X Advertisement
IMG-LOGO

2025 මැයි මස 19 වන සඳුදා


අතුරුදන්ව සිටි විදුහල්පතිට කිසිවක් මතක නැතිවුණේ කොහොමද?

 

 2

   

ගුරුවරයා සමාජයේ අන් කවරකුටවත් සමාන කළ නොහැකිය. කුමන වෘත්තියක නියැලූණ ද ඒ සෑම අයකුටම ගරුවරයෙක් සිටී. ජනාධිපතිවරයාට වුවද තමන්ගේ ගුරු මාපියන් ඉදිරියේ දණ නමන්නට සිදු වේ. එතරම් ගරු බුහුමන් ලබන ගුරුවරුන් පිළිබඳ ඉතිහාස කතා වෙනස් කරමින් දැන් දැන් මතුවන්නේ ශෝචනීය පුවත්ය. එදා ඉස්කෝලේ මහත්තයා හෝ ඉස්කෝලේ හාමිනේ තමන්ගේ රාජකාරිය දේවකාරියක් ලෙස සැලකූහ. රැුකියාවකට වඩා ඔහු හෝ ඇය කළේ සේවාවකි. අදත් එවැනි ගුරුවරු නැතුවා නොවේ.

sah
පසුගියදා අතුරුදන් වූ රාජගිරිය හේවාවිතාරණ විදුහලේ විදුහල්පති චිත‍්‍රපාල නාගසිංහ මහතා ද වසර දහඅටක තම සේවා කාලයේ රාජකාරිය දේවකාරියක් සේ සැලකූ බව ඔහුගේ හිතවත්තු පවසති. ඔහුගේ අතුරුදන්වීම හා යළි පැමිණීම අලූත් පුවත් මවමින් තිබේ. කෙසේවුවද චිත‍්‍රපාල මහතාට සිදුවූයේ කුමක්ද යන්න තවමත් අභිරහසකි. එනිසා අපි ඔහු පිළිබඳ තොරතුරු සොයා ගියෙමු.


චිත‍්‍රපාල නාගසිංහ නමැති හතළිස් හය හැවිරිදි මෙම විදුහල්පතිවරයා වාසය කළේ කොට්ටාව මාලබේ පාරේ කි‍්‍රස්ටල් ටෙරස් නිවාස සංකීර්ණයේ සිය සහෝදරයාගේ නිවසේය. පසුගිය 19 වැනිදා නිවසින් බැහැර වී සිය පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු වන කොට්ටාව මාලපල්ල විසූ කේ.ජී. ධර්මසේන මහතා හමුවී පාසලේ යතුරු භාරදී ඇත. ඒ එදින ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කෙරෙන මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පැවරීමේ උත්සවය තමන් එනතුරු සංවිධානය කරන ලෙස දන්වමිනි.


ඒ වනවිට වෙලාව හය හමාරට පමණ වූ බව ධර්මසේන මහතා පොලිසියට පවසා තිබිණ. එහෙත් ඉන්පසු විදුහල්පති චිත‍්‍රසේන නාගසිංහ මහතාට සිදුවූයේ කුමක්දැයි තොරතුරක් නොලැබිණ. කෙසේ හෝ ඉරිදා රාත‍්‍රි විදුහල්පතිවරයා ආපසු පැමිණියේය.

1


චිත‍්‍රපාල මහතා ආපසු පැමිණ තිබුණේ ත‍්‍රිරෝද රථයකිණි. යනකොට ගිය බයිසිකලයවත්, ඇඳන් ගිය ඇඳුම්වත් නැත. ආපසු පැමිණ තිබුණේ සරමක් හා ටීෂර්ට් එකක් ඇඳගෙනය. ඔහු පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන් වන්නේ තමන්ට වූ කිසිවක් මතක නැති බවත් තමන් නින්දෙන් සිහිනයක් දැක හදිසියේ අවදිව බලන විට පොළොන්නරුවේ වැවක් ළඟ සිටි බවත් පසුව කඩයකට ගොස් ගෙදරට ඇමතුමක් ලබා දී බසයෙන් කොළඹට පැමිණ කොටුවේ සිට ත‍්‍රිරෝද රියකින් නිවසට පැමිණි බවය.


චිත‍්‍රපාල මහතාගේ වැඩිමහල් සහෝදරයා වන කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය නරේන්ද්‍රසිංහ නාගසිංහ මහතා සිය සහෝදරයා පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.

sdfh
මල්ලිගේ ඉස්කෝලේ ජනාධිපති එන උත්සවයක් තිබුණා. දහඅටවැනිදා ඉස්කෝලෙට ගිය ගමන් 19 පාන්දර දෙකට විතර තමයි ගෙදර ආවේ. ඊට පස්සේ උදේ ගෙදරින් ගිහින් තියෙන්නේ නියෝජ්‍ය විදුහල්පතිගේ ගෙදරට ගිහින් එන්නයි. නමුත් ආපහු ගෙදර ආවේ නැහැ. පාසලටත් ගිහින් නැති බව දැනගත්ත නිසා එයාගේ දුරකථනයට ඇමතුවත් ඒකත් වැඩ කළේ නැහැ. ඒ නිසා අප පොලිසියට පැමිණිලි කළා.


දවස් පහකට පස්සේ මල්ලී 23 වැනිදා රාත‍්‍රි දහයට එකොළහට විතර ගෙදර ආවා. ඊට පස්සේ අප පොලිසියට ඉදිරිපත් කළා. පස්සේ එයාට මුකුත් මතක නැති බව කියන නිසා අපි රෝහල් ගත කළා. චිත‍්‍රපාල මහතා අතුරුදන් වූ පසුගිය දහනවවැනිදා උදේ හයයි තිහට පමණ චිත‍්‍රපාල මහතා තමන් හමු වූ බව නියෝජ්‍ය විදුහල්පති කේ.ජී. ධර්මසේන මහතා පවසයි. ප‍්‍රින්සිපල් එදා උදේ හය හමාරට විතර අපේ ගෙදර ආවා. ඇවිත් මට කිව්වා ඉස්කෝලෙට එන්න ටිකක් ප‍්‍රමාද වෙනවා, මා එනකම් ජනාධිපති එන උත්සවයේ වැඩ ටික සංවිධානය කරන්න ඉක්මණට පාසලට යන්න කියලා. ඒත් ඊට පස්සේ දවල් වන තුරුම ආවේ නැහැ. සර් අපේ උත්සවයටවත් ආවේ නැති නිසා හොයා බලන විට ආගිය අතක් නැති බව දැනගන්න ලැබුණා. වෙච්ච දේ ගැන හිතාගන්න අමාරුයි. සර් බොහොම හොඳින් පාසලේ කටයුතු කළා.


නාගසිංහ මහතා දැනට සිටින්නේ ශ‍්‍රි ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබමිනි. රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂවින්ද්‍ර ගමගේ මහතා මේ රෝගියා පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.


රෝගියා පහුගිය විසිහතරවැනිදා රාත‍්‍රි රෝහලට ඇතුළත් කළා. රෝගියාට කිසිවක් මතක නැති බව තමයි කියන්නේ. අපි කායිකව කරන්න තියෙන සියලූ පරීක්ෂණ දැන් කර තිබෙනවා. මොළය පිළිබඳවත් අපි ස්කෑන් පරීක්ෂණයක් කළා. නමුත් එහි කිසිම වරදක් තිබුණේ නැහැ. අපට කායිකව නම් කිසිම ගැටලූවක් නැති බව කියන්න පුළුවන්. ඒත් මතක නැති බවට කරන ප‍්‍රකාශය සත්‍ය ද නැද්ද යන්න අපට හොයන්න අමාරුයි. නමුත් තවදුරටත් අවශ්‍ය පරීක්ෂණ කරනවා.


කෙසේවුවද හොඳින් අවංකව තම සේවය ඉටුකරමින් සිටි විදුහල්පතිවරයකු අතුරුදන් විය. කිසිවකු ඔහු පැහැරගෙන ගියේ නම් ඒ කුමන හේතුවක් මත ද? එසේත් නොමැතිව ඔහු විසින්ම සැඟවී සිටීමට උත්සාහ කළේ නම් ඒ කුමන හේතුවක් නිසාද? කිසිවකුත් තමන්ගේ වුවමනාවෙන් අතුරුදන් වන්නේ නැත. එසේ කරන්hsghනේ නම් එයට සැලකිය යුතු හේතුවක් පවතී. එක්කෝ අපරාධ චෝදනාවකට පොලිසියෙන් සොයන්නකු විය යුතුය. නැත්නම් ණයකාරයන්ගෙන් බේරීමට බැරිව විය යුතුය. එසේත් නැත්නම් වෙනත් පෞද්ගලික සම්බන්ධතාවකින් ගැළවීමට විය යුතුය. නැතහොත් කිසියම් කරුණක් සම්බන්ධයෙන් කිසිවකුගෙන් එල්ල වූ තර්ජනයක් නිසා වන්නට ද පුළුවන. එසේත් නැත්නම් මානසික රෝගයක් නිසා විය යුතුය. එහෙත් මෙහි අවසාන හේතු දෙක හැර අනෙකුත් කරුණු කිසිවක් ඔහුට අදාළ නොවන බව නම් පැහැදිලිය. අවසාන හේතු දෙක ද නිශ්චිතව කිව නොහැක්කේ ඒ පිළිබඳ පරීක්ෂණ තවම අවසන් නොමැති නිසාය.


මේ පිළිබඳව කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යූ.ඩබ්.එස්. තිලක්සිරි මහතාගේ මූලිකත්වයෙන් මූලික පරීක්ෂණ පැවැත්වුණ අතර ඔහුගේ ද සහය ඇතිව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ අරඹා ඇත. එහි ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න මහතා පරීක්ෂණ කටයුතු පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවැසුවේය.


චිත‍්‍රපාල මහතා පහුගිය 19 අතුරුදන් වනවිට ගිය බයිසිකලය හෝ හිස් ආවරණය, එහි බලපත‍්‍ර ආදිය කිසිවක් දැන් ඔහු සතුව නැහැ. දාපු තැනකුත් නැහැ. ඒ වගේම දුරකථනය ක‍්‍රියාවිරහිත කර අල්මාරියේ දමා තිබුණා. එයා පොළොන්නරුවේ සිටි බව පමණක් මතකයි කියනවා. නමුත් එයාගේ මුදල් පසුම්බියේ තිබී කිළිනොච්චියට, යාපනයට හා  මන්නාරමට ගිය  බස් ටිකට් සොයා ගත්තා. මෙයා ඇත්ත වසන් කරනවා වගේ වැටහෙනවා. නමුත් එහෙම කරන්නේ ඇයිද කියන එකයි මෙතන අපට තිබෙන ගැටලූව. මානසික ආබාධයක් තියෙනවා ද කියන එක ගැනත් අපි වෛද්‍ය වාර්තා කැඳවා තිබෙනවා. නමුත් තවම ඒවා අවසන් නැහැ.


m



අදහස් (0)

අතුරුදන්ව සිටි විදුහල්පතිට කිසිවක් මතක නැතිවුණේ කොහොමද?

මොහමඩ් Wednesday, 03 December 2014 02:13 PM

මේක හොඳට පරීක්ෂා කරන්න ඕනෑ මොකද්ද අබිරහස කියලා (නි)

:       0       0

අශෝක රළපනාව Thursday, 04 December 2014 05:54 AM

මෙයා කියන්නේ බොරු කියලා මම නම් මුලදිම කිව්වා. කාගේ හෝ බලපෑමකටයි මෙහෙම කියනවා ඇත්තේ (නදී)

:       0       0

ධම්ම Thursday, 04 December 2014 09:51 AM

එතුමාට නිදහසේ ඉන්න දෙන්න. එතුමා කාටවත් වරදක් කරලා නැහැනේ. (නදී)

:       0       0

හේමන්ත Friday, 05 December 2014 10:57 AM

මෙතෙන මොකක් හරි ලොකු රහසක් තියෙනවා.(හේ)

:       0       0

ශාමා Friday, 05 December 2014 11:58 AM

බොරුවක් කරා වෙන්න බැරිද.? (ර)

:       0       0

ධනුක Saturday, 06 December 2014 01:15 AM

ඇත්තට මුහුණදෙන්න බයවුණාමත් සමහරුන්ට මෙහෙම වෙනවා (නි)

:       0       0

සමන් Saturday, 06 December 2014 01:16 AM

මම නම් කියන්නේ මේක ඔහුගේම මානසික දුබලතාවයක් (නි)

:       0       0

සේනක Sunday, 07 December 2014 05:08 PM

ඔහු සඟවන රහසින් කාටවත් කරදරයක් නැති නිසා මොකට කරදර කරනවද ? (නදී)

:       0       0

අලුත්ගේ Monday, 08 December 2014 01:36 AM

මට නම් හිතෙන්නේ මෙයාගේ මොකක්මහරි හොරයක් තිබෙනවා කියලයි (නි)

:       0       0

ඒකනායක Monday, 08 December 2014 02:21 AM

විදුහල්පතිට මොකුත්ම මතක නැත්නම් එයාගේ ගෙදර දුරකථන අංකය කොහොමද මතක තිබුනේ. කඩයකට ගිහින් ගෙදරට කෝල් එකක් ගත්තා කියනවා නේද. (නි)

:       0       0

කමල් විමලවීර Tuesday, 09 December 2014 08:59 AM

පොළොන්නරුවට ගිය එක සැකයි. ඊට පස්සේ තමයි මේ සෑම සිදුවීමක්ම (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site