X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


අධි උද්ධමනයට සැබෑ විසඳුම් ඕනෑ

උද්ධමනය  පිළිබඳ අපි බොහෝ කතා අසා ඇත්තෙමු. ආර්ථික විශ්ලේෂකයන් සහ දේශපාලකයෝ ආර්ථික  උද්ධමනය පිළිබඳ බොහෝ තොරතුරු වරින්වර ප්‍රකාශ කරති. එහෙත් ආර්ථික උද්ධමනය යනු කුමක්දැයි ඇඟට දැනුණේ පසුගිය මාස කිහිපය තුළදීය. උද්ධමනයේ බරපතළ ප්‍රතිවිපාක සිරුරේ ඇට මිදුළු තුළටම කාවදින විට එහි ප්‍රතිවිපාකවලින් ගැලවීමට කිසිවකුටත් නොහැකිය. අද රට මුහුණදී සිටින ආර්ථික උද්ධමනයේ යථාර්ථය එයයි.

කොළඹ  විශ්වවිද්‍යාලයේ මහාචාර්ය  සිරිමල් අබේරත්න ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව දැන් අධි උද්ධමන රටක් හැටියට සැලකෙන බවය. පසුගිය 2021 වසරේ  ජූනි මාසයේදී සියයට 5.2 ක් වූ උද්ධමනය 2022 ජූනි මාසය වනවිට සියයට 54.6 දක්වා වර්ධනය වීමෙන් රටට මේ අධි උද්ධමන තත්ත්වයට මුහුණ දීමට සිදුව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව දැන් ලොවේ ඉහළම උද්ධමන අනුපාතය සහිත රටවල් 10 අතරට වැටී  තිබෙන  අතර ආසියානු කලාපයේ අධිකම උද්ධමනය සහිත රට බවට පත්ව සිටී.

වසරක් ඇතුළතදී රටේ උද්ධමනය සියයට 50කින් ඉහළ යාමේ අර්ථය පසුගිය වසරේ මේ කාලය තුළදී ශ්‍රී ලාංකික පුරවැසියකු තම භාණ්ඩ හා සේවා සඳහා රුපියල් 25,000ක් වැය කළානම් එය මේ වනවිට රුපියල් 50,000ක් දක්වා දෙගුණයකින් වැඩිවී ඇති බවය. මේ කාලසීමාව තුළදී රුපියලේ අගයද හරි අඩකින් පහත වැටීම  තත්ත්වය  වඩාත් උග්‍ර තත්ත්වයට හරවා තිබේ. මුළු රටේම ජනතාවට අධි උද්ධමනයේ පීඩනය තදින්ම දැනෙන්නේ මේ පසුබිම යටතේය.

අපේ රටට මෙහෙම වුණේ ඇයි? රැකියාවෙන් හෝ කෘෂිකර්මාන්තයෙන් හෝ ස්වයං රැකියාවකින් ලබාගත්ත ආදායමට සරිලන සරල ජීවිතයක් තිබූ රටේ බහුතරයක් ජනතාව මේ වනවිට දකිමින්  සිටින්නේ නපුරුම සිහිනයකි. රටේ ජනතාවගෙන්  සුළු පිරිසක් අතට ලැබෙන මුදලට වඩා වියදම් කිරීමටත් නාස්තිකාර වියදම්වලට හුරුවී සිටියත් බහුතර ජනතාව එසේ නොවේ. ඔවුන් එදිනෙදා ගතකළ සරල ජීවන රටාව ඔවුන්ගෙන් උදුරාගත් රට පාලනය කළ දේශපාලන නායකයන් පිරිසකගේ තකතීරු තීන්දු තීරණ සහ රටේ අනාගතයට ගැළපෙන  සැලසුම් හදනවාට වඩා ඊළඟ ඡන්දය දිනාගැනීමට අවශ්‍ය බොරු සෝබන සංවර්ධන වැඩ සහ සුබසාධන ආර්ථිකයකට ජනතාව හුරු කිරීම මේ විනාශයට පාර කැපුවේය. බොහොමයක් රටවල් ලොවේ පවතින ආර්ථික ප්‍රවණතා හඳුනා ගනිමින් ඒවාට අනුගත වෙද්දී ලංකාවේ  නායකයන් වැඩි දෙනකු කළේ ජනතාව සුබසාධන රාජ්‍යයක සිහිනයේ රඳවා තැබීමය. රටට ඉසිලිය නොහැකි ආර්ථික බරක් සහිත පාඩු ලබන රාජ්‍ය ආයතන බිහිවීම එහි එක් ප්‍රතිඵලයකි.

දැන් මේ තත්ත්වය ආපසු හරවා ගැනීම පහසු නැත. ආපසු හැරෙන ගමනේදී ජනතාවට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවීම නියතයකි. මෙහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ කැපවීමද ඉහළින්ම අපේක්ෂා කෙරේ. එහෙත් තමන්ගේ වරප්‍රසාද සහ වරදාන කැප කරමින් එවැනි වෙහෙසක් දැරීමට බොහොමයක් මැති ඇමැතිවරුන්ගේ සූදානමක් තිබෙන බවක් පෙනෙන්නට නැත. තවමත් මේ වැඩි දෙනකු භාවිත කරන්නේ අධි සුඛෝපභෝගී  වාහනය. යන්තම් හෝ බුරුලක් ලැබුණොත් සියලු සැප සම්පත් ලබා ගැනීමටත් විවිධ ‘ඩීල්’ හරහා අති විශාල ධනයක් උපයා ගැනීමටත් මේ අය කටයුතු කරනු ඇතැයි යන්න රටේ බහුතරයකගේ පිළිගැනීමය. මේ තත්ත්වය සැබෑ ලෙසම වෙනස් විය යුතු බවට නැගුණු හඬ අරගලයක් දක්වා  වර්ධනය වී එම අරගලයට රටේ අති බහුතර ජනතාවකගේ  සහාය ලැබුණේ මේ හේතුවෙනි. ඊළඟට බලයට පත්වන තාවකාලික රජය හෝ පවතින මේ ප්‍රවණතා හඳුනා ගනිමින් නිවැරදි තීරණ ගැනීමට ක්‍රියා කළ යුතුය. එසේ නොවීම මහා විනාශයකට මග පෑදීමක් වනු ඇත.

මේ රට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණදී එහි ප්‍රතිඵලයක් වශයෙන් ලොවේ අධි උද්ධමනය සහිත රටවල් 10 අතරට වැටුණේ රටට ඩොලර් ගලා ඒම හොඳටම අඩුවීමත් එම තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වීමත් හේතුවෙනි. මෙවැනි දැඩි අර්බුදයක සියලු පෙරනිමිති පහළ වෙද්දීත් රුපියල් බිලියන ගණන් වැයවන සංවර්ධන යෝජනා ක්‍රම අත්නොහැරීම ආර්ථිකය සැලසුම් කිරීමේදී ආණ්ඩුව දැක්වූ දුර්වල කළමනාකරණයට හොඳම උදාහරණයකි.

අඩුම තරමින් දැන්වත් නිසි ආර්ථික කළමනාකරණයකට සැලසුම් සකස් කිරීමට ප්‍රමුඛත්වය දිය යුතුය. ඒ වෙනුවට දැඩි මර්දනකාරී අණ පනත් හඳුන්වා දෙමින් ආර්ථික අර්බුදය හේතුවෙන් හටගත් ජන අරගලය මර්දනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන්නේ නම් රටේ ඇතිවූ දේශපාලන වෙනසින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම ඉතා දුෂ්කර වනු ඇත. අප කියන්නේ අරගලයට මුවාවී සිදුකරන ප්‍රචණ්ඩකාරී සහ කලහකාරී සිදුවීම් පාලනය කිරීමට නීතිමය ක්‍රියාමාර්ග නොගත යුතු බව නොවේ. එවැනි අරගලයක් ඇතිවීමට හේතු වූ මූලික කාරණා අමතක කර කටයුතු නොකළ යුතු බවය.

අධි උද්ධමන තත්ත්වයෙන් රට බේරාගත හැකිවන්නේ පවතින තත්ත්වය පිළිබඳ අවබෝධයකින් සියලු පක්ෂ එකතුවී හඳුන්වා දෙන සැබෑ ආර්ථික වැඩපිළිවෙළකින් පමණි. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂවල උපරිම  කැපවීම අවශ්‍ය මොහොත උදාවී තිබේ. අවශ්‍යම පියවර අප්‍රමාදව නොගතහොත් දේශපාලනය කරන්නත් රටක් ඉතිරි නොවනු ඇත.

(***)



අදහස් (0)

අධි උද්ධමනයට සැබෑ විසඳුම් ඕනෑ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site