X Advertisement
IMG-LOGO

2025 මැයි මස 19 වන සඳුදා


අනුන් වෙනුවෙන් වෙඩි කෑ අහිංසකයා


yasantha-3
 

තවත් මාස පහකින් සාඩම්බර පියෙකු ලෙස සිඟිති දරුවකුගේ කිරි සිනා දකින්නට තම ආදරණීය බිරිඳ සහ දෙමව්පිය ඥාතීන් සමග දැල්වූ බලාපොරොත්තු  සියල්ල සුන්නද්¥ලි කරමින් කිසිවකුගේ වැරදුණ කුරුමානමක් නිසා ජීවිතයෙන් සමුගන්නට යසන්තට සිදුවිය. පසුගියදා රත්මලානේ දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මියගිය යේමන් යසන්ත අබේරත්න, රත්මලාන තෙලවල පාරේ පදිංචිව සිටි විසිපස් හැවිරිදි තරුණයෙකි. මේ වෙඩික්කරුවන්් බිළිගෙන තිබෙන්නේ යසන්තගේ ජීවිතය පමණක් නොවේ, ඔහුගේ බිරිඳ අංජනාගේ අනාගතය සේම ඇය හෙට දිනයේ මෙලොවට ජනිත කිරීමට සූදානම්ව සිටින දරු පැටියාගේ අනාගතය ද ඔවුන් බිලිගෙන හමාරය.

යසන්තගේ පවුලට සිටි එකම පිරිමි දරුවා ඔහු වන අතර ගැහැණු දරුවකු ලෙස යසන්තට එක් වැඩිමහල් සහෝදරියක් සිටියාය. යසන්ත පාසල් අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලේය. ඔහුට සිය පෙම්වතිය මුණ ගැසෙන්නේ මේ පාසල් සමයේදීය. ඇය ගල්කිස්ස බෞද්ධ බාලිකාවේ අධ්‍යාපනය ලැබුවාය. නමින් කේතුමතී අංජානා කැරන් වන ඇය එකල පදිංචිව සිටියේ සිය දෙමාපියන් සමග මොරටුව සොයිසා මහල් නිවාසවලය. එකල අංජනාගේ පියා හා යසන්තගේ පියා මිතුරන්ය. ඒ මිත‍්‍රත්වය නිසා සේම පුද්ගලික පංතිවලට සහභාගී වන අතරතුරත් මුණගැසුණු අංජනා හා යසන්ත ආදර අන්දරය පාසල් සමයේ දී ඇරඹුණි. වසර අටක් පෙම්වතුන්සේ ඇසුරු කළ යසන්ත හා අංජනා රැුකියාවන් ද සොයාගත් පසු දෙමාපිය ආශිර්වාදය සහිතව මීට වසර දෙකහමාරකට පෙර විවාහ වූහ. ඉන්පසු ඔවුන් අංජනාගේ පියා ඇයට දැවැද්ද ලෙස පොල්ගස් ඕවිට, අම්බලන්ගොඩ, හෙරලියවත්තේ ඉදිකළ නව නිවසේ පදිංචි වූහ. ඇගේ දෙමාපියෝ ඊට නුදුරෙහි වෙනම නිවසක පදිංචිව සිටියහ. නිවසේ කටයුතු සොයා බලාගෙන සිටීම බිරිඳට පැවරූ යසන්ත ඇය රැුකියාවෙන් ඉවත් කර ගත්තේය. ඒ වෘත්තියෙන් රැුකියා බැංකුවක ක්ෂේත‍්‍ර නිලධාරියකු වන තමන්ට පවුලේ ආර්ථික  බර තනිව දැරිය හැකියැයි තිබූ විශ්වාසය නිසාය.

yasantha-1අංජනාගේ දෙමාපියන් යසන්තට කැමති වූයේ ඔහුගේ පියා සමග තිබූ මිත‍්‍රත්වය නිසාම නොවේ, යසන්ත මත්පැන් පමණක් නොව දුම්වැටියක්වත් පාවිච්චි නොකරන තරුණයෙකු ද වූ නිසාය. සතුන් ඇති කිරීමට, ඔවුන් සුරතල් කිරීමට යසන්ත දක්වන්නේ ලොකු කැමැත්තකි. එනිසා යසන්තලාගේ කැදැල්ලේ ඔවුන් දෙදෙනාට අමතරව සුරතල් මාලූන්ට, බල්ලන්ට, පූසන්ට මෙන්ම කුරුල්ලන්ට ද ඉඩක් වෙන්කර තිබිණ. විවාහකයකු මෙන්ම තව නොබෝ දිනකින්ම පියෙකු ලෙස කිරුළු දරන්නට ද සූදානම්ව සිටි යසන්ත ගමේ කොල්ලෝ කුරුට්ටන් සමග සරුංගල් ඇරීමට ද පුරුදුව සිටි බව ඔහුගේ මිතුරන් පවසන්නේ ඇසට කඳුළක් නංවමිනි. තමන් කොල්ලන් රෑනට එක්ව කුඩා දරුවකු සේ විනෝද වුවද ඒ අවස්ථාව අහිමි තම බිරිඳට ද ඒ සතුට ලබාදීමට ඔහු අමතක නොකළේය. එනිසා සරුංගලයක් සාදා ඉහළ අහසට නංවා එහි නූල නිවසේ කුළුණකට ගැටගසා සිය බිරිඳට ද සතුටුවීමට අවස්ථාවක් ලබාදුන්නේය. මෙවන් වූ සුන්දර හදවතක් තිබූ යසන්ත අද අප කාගෙනුත් සමුගෙන ගොස් හමාරය.

ඔහුට ජීවිතයෙන් සමුගැනීමට සිදුවන පරිදි රත්මලානට යාමට සිදුවූ කරුණ ද විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඔහුව වටහා ගැනීමට එය ද ඉවහල්විය හැකි බැවිනි. පසුගිය 16 වැනිදා අංජනාගේ පියා වන බෙනඩික්ගේ උපන් දිනයයි. ඒනිසා 16 වැනිදා දහවල් අංජනාගේ දෙමාපියන්ගේ නිවසට ගොස් ආහාර ගෙන ඇගේ පියාට උපන් දිනයට සුභපතා ආශිර්වාද ගෙන පසුදා තම දෙමාපියන්ගේ ද සැප දුක සොයා බලා එන්නට යසන්ත අංජනා සමග රත්මලානට ගියේ සිය සහෝදරියට වූ පොරොන්දුවක් ද ඉටුකිරීමටය. ඒ රත්මලාන ආයුර්වේදයේ ගැබිනි මව්වරුන් වෙනුවෙන් පැවැත්වෙන පිරිත් දේශනයක් හා දහවල් දානය සහිත පිංකමකට අංජනා සහභාගි කරන්නැයි යසන්තගේ අක්කා කළ ඉල්ලීමකට අනුව ඊට සහභාගිවීමටය. ඒ අනුව 17 වැනිදා උදේ අංජනා හා අක්කා ආයුර්වේදයට ගෙන ගොස් ඇරලවූ යසන්ත පසුදින රැකියාවට යා යුතු නිසා කොණ්ඩය හා රැවුල කපාගන්නා අදහසින් ආපසු පැමිණ බාබර් සාප්පුවට ගොඩවැදුණේය.

යසන්තගේ මහගෙවල් ආසන්නයේම පිහිටි දන්නා තේරෙන වයසේ සිටි කොණ්ඩය රැවුල කැපූ මේ බාබර් සාප්පුවේ තම මාරයා සැඟවී ඇතැයි යසන්ත කිසිසේත්ම නොසිතන්නට ඇත. පෝලිමට එක්ව තමාගේ වාරය පැමිණෙන තුරු බලා සිටින අතරතුර තමන්ට ඉදිරියෙන් වාඩිවී සිටි අය කොණ්ඩය කැපීමට නැගිට ගියෙන් යසන්ත එම හිස්වූ පුටුවෙහි වාඩි වූයේය. හිස්වූ පුටුවේ වාඩිවීමේ වරදට ජීවිතයම හිස් කරගන්නට සිදුවේයැයි ඔහු ඒ අවස්ථාවේ කිසිසේත්ම නොසිතන්නට ඇත.

මෙම සිදුවීමෙන් කම්පනයට පත් යසන්තගේ බිරිඳ කේතුමතී අංජනා කිසිවෙක් සමග කිසිවක් නොදොඩා බලාගත්වනම බලා සුසුම් හෙළමින් සිටී. ඇය හඬන්නේ ද නැත. තම සැමියා හොරා ගත්තා සේ මේ වූ සිදුවීමෙන් පසු දිගින් දිගටම හඬාවැලපුණ ඇයට හඬන්නට තරම් තවත් නම් කඳුළු ඉතිරිව නැතුවා සේය.

මේ සිදුවීම පිළිබඳව යසන්තගේ අම්මා වන අබේරත්න මහත්මිය දක්වන්නේ මෙවැනි අදහසකි.

අපිට මේ දරුවා ආපහු ලැබෙනවා නම් අපි  ඕනම දෙයක් කරනවා. ඒත් එයා දැන් ආපහු එන්නේ නැහැ. එයාට පණදෙන්න කාටවත් බැහැ. මෙයා කාටවත් වරදක් කළ කෙනෙක් නෙවෙයි. රා, අරක්කු බීගත්ත කෙනෙකුත් නෙවෙයි. එහෙම වුණා නම් මොනවා හරි හිතලා හිත හදාගන්න තිබුණා. ගෙට ගිහින් බලන්න මෙයා හදන සත්තු. සත්තුන්ට පුදුම ආදරයක් තියෙන්නේ. එහෙම දරුවෙක් තමයි අපිට නැති කළේ. මට ගොඩක් හිටියේ නෑ. එකම පුතයි හිටියේ. එයත් හොරු අරන් ගියා දෙයියනේ කාට ද මේවා පේන්නේ? පුතා මරපු එවුන්ට දඬුවම් දුන්නා කියලා වැඩක් තියේද? ඒ මිනිහා ටික කාලෙකින් ආපහු එයි.

ඇවිත් ආයෙම පරණ රස්සාව කරයි. මේක නවතින්නේ නැහැ. මේක නවතින ක‍්‍රමයක් තියෙනවා නම් මම  ඕනම දෙයක් ඒ වෙනුවෙන් කරනවා.

යසන්තගේ බිරිඳ වන අංජනාගේ පියා අයිවන් බෙනඩික් කැරන් මහතා ද අප සමග කතාකරමින් සිය දුක නිවාගන්නට උත්සාහ කළේය.  

මේ දරුවා බොහොම හොඳ දරුවෙක්. කුඩු නෙවෙයි අඩුම තරමින් අරක්කු ටිකක්, සිගරැුට් එකක්වත් බොන්නේ නැහැ. කාඑක්කවත් රණ්ඩුවට යන්නේ නැහැ. පොඩි ළමයෙක් වගේ තමයි එයාගේ වැඩ. සරුංගලයක් හදලා මේ කුළුණේ ගැටගහලා අහසට යවලා දෙන්නා එක්ක බලා ඉන්නවා. ගෙයි එක කාමරයක් පිරිලා සරුංගල්වලින්. හරිම සැහැල්ලූවෙන්, විනෝදෙන් ජීවත්වුණ හොඳ පුතෙක් මට නැතිවුණා. මට බෑනා නැතිවුණා වගේම මගේ දුවට සැමියා නැතිවුණා. එයාට ලැබෙන්න ඉන්න දරුවාට පියෙක් නැතිවුණා. මේ සේරම දේවල් මේ රටේ තියෙන නොයෙකුත් වසංගත නිසයි. අපිට අපේ දරුවා ආයේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මට මගේ බෑනා වෙනුවෙන් උසාවි ගානේ යන්න අවශ්‍ය නැහැ. කාටවත් දඬුවම් දුන්නා කියලාත් මට ඇති පලක් නැහැ. නමුත් මම එක දෙයක් ඉල්ලනවා. පුළුවන්නම් මේ කුඩු, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනිඅවි හැම තැනම පැතිරෙන එක වළක්වන්න පියවර ගන්න. ඒක තමයි මගේ දරුවාට වුණ දේ තවත් කෙනෙකුට සිදුවෙන එක වළක්වා ගන්න කරන්න පුළුවන් ලොකුම දේ.

කෙසේ වුවද දැන් ඔහු සිය පවුලෙන් පමණක් නොව රටෙන් දැයෙන් සමුගෙන හමාරය. සරුංගලයක් සේ සැහැල්ලූවෙන් ජීවත්වීමට සිය බිරිඳට ද ඉගැන්වූ යසන්ත ඇය පාමුල මහාමේරුව තබා, ගමක් හඬවමින් පසුගිය බදාදා (20) ආපසු නොඑන්නටම ගියේය.  

පොලිසිය පවසන පරිදි ඝාතකයින්ගේ ඉලක්කයවී තිබෙන්නේ යසන්තට පෙර කොණ්ඩය කැපීමට නැගිට ගිය දිනේෂ් නමැති නම ගිය කුඩුකාරයෙකි. මෙය වැරදීමකින් වූ වෙඩි තැබීමක් බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත. එහෙත් තවමත් වරදකරුවන් අත්අඩංගුවට ගෙන නැත. යසන්තගේ මවත් අංජනාගේ පියාත් පවසන පරිදි වරදකරුවන්ට දඬුවම්දීම පමණක් ප‍්‍රමාණවත් නැත. මන්ද ඔවුන් පවසන පරිදි වරදකරුවන් ටික කලකින් නැවත බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණෙනු ඇත. ඒ පැමිණෙන්නේ පුනරුත්ථාපනය වූ අයෙක් නොවන නිසා නැවතත් ඔහු පැරණි කාර්යයටම යොමුවනු ඇත.

වරදකරුවන් ඝාතනය කිරීමෙන් ද පලක් නැත. එවිට සමාජයේ ඉතිරිවන්නේ අතලොස්සක් පමණක් විය හැකි බැවිනි. මේ දෙමාපියන් ඉල්ලන්්නේ කිසිවෙකුටත් දඬුවම් දෙනවාට වඩා මේ සමාජයට අහිතකර දේ නැතිකර දැමීමට කටයුතු කරන ලෙසය. ඒවාට තරුණයින් ඇබ්බැහිවීම වළක්වන ලෙසය. වරදට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කර ඔවුන්ට ජීවිකාව ගෙන යාමට මගක් හෙළිකර දෙන ලෙසය.

 

kalina-04-futter



අදහස් (0)

අනුන් වෙනුවෙන් වෙඩි කෑ අහිංසකයා

ඉෂාන් Thursday, 28 August 2014 10:49 AM

මට හිටපු හොඳම යාළුවා. මේ අපරාදය කරපු අයට කවදාවත් හොඳක් නම් සිද්දවෙන්නේ නැහැ. කොහොමහරි මට දුකේදීත් සැපේදීත් එකට හිටපු යාළුවා මට නැති උනා. මගේ යාළුවා හරි අහිංසකයි. එයා කරපු වරද මොකක්ද. දැන් කාට දඩුවම් කරත් වැඩක් නැහැ. මට මගේ යාළුවා ලැබෙන්නේ නැහැනේ. (ස)

:       0       0

දුලානි Tuesday, 09 September 2014 06:58 AM

ඔයා කිව්ව දේ ඔයාට හොදටම විශ්වාසද රුවන් (නදී)

:       0       0

දයා අලහාකෝන් Saturday, 06 September 2014 01:29 AM

අනේ මේ නලුවෙක් වගේ හිටපු කොල්ලට වෙච්ච දේ. පව් අහිංසකයා (නදී)

:       0       0

දිනිදු Wednesday, 03 September 2014 11:23 PM

අද රටේ හැමතැනම මේ වගේ දේවල් තමයි අහන්න ලැබෙන්නේ. අපිට කරන්න තිබෙන එකම ඉල්ලීම අපේ රජෙයන් දුෂණය භීෂණය නැති රටක් නිර්මාණය කරලා දෙන්න කියලයි. (නි)

:       0       0

ශ්‍යාමා Monday, 01 September 2014 03:50 PM

නන්ද, ඔයා කෙටියෙන් කියූ දෙය හරියටම හරි. (නි)

:       0       0

නන්ද Saturday, 30 August 2014 10:56 PM

අනේ, රවිඳු ශ්‍රීමාල්, ලංකාවේ නීතියක් තියෙනවද? (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 30 August 2014 10:51 PM

සකල සිරින් පිරි සිරි ලංකාවේ සෑම ඔලුවකටම මිලක් ඇතේ...‍ මේ දින වලදී ඒ 'ඔලු මිලටත්' සේල් දමා ඇති වගක් පෙනේ... (නි)

:       0       0

රුවන් Saturday, 30 August 2014 02:57 PM

සුරේෂ්, මෝඩකතා කියන්න එපා. මෙරටේ හොඳම ආණ්ඩුව තමා වර්තමානයේ තිබෙන්නේ. (නි)

:       0       0

නිෂනි ශෂික ජයමහ Saturday, 30 August 2014 12:47 PM

මල්ලි. ඔයාට නිවන් සුව ලැබෙන්න ඕන. ඒ වගේම නංගියෝ හිතට හියිය අරගෙන ජීවිතේට මූන දෙන්න.මොකද එය වෙනත් විදියකට අපහු ඔයා ලඟට එන්නී යන්නේ. (අ)

:       0       0

සුරේෂ් ෆෙර්ණන්දෝ Saturday, 30 August 2014 02:25 AM

අපේ රටේ මේවා වෙන්නේ දැන් හුගක් කාලයක ඉදලා. නීතිය ගැන කතා කරලා වැඩක් නැහැ. හොදම දෙය නම් ආණ්ඩුව වෙනස් කරන්න ඕනේ.එකට අපේම මිනිස්සු අතේ වැඩේ තියෙන්නේ. (අ)

:       0       0

නෙවිල් Friday, 29 August 2014 03:23 PM

වැරැදිකරුවන්ට නිසි දඩුවම් දිය යුතුයි (දිල්)

:       0       0

හමීඩ් Friday, 29 August 2014 01:52 PM

මේ වගේ මගේ මල්ලිවත් මහා පාරේ තිරිසන් බේබද්දන් ටිකක් මරාදැම්මා. ඒත් අදටත් බේබද්දන් එළියේ (නි)

:       0       0

අතුල ප්‍රියංකර Friday, 29 August 2014 05:49 AM

පාතාලයේ ගිනිඅවි සෙල්ලමෙන් කිසිවකුට වරදක් නොකළ අහිංසකයකුගේ ජීවිතය නැවත නොඑන පරිදි බිලිගෙන හමාරය. (නි)

:       0       0

සිල්වා Thursday, 28 August 2014 07:54 PM

පාතාලේ හැමෝටම ගිනි අවි තිබෙනවා. අපේ රටේ පාතාලය කියාගත් පිරිසක් ඉන්නවා.හැම නගරෙකටම වගේ පොලිසියකුත් තියනවා. අද වෙනකොට අහිංසකයින් කී දෙනෙක් මැරිලා තියනවද? ඇයි ගිනිඅවි අත්අඩංගුවට අරගෙන පාතාලය මර්දනය කරන්න බැරි? (නි)

:       0       0

රවිඳු ශ්‍රීමාල් Thursday, 28 August 2014 01:09 PM

නැහැ,ඒ අම්මලා තාත්තලා වැරදියි.. ඔය වගේ අය උල තියලා මරන්න ඕන.. එතකොට තමා තව එකෙක් ඒ වගේ දෙයක් කරන්න බය වෙන්නේ.. අනික රටේ නීතියක් කියලා එකක් තියෙනවනේ.. ඒක තදට තියෙන්න ඕන හැමෝටම එක විදියට.. ගිනි අවි හමුදාවේ සහ පොලිසියේ අයට විතරක් තිබුණාම ඇති.. අනිත් දේවල් නැති කරන්න නීතිය වග බලාගන්න ඕන. (අ)

:       0       0

රුවන් Monday, 25 August 2014 01:16 PM

මෙම අසරණ මාපියන්ගේ කතාව සහතික ඇත්ත. අශ්වයා ගියාටපසු ස්තාලේ වහලවැඩක් නැහැ. පාතාලය, මත්ද්‍රව්‍ය,නීතිවිරෝධී වැඩ කරන සියලුම අයට නීතියෙන් හෝ අවනීතියෙන් දඬුවම් කරන්න ඕනේ, මෙම තරුණයට නිවන්සුව ලැබේවා. (අ)

:       0       0

රොබින් Thursday, 28 August 2014 07:22 AM

නීතියෙන් හෝ අවනීතියෙන් අසරණ තරුණයන්ට නිවන්සුවට පාර කැපූ කුඩු ගෙන්වන්නන්ට ශාප වේවා! දුප්පත් ජනතාවගේ මුදල් හොරාකන්නන්ට ශාප වේවා! නීතියක් නැති පාතාලය, මත්ද්‍රව්‍ය,නීතිවිරෝධී වැඩ කරන සියලුම කුඩු, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනිඅවි හැම තැනම පැතිරෙන එක වළක්වන්න පියවර ගන්න. (අ)

:       0       0

වර්ණ Thursday, 28 August 2014 06:40 AM

ඇදෙ කාලේ මත්පැන් පානය කර රිය පදවා මිනිස්සු යටකර යන රටක මෙවැනි දරුවෙක් අකාලයේ නැති වීම ලොකු දුකක් . ඔහුට නිවන් සැප ලැබේව ! (අ)

:       0       0

සුදත් රොහා් Thursday, 28 August 2014 06:33 AM

ලොව අන්තවාදී ත්‍රස්තවාදීන්ට මුදල් උපයා දෙමින් අපේ රටට කුඩු ගෙන්වන ,බෙදා හරින ,සියලු දෙනාටම ශාප වේවා !!!මෙම තරුණ දරුවාට නිවන්පුර රුවන්දොර ඇරේවා ! (අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 27 August 2014 10:59 PM

කුඩු ගෙන්වන්නන්ට ශාප වේවා! දුප්පත් ජනතාවගේ මුදල් හොරාකන්නන්ට ශාප වේවා! (නි)

:       0       0

චාමික Wednesday, 27 August 2014 09:02 AM

රටේ මොනවා කුඩු තිබුනත් වුනත් මට මොකුත් වුනේ නැනේ කියල හිතන අපිට හොද පාඩම්. මේ රටේ තිබෙන දුරාචාරවලට ඉඩදී නිහඬව සිටීමත් ඒවාට අනුබල දීමක්. එනිසා අපිත් මතක තියාගන්න ඕනේ හෙට මේක මට මගේ සැමියාටත් වෙන්න පුළුවන් දෙයක් කියන එක. (නදී)

:       0       0

බණ්ඩාර Wednesday, 27 August 2014 03:39 AM

මෙවන් රටක සාධාරන සමාජයක් බලාපොරොත්තු විය නොහැක. (නි)

:       0       0

සමන් පෙරේරා Tuesday, 26 August 2014 04:29 PM

වේගයෙන් සංවර්දනය කරා යන අපේ රටට දෙයියන්ගේම බැල්ම ලැබේවා, රත්තරන් පළදින්න බැහැ හැම තැනම මංකොල්ල කනවා ස්ත්‍රී දුෂණ, කුඩු, මත් පැන්, කෝ රටේ නිතිය (නදී)

:       0       0

කුමාරි Tuesday, 26 August 2014 11:40 AM

පවු අහිංසකයා. තාත්තා වගේ පුතෙක් හදන්න අන්ජනා දුව. ඔයාට ශක්තිය ධහිරිය ලැබේවා! යසන්ත පුතාට නිවන් සුව! ඒ මව්පියන්ගේ අපේක්ෂාව අපෙත් අපේක්ෂාවමයි. (නදී)

:       0       0

සෑම් Tuesday, 26 August 2014 04:31 AM

මම මෙම විපත්තිය ගැන හරිම කණගාටු වෙනවා.ඒ වගේම එතුමාට අමා මහ නිවන් සුව පතනවා. (නි)

:       0       0

සෙනරත් Tuesday, 26 August 2014 03:28 AM

මේවට හැමෝම වගකියන්න ඕනේ.(දී)

:       0       0

සේරම් Tuesday, 26 August 2014 03:23 AM

මේ දෙමාපියෝ කියන්නේ අමුතු කතාවක්නේ (දී)

:       0       0

නැනි Tuesday, 26 August 2014 03:21 AM

කුඩු වලට හවුල් සැමටම සාපවේවා ! (දී)

:       0       0

සුමිත් Monday, 25 August 2014 03:05 PM

පාතාලය, මත්ද්‍රව්‍ය,නීතිවිරෝධී වැඩ කරන සියලුම අයට නීතියෙන් හෝ අවනීතියෙන් දඬුවම් කරන්න ඕනේ, මෙම තරුණයාට නිවන්සුව ලැබේවා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site