සාහිත්‍යකරුවන් කවියන් නාරි ලාලිත්‍යය වර්ණනා කරන ලද්දේ බොළඳ සුකුමාල ගති පැවතුම්වලින් හෙබි සියුමැලි අඟ පසඟ ඇති අය කියාය. සංදේශ කාව්‍යවල ද පැරණි සාහිත්‍ය පොත්පත්වල ද නාරි ලාලිත්‍ය බොහොම අපූරුවට වර්ණනා කර ඇත්තේ ද ඒ අයුරිණි. නමුත් ඒ සුකුමාල ලද බොළඳ බව මොහොතකට අමතක කර දමා හැඩි දැඩි පිරිමියෙකු ලෙස හැසිරීමට, ක්‍රියාකිරීමට, කාන්තාවන්ට, තරුණියන්ට සිදුවන අවස්ථාද නැත්තේම නොවේ.
වාරියපොළ බස් පොළේදී සුකුමාල තරුණියක පිරිමියෙකුට දෙනෝදාහක් බලා සිටිය දී පහර පිට පහර දුන්නේ ඇයට නොහොබිනා දේවල් කීමට ගිය නිසාය.
ඒ තරුණියට තරුණයාගෙන් ගැලවීමට හැකිවුණේ වෙන කිසිවක් නිසා නොව ඇයගේ ලද බොළඳකම, සුකුමාලකම මොහොතකට අමතකර කර දැමීම නිසාය.
මේ කියන්න සැරසෙන්නේද සුකුමාලකම, ලද බොළඳකම මොහොතකට අමතක කර රකුසුවෙස් ගත් සල්ලාලයකු සමග කරටකර සටන් කර තම පිවිතුරු බව රැකගත් ජීවිතය බේරාගත් කාන්තාවක් ගැනය.
ගස්වල අතුකොළ ඇඟ වටා එල්ලාගෙන මුහුණ රෙදිකඩකින් වසාගෙන උල් පිහියක් අමෝරාගෙන තනිපංගලමේ යද්දී ඉදිරියට කඩා පැන්න යක්ෂ වෙස්ගත් රකුසෙක් නරුමයෙක් එක්ක කරට කර සටන් කිරීමට තරම් ලොකු ආත්ම ශක්තියක් එඩිතරකමක් ඇයට තිබුණාය.
විසිහත් හැවිරිදි වියේ පමණ පසුවන ඇය පෙරපාසල් ගුරුවරියක වන්නීය.
විවාහක කතක්ද වන ඇය අවුරුදු 3ක පමණ දරු සිඟිත්තෙකුගේ සුරතල් බලන මවක්ද වූවාය.
වෙනදා මෙන් පෙර පාසල් වැඩකටයුකු හමාර කර ඇය ගෙදර බලා හනිකට එන්නට පිටත්වූයේ තමාගේ උණුසුම ආදරය සොයන දරු පැටියා ගැන නිරන්තරයෙන් මෙනෙහි කරමිනි.
මෝටර් බයිසිකලයේ නැගී ගෙදර එමින් සිටි මොන්ටිසෝරි ටීචර්ට මේ පාර හොඳට හුරු පුරුදුය. ඒ ඇය හැමදාම ගෙදර යන්නේ එන්නේ මේ පාරේ නිසාය. දවල් කාලයට වුවත් මේ පාරේ මිනිස් පුළුටක් දකින්ට ලැබෙන්නේ කලාතුරකිනි. ඒ තරමට පාළු පාරකි.
කාලයක් තිස්සේ සිට හොඳට හුරුපුරුදු මේ පාරේ එද්දී එදා ඇය මුහුණ පෑවේ නොසිතූ විරූ අකරතැබ්බයකටය. ඒ දර්ශනය නෙත ගැටුණු අවස්ථාවේ ඇයගේ මුළුගතම වෙවුලා ගියේය.
‘‘මොන්ටිසෝරිය ඇරිලා ඉවරවෙලා මම මෝටර්බයික් එකෙන් ගෙදර එන්න පිටත්වුණා. මැද පාරෙන් තමා මම හැමදාම යන්නේ එන්නේ. මේ පාර පාළු පාරක්. වැඩිය වාහන යන පාරක් නෙමේ. ගමේ පාළු පාරක්. ඒ වුණාට මට පාර හොඳට හුරුපුරුදුයි. කැළෑවේ පැත්තේ ඉඳලා මිනිහෙක් මගේ මෝටර් බයික් එක ඉස්සරහ පිහියක්ද අමෝරාගෙන පැන්නා. අත්දිග සුදු ෂර්ට් එකක් ද දිග කලිසමක්ද ඇඳගෙන හිටියා. ඉනවටේ කොළ අතු එල්ලාගෙන හිටියා. ඒ කොළ අතු දණහිස දක්වාම දිගට තිබුණා. මුහුණ රෙදිකඩකින් වහගෙන හිටියා. මම හිතුවේ භූතයෙක් කියලයි.
අනේ අම්මෝ මම බය වෙච්ච තරමක්. මගේ මුළු ඇඟම ගැහෙන්න පටන්ගත්තා. බය වෙච්ච හැටි කියන්න මට වචන නැහැ. මම ඉන්න තැන ඉඳලා මීටර් 50ක් විතර තියෙද්දි තමා මේ මනුස්සයා එක පාරටම පාරට පැන්නේ. මම බයික් එක ආපහු හරවා ගන්න කල්පනා කළා. ආයෙත් කල්පනා කළා මිනිහට මාව අල්ලා ගන්න බැරිවෙන්න වේගය වැඩිකරලා හයියෙන් යනවා කියා. බයික් එකේ වේගය වැඩිකරනවා එක්කම ඉස්සරහට දුවගෙන ආපු මේ මනුස්සයා බයික් එකට පා පහරක් එල්ල කළා. පහරේ සැරකමට බයික් එක පෙරළුණා. මාව බිම වැටෙන්න යද්දිම ඒ අද්භූත මනුස්සයා මගේ එක අතකින් අල්ලාගත්තා. ඒ හින්දා මාව බිම වැටුණේ නැහැ” යැයි කියා ඇය පරීක්ෂණ සඳහා පැමිණි පොලිසියේ මහත්වරුන් එක්ක කියාගෙන ගියාය.
පොලිසියට මේ ගැන පැමිණිලි කිරීමට එනවිටත් ඇයගේ ඒ බිය පහවගොස් තිබුණේ නැත.
පොලිසියේ මහත්වරුත් එක්ක ඇය මුහුණපෑ බිහිසුණු අතිශය භයංකාර සිද්ධිය ගැන විස්තර කරන්නට වූවාය.
-මාව අල්ලාගත්ත මේ මනුස්සයා බෙල්ලට උල්පිහිය තියල අද තෝව මරණව කියා මගේ කරේ දාගෙන හිටිය රත්තරන් මාලය කඩාගත්තා. ඊට පස්සේ මේ මනුස්සයා මගේ අතින් ඇදගෙන යන්න හැදුවා. අනේ මට කරදරයක් නොකර යන්න දෙන්න කියා කිව්වා. ඒත් වැඩක් වුණේ නැහැ. මිනිහා මාව ඇදගෙන යද්දි ඒ මිනිහත් එක්ක මම හරි හරියට ඔට්ටු වුණා. ඌ මාව ඇදගෙන පාළු පොල්වත්තකට ගියා. මම ඌත් එක්ක පොරබැදුවා, ගැහැව්වා. එතකොට මුුහුණේ බැඳගෙන හිටිය රෙදිකෑල්ල ගැලවිලා ගියා. ඒ වෙනකොට ඌ මගේ සාරිය ගලවා දමා තිබුණා. රෙදි කෑල්ල ගැලවිලා යනවත් එක්කම මම ඇඳගෙන හිටිය සාරියෙන් මුහුණ වසාගෙන ඒ මිනිහා දුවන්නට පටන් ගත්තා”
පොලිසිය පවසන්නේ මොන්ටිසෝරි ගුරුවරියගෙන් ගුටිකෑ සාහසිකයා හොඳටම හෙම්බත්වී සිටි බවය.
හොඳටම ගුටිකා සිටි සාහසිකයා පණ එපා කියා දුවන්නට ඇත්තේ තව හිටියොත් වැඬේ වැරදියි කියා යැයි සිතූ නිසා විය හැකි යයි පොලිසිය කියයි.
-කරදරයක් කරන්න යන බව තේරුං ගියාට පස්සේ මගේ හිතට ලොකු හයියක් ආවා. ඒ හයිය කොහොම ආවද කියා හිතා ගන්න බැරිවුණා. අන්න ඒ හයිය නිසා තමා සල්ලාලයෙක් එක්ක මේ විදිහට ඔට්ටු වෙලා ජීවිතය බේරාගන්න මට පුළුවන්කමක් ලැබුණේ” යැයිද ඇය පොලිසියේ මහත්වරු එක්ක කියා ඇත.
-මොන්ටිසෝරියේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර එද්දි තමා මම මේ සිද්ධියට මුහුණ දුන්නේ. තව කිලෝමීටර් 2ක් විතර දුරකින් තමා මගේ ගෙදර තියෙන්නේ. පාරේ වැටී තිබුණ හෙල්මට් එක දමාගත්තා. යට ඇඳුම වැසෙන්න ගැලවී ගොස් තිබුණ ජැකට් එක අහුලාගෙන ඇඳගත්තා. ගෙදර ඇවිත් මෙම සිද්ධිය කියා පොලිසියට ආවා මේ ගැන පැමිණිලි කරන්න” යැයිද ඇය පවසන්නීය.
නැවත දැක්කොත් ඒ මනුස්සයා හඳුනාගන්න පුළුවන්කමක් තිබෙන බවද ඇය පොලිසියේ මහත්වරු එක්ක කියා සිටියේ සාහසිකයාගේ හැඩහුරුකමද පවසමිනි.
පුත්තලම කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ සෙනරත් පද්මලාල් සඳුන්ගහවත්ත මහතාට මේ තොරතුරු සියල්ලක්ම සැලකර සිටි පල්ලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.ඒ. ලක්රුවන් මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් ලබාගෙන පෙරපාසල් ගුරුවරියගේ රන් මාලය කොල්ලකා ඇයට ලිංගික අතවර කිරීමට උත්සහ කළ අත්භූත පුද්ගලයා සොයා ඒ වෙනකොට සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළේය.
ඒ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක එම්.ඞී. සරත් රූපසිංහ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක්ද සමග එක්වය.
පෙරපාසල් ගුරුවරිය අද්භූත මිනිසාගේ හැඩරුව ගැන පොලිසියට කියා තිබූ නිසා ඔහු ඇඳින ගැනීමට එය පහසුවක් වී තිබිණි.
පොලිස් කණ්ඩායම අත්භූත මිනිසාගේ ගෙදර සොයාගෙන යනවිටත් ගේ වසා දමා තිබූ අතර පොලිසියට ඔහු කොටුකර ගැනීමට හැකිවූයේ අතරමගදීය.
පෙර පාසල් ගුරුවරියගේ ගෙලට පිහියක් තබා කඩාගත් රුපියල් 24,000 පමණ වටිනා රන් මාලයද සැකකරුගේ කලිසම් සාක්කුවේ දමාගෙන සිටියදී පොලිසිය සොයා ගත්තේය.
ගෙදර ද වසා මොහු ගමෙන් පළා යාමේ අදහසින් බස්එකකට ගොඩවීමට යමින් සිටි බව සැකකරු පොලිසියට පවසා ඇත.
මොන්ටිසෝරි ටීචර්ගෙන් හොඳටම ගුටිකා සිටි සැකකරු වසර තුනක පමණ කාලයක් තිස්සේ යුද හමුදාවේ සේවය කර ඇති හිටපු හමුදා සෙබළෙකි.
බිරිඳ මැදපෙරදිග රස්සාවකට ගොස් සිටින අතර ඔවුන්ට දරුවන් නොමැත.
බිරිඳගේ සහෝදරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව හලාවත අධිකරණයේ නඩුවක්ද විභාගවෙමින් පවතී.
පොලිසිය පවසන ආකාරයට මෙම සැකකරු රාත්‍රී කාලයට නිවෙස්වලට රිංගා කාන්තාවන් අතපතගා පලායන අයෙකු බවත් කාන්තාවන් නාන තැන්වලට ගොස් හොරෙන් බලා සිටින සහ කාන්තාවන්ගේ යට ඇඳුම් සොරාගෙන යන අයෙකි.
මීට අමතරව ගෙවල්වලට රිංගා බත් මුට්ටි උස්සාගෙන යාමටද පුරුදුව සිටි අයෙක් බව කියති.
පෙරපාසල් ගුරුවරිය ඇඳ සිටියදී ගලවාගත් සාරිය ද රන්මාලය කඩා ගැනීමට ඇය බියකිරීමට යොදාගත් උල් පිහිය ද සැකකරුගේ මග පෙන්වීම යටතේ කැලෑවට ගොස් පොලිසිය සොයාගත්තේය.
කාන්තාවන් සිටින ගෙවල්වලට රිංගා නාන තැන්වලට ගොස් බලා සිටින කාන්තා යට ඇඳුම් උස්සාගෙන යන මේ භූතයා අල්ලා ගැනීමට පොලිසිය සිවිල් ආරක්ෂක සාමාජිකයන්ද දැනුම්වත්කර වැඩ පිළිවෙළක් යොදා තිබුණත් ඔහු අල්ලා ගැනීමට නොහැකිව තිබිණි.
ගමක් බිය කළ භූතයා අන්තිමේ දී මාට්ටුවුණේ පෙර පාසල් ගුරුවරියකගෙනි.
ඇයගේ නිර්භීතකම පිළිබඳව පොලිසිය ඇයට ප්‍රශංසා කර ඇත.
පෙර පාසල් ගුරුවරිය බිය නොවී මේ සල්ලාලයා එක්ක ඔට්ටුවී හෙම්බත්වන තෙක් පහරදී ඔහු පලවා නොහරින්නට මෙය ඛේදවාචකයකින් අවසන්වීමට ඉඩ තිබුණ බව පොලිසියේ අදහසයි.
සැකකරු 28 හැවිරිදි වියේ පසුවන අයෙකි.
අත්අඩංගුවට ගත් සැකකාර හිටපු සෙබළා හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරයේ තැබීමට නියම කෙරිණි.
වයඹ හා උතුරු මැද පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගේ සහ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍ර කරුණාරත්න යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පුත්තලම කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී පද්මලාල් සඳුන්ගහවත්ත මහතාගේ පූර්ණ උපදෙස් මත පල්ලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.ඒ. ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක එම්.ඞී. සරත් රූපානන්ද, සැරයන් පේ‍්‍රමසිරි (21778), කොස්තාපල්වරුන් වන රත්නායක (72509) , සෙනවිරත්න (41387) යන මහත්වරුන් සහ කාන්තා කොස්තාපල් ලිහිණි (2612) මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අතවර කරන්න ආ සාහසිකයාට පහරදී ගැලවී ආ පෙරපාසල් ගුරුවරිය
අජිත් Tuesday, 11 August 2015 12:45 PM
ඔය ලෙඩේට නම් මා ගාව හොඳ බෙහෙතක් තියෙනවා (නදී)
ධම්ම Tuesday, 11 August 2015 05:24 PM
ඔබට අතවර කරන්න එන්නේ සැබවින්ම දුබලයෙක්. ගැලවීමට නොහැකි බව දැනේ නම් බිය නැතිව පහර දෙන්න. මෙම සිද්ධිය එයට හොඳ උදාහරණයක්. (නදී)
පුබුදු Wednesday, 12 August 2015 12:38 PM
ධම්ම හරියට හරි. බය නැතුව ඉක්මන් වෙන්න. (අ)
රූපවතී Thursday, 13 August 2015 04:43 PM
ඇයි පිරිමි ඔයවගේ සල්ලාල නිවට වැඩ කරන්නේ? දැන් ලංකාවේ හැම කාන්තාවක්ම අර ජපානයේ චීනයේ වගේ "කරාටේ හෝ රෙස්ලින්" ඉගෙනගන්න ඕනෑ තම ආත්ම ආරක්ෂාවට (නි)
යමින්ත Sunday, 16 August 2015 02:32 PM
කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන මොකුත් කරන්න බැරිද? (නි)
සවුන්දිරිස් Monday, 17 August 2015 02:18 PM
ඔබට මාගේ හද පිරි ප්‍රණාමය සහෝදරිය. කොහොම වුනත් කාන්තාවන් විතරක් නෙමෙයා පිරිමින් පවා ලිංගික අතවර වලින් ආරක්ෂා වියයුතු කාලයක් එලඹ ඇත. වැරදියට විග්රහ කරන්න එපා, මෙය රටෙත් ලිංගික ශ්‍රමිකයන් නොහොත් ගණිකා වෘතිය නීතිගත කර සමාජ අසහනයත් ඇත්තන් කෙරෙහි තියෙන සමාජ අප්‍රසන්න නැතහොත් පහත් කර සැලකීමත් ඉවත් කල යුතුයි. හැමෝටම සල්ලි විසිකර කාන්තාවන් දපනේ දාගනීමේ හැකියාවක් නැහැ, අනික තනතුරු වලට යටත්ව ලිංගික අල්ලස් දීමට සිද්ද වෙන එකත් මෙය නීතිගත කිරීමෙන් වලකිනවා. මමනම් ඕන වෙලාවක සූදානම් මෙය ගැන වාද කරන්න (නදී)
මඩුල්ල ගෙව්රියල් Tuesday, 18 August 2015 01:01 PM
මගේ අදහසට පිළිතුරු දුන් ඔබ බුද්ධිමත් කෙනෙක් බව දැනෙනවා. අපේ රට බුදු දහම අනුව පින් පව් කියලා දෙයක් තියෙනවා. ඒ වුනාට ඒ දෙක ගැන හිතන අය ඉන්නවද (බ)
ගමගේ Tuesday, 18 August 2015 02:18 PM
හොඳ ලිපියක් (නි)
තිලක් Tuesday, 18 August 2015 02:24 PM
දැනටමත් ලංකාවේ ඒඩ්ස් පැතිරීම අතිශය වේගවත් වෙලා. ඕවා නීතිගත කරලා තිබෙන රටවල් ඒවා නීතියෙන් අයින් කරගන්න බැරුව දුක් විඳිනවා. මෙහේ අය ඒවා ඉල්ලනවා. (නි)
ධනුක Thursday, 20 August 2015 06:54 AM
වෙඩි තියල දාන්න ඕන.. මු හිරෙන් ඇවිත් අයෙත් කරන්නේ ඔය ටිකම තමයි (අ)
ගයාන් Friday, 21 August 2015 07:29 PM
මම නම් කියන්නේ මේ කොල්ලාගේ පැත්තෙනුත් සානුකම්පිතව බැලිය යුතුයි වගේම යම් පුනරුත්තාපනය කිරීමකට යොමු කළයුතුයි කියලයි. (නි)
කුමාරි Saturday, 05 September 2015 06:23 AM
එහෙනම් ඔය පිස්සුව තිබෙන කට්ටියට අජිත්ගෙන්ම බෙහෙත් ඉල්ලා ගන්න. ඒකනේ ඔහොම අජිත් කියන්නේ. මම හරි නේද? (නි)