ජනතා උද්ඝෝෂණ, කැලඹිලි බවට පත්ව කැරැලි ලෙස ප්‍රකාශයට පත්වීමට තිබෙන ඉඩකඩ වැඩිය. ජනතා උද්ඝෝෂණය තුළ තිබෙන්නේ ජනතාවගේ හඬය. හඬ තුළ තිබෙන්නේ ජනතාවගේ ප්‍රශ්න වේ. උද්ඝෝෂණයේ අරමුණ වන්නේ තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමේ අවශ්‍යතාව වේ. ඒ වෙනුවෙන් අදාළ බලධාරීන් සංවේදී කරවා ගැනීමවේ. එම සංවේදී නොවීම තුළ ජනතා කැලඹිලි ඇතිවී ඒවා කැරැලි ලෙස පුපුරා යාමට පටන් ගනී, එවිට විසඳුම් සෙවීමට සිදුවන්නේ මුල් ප්‍රශ්නයට නොව අවසන් ප්‍රතිඵලයට වෙයි.
2021 වසර තුළ අප රටක් ලෙස අත්විඳිමින් සිටින්නේ පෙර දක්වා ඇති පරිසරය වේ. තවමත් තිබෙන්නේ කැලඹිලි පියවරේය. එහෙයින් රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රමාණයට සංවේදීවීමට තවමත් කල් තිබේ.
ජනතාව ජීවත්වන්නේ අතිශයින්ම පීඩාකාරි පරිසරයකය. කොවිඩ් මාරක වසංගතය දෙවසරක් පුරා අප රටට වද දෙමින් තිබේ. එන්‍නත්‍කරණය හරහා එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් සිටියද එයින් ජනිත අතුරු ප්‍රශ්නවලට කල් පවත්නා විසඳුම් ඉක්මනින් ලැබී නැත. ජනතා අසහනය අතු ඉති රිකිලි සහිතව වැඩෙන ගසක් මෙන් වර්ධනය වෙමින් තිබෙන්නේ එහෙයිනි. පොහොර ප්‍රශ්නය ජනතාවගේ අසහනය ‘කෝපයක්’ දක්වා වර්ධනය කිරීමට හේතුවිය. එළවළු මිල දරාගත නොහැකි ලෙස ඉහළ නැගීමට ප්‍රධාන හේතුවක් වන්නේ පොහොර ප්‍රශ්නය බව වසන් කළ නොහැකි යථාර්ථය වේ.
පොහොර ප්‍රශ්නය මතු වුයේ එක රැයින් සීරු මාරු වීමෙනි. එය උපාය මාර්ගික දුබලතාවකි. සැබැවින්ම කාබනික පොහොර ව්‍යාපෘතිය මේ බිම ඉල්ලා සිටි විප්ලවීය පරිවර්තනයකි. එහෙත් එයට යා යුතුව තිබුණේ ක්‍රමානුකූලවය. එය එසේ නොවුයේ ‘‘කේවට්ටයන්ගේ උපදෙස් නිසා’’ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මාධ්‍යයට කියා තිබිණි. තම කාබනික පොහොර ව්‍යාපෘතියට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් නිසි සහයෝගයක් නොලැබුණ බව කතුවරුන්ගේ හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ කාබනික පොහොර ව්‍යාපෘතියට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හා පරිසර අමාත්‍යාංශයෙන් කිසිදු සහයෝගයක් නොලැබුණු බවය.
කාබනික පොහොර ව්‍යාපෘතිය අසාර්ථකවීමට බලපෑ සාධක ඒ අනුව පැහැදිලිය. මෙය වූ කලි ‘කඩිනම් මහවැලිය’ මෙන් තනි ව්‍යාපෘතියක් නොවේ. කාබනික පොහොර ව්‍යාපෘතිය නියත වශයෙන්ම ජනයාගේ ආහාරදාමය සමග බද්ධ වූවකි. මිනිසුන් බඩගින්නේ තැබිය නොහැකිය. මිනිසුන්ට බඩගින්නේ සිටීමට සිදු වුවහොත් ඊළඟට අාදේශ වන්නේ හොරකමය. කොල්ලකෑම්ය. රන් මාලය කඩා ගැනීමට මහ පාර මැද ගෙල කපා වෙන් කරන සාහසික පරිසරයක්ය. එබඳු පරිසරයක් සහිත රටක් රටක් නොවේ. එය චිකාගෝවකි එබඳු චිකාගෝවක කිසිවකුගේ පැවැත්ම තහවුරු නොවේ.
නිසි විධිමත් සංවිධාන ජාලයක්, අන්තර් සබඳතාවක්, සන්නිවේදනයක් හා දැනුවත් කිරීමකින් තොරව කාබනික පොහොර ව්‍යාපෘතිය ලත් තැනම ලොප් විය. රටට බත සපයන ගොවියා ඉන් අසරණ විය. වගාවෙන් දරු පවුල රක්ෂා කළ ගොවියාට මුහුණ දීමට සිදුවුයේ දරු පැටවුන්ගේ බඩගින්න නිවා දැමීමේ ප්‍රශ්නයටය. ඇතැමෙක් ගොවිතැන අත්හැර දැමූහ. කාබනික පොහොර යෙදීමෙන් අපේක්ෂිත අස්වැන්න නොලැබී ගියේය. එළවළු හිඟවිය. තිබෙන එළවළුවල මිල ඉහළ ගියේය. එම තත්ත්වය පොදුවේ සකල ජනයාටම බලපෑවේය. විශේෂයෙන්ම ලෝක වසංගතයක් ඉදිරිපිට රට‘ රසායනාගාර මීයන්’ බවට පත් කිරීමට යාම ප්‍රශ්නය තවත් උග්‍ර කළේය.
ජනතා විරෝධය පැන නැගුණේ ඒ හේතුවෙනි. ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා තිබුණේ ‘‘බඩු මිල තවත් වැඩි විය හැකි’’ බවය. ඇමැති රමේෂ් පතිරණ කියා සිටියේ ‘පොහොර ප්‍රශ්නය පෙබරවාරි මාසය වනවිට විසඳේවි’ කියාය. ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් කියන්නේ ‘‘ජනතාවට සහන දෙනවාට කැමති නෑ’’ කියාය. එස්.බී දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ ආනයනය කරන මුදලටම ඉන්ධන ලබාදිය යුතු බවය.
එළැඹ ඇත්තේ අඳුරේ අතපත ගාන මොහොතක් නොවේ. අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියක සිරස්තලය වූයේ ‘‘ නව වසර ඔන්න මෙන්න! කිරිබත් උයන්නවත් ගෑස් නෑ’’ යනුවෙනි. රටේ ඇත්ත තත්ත්වය එපරිදිය. බඩගිනි සිංහයන් අවදිවීම අතිශයින්ම භයානකය. අවධානය යොමු කළ යුත්තේ දැන් තිබෙන තත්ත්වය ගැන නොව එළැඹිය හැකි තත්ත්වය සම්බන්ධයෙනි. විසඳුම දිය යුත්තේ එයටය.
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අඳුරේ අතපත නොගා ප්‍රශ්නයට මුහුණ දෙමු