X Advertisement
IMG-LOGO

2025 මැයි මස 25 වන ඉරිදා


අධ්‍යාපන බලධාරීන්ට නොපෙනෙන එළුවන්කුලම පාසල

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නාතවිල්ලුව එළුවන්කුලම මුස්ලිම් විද්‍යාලයේ කඩා වැටිමට ආසන්න ගොඩනැගිලි තුළ ජීවිතයක් මරණයත් සමග අධ්‍යාපනය හදාරණ දරුවන්ට  කඩිනමින් අලුත්  ගොඩනැගිලි  ඉදිකර දෙන්නැයි දෙමාපියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.  

හිටපු කථානායකවරයකු වන එච්.එස් .ස්මයිල් මහතා විසින් 1958 වසරේ නැවත පදිංචි  කිරිමේ ක්‍රියාවලිය යටතේ එළුවන්කුලම ගම්මානය ස්ථාපිත කිරීමත් සමග  එළුවන්කුලම මුස්ලිම් විද්‍යාලය ආරම්භ කර ඇති බව පැරණි ජනතාව පවසයි.

ඒ සමයේ පාසලේ මුල්ම ගොඩනැගිල්ල ඉදිකිරිම් සිදුව ඇති අතර ඉන් පසුව නැවත ගොඩනැගිල්ලක් 1972 දි ලැබි තිබේ . නැවත පාසලට ගොඩනැගිලි දෙකක් 2000 වසරේදි ලැබි ඇති බව කියයි. පළමු වසරේ සිට අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු මේ වන විටත් පාසලේ කෙරෙන අතර සිසුන් 400ක් පමණ සංඛ්‍යාවක් ඉගෙනීමේ නිරතව සිටින බව දෙමාපියෝ පවසති.

කඩා වැටිමට ආසන්න යල් පැන ගිය භාවිතයට නුසුදුසු ගොඩනැගිලි තුළ දරුවන් අධ්‍යාපන කටයුතු වල නිරත වන්නේ වෙනත් ස්ථානයක් නොමැති බැවිනි.

එසේම අපොස සාමාන්‍ය පෙළ හා අපොස උසස් පෙළ පංති මේ වන විට පවත්වාගෙන යන්නේ දෙමාපියන් විසින් තාවකාලිකව ඉදිකරන ලද පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක් තුළය .නමුත්  මේ වන විට එම තාවකාලික ගොඩනැගිල්ලේද පොල් අතු දිරා ගොස් ඇති අතර එයද අබලන්ව තිබෙන   අයුරු දැක ගත හැකිය .මේ නිසාම අව්වටත් වැස්සටත් මුහුණ දෙමින් අධ්‍යාපන කටයුතු වල නිරත විමට මෙම දරුවන්ට සිදුව තිබෙනු දැක ගත හැකිය .

පාසලේ ඇති ගොඩනැගිලි හතරෙන් දෙකක්ම මේ වන විට යල් පැන යාම නිසා පාසලේ පාසල් සංවර්ධන සමිතිය මගින් අවස්ථා ගණනාවකදිම අධ්‍යාපන බලධාරින් දැනුම්වත් කර තිබුනද ඒ සම්බන්ධයෙන් අවධානයට ලක් නොවු බව දෙමාපියෝ පවසති.

දෙමාපියන් පවසන්නේ අබලන් ගොඩනැගිලි තුළ ජීවිතයත් මරණයත් අතර සිටිමින් අනාගතය ජය ගැනිමට දරුවන් දැවැන්ත සටනක නිරත වි සිටින බවයි.
 
 ඒ.පී.ඒ. මුනාෆ් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ
“ මේ පාසල පරණම පාසලක් .ඒ පාසලේ දරුවන්ට පසුගිය රජයන් ගොඩනැගිලි හදා දුන්නෙත් නැහැ . මේ රජයත් අපිට සලකන්නේ නැහැ. මේ දරුවන් ගොඩනැගිලි වලට යටවෙලා මැරිලා ගියොත් මේ සියලුම බලධාරින් වග කියන්න ඕනෑ බව අපි කියනවා . අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්නේ නැතිව  ඉක්මනට මේ දරුවන්ට මේ අබලන් ගොඩනැගිලි වලින් එළියට ඇවිත් නිදහසේ අධ්‍යාපනය කරන්න ඉඩ කඩ සලසා දෙන්න කියලා තමයි කියන්නේ.

පසුගිය දින අමාත්‍යධුරයෙන් ඉවත් කල  වයඹ පළාත් සභාවේ හිටපු අධ්‍යාපන ඇමති සන්ධ්‍යා රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීවේය.

“ මේ පාසල පිළිබදව මට ඉල්ලිම් ලිපි ආවා . නමුත් සමහර පාසල් වල ගැටළු වලට නිරන්තරයෙන් කථා කලත් මේ පාසලේ කිසිම කෙනෙක් ඒතරම් ක්‍රීයාත්මක නොවිම නිසා තමයි ප්‍රමාදයට හේතුව .නමුත් මම මගේ යුතුකම් ඉටුකලා ලබන වසරේ  මේ පාසලට ගොඩනැගිලි අනුමත කිරිම ධුරයෙන් ඉවත් කරන්න කලින් කළා“



අදහස් (15)

අධ්‍යාපන බලධාරීන්ට නොපෙනෙන එළුවන්කුලම පාසල

anula Saturday, 23 September 2017 10:58 AM

විල්පත්තුවේ අනවසරයෙන් කපා ඉදිකරන ගුබ්බෑයම් වලට වැඩිය මේ දරුවන්ට පාසලක් හදන එක අත්‍යවශ්‍ය දෙයක්... ඒ අයට ඇස් ඇරෙන්නේ නැත්තේ ඇයි?

:       0       165

Raveendra Saturday, 23 September 2017 01:08 PM

මහා බැංකුවේ අපේ සල්ලි හොරකම් කරපු අයට මෙය පෙනිලා නැතිව ඇති. හැමදේම මතක නැති එවැනි නිවටයන්ට දැන් ඇසුත් පෙන්නේ නැතිව ඇති...

:       1       103

lusena Saturday, 23 September 2017 01:16 PM

පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමු. මේ පැත්තට යන්න ඕනෑ ෆොර් වීල් වාහනයක් ගන්න කොටි 5 ක් වටිනා.

:       0       77

husen-riyad Saturday, 23 September 2017 01:32 PM

තත්වයේ බැරෑරුම්කම තේරුණත්, බලධාරීන් කඹ අදින එක අපේ රටේ සාමාන්‍ය දෙයක් වෙලා. යම් ඛේදවාචකයක් වුණාට පස්සේ, අනෙකාට ඇඟිල්ල දිගු කරනවා මිසක් කවදාවත් වුණු අතපසුව තමන්ගෙන් නේද? කියලා පිළිගන්න තරම් උතුම් මානසිකත්වයක් මෑත ඉතිහාසයේදී නම් අපි දැක්කේ නැහැ. කෙසේ වෙතත් මේ සම්බන්ධව බලධාරීන්ගේ දෑස් විවර වී, සිසුන්ට ආරක්ෂා සහිතව තමන්ගේ ඉගෙනීම් කටයුතු කරගෙන යාමට අවශ්‍ය පසුබිම සැලසේවායි පතමි....

:       25       18

victor Saturday, 23 September 2017 03:03 PM

නියම රෝයල් කොලේජ් එක... අගමැති තුමාට ළමයි නැති නිසා අධ්‍යාපන ඇමතිතුමාගේ දරුවන් ටික යවන්න පුළුවන් නියම රෝයල් එකක්...

:       0       23

nihantha Saturday, 23 September 2017 06:32 PM

මේ බොරුවක්නේ කරන්නේ ,හොදට බලන්නකෝ පින්තුර දිහා පිටු පසින් කොචර හොද ගොඩනැගිලි තියනවද .මිනුස්සු නොමග යවන්න පරණ ගොඩනැගිල්ලක ඉරි ගිය පින්තුර ලං කරලා පෙන්නනවා

:       333       63

Chanak Los angeles Saturday, 23 September 2017 11:07 PM

අපේම දරුවන් පොල් අතු මඩුවල දුක්කිතව අකුරු කරනවා බැඳුම්කර හොරකමෙන් තවත් කෙනෙක් කෝටි 10 ක බෝනස් එකක් ගන්නවා ..

:       0       4

සරත් Sunday, 24 September 2017 12:43 AM

පංසල් වල පිං පෙට්ටි ගැන හොයන අධ්‍යාපන ඇමති තුමා පාසල් වල අඩු පාඩු ගැන පෞද්ගලිකව හොයල බැලුවොත් නරකද? ප්‍රධාන මාර්ග අසල පාසල්වල පවා වැස්සට තෙමෙන හරි හැටි කලුු ලෑල්ලක් නැති, ඇති තරම් ඩෙස් පුටු නැති පංති තියෙනවා. ඔය සැප වාහන වලින් බැහැල පාසල් ඇතුලට ඇවිදගෙන ගිහින් බැලුවොත් පෙනෙයි.

:       0       75

hiran priyankara jayasinha Sunday, 24 September 2017 05:55 PM

මම මගේ ප්‍රවෘත්තියට යමක් කියන්නේ නැහැ. නමුත් නිලන්ත නමින් පෙනි සිටින මහතෙකු දමා ඇති සටහනට යමක් කියන්න වුවමනායි. මේ පින්තූර වල කිසිම බොරුවක් නැහැ. මේ අහිංසක දරුවෝ ගැන බලධාරින් සොයා නොබලන කලක මාධ්‍ය වගකීම මම ඉටු කලා. මට ලාභයක් නෙවේ නිලන්ත මහත්තයා. මේ දරුවන්ට පාසලක් ඉදිකරන්න පුළුන්නම් ඔයත් එකතු වෙන්න කියලා මා ඉල්ලිමක් කරනවා ඔබගෙන් ... එහෙම නැතිව මේ වාගේ දෙවල් සොයා නොබලා සටහන් කරන්න එපා මහත්තයා ...පව් .....

:       121       600

husen-riyadTuesday, 26 September 2017 08:14 AM

මහත්තයෝ.. හැම දෙයක්ම ජාතිවාදී කෝණයෙන් බලනා උදවිය ගැන එතරම් තැකීමක් කරන්න අවශ්‍ය නැහැ. හොඳ චේතනාවකින් කරන දෙයක් වරදින්නේ නැහැ. ඒකෙ ප්‍රතිඵලත් හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැනේ..?

:       9       2

Fernando Sunday, 24 September 2017 10:42 PM

මෙ පසු බිමෙන් පෙනෙනවා මෙය බොරුවක් බව

:       107       68

Senarath Bandara Monday, 25 September 2017 07:38 AM

මේක බොරුවක් නොවෙයි. මේක ඇත්ත සිද්ධියක්. මේකේ පසුබිමෙන් පෙනෙන ගොඩනැගිල්ලේ වෙනත් පන්ති කිහිපයක් පවත්වනවා. මෝඩ විදියට ප්‍රතිචාර දාන පිරිසක් ඉන්නවා. ජාති භේදයක් අවශ්‍ය නැහැ. හැම දරුවෙක්ටම ඉගෙන ගැනීමට ඇති අයිතිවාසිකම සුරකින්න කටයුතු කරන්න... මහ ඇත්තන්ට ඇස් අරුණා නම් හොඳයි. හිරාන් මහත්මාගේ ලිපිය අගය කරනවා.

:       56       67

sam Tuesday, 26 September 2017 10:04 AM

nihantha හරි, පසුබිමින් පෙනෙන ගොඩනැගිලි හොඳින් බලන්න. ඕනෑම විදුහලක පරණ ගොඩනැගිලි තියෙනවා.

:       29       0

ravi Wednesday, 27 September 2017 07:19 AM

මේකටත් ජාතික විරෝදතාවය දක්වමු!

:       0       1

Ruwan Wednesday, 27 September 2017 11:36 AM

පොඩි ප්‍රබන්ධයක් වගෙයි. ඇයි ඔය බිත්ති පුපුරපු ගොඩනැගිල්ලේ ඇතුලේ ඉගෙන ගන්නේ ළමයි පෙනෙන්න නැත්තේ.. ඒක අත්හැරලා දාපු ගොඩනැගිල්ලක්ද? පසුබිමින් පෙනෙන ගොඩනැගිලි එක්ක බැලුවම දිළිඳු පාසලක් කියන්න නම් අමාරුයි. විදුහල්පතිවරු පාසැලක් දියුණු කරන්න උත්සාහ කිරීම හොඳයි. හැබැයි ටිකක් ආදර්ශමත් විදිහට.

:       0       23

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site