X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


අනංග පිස්සුවෙන් එකම ගමේ ජෝඩු දෙකක් වහබීලා

අප මහා ගෞතමයාණන් වහන්සේ බුදු වීම පිණිස දස පාරමිතාවන් පිරූහ. ඒ හැම අත්භවයේම බෝධිසත්වයාණන් වහන්සේගේ පියඹ වී සිටියේ යසෝධරාවය. ඇය එතුමන්ගේ පාරමිතාවන් සපිරිම සඳහා ශක්තිය වූවාය. දිරිය කත වූවාය. බාධක කම්කටොලු උසුලමින් වේදනාවන් විඳිමින් එතුමන්ගේ පසුපසම සිට බුද්ධත්වයට පත්වීමේ මාවතට දිරි දුන්නාය. සැබෑ ආදරය යනු එයයි. අධ්‍යාත්මික ආදරය වචනයකට සීමා නොවේ. එය රාගයෙන්ද කෙළවර නොවේ. තම ආදරණීයයන්ට ගෞරව කිරීම, විශ්වාසය තහවුරු කිරීම, ජයග්‍රහණය කරා ගෙනයාම, සතුටින් තැබීම ආදරයේ වගකීම් වන්නේය.

02-kawi-kolaya
එහෙත් යමෙකු ආදරය යනු අත්පත් කරගැනීම බවත්, ආදරය කළ පුද්ගලයා නොලැබේ නම් ඔහු හෝ ඇය විනාශ කර තමාත් විනාශවිය යුතු බවත් සිතන්නේ නම් එය මෝහයෙන් අන්ධවීමකි.


සත්ව ලෝකයේ බුද්ධිමත්ම සත්වයා මිනිසාය. උසස් මනසක් ඇත්තා යන අර්ථ සහිතව මිනිස් යන නාමය ලැබී ඇත. හොඳ නරක තේරුම් ගැනීම, නිවැරදි තීරණ ගැනීම මිනිසා යන වචනයේ සැබෑ තේරුම්ය.


මෙය වටහා නොගෙන ජීවිතයේ අතහැරීම පසෙකලා ආශාවන් පසුපස හඹායාම සිදු කරයිනම් එහි අවසානය ඛේදනීය වේ.


ජීවිතයේ සැබෑ අරුත නිවැරදිව වටහා නොගත් තාරුණ්‍ය රොමියෝ ජූලියට්ලා වීමට සැරසෙයි. ලයිලා, මජනුලා වීමට සැරසෙති. එහෙත් ජීවිතය යනු එය නොවේ. අප වටා ඇති අභියෝග ජයගනිමින් ජීවිතයට මුහුණ දීමත් වගකීම් සහිත පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමත් ලද මිනිසත්කමට කරන ගෞරවයකි.
ඒ පිළිබඳව 70 දශකයේ සිදුවූ ඛේදවාචකයක් මුල්කරගෙන මිනුවන්ගොඩ නන්ද ජයවික්‍රම මහතා මෙවැනි කවි කොළයක් නිර්මාණය කර තිබුණේය.


“පාසැල් වයසෙදිම පෙන්නා අනග    කෙළි
නොමඟට ඇදෙන අයහට අඟතියට    ඇලි
මේ මළ ජෝඩු දෙක ඉන්නා එකට    වෙලී
ආදර්ශයකි කරගන්නට දිවිය        එළි”


කිරිවන්දෙනිය ගමවටා පිහිටි කඳුපන්තිය මහා පවුරක් සේය. දුහුල් සළුවක් බඳු මිහිඳුම් පටල අතුරින් හිරු කිරණ සිනාසෙන්නට විය. මාලනීත්, බිසෝ මැණිකාත් කිරිවන්දෙණියට පිපුණු සුගන්ධවත් පුෂ්පයන් විය. නාඹර තාරුණ්‍යයේ පසු වූ ඔවුහු හිමිදිරියේම පාසැල් යන්නට සුදානම් වූහ.
“දෙන්නත් එක්ක මඟ නතර වෙන්නේ නැතිව පරිස්සමට යන්න.”


මාලනීගේ මව සිය දියණියටත් ඇගේ යෙහෙළියටත් අවවාද කළාය.


“හොඳයි අම්මා... අපි පරිස්සමින් ගිහින් පරිස්සමෙන් එන්නම්” කටකාර මාලනී මවගේ දෙපා වැඳ පොත් මිටිය ළැමට තුරුලු කරගත්තාය.
“යන්නන් නැන්දා”


බිසෝ මැණිකාත් මාලනීත් ගම මැදින් වැටී ඇති ගුරුපාර දිගේ පියමන් කළහ. තුරුවදුලු හමුවට පැමිණි බිසෝ මැණිකා මාලනීව නවතා ඇගේ පොතක් මාලනීට ගෙනහැර පෑවාය.

02-Tasa-P4-1


“මොකක්ද?”


මාලනී සුන්දර සිනාවක් නගා ගනිමින් ඇසුවාය.


“උඹ දන්නෙම නෑ.... මොකක්ද කියලා නේද”


කටකාර බිසෝ මැණිකා මාලනිගේ පිටට තට්ටුවක් දමමින් සිනාසුනාය.


මාලනීට රටක් රාජ්‍යයක් ලැබුණක් බඳු විය.


සුන්දර සිනහවකින් මුව සරසාගත් ඇය සුවඳ තැවරූ කොළය පෙරළන්නට වූවාය.


“මගේම ආදරණීය මාලිට....”


කටකාර බිසෝ මාලනීගේ පොතට එබෙමින් පැවසුවාය.


“කෝල හිනාවක් නගාගත් මාලනී යළිත් පොතවසා... “මම පස්සේ බලනවා” යනුවෙන් පැවසීය. යෙහෙළියෝ දෙදෙනා සිනාසෙමින් ටික දුරක් ගමන් ගත්හ.
“මාලි උඹේ සම්බන්ධය අම්මලට අහුවුණොත් මොකද කරන්නේ” බිසෝ ප්‍රශ්නයක් නැඟුවාය.


“මට හිතාගන්න බෑ බිසෝ. ඒත් මට ජයරත්න නැතිව ජීවත්වෙන්න බෑ. මම එයාට ගොඩක් ආදරෙයි”


මාලනී දිගු සුසුමක් ගෙන පැවසුවාය. යෙහෙළියන් දෙදෙනාගේ කතාබහට විරාමය තබමින් එතනට තවත් අයෙකු පැමිණියේය. සුදු කමිසයකින් සහ කලිසමකින් සැරසුණු ඔහු පොඩි බණ්ඩාය.


මාලනී බිසෝගේ කනට කර දැන් උඹට සතුටුදැයි ඇසුවාය.


බිසෝ මාලිගේ කන මිරිකමින් “දැන් වධයක් වෙන්න එපා” යනුවෙන් රහසින් මිමිණුවාය.


මාලනී පොත් මිටිය තුරුලුකර ගනිමින් ඉදිරියෙන් ගමන් ගත්තාය. පොඩි බණ්ඩාත් බිසෝ මැණිකේත් පසුපසින් ගමන් ගත්තෝය.


“බිසෝ ලබන සෙනසුරාදා මොකද කරන්නේ”

02-Tasa-P4-2
පොඩි බණ්ඩා රහසින් ඇසුවේය.


“විශේෂ වැඩක් නම් නෑ.....පොළේ යන්න තියෙනවා.”


බිසෝ පැවසුවාය.


“අපි බයිස්කෝප් එකක් බලන්න යමුද?”


පොඩි බණ්ඩා යෝජනා කළේය.


“මට බයයි”


බිසෝ පිළිතුරු දුන්නාය.


“මාලිනියි ජයරත්නයිත් එක්කරගෙන යමු. මම ජයරත්න එක්කරගෙන එන්නම්. ඔයා මාලනී එක්ක එන්න.”


පොඩි බණ්ඩා යෝජනා කළේය.


“අදහස නම් හොඳයි... මම මාලනීට කියන්නම්”


ඔවුහු පාසලට යාමට හැරෙනා තුන්මන් හංදිය වෙත ළඟා වූහ. ජයරත්න සිය පෙම්වතිය දැකීමේ ආශාවෙන් මඟ බලා සිටියේය. බිසෝ පොඩි බණ්ඩා හා මාලනී එනුදුටු ජයරත්න ප්‍රීතියෙන් ඉපිල ගියේය. සුහද සිනාවක් නඟාගත් ඔහු පෙරමඟට පිවිසියේය.


“ජයේ කැමතිද මාලනි එක්ක චිත්‍රපටියක් බලන්න යන්න”


පොඩි බණ්ඩා විමසුවේය.


ජයරත්නගේ දෑස් දීප්තිමත් විය. සෙනෙහෙබර සිනහවකින් මුව සරසාගත් ජයරත්න නැගූ එකම ප්‍රශ්නය “කවද්ද” යන්න පමණි.


සැබවින්ම සිය පෙම්වතියන් සමඟ හුදකලා වී කතාබස් කරන්න, විනෝදවන්න අවස්ථාවක් ඇත්නම් කොතරම් භාගය්‍යක්දැයි ඔවූහු සිතූහ.


ආදරයෙන් අන්ධ වී සිටි පෙම්වතුන්ගේ අධ්‍යාපන කටයුතු දුර්වල විය. පෙනෙන වැරදි කර ගුරුවරුන්ගෙන් දොස් ඇසූ වාර වැඩිවිය. ගෙවෙනා හැම තත්පරයකදීම උමතුවූ ආදර සිහිනයේ වෙලී කාලය ගත කළහ.


පෙම්වතුන් ප්‍රාර්ථනා කළ සෙනසුරාදා පැමිණියේය. කතිකාකරගත් පරිදි නගරයට පැමිණි ඔවූහූ සිනමාශාලාව වෙත වෙන් වෙන්ව ඇවිද ගියහ. ශාලාවේදී පෙම්වතියන් සමඟ අසුන්ගෙන බොළඳ බස් තෙපළමින් ආදරය විඳගත්හ. කාලය ගෙවී යනවා නොතේරිණි. උමතු වූ ආදර හැඟුමන් සහිතව දෑත් පටලවාගත් ආදරවන්තයෝ ශාලාවෙන් පිට වූහ. ඔවුන්ගේ ප්‍රීතිය රුඳී තිබුණේ මොහොතකි. නොසිතූ ලෙසින් අසල්වැසියෙකුගේ නෙත ගැටුණි. මාලනිට ජයරත්නගේ අත අතහැරිණි. බිසෝ දෑතින් මුහුණ වසා ගත්තාය.


“අනේ අපිට ගෙදරනම් යන්න බෑ” ළාබාල තරුණියෝ ඉකිබිඳින්නට වූහ. ගොඩ දැමූ මසුන්මෙන්  ගැහෙන්නට වුහ.


“ජයරත්නත් පොඩි බණ්ඩාත් අසරණ වූහ. දැන් “අපි මොකද කරන්නේ” ඔවූහූ කල්පනා කළහ.


පෙම්වතියන් රැගෙන කොහේ නම් යන්නද කල්පනා කළහ. තවමත් ගෙදරින් යැපෙන තරුණයෝ දෑතේ රැකියාවක් නොදත්හ.


“මොනවා වුණත් මට ඔයා නැතිව ජීවත් වෙන්න බෑ”


මාලනි ජයරත්නගේ දෑතේ එල්ලී අඬන්නට වූවාය.


“මටත් දැන් ගෙදර යන්න බෑ” 


බිසෝ මැණිකා පොඩි බණ්ඩාගේ දෑතින් අල්ලා ගත්තාය.


ජයරත්නත් පොඩි බණ්ඩාත් අහස පොළව ගැටලන්නට මෙන් කල්පනා කළහ.


“අපිට රස්සාවල් නැහැ. ඔයාලා එක්කගෙන ගිහින් ඉන්න තැනක් නැහැ. කන්න බොන්න දෙන්න විදිහක් නැහැ. ඔයාලා නැතිව ජීවත් වෙන්නත් බෑ”

ජයරත්න ගැඹුරු හඬින් පැවසුවේය.


“අපිට දැන් තියෙන්නේ එකම එක විසඳුමයි.”


බිසෝ ගැඹුරු හුස්මක් ගෙන මිමිනුවාය.


සියලු දෙනා ඇය දෙස වික්ෂිප්තව බැලූහ.


“අපි හතර දෙනාම එකට මැරෙමු. ඉපදෙනා හැම ආත්මයකදීම අපි අපේම වෙමු.”


ජීවිතය යනු කුමක්දැයි නොදත් ළපටි සිතක් ගත් නූගත් තීන්දුවක් ස්ථීර විය. හතර දෙනාම ජීවිතයෙන් සමුගැනීමට සූදානම් වූහ.


කතිකාකරගත් පරිදි කිරිවන්දෙනියේ කඳුමුදුන කරා ඔවූහූ ගමන් ගත්හ.


“අපි මැරෙන්නේ අපේ කැමැත්තෙන්. කවුරුවත් අපේ මරණයට වග අවශ්‍ය නැහැ. අපේ මිනී කපන්න එපා. අපි හතර දෙනාම එකම වළක වළලන්න.”


කොළ කැබැල්ලක සටහන් තැබූහ.


කඳු මුදුනත දෑත් පටලා වාඩිගත් ඔවූහූ විෂ පානය කළහ. එකිනෙකා වැළඳ ගත්හ. වස ක්‍රියාත්මක වූ පසු සිරුරු වේදනාවට පත් විය. එකිනෙකා තරයේ වැලඳගෙන වේදනාව සමනය කරගැනීමට යත්න දැරූහ. වස පානය කළේ ඇයිදෝයි සිතූහ. වස පානයෙන් පසු ජීවත්වීමේ ආශාව දැඩි වූවේය.


“ඇයි අපි මේ වගේ වැඩක් කළේ. අපිව බේරගන්න කවුරුවත් නැද්ද. වැර දරා කෑ ගැසූහ. එත් ඒ පාළු කඳු මුදුනත ඇසෙන්නට කිසිවෙකුත් නොවීය. කාය ශක්තිය පිරිහුණු පෙම්වත්තු වේදනා විඳිමින් දඟලන්නට වූහ.


අවසානයේ ඔවුනොවුන් වැලඳගෙන අවසන් සුසුම් හෙළුහ.


යම් ගැටලුවක් ඇතිවූ විගස බොහෝ දෙනා සියදිවි නසා ගැනීම ඊට විසදුම සේ සිතති. හදිසි තීරණ ගෙන එවැනි ක්‍රියාවලට පෙලඹෙති. ඉන් පසු නැවත ජීවිතය ඉල්ලා කෑ ගසති.


සිතීමට බොහෝ දේ ඇත. අද ඔබ තරුණ්‍යයේ පසුවුවත් ඔබට ජීවිතය දී ඇත්තේ ආදරණීය මව්පියන්ය. ඔවුන් දහසකුත් එකක් දුක්විඳ ඔබව ලොකු මහත් කර ඇත. ඔබට අධ්‍යාපනය දෙන්නේ රජයේ වියදෙමිනි. සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්නේ රජයේ වියදෙමිනි. එසේනම් ඔබේ ජීවිතය පිළිබඳ වගකීමත් සමාජයටද ඇත. ප්‍රශ්නයට පිළිතුර සියදිවි නසා ගැනීම නොවන්නේය. එය එදා කවි කොළයේ සටහන් තැබුයේ මෙසේය.

1 2

m



අදහස් (0)

අනංග පිස්සුවෙන් එකම ගමේ ජෝඩු දෙකක් වහබීලා

සිරිමල් Tuesday, 05 July 2016 09:38 AM

හරිම දුකහිතෙන කතාවක්. දුරදිග නොබලා ගන්න තීරණ ගෙනදෙන්නේ දුකක් පමණි. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 07 July 2016 11:57 AM

හරිම දුකයි. මෙවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් දෙමව්පියන් දැනුවත් වියයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site