධීවර වරාය අසල හුන් තරුණ ධීවරයකු මේ ව්‍යසනයට හසුව මහ ජල කඳ හා පොර බදිමින් දිවි ගලවා ගත්තේ අනූ නවයෙනි.


‘‘මට මතක විදියට වෙලාව උදේ 8.00 ට වගේ ඇති. මම මගේ පොඩි බෝට්ටු දෙකින් එකක නැගලා වරාය අයිනේ හිටියේ. එක පාරටම මුහුද බැලූමක් වාගෙ පිම්බුණා. මා හිටපු බෝට්ටුවත් එක්ක වරායේ තිබුණු අනෙක් බෝට්ටු අඩි 40 ක් විතර උඩට උස්සගෙන මුහුද ගොඩට ගලාගෙන ආවා. වරායේ ගොඩනැගිලිවල වහලවලට උඩින් ආව වතුරත් එක්ක මගේ බෝට්ටුව ගොඩබිමට ගහගෙන ගියා. ආයෙත් ටික වේලාවකින් මුහුද පැත්තට ඇදිලා ගියා. වරායේ නවත්තලා තිබුණු කාර්, වෑන්, ලොරි ගොඩනැගිලිවලට උඩින් වතුරේ එහාට මෙහාට කැරකෙනවා  දකිද්දි මේ වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවුණා’’ ඒ ඔහුගේ සැලෙන හඬයි.


මෙ සිදුවීමේ අතිශය ඛේදනීය බව සනාථ කෙරුණු දසුන් පෙළක් පෙළ ගැසී තිබුණේ ගාල්ල බස් නැවතුම් පොළ අසල ගොඩනැගිල්ලක් මත සිට වීඩියෝ ගතකර තිබූ අජන්ත සමරවික‍්‍රම නම් මාධ්‍යවේදියාගේ වීඩියෝ කැමරාවෙහිය. රූපවාහිනී තිරයේ දිගහැරුණු එම දසුන් පෙළ සැබවින්ම හද කකියවන සුළු විය. තැන තැන ගොඩගැසුණු දහසක් මිනී කඳු මිහිදන් කෙරුණේ බැකෝ යන්ත‍්‍රවලින් හෑරු විශාල වළවල් තුළයි. මරණයේ බියකරු අත්දැකීමෙන් ශේෂ වූ කම්පනයත්, දෑස් අග නළියන කඳුළත්, තිගැස්මත් සුනාමියෙන් බැට කෑ දහසක් ජනයාගේ සිත් සතන් තුළ සදහටම ඉතිරි කළේය.

gv
එම ප‍්‍රචණ්ඩ රළ පහරින් තම ජීවිත කාලය පුරාවටම දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් සේසතම මුහුදු රකුසා ගිලගත් මොහොතේ ජීවිතය යළි අරඹන්නේ කොතනින්දැයි කිසිවෙකුටත් නිනව්වක් නොතිබුණේය. සමහරෙකුට ඉතිරි වූයේ ඇඳිවත පමණි.


සුනාමි රළ පහර නිසා ගාල්ල, මාතර, හම්බන්තොට ආදී දිස්ති‍්‍රක්කවල වෙහෙර විහාරස්ථාන බොහොමයක් විනාශ වුවද එහි වූ කිසිදු බුදු පිළිමයකට කිසිදු හානියක් සිදු නොවීම සැබවින්ම මෙම දහම් දිවයිනේ තවමත් නිර්මල බුදු දහම නොනැසී පවතින බව සනාථ වන සැබෑ ආශ්චර්යක්මය. අතිශය දරුණු ලෙස විනාශ වූ ගාල්ල බස් නැවතුම් පොළ අසල වූ බුදු පිළිමයට පවා අබමල් රේණුවක හෝ හානියක් සිදු නොවුණු අයුරු පුදුම සහගතය. එසේම ප‍්‍රචණ්ඩ මහ සයුර මැද වූ බෞද්ධයන් අතර පරසිදු සීනිගම දෙවොලද ඒ ආකාරයෙන්ම ආශ්චර්යක් ලෙසින්ම ආරක්‍ෂා විණි.


කොටුව දුම්රිය පොළෙන් මාතර බලා පිටත් වූ දුම්රිය ගමන් ඇරැුඹුවේ පෙරවරු 7.10ටය. ඒ මගීන් දහසක් පමණ පිරිසක් සමඟින්ය. මැදිරි 8කින් පමණ සමන්විත වූ දුම්රිය උදෑසන 9.40 පමණ වන විට තෙල්වත්ත, පැ?ලියට ළඟා වී තිබූ අතර වියරුවෙන් ගොඩබිම කරා පැමිණි යෝධ කරදිය රැල්ල එහි මැදිරි පහක්ම සමුදුරු ගිල ගත්තේය. කෙළි දෙළෙන් ගමන් ගත් කුඩා දරු පැටවුන් මෙන්ම බාල, මහලූ, වැඩිහිටි ඒ සැවොම දුම්රිය තුළම සදහටම දෙනෙත් පියා ගත්හ.


අතිශය ඛේදනීය ව්‍යසනයේදී අපේ රටේ විවිධ ජන කොටස්වලට අයත් වූ 38,000ක් පමණ දෙනා ජීවිතක්‍ෂයට පත් වූහ. එයින් 5,000 කගේ සිරුරු අතුරුදන් විය. 800,000ක් අවතැන් වූහ. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවෙස් ප‍්‍රමාණය 80,000කි. එම නිවස්වලින් 40,000ක් ධීවරයන්ගේය. ආරෝග්‍යශාලා 72ක් සහ පාසල් 182ක් ද මේ ව්‍යසනයෙන් දැඩි ලෙස විනාශ වූයේය.


වෙරළ තීරයෙහි වූ ධීවර වරාය 13කට ද විශාල අලාභහානි සිදු වූ අතර මහා මාර්ග කිලෝමීටර් 1,615 ක් හා පාලම් 23 ක් සම්පූර්ණයෙන්ම විනාශ විය. දුම්රිය මාර්ගවලින් කිලෝමීටර් 160ක්, දුම්රිය ස්ථාන 35ක් හා දුම්රිය පාලම් 10ක් ද මෙම ව්‍යසනයේ ගොදුරු බවට පත් වූයේය. එමෙන්ම කිලෝමීටර් 6,500ක් පමණ වූ විදුලිය රැුහැන් පද්ධතියටද, නිවාස 50,000ක ජල සැපයුම් මාර්ගවලට ද සිදු වූ විනාශය අතිමහත්ය. විශේෂයෙන්ම වෙරළාසන්නව සංචාරකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වෙන් වූ සංචාරක හෝටල් 84ක් විනාශ මුඛයට පත්වීම සංචාරක කර්මාන්තයට සිදු වූ දරුණු බලපෑමක් ද වූයේය.
කෙසේවුවද මේ ව්‍යසනයේදී විවිධ දේශීය සංවිධාන මෙන්ම විදෙස් රටවල් හා එම රටවල විවිධ සංවිධාන දැක් වූ සහාය අපේ රටට විශාල ශක්තියක් විය. විශේෂයෙන්ම 1950 ඇරැුඹි කොළඹ ක‍්‍රමයේ සිට පුරා වසර 60කට අධික කාලයක් තිස්සේ අපේ රටට විශාල ආධාර ලබාදෙන ජපානය මෙම ව්‍යසනයේදී ද පෙරමුණ ගත්තේය.


හදිසි ආධාර ලෙස ඇමෙරිකානු ඩොලර් 2,96,000 ක සහනාධාර උපකරණ ද මුදලින් ඇ.ඩො. මිලියනයක්ද කෙටි හා මධ්‍ය කාලීන නැවත ඉදිකිරීම් වෙනුවෙන් ඇ.ඩො. මිලියන 80ක්ද, දිගු කාලීන නැවත ඉදිකිරීම් වෙනුවෙන් ඇ.ඩො. මිලියන 100ක් හා එක්සත් ජාතීන්ගේ සංවිධාන හා ජාත්‍යන්තර කණ්ඩායම් ඇ.ඩො. මිලියන 250, ජයිකා හා සිවික් ෆෝස් ඇතුළු ජපාන රාජ්‍ය නොවන සංවිධානවලින් ඇ.ඩො. මිලියන 700,000ක් සමස්ත ජපන් රජයේ අරමුදල් ලෙස අපට ප‍්‍රදානය කිරීම ඒ මොහොතේ විශාල ශක්තියක් වූයේය.


m



අදහස් (0)

අට වසරක සුනාමි මතකය

සමන්තිකා පෙරේරා Tuesday, 23 December 2014 08:22 PM

හොඳ ලිපියක්. (නදී)

:       0       0

චාන්දනී Wednesday, 24 December 2014 04:08 AM

අමතකවෙලා තිබුණ දෙයක් මෙහෙම මතක්කරලා දුන්නාට බොහොම ස්තූතියි! (නි)

:       0       0

සජීවා Wednesday, 24 December 2014 05:32 AM

මෙරට ඉතිහාසයේ සිදු උ එම ඛේදවාචකය නැවතත් මේ පුංචි දිවයිනට සිදු නොවේවා. (නදී)

:       0       0

සරසි Wednesday, 24 December 2014 06:31 AM

එදා ඒ නපුරු ව්‍යසනයෙන් අපේ ජිවිත බේරුනා. නමුත් තාමත් ඒ බය අපේ හිත් වල තියනවා. නැති උන අපේ පවුලේ සාමාජිකයන්ව අදත් මතක් වෙනවා ගොඩක් ලොකු වේදනාවක් එක්ක (නදී)

:       0       0

දිනූෂා Thursday, 25 December 2014 11:26 AM

අපි මාස ගණනක් දකුණේ නැවතිලා කළ හැමදේම සමහරු විනාශ කළා (නි)

:       0       0

මාධව Thursday, 25 December 2014 01:15 PM

ඉතා වටිනා ලිපියක්. අදටත් ඒ මුළු රටම කම්පා කල දිනය මතක් වෙනවා.(අ)

:       0       0

ශාන්ති Thursday, 25 December 2014 07:32 PM

ඇත්ත. ගොඩක් දෙනෙකුට අමතක වෙලා තිබුණු දෙයක් තමයි මේ දිනවල වැඩිපුර මතක් වෙන්නේ (නි)

:       0       0

නුවන් Saturday, 27 December 2014 08:00 AM

මේවා මතක්කර දෙන එක හොඳයි (නි)

:       0       0

අමාලි Monday, 29 December 2014 07:42 AM

දස වසරක සුනාමි මතක සටහන් ලෙස මාතෘකාව වෙනස් විය යුතුය (නදී)

:       0       0

ශිරන්ති Tuesday, 30 December 2014 06:35 AM

අවුරුදු 9 ක් ගතවෙලා කිව්වත් ඊයේ වගේ මතකය අලුත් .තාමත් ලොකු කම්පනයක් දැනෙනවා . (දී)

:       0       0

රිද්මා Wednesday, 31 December 2014 04:26 AM

ගාලු බස්නැවතුම පොළවට සමතලාවුවත් ඇස් අදහාගත නොහැකි දර්ශනයක් වූ ඒ ඉදිරියේ ඇති බුදුගෙය නිරුපද්‍රිතව තිබූ අයුරු ..... සොබාදහම යම් දෙයක් අපට කියා දෙනු ඇත. (බ)

:       0       0

රත්නායක Saturday, 03 January 2015 03:34 AM

ඔය කියපු ආධාර සල්ලි වලට මොනවද වුණේ? (නි)

:       0       0

රුස්දී Sunday, 25 January 2015 11:37 AM

"අට වසරකට පසු" යන්න "දස වසරකට පසු" ලෙස නිවැරදි විය යුතුවේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site