X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 30 වන බදාදා


අනාගතේ අගනුවර හැඩකරන මහ මැදුරු

අහස උසට ඇති කඳු පිළිබඳව භූගෝල විද්‍යාව පාඩමේදී ඉගෙන ගෙන ඇති මේ රටේ ජනතාව අද සාකච්ඡා කරනුයේ අහස උසට ඉදි කෙරෙන ගොඩනැගිලි පිළිබඳවයි. මේ රටේ උසම ගොඩනැගිල්ල වශයෙන් අසූව දශකය දක්වාම හඳුන්වනු ලැබුවේ කොළඹ කොටුවේ පිහිටි ”ආකාස කඬේ” යනුවෙන් හැඳින්වෙන ආපනශාලාව පිහිටි සෙලින්කෝ ගොඩනැගිල්ලයි. විදුලි බලයෙන් කි‍්‍රයා කරන දිවයිනේ ප‍්‍රථම ”දුවන පඩිපෙළ” පැවැතියේද මෙම ගොඩනැගිල්ලේය. එහෙත් අද වනවිට මේ ගොඩනැගිල්ල අභිභවා තවත් ගොඩනැගිලි රාශියක් ඉදිකර ඇත. තට්ටු 35කින් යුතු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය එක් ගොඩනැගිල්ලකි. අනාගතයේදී මෙම ගොඩනැගිලි අභිභවා තවත් උස ගොඩනැගිලි කොළඹ නගරයේ ඉදිවනු ඇත. ඒ සඳහා දැනටමත් නාගරික සංවර්ධන අධිකාරිය හා අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය ලැබී ඇති බව වාර්තාවේ. එයින් පළමුවැන්න කොළඹ ට‍්‍රාන්ස්වර්ක්ස් මන්දිරය මූලික කරගෙන ඉදිකිරීමට නියමිත Krrish luxury lifestyles කුලූනු සංකීරණයයි. වර්ෂ 1983 දී ආරම්භවී ඇති කි‍්‍රස් ගෲප් ආයතනය ඉන්දියාවේ බෙහෙවින් ඉහළ පෙළේ ආයතනයක් වන අතර අහස උසට ගොඩනැගිලි ඉදිකිරීම හා කෝබ‍්‍රා බියර් නිෂ්පාදනය ඔවුන්ගේ ප‍්‍රධාන ව්‍යාපාර වී ඇත. කොළඹ ලෝටස් පාර, යෝක් වීදිය සහ චැතම් වීදිය මධ්‍යගතව පිහිටි කොළඹ ට‍්‍රාන්ස්වර්ක්ස් ගොඩනැගිල්ල හා ඒ වටා අක්කර 4ක භූමිය මෙම සමාගම මගින් මිලදී ගෙන ඇත. පර්චසයක් ලක්ෂ 80 ක මිලකට මෙම ඉඩම පවරාදී තිබෙන බව වාර්තාවේ. බි‍්‍රතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර තිබෙන ට‍්‍රාන්ස්වර්ක්ස් ගොඩනැගිල්ල නඩත්තු කරමින් එහි ස්වරූපයට හානි නොවන ආකාරයට මෙම ඉදිකිරීම් සිදු කිරීම සඳහා අදාළ ආයතනය නාගරික සංවර්ධන අධිකාරියට එකඟතාවය දක්වා ඇත. මහල් 95කින් සමන්විත එක් කුලූනක් තරු හතේ හෝටලයක් හා කාර්යාල පහසුකම්වලින් සමන්විතය. පළමුවැනි මහලේ සිට දහවැනි මහල දක්වා රථවාහන ගාල් කිරීමේ පහසුකම්වලින් යුක්තය. අනෙකුත් කුලූනු මහල් නිවාස සඳහාය. තරු හතේ හෝටලයට උත්සවශාලා, අහස් උයන (Sky Garden)  කී‍්‍රඩා ශාලා, පිහිණුම් තටාක, ළමා පිහිණුම් තටාක, ශරීර සුවතා මධ්‍යස්ථාන, යෝග මධ්‍යස්ථාන, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වූ විශේෂ ස්ථාන, මල් වත්තක්, සමාජ ශාලා ඇතුළු අති නවීන පහසුකම්වලින් යුතු මෙම තරු හතේ හෝටලය ඇතුළු සියලූ කුලූනු භූ කම්පනවලට ඔරොත්තු දෙන ආකාරයට ඉදිකරනු ලබන බව සඳහන්වේ. මෙහි උසම කුලූන මහල් 85කින් යුක්තය. සියලූ පහසුකම්වලින් යුතු මෙම මහල් නිවාස විශාල මිල ගණන්වලින් යුතුය. වර්ග අඩි 2900 ක බිමක මහල් නිවසක වටිනාකම රුපියල් 9,39,60,000 (නවකෝටි තිස් නව ලක්ෂ හැට දහස) සිට රුපියල් 13,34,00,000 (දහතුන් කෝටි තිස් හතර ලක්ෂයක්) දක්වා වේ. වර්ග අඩි 3450 ක මහල් නිවසක වටිනාකම රුපියල් 11,17,80,000 (එකොළොස් කෝටි දාහත් ලක්ෂ අසූදහසක්) සිට රුපියල් 15,87,00,000 (පහළොස් කෝටි අසූහත් ලක්ෂයක්) වේ. වර්ග අඩි 4000 ක මහල් නිවාසයක මිල රුපියල් 12,96,00,000 (දොළොස්කෝටි අනූහය ලක්ෂය) සිට රුපියල් 18,40,00,000 (දහඅට කෝටි හතළිස් ලක්ෂයක්) දක්වා වේ. අනාගතයේ අහස සිප ගන්නා උසම ගොඩනැගිල්ල මෙය වනු ඇත. කොම්පඤ්ඤවීදියේ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතට මායිම්ව කොළඹ කොමර්ෂල් කොම්පැනිය පිහිටා තිබූ අක්කර දෙකක භූමියේ මහල් 68කින් යුතු නිවාස ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇත. පර්චසය ලක්ෂ 80ක මිලකට ඉන්දියාවේ ටාටා සමාගමට මෙම ඉඩම පවරා ඇත. මෙම නිවසක මිල ගණන් පිළිබඳව මෙතෙක් අවසන් තීන්දුවකට එළඹී නැති බව ”ඉරිදා ලංකාදීපය” කළ සොයා බැලීමේදී අනාවරණය විය. විදේශිකයන් ඉලක්ක කර ගෙන මෙම මහල් නිවාස ඉදිකිරීමට නියමිතව ඇත. බේරේ වැව ඉදිරිපිට සුන්දර පරිසරයක පිහිටි මෙම භූමියේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට නියමිතය. මෙම ගොඩනැගිල්ලේ විශේෂත්වය වශයෙන් සඳහන් වන්නේ හෙළිකොප්ටර් අංගනයක් පිහිටුවීමයි. මහල් 40කින් සමන්විත හයට් රීජන්සි හෝටලය ගාලූ මුවදොරදී පිහිටුවීමට මේ වනවිටත් ගිවිසුම් අත්සන් කර ඇත. මෙම හෝටලයේ කළමනාකරණය හා මෙහෙයුම් කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ හයට් හොටෙල්ස් කෝපරේෂන් සමාගම මූලිකවී සිටියි.ආයෝජන මණ්ඩලයේ අනුමැතියෙන් ඉදි කෙරෙන මෙම තට්ටු නිවාසවලට අමතරව පෞද්ගලික අංශය මගින්ද තවත් මහල් නිවාස දෙකක් කොළඹ බෞද්ධාලෝක මාවතේ හා කොල්ලූපිටියේ ඉදිකිරීමට නියමිතව ඇත. කොළඹ බෞද්ධාලෝක මාවතේ නිවාස 174 කින් සමන්විත මහල් 38කින් හා 42 කින් යුතු ගොඩනැගිලි දෙකක් හා කොළඹ කොල්ලූපිටියේ නිවාස 350 කින් සමන්විත මහල් 47 ක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතය. (ඡායාරූප අනුග‍්‍රහය - දිනපතා ලංකාදීප පුවත්පත)

දයාසීලී ලියනගේ
කොල්ලූපිටියේ  ඕෂන් වීව් ප‍්‍රාසාදය ගාලූ මුවදොර ෂැංග‍්‍රිලා තරු පහේ හෝටලය බෞද්ධාලෝක මාවතේ ඩෝසන් ප‍්‍රාසාදය ගාලූ මුවදොර හයට් රිජන්සි තරු පහේ හෝටලය කොළඹ කොටුවේ ක‍්‍රිස් චතුරශ‍්‍රය බේරේ වැව ඉදිරිපිට මහල් 68 ප‍්‍රසාදය නෙළුම් කුලූන



අදහස් (0)

අනාගතේ අගනුවර හැඩකරන මහ මැදුරු

ජයතිලක Wednesday, 31 October 2012 09:11 AM

නියමයි‍‍....... (ස)

:       0       0

චම්පික Tuesday, 04 December 2012 05:31 AM

ලංකාව ට හොදක්ද මේව (දී)

:       0       0

උපාලි Friday, 02 November 2012 10:20 AM

නොම්මර එකේ වැඩක්. අනාගත ශ්‍රි ලංකාවට ජය වේවා (ස)

:       0       0

අතුල Friday, 02 November 2012 02:11 AM

රටක අනාගතයට වෙන දියුණුවට පටු විදියට නොබලා ලාංකිකයො විදියට සතුටු වෙන්න පුරුදු වෙන්න..!(නු)

:       0       0

සුමුදු Thursday, 01 November 2012 03:30 PM

අයියෝ සල්ලි

:       0       0

සුමුදු Thursday, 01 November 2012 03:42 PM

ලංකාවේ ඉඩම් ටික නැතුව යයිද? (නි)

:       0       0

සුජි Thursday, 01 November 2012 03:11 PM

දැක්කත් බඩ පිරෙනවා අපේ රටේ අනාගත පරපුරට කන්න වෙන්නේ කොන්ක්‍රීට් තමයි ..(ස)

:       0       0

සංජීව Wednesday, 31 October 2012 04:23 PM

දැන්වත් අපේ මිනිස්සු පක්ෂ භේධ අතහැරලා හරි දේ හරි විදියට දකින්න බලන්න (ස)

:       0       0

එරංග Wednesday, 31 October 2012 11:58 AM

ඇත්තක්ද

:       0       0

සෙනරත් Sunday, 28 October 2012 03:12 PM

මේවා තමයි ලංකාවේ වෙන්න ඕනෑ. එතකොට අපිට රට රටවලට ගිහින් දුක් විදින්න ඕනෑ නැහැ. (නි)

:       0       0

Thasanka Weerakoon Tuesday, 30 October 2012 10:59 PM

අන්තර් ජාලයේ වේගය එකත් හදල දෙනවනම් කොයි තරම් දෙයක්ද...?? (අ)

:       0       0

පුෂ්ප - ජර්මනිය Tuesday, 30 October 2012 07:04 PM

බටහිර යුරෝපය අපේ රටට කුඩම්මාගේ සැලකිලි දක්වන මේ කාලයේ ලෝකයේ ඉතා සීග්‍රයෙන් ආර්ථික වශයෙන් දියුණු වෙමින් තිබෙන ප්‍රධානම රටවල් දෙකක් අපේ මිතුරන් වී සිටීම ගැන අපට සතුටට කරුණක් විය යුතුවේ. යුරෝපයේ වැසියන්ට තමුන්ගේ රටවල් නඩත්තු කරන්නත් මුදල් නැතිව ඉන්නේ. එතකොට කොහොමද ඒ රටවල් අපේ රටවල මුදල් ආයෝජනය කරන්නේ. අපේ රට යන මේ ක්‍රමය තමි නිවැරිදි (අ)

:       0       0

ඉරේෂ් Tuesday, 30 October 2012 04:41 PM

අපිත් ආසයි පිටරටවල් වගේ අපේ රටත් දියුණු වෙනවා නම්..... (නි)

:       0       0

දිනේෂ් Tuesday, 30 October 2012 03:27 PM

මේවගෙන් ලැබෙන රැකියා ටිකම මැදැයි (ස)

:       0       0

සුමිත් Tuesday, 30 October 2012 01:38 PM

අයියෝ සල්ලී (ස)

:       0       0

අනුර Tuesday, 30 October 2012 05:21 AM

ලස්සනයි

:       0       0

ගාල්ලගේ Monday, 29 October 2012 06:49 PM

කවීශ වගේ මිනිස්සුන් මොනවා තිබුණත් සතුටු වෙන ජාතියේ කට්ටිය නෙමේ. තිබුණත් වැරදියි නොතිබුණත් වැරදියි. ඍණාත්මක චින්තනයේ මහතෙක්. (නි)

:       0       0

කවීෂ Monday, 29 October 2012 12:22 AM

ඔවු දැන් ලංකාවට අඩු ඔය කුලුණු ටික විතරයි. අනේ සාධු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site