X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


අපි මේ රකින්නේ ආණ්ඩුව නොවෙයි රට

කැලඹුණු, ගිනියම් දින කිහිපයකට පසුව රට තුළ සන්සුන් සංහිඳියාවක් නිර්මාණය වී තිබේ. රටේ මොකද්ද වෙන්නේ? පෙළ ගැසෙන සිදුවීම් රටේ අනාගතයට කරනු ලබන බලපෑම කවරාකාරද? ඒ පිළිබඳව විමසීමට අපි ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවීමු. මේ ඒ කතාබහය.

 

 

 ප‍්‍රශ්නය - ආණ්ඩුවක් එක්ක තිබුණු හබය අවසන්? 
 පිළිතුර - හබය අවසන් නෑ. ඒ හබය තවදුරටත් පවතිනවා. නමුත් විසඳෙමින් යන බවක් පේනවා.

 


 ප‍්‍රශ්නය -  ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් මොනවද ඔබට කිව්වේ. යෝජනා හොඳයි කිව්වද? 
 පිළිතුර -  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සමග ඒ අයගේ ඉල්ලීම පරිදි අපි සාකච්ඡුා කළා. ජනාධිපතිතුමා ඒ අයට බලය පවරලා තිබුණා ඒ අයට සාකච්ඡා කරන්න. එහිදී අපේ යෝජනා පිළිබඳව ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවක් තිබෙන බව බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා ප‍්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නායකයන් ප‍්‍රකාශ කළා. සමහර කරුණු ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළා.

 


 ප‍්‍රශ්නය -  සාකච්ඡා​ව කොච්චර වෙලා ගියාද?
 පිළිතුර - පැය තුනක පමණ කාලයක් සාකච්ඡුාව සිදුවුණා. අපි කියා සිටියා මේ යෝජනා පිළිගැනීමෙන් පමණක් සෑහෙන්න බෑ. ඒ සඳහා කි‍්‍රයාකාරී සැලැස්මක් අවශ්‍යයි කියලා. අපි දෙගොල්ලෝ එකට එකතුවෙලා ඒ කි‍්‍රයාකාරි සැලැස්ම හදන්නත් ඉන් අනතුරුව එය ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්නත් ඒ අනුව එයට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබීම හෝ නොලැබීම මත ඉදිරි කටයුතු තීරණය වෙන තත්ත්වයක් තියෙන්නේ.

 


 ප‍්‍රශ්නය -  ඔබ පසුගිය කාලේ දිගින් දිගටම ආණ්ඩුවට ගැහුවා. 
 පිළිතුර -  ආණ්ඩුවේ වැරැුදි කි‍්‍රයා මාර්ග පෙන්නුවා. මෙහෙම ගිහින් බෑ කියලා කිව්වා. නිවැරැුදි කරගත යුතු තැන් වහාම නිවැරැුදි කර ගත යුතුයි කියලා පෙන්නුවා.

 


 ප‍්‍රශ්නය - ඔව්! එහෙම කරපු ඔබ එදා 17 දා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ආරක්ෂකයා බවට පත්වෙනවා?
 පිළිතුර - මේ රකින්නේ ආණ්ඩුව නොවෙයි. මේ රකින්නේ රට. අන්තර් ජාතික යුද අපරාධ පරීක්ෂණ කණ්ඩායමට මේ රටට එන්න ඉඩ දෙනවද නැද්ද කියන කාරණයයි පාර්ලිමේන්තුවට ගෙනාපු යෝජනාව. එම පරීක්ෂණ කණ්ඩායමට මේ රටට එන්න ඉඩ දුන්නොත් දැනටමත් ඔවුන් ඉන්න නිගමනය වර්ණ ගැන්වෙන නිගමනයක් බවට පත්වෙනවා. එතැනින් එහාට සිද්ධ වෙන්නේ ජනාධිපති සේනාධිනායකයාවයි, රණවිරුවන්ටයි බිල්ලට යෑම පමණක් නොවෙයි. එතැන් සිට දිගේලිවන්නේ මුළු මහත් රටම බටහිර රටවල්වල න්‍යාය පත‍්‍රයට යටත්ව දැනට මැද පෙරදිග රටවල්වල ඇතිවී තිබෙන විශාල වියවුල්සහගත තත්ත්වයකට මේ රට ඇද වැට්ටවීමයි. ඒ නිසා මේක රට පිළිබඳ ප‍්‍රශ්නයක්. මේ වෙලාවේ මම ආණ්ඩුවත් එක්ක ගැටෙමින් ආණ්ඩුවෙන් එළියේ හිටියත් විරුද්ධ පක්ෂයේ වාඩිවෙලා හිටියත් මේ යෝජනාවට පක්ෂව ඡුන්දය දෙනවා. අපට එහෙම දේශපාලන සදාචාරයක් තියෙන්න  ඕනෑ.

 


 ප‍්‍රශ්නය - වැරැදි කරලා නැත්නම් බය වෙන්නේ මොකටද කියන ප‍්‍රශ්නයත් බැහැර කරන්න බෑ.
 පිළිතුර - පොඞ්ඩක් ඉන්න. මේ එන්නේ රතුපස්වල ගැනවත් වෙනත් මොකවත් දෙයක් ගැන හොයන්න නොවෙයි. ඒවා බොරුවට කිව්වට ඒවා වටේ සැරසිලි විදියට තිබ්බට මේ අය එන්නේ වෙන මොකටවත් නොවෙයි. ඉතාම පැහැදිලිව යුද්ධයෙ අවසන් කාලයේදී යුද අපරාධ වුණාද නැද්ද කියලා හොයන්න. දැනටමත් ඒ අය ඉන්න නිගමනය හැඩ ගන්වන්න. එතකොට ඒ අය යුද අපරාධ වුණා කියලා නිගමනය කරලා ඒ සම්බන්ධ නඩුවක් අන්තර් ජාතික යුද අපරාධ අධිකරණයේ විභාග කිරීම ආරම්භ කරනවා. එහෙම කරලා චූදිතයන්ට වරෙන්තු නිකුත් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තවදුරටත් අපකීර්තියට පත් කරන්න. ශ්‍රී ලංකාව කියන්නේ සමහර අර අපි‍්‍රකානු රටවල් වගේ ගෝති‍්‍රක වශයෙන් මරාගන්න රටක් බවට මතය හදන්න. ඉතින් ඒ නිසා මේක රටට එරෙහි අභියෝගයක්. ආණ්ඩුවේ ගමන් මග පිළිබඳව මොන විවේචන අපට තිබුණත් මේක රටත් එක්ක බැඳිච්ච ප‍්‍රශ්නයක්. අපි එතැනදි ආණ්ඩුවෙන් එළියේ හිටියත් අපි මේ ප‍්‍රශ්නය වෙනුවෙන් පෙනී ඉන්නවා. මොකද අපි මේ යුද්ධය කරන්න කියලා ආණ්ඩුව පොළඹවපු අය. මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වෙනුවෙන් බලයට ගේන්න කැපවුණු අය. ඒ දේ කිරීම නිසා එනවා නම් අන්තර් ජාතික වටලෑමක් ඒකට විරුද්ධ නොවී ඉන්න අපට බෑ.

 


 ප‍්‍රශ්නය -  යුද්ධය අවසන්වෙලා පස් අවුරුද්දක් ගතවෙනවා. ඇයි ඔය කියන බලවේග තවදුරටත් මේ රට පස්සෙන් පන්නන්නේ?
 පිළිතුර -  ඔබ අමතක කරන්න එපා කොටි සංවිධානය විනාශ වෙනවා කියලා පෙනිච්ච ගමන් මිලි බෑන්ඞ් සහ බර්නාඞ් කුෂ්නර් කියන ප‍්‍රංශ හා මහා බි‍්‍රතාන්‍ය විදේශ ඇමැතිවරුන් දෙන්නා ලංකාවට ආවා. එහෙම ඇවිත් ඔවුන් තදබල ලෙස කියා සිටියා වහාම යුද්ධය නවත්වන්න කියලා. ඒ වගේම යුද්ධයේ අවසන් දින කිහිපයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ මහ ලේකම්වරයා මේ රටට එන්න හැදුවා. අන්තිමට ජනාධිපතිවරයට සිදුවුණා ඔහු එන එක වළක්වන්න රටින් මගහැර ඉන්න. ඊළඟට ඇමෙරිකා එක්සත් ජනපදයෙ මැරයින් බළකාය ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු තීරයේ තියෙන ජාත්‍යන්තර මුහුදු තීරයේ ඔවුන් නැංගුරම් දාගෙන හිටියා ප‍්‍රභාකරන් ඇතුළු පිරිස බේරාගන්න. මේවා විශාල වශයෙන් රටට අනාවරණය නොවුණු කරුණු. ඒ නිසා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට උවමනාවෙලා තිබුණ වේළුපිල්ලේ පිරබාහරන් බේරාගන්න. පොට්ටු අම්මාන් බේරා ගන්න. කොටි නායකයන් බේරාගන්න. ඒකට ජනාධිපතිවරයා ඉඩ දුන්නේ නෑ. එහෙම නායකයන්ට ලෝකයේ ඉන්න දෙන්න බෑ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් කල්පනා කරන්නේ එහෙමයි. 

 


 ප‍්‍රශ්නය - නමුත් ඇමැතිතුමනි! ඔය අන්තර්ජාතික ප‍්‍රශ්නවලට මුහුණ දිය යුතු රාජ්‍යතාන්ති‍්‍රක පිළිවෙතින් බැහැරවීම නිසා නේද මේ ප‍්‍රශ්න මෙච්චර උග‍්‍ර වුණේ?
 පිළිතුර -  නෑ. මෙතැන තියෙන්නේ එහෙම ප‍්‍රශ්නයක් නොවෙයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට පෙන්වන්න  ඕනෑ අපි කියන දේ නාහන අයට වෙන්නේ මෙන්න මේකයි කියලා. ඇයි ලිබියාවේදී ගඩාපිට මහ මගදී ගහලා ඒ විදියේ අශෝභන මරණයක් උරුම කළේ? ඒකෙන් පෙන්නුවේ වෙන මුකුත් නොවෙයි, අපිට පිටින් ගියොත් පාරේ තමයි මැරුම් කන්න වෙන්නේ කියලා. ඒ නිසා මේක තේරුම්ගන්න  ඕනෑ. මේ තියෙන්නේ එක්සත් ජනපදය පිටිපස්සෙන් ඉඳගෙන මේ රට බෙදන්න ගිය සැලැස්ම අවුල් වුණා. ඒක අවුල් කරන නායකයන්ට ඉන්න දෙන්න බෑ. ඒක අවුල්කරන අයට කොහොමින් හරි පලිගන්න  ඕනෑ. ඒ වගේම ඒක පුද්ගල පලිගැනීමකින් නතර වෙන්නේ නෑ. රටින්ම කරන පලිගැනීමක් බවට පෙරළනවා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මේ රට බෙදන්න. මේ රට අස්ථාවර කිරීමේ මෙහෙයුම සිද්ධ වෙන එකයි. මේ රට තවත් ලිබියාවක් ඉරාකයක් වගේ මැද පෙරදිග රටක් බවට පත් කිරීමයි. 

 


 ප‍්‍රශ්නය -  හොඳයි මෙතැනින් එහාට කුමක් වෙයිද?
 පිළිතුර - දැන් මේගොල්ලෝ මේ පරීක්ෂණ කණ්ඩායමක් ලංකාවට එවන්න හදනකොට ශ්‍රී ලංකා රජය එපා කියනවා. එතකොට මේ ගොල්ලෝ ඔය තියෙන අන්තර් ජාල මාධ්‍ය පාවිච්චි කරමින් සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි එකතු කළා කියලා කියයි. ඒ වගේම මම දැක්කා පුවත්පත්වල තියෙනවා ට‍්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් එකෙන් මීගමුව පැත්තේ හෝටලයක දෙමළ කට්ටියට සාක්කිදීම කොහොමද කරන්නේ කියලා උගන්වන වැඩමුළුවක් පැවැත්වුණා කියලා. ඉතින් එහෙම පුහුණු කරපු අය ලංකාවේ තැන් තැන්වල ඉඳගෙන ඔවුන් පුහුණු කරලා තියෙන විදියට කට උත්තර ගනී. එහෙම සාක්කි අරගෙන සුදු කොඩි අරගෙන ආපු අය මැරුවැයි කියන එක, සමූහ ඝාතන වුණා කියන එක පොකුරු බෝම්බ පාවිච්චි කලා කියන එක වගේ මානව අපරාධයක් වුණා කියලා ඒක සනාථ වුණා කියලා කියයි. ඊට පස්සේ මාර්තුවල ඒක ජිනීවාවලදී ඡුන්දවලින් සම්මත කරලා අවසන් වාර්තාව ඉදිරිපත් කරයි. ඒ එක්කම වාර්තාව එයි. අන්තර් ජාතික යුද අධිකරණයෙන් නඩු විභාගයක් පටන්ගන්න වෙනවා. ඒ නඩු විභාගය පටන් ගන්නකොටම චූදිතයන්ට වරෙන්තු නිකුත් කරනවා. සේනාධිනායකයා හැටියට ජනාධිපතිතුමාට, ආරක්ෂක ලේකම්වරයාට හා හමුදා ප‍්‍රධානීන්ට  ඕක තමයි වෙන්නේ.

 


 ප‍්‍රශ්නය -  මේ සැලැස්ම ඇතුළේ ”රෙජිම් චේන්ජ්” එකක් ගැන ඔබ නිතර කියනවා. මොකද්ද මේ රෙජිම් චේන්ජ් එක.
 පිළිතුර - ඔව්! ඒ විදියට වරෙන්තු නිකුත් කළාට වැඩක් නෑ, වර්තමාන පාලනයම නම් බලයේ තිබෙන්නේ. එතකොට බටහිරට  ඕනෑ මෙන්න මේ මාර්තු වෙනකොට වරෙන්තු නිකුත් කරන වෙලාවට කලින් මෙතැන රෙජිම් චේන්ජ් එකක් වෙන්න. පාලන තන්ත‍්‍රයේ වෙනසක් වෙන්න. මාර්තු වෙනකොට වරෙන්තු නිකුත් කරනවා නම් ඔවුන්ට  ඕනෑ ඊට කලින් වර්තමාන පාලනය පෙරළන්න. ඒ සඳහා වූ මෙහෙයුමකුත් අද යනවනේ. සිංහල-මුස්ලිම් ගැටුම කියලා කියන්නෙත් ඒ බටහිර සැලැස්මට අනුව සිදුවන මෙහෙයුමක්.  ඕක එහෙම වුණාට පස්සේ ඔවුන්ට පුළුවන් ඊළඟට එන පාලනය සම්පූර්ණයෙන්ම බටහිරට ගැති පාලනයක් බවට පත්කර ගන්න. එමගින් පුළුවන් දෙමළ ජාතිවාදී අභිලාෂයන් සංතෘප්ත කරවන්න. ඒ වගේම සුළු ජාතිවාදී කල්ලිවලට අනුව නැටවෙන රටක් නිර්මාණය කරන්න. රටේ අස්ථාවරභාවය ඇති කරන්න. ඒ වගේ විශාල මෙහෙයුමක් ඔවුන් දියත් කරනවා. ඒ සියල්ලම සමගාමීව යන්නේ. මේකෙන් පස්සේ සිද්ධ වෙන්නේ ඒ ටික.

 


 ප‍්‍රශ්නය - ඉතින් ඔය ඔබ කියන වටලෑමට සරිලන ප‍්‍රමාණයෙන් මුහුණ දෙන්න ආණ්ඩුව සමත්ද?
 පිළිතුර - මෙතැනදි දෙපැත්තක් තියෙනවා. ආණ්ඩුව මේ පරීක්ෂණ කණ්ඩායමට ලංකාවට එන්න නොදෙන තීරණය හරි. ආණ්ඩුවේ තියෙන අඩුපාඩුව තමයි මේ වගේ අභියෝගයක් තියෙන වෙලාවක ආණ්ඩුවට එල්ල කරලා තියෙන ඇතැම් චෝදනාවන් හරියට සළකා බලලා ඒ අඩුපාඩු හා දුබලතා නැතිකර ගැනීමට තිබෙන කැපවීම ජනතාවට පැහැදිලිව පෙන්වන්න  ඕනෑ. ඒ වගේම මහජනතාවත් එක්ක විශාල සංවාදයක් අපි මෙතැනදි ගොඩනගන්න  ඕනෑ. මේක විදේශ අමාත්‍යාංශයට පමණක් අයිති කාර්යභාරයක් නොවෙයි. පුළුල් කණ්ඩායමකින් මේ කි‍්‍රයාදාමය මෙහෙයැවෙන්න  ඕනෑ. ඒ වගේම මහජනතාව අතරට මේ ප‍්‍රශ්නය අරගෙන යන්න  ඕනෑ. අන්තර් ජාතික තලයේත් ශ්‍රී ලංකාව අපට තියෙන මිත‍්‍ර හා මධ්‍යස්ථ රටවල් තවදුරටත් දිනා ගැනීම සඳහා තවදුරටත් කි‍්‍රයාමාර්ග ගන්න  ඕනෑ. රටේ ජනතාව වෙන මොන ප‍්‍රශ්නයේදී ආණ්ඩුව සමග නොසිටියත් මේ ප‍්‍රශ්නයේදී ආණ්ඩුවත් සමග ඉන්න  ඕනෑ. අද මේ ගොල්ලෝ බලන්නේ මේ ප‍්‍රහාරය එනකොට රටේ කුළල් කා ගැනීමේ තත්ත්වයක් ඇති කරන්න.

 


 ප‍්‍රශ්නය - අලූත්ගම-බේරුවල සිද්ධ වුණේ මොකද්ද? ඔබ කොහොමද ඒක විග‍්‍රහ කරන්නේ.
 පිළිතුර - ඒ සිදුවීම් හුදකලාව සාකච්ඡුා කරන්න බෑ. මේක පහුගිය කාලේ ආපු කි‍්‍රයාදාමයක තර්කානුකූල තත්ත්වයක්. සමහර සිංහල බෞද්ධ කොටස් අතරේ යම්කිසි සැක සංකාවක් ඇති කරලා තියෙනවා. මේ රටේ ඉස්ලාම් ව්‍යාප්තවාදයක් සිදුවෙනවා කියලා. ඒ වගේම ඉස්ලාම් අන්තවාදයක් තියෙනවා කියලා. එහෙම එකක් තියෙනවානම් ඒක අපි විසඳගන්න  ඕනෑ ඉතා ඥානාන්විත ක‍්‍රමෝපාය පාවිච්චි කරලා. ඒකට මුුහුණ දීලා ජයගන්න  ඕනෑ එහෙම. නමුත් ඒ වෙනුවට වෙන්නේ ඉස්ලාම් අන්තවාදයක් තියෙනවානම් ඒක තහවුරු වන ආකාරයේ කි‍්‍රයාමාර්ග හරහා සිංහල සමාජය ඇදගෙන යාමයි. ඒක හතුරට  ඕනෑ දේ. අද කාටද  ඕනෑ සිංහල බෞද්ධයා සෙසු ජන කොටස් මරා ගන්නවා කියලා ලෝකයට පෙන්වන්න. ඒකෙන් කාටද වාසි. කළු ජූලියෙන් වාසි වුණේ සිංහල බෞද්ධයාටද? එල්.ටී.ටී.ඊ. එකටද? කළු ජූලියෙන් පස්සෙනේ එල්.ටී.ටී.ඊ. එක මරාගෙන මැරෙන මිනිස් බෝම්බ හදාගත්තේ. දෙමළ ඩයස්පෝරාව හදාගත්තේ ඊට පස්සෙයි. කළු ජූලියේ පින්තූරනේ ලෝකයේ අනුකම්පාව දිනාගන්න ලෝකයාට පෙන්නුවේ. එතකොට කළු ජූලියෙන් සම්පූර්ණයෙන්ම උදව් කළේ එල්.ටී.ටී.ඊ.යට. ඒ වගේම මුස්ලිම් සමාජයේ අන්තවාදයක් තියෙනවා නම් දැන් ඒක සුළුතර අන්තවාදයක් නම් ඒක බහුතර අන්තවාදයක් බවට පෙරළීමට සමත් කි‍්‍රයාමාර්ග තමයි ඒකට විරුද්ධ යැයි කියමින් මේ ගනිමින් සිටින්නේ. ඒක බටහිරට  ඕනෑ දේ. සිංහල බෞද්ධයාගේ හා ගෞරවණීය භික්ෂුන් වහන්සේගේ ප‍්‍රතිරූපය අන්තර් ජාතිකව අපකීර්තියට පත්කිරීමේ දීර්ඝකාලීන මෙහෙයුමක් තියෙනවා. බුද්ධ චීවරයට ගැරහීමේ මෙහෙයුමක් තියෙනවා. කැලේ ගහක් නසන්න පුළුවන් කැලේ ගහක්ම පාවිච්චි කරලා තමයි. දැන් මේ වෙන්නේ සිංහල බෞද්ධ යැයි කියාගන්නා තලේබාන්වාදයකුත් මේ පැත්තෙන් ඇවිත් තියෙනවා. අනික් පැත්තෙන් මුස්ලිම් සමාජයේ ඉන්නවා සවුදි අරාබි පන්නයේ සංවිධානවලින් ආධාර උපකාර අරගෙන මුස්ලිම් ජන සමාජය ශ්‍රී ලාංකික මුස්ලිම් ජන සමාජයක් වෙනවා වෙනුවට තලේබාන් පන්නයේ මුස්ලිම් ජන සමාජයක් බවට පත්කැර ගැනීමේ මෙහෙයුමකුත් තියෙනවා. 

 


 ප‍්‍රශ්නය - ඔබ ඔය කියන සිංහල බෞද්ධ තලේබාන් පන්නයේ සංවිධානවලට රජයේ ප‍්‍රබලම පිරිස අනුග‍්‍රහය දක්වනවා?
 පිළිතුර - එහෙම චෝදනාවක් තියෙනවා. නමුත් මම ඒක තාමත් පිළිගන්නේ නෑ. මම හොයලා බැලූවම මට එහෙම දෙයක් පේන්නේ නැහැ. හැබැයි ඒ අය එහෙම පෙන්වන බව පේනවා. ඒ අයගේ හැසිරීමෙන්, තතාබහෙන් ඒ අය එහෙම දෙයක් පෙන්වන්න හදන බවක් පේනවා. ඉතාම පැහැදිලියි. ආණ්ඩුවේ කවුරු හරි කෙනෙක් ඒකේ පිටිපස්සේ ඉන්නවා නම් ඒක තරම් තකතීරුකමක් තවත් නැහැ. මේක මේ නෝර්වේ සල්ලිවලින් කරන කොන්ත‍්‍රාත්තුවක්. මේ අය කොහේද හිටියේ එල්.ටී.ටී.ඊ.යට එරෙහිව යුද්ධ කරපු කාලේ. 2010 ජනාධිපතිවරණයේදී ඔය බලසේනාවේ ප‍්‍රධාන ස්වාමීන් වහන්සේ උදව් කළේ සරත් ෆොන්සේකාට. උන්වහන්සේ කොටුවේ උපවාසයක් කළා ”මහින්දxඩග්ලස්” හොර ගිවිසුම හෙළි කරනු” කියලා. එතකොට ඒ ස්වාමීන්වහන්සේ තමයි ඔය බලසේනාවේ ප‍්‍රකාශිත නායකයා වුණේ. නමුත් මේක පිටිපස්සේ නෝර්වේ ඒජන්තයො ටිකක් ඉන්නවා. ඒ අය තමයි මේ ව්‍යාපාරය පිටිපස්සේ ඉන්නේ. ඒ අයට  ඕනෑ මොකද්ද? අරහෙන් සවුදිය පිටිපස්සේ ඉන්නේ ඇමරිකාව. නෝර්වේ පිටිපස්සේ මෙහෙන් ඉන්නේ ඇමරිකාව. සවුදි සල්ලි එනවා අර අන්තවාදයට. නෝර්වේ සල්ලි එනවා මේ අන්තවාදයට. අන්තිමට මේ දෙපැත්තෙම ඉන්න අශිෂ්ට සුළු පිරිස අතින් ශිෂ්ට බහුතරය වැනසෙනවා. අද මේක අනුමත කරන්නේ නැහැ. අනුමත නොකරන බහුතරය නිහඬයි. ඒකයි මෙතැන තියෙන ලොකුම වැරැුද්ද. මේ ම්ලේච්ඡ කි‍්‍රයාකාරිත්වය නතර කළ යුතුයි. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා මුලින්ම කළේ රටේ පාලකයාගේ බුද්ධිය පරීක්ෂා කිරීමයි. එහෙම බුද්ධි පරීක්ෂණයක් කරලයි මේ රටට බුදු දහම දායාද කරනවද නැද්ද කියලා තීරණය කළේ. දේවානම්පියතිස්ස රජතුමා බුද්ධිමත්. බුද්ධාගම කියන්නේ බුද්ධිය සමග ගැළපෙන දහමක්. ”එව බලව!” කියලයි කිව්වේ. එහෙම නැතිව යම්කිසි ගැටලූවක් තියෙනවා නම් මහා අමනුෂ්‍ය ගැටුමකට මිනිස් සමාජය පොළඹවන දහමක් නොවෙයි. ඒ නිසා රජතුමාගේ බුද්ධිය මැනලා තමයි බුදු දහම රෝපණය කළේ. බුදු දහම වගේ දහමක් තේරුම්ගන්න පුළුවන් මිනිස් සමූහයක් හිටපු නිසා තමයි බුදු දහම මේ රටේ පැළ වුණේ. වෙන පැළ වෙච්ච තැන්වල ගැලවුණාට තාම මේක මේ රටේ තියෙන්නේ. හැබැයි මෙහෙම ගියොත් බුදු දහම වනසන්න පිට හතුරෝ  ඕන නැහැ. කැලේ ගසක් විසින්ම කැලේ ගස් නසන තැනකට එනවා. මෙතැන කරන්නේ සිංහල බෞද්ධ පේ්‍්‍රමීත්වයේ පෙනුමෙන් සිංහල බෞද්ධ ජන සමාජයම විනාශය කරා ගෙන යාමක්. මුස්ලිම් අන්තවාදය නැති වෙනවද ඔහොම කළාම. මෙහෙම කළාම ඒ අන්තවාදය බලවත් වෙන්නේ නැද්ද? මධ්‍යස්ථ මිනිසාටත් හිතෙන්නේ නැද්ද ඒක හරියි කියලා. ඒ නිසා රජය වහාම කි‍්‍රයාත්මක වෙමින් මේ ප‍්‍රශ්නය විසඳන්න පියවර ගන්න  ඕනෑ. එහෙම නොවුණොත් මේ අශිෂ්ට සුළුතරයට හැකියාව ලැබෙනවා ශිෂ්ට බහුතරය වනසන්න. 

 


 ප‍්‍රශ්නය - ඔබ කියන්නේ මුස්ලිම් අන්තවාදයක් නැහැ කියලා?
 පිළිතුර - මෙහෙමයි, පොසොන් පොහොය දවසෙනේ ඔය භික්ෂුන් වහන්සේ නමකට පහර දුන්නා කියන්නේ. කවුරු හරි ඒක කරපු කෙනා ඒකට පොසොන් දවසම තෝරාගත්තේ ඇයි? පොසොන් දවසෙම මේක කළාමනේ බෞද්ධයාගේ ආවේගය වැඩියෙන් අවුළුවා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට පේනවනේ මේවා වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා රජය මේකේ බරපතළකම තේරුම් අරගෙන මේ අන්තවාදී ප‍්‍රවණතා තුරන් කිරීම සඳහා ගත යුතු කි‍්‍රයාමාර්ග ගත යුතුයි. බෞද්ධයා තුළ තිබෙන අනාරක්ෂිත හැඟීමත් නැති කළ යුතුයි. මුස්ලිම් ජනයා සතුව තිබෙන අනාරක්ෂිත හැඟීමත් නැති කළ යුතුයි. ඒ සඳහා සුදුසු කි‍්‍රයාමාර්ග වහාම කි‍්‍රයාවට නැගිය යුතුයි. අපි ඉදිරිපත් කරපු යෝජනා 12 තුළත් මෙයට අදාළ යෝජනා තියෙනවා.

 

 



අදහස් (0)

අපි මේ රකින්නේ ආණ්ඩුව නොවෙයි රට

හේරත් Wednesday, 02 July 2014 05:43 PM

මමත් ඔබතුමාට එකඟයි (නි)

:       0       0

දිලිනි Tuesday, 01 July 2014 04:20 AM

ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා! (නි)

:       0       0

සනත් Tuesday, 01 July 2014 09:58 AM

පුදුමයි (නදී)

:       0       0

මනෝජ් Wednesday, 02 July 2014 12:25 AM

ඔබතුමාගේ අදහස් හරි කියලා තේරෙනවා...... (නි)

:       0       0

නරා Wednesday, 02 July 2014 11:07 AM

තාමත් මිනිස්සු දේසපාලකයන්ට රැවටෙනවා කියල අදහස් වලින් පේනවා. (දී)

:       0       0

ශ්‍රියා කාන්ති Wednesday, 02 July 2014 01:07 PM

මට පිස්සු වගේ (දී)

:       0       0

මුදිත Wednesday, 02 July 2014 01:07 PM

විරවංශ මහත්තයා හරි, දේශපාලන මතවාද පසක තබා රට වෙනුවෙන් පෙරට එන්න (දී)

:       0       0

මාලිංග Wednesday, 02 July 2014 01:07 PM

රට වෙනුවෙන් අවදි වෙන්න (දී)

:       0       0

මනෝජ් පෙරේරා Wednesday, 02 July 2014 01:21 PM

ඇමති තුමනි ඔයා හරි (නදී)

:       0       0

අනුත්තරා Wednesday, 02 July 2014 01:26 PM

රට වෙනුවෙන් එදා සිට අද දක්වා හඩක් නගපු කෙනෙක් (දී)

:       0       0

එඩ්වර්ඩ් Wednesday, 02 July 2014 04:48 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

විජිත Monday, 30 June 2014 10:29 PM

ඔබ පාර්ලිමේන්තුවේ මේ සම්භන්දව කල කතාව මම ඇහුව ඔබතුමා 1000% නිවැරදියි (දී)

:       0       0

මහින්ද Thursday, 03 July 2014 01:22 PM

පට කන්නාඩි නැතිව බලන්න. (ස)

:       0       0

ධනුක Thursday, 03 July 2014 11:23 PM

විමල් වීරවංශ ඇමැතිතුමා කියන්නේ 100% ක්ම ඇත්ත. අපි රට වෙනුවෙන් හිතුවොත් ගොඩක් හොඳයි (නි)

:       0       0

පාලිත Friday, 04 July 2014 11:13 AM

අලුත්ගම ප්‍රශ්නයේදී දේශපාලකයන් ඡන්දය ඔලුවෙ තියාගෙන ප්‍රකාශ නිකුත් කිරීමෙන් මේ ගැටුම් වැඩිවීමට ඉඩකඩ වැඩිවීමත් මිනිස්සු තුළ ජාතිවාදය ඇවිස්සීමට තවත් හේතුවක්. (ස)

:       0       0

ජි.ඒ.මුදුන්කොඩි. Friday, 04 July 2014 10:02 PM

විමල් සහෝදරයා නියම තත්ත්වය හරියටම තේරුම් ගන්න කෙනෙක්. මේ වෙලාවෙදිත් කියන දේ හරියටම හරි. (නි)

:       0       0

ප්‍රියශාන්ත Sunday, 06 July 2014 11:12 PM

බොහොම හරි මහත්තයෝ (නි)

:       0       0

ජනක Tuesday, 08 July 2014 05:17 PM

විමල් වීරවංශ ඇමැතිතුමා කියන්නේ 100% ක්ම ඇත්ත. මමත් ඔබතුමාට එකඟයි(දී).

:       0       0

නුවන් Wednesday, 09 July 2014 12:39 PM

හිනා වෙන්නද අඩන්නද කියල හිතාගන්න බැහැ මේ වගේ කතා විහිළු අහනකොට (නදී)

:       0       0

නැනි Friday, 11 July 2014 02:59 AM

වර්තමානයේ ඉන්න ඉන්ට නෙට් මෝඩයන්ට ගැලපෙන්න දක්ෂ කතා. (නදී)

:       0       0

නිශාන්ත Sunday, 13 July 2014 10:51 AM

රට වෙනුවෙන් දිවා රාත්‍රී කල්පනා කරලා ලයිට් බිල ලක්ෂය පැනලා. (නදී)

:       0       0

සමීර Thursday, 26 June 2014 04:54 PM

එදා සරත් පොන්සේකා මහතා හිරේ දාන වෙලාවේ ඔය දේශප්‍රේමියා කොහෙද හිටියේ. සරත් පොන්සේකත් යුද්ධයේ පවතින චරිතයක්. එදා ඔබ එයට මැදිහත් නොඋනේ බයට සහ කෑදර කමට. (ස)

:       0       0

සෑම් Tuesday, 24 June 2014 04:27 PM

කාලෙකින් කිති කවා ගන්නේ නැතිව හොඳට හිනාවෙන්න පුළුවන් විහිලු කතා ටිකක් කියෙව්වා. මේ වගේ ලිපි දිගටම පලකලොත් අර කාටුන් එහෙම නැත්නම් විහිලු කතා ලියන අයට බඩේ පාර වදිනවා. (ස)

:       0       0

නලින් Tuesday, 24 June 2014 11:35 PM

සම්පුර්ණයෙන් එකඟ වෙන්න බැරි උනත් , විමල් කියන සමහර කාරණාවල සත්‍යතාවයක් තියනවා. (ස)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 25 June 2014 08:18 AM

දුප්පත් අයට සේවයක් කරයි කියල හිතල තමයි මිනිස්සු ඔබට මනාප දුන්න්. (නදී)

:       0       0

සුමනා මානවඩුව Wednesday, 25 June 2014 10:54 AM

මේවා අහලා අපිට දැන් එපාවෙලා. (නදී)

:       0       0

අචිනි Wednesday, 25 June 2014 02:27 PM

මේ වගේ අයගේ ගොන් පාට්, තේරුමක් නැති කතා කියවල ආණ්ඩුව මිනිස්සුන්ගේ අවධානය වෙනත් පැති වලට යොමු කරවනවා , මෙතුමා මරනවයි කිව්වත් ආණ්ඩුවේ වරප්‍රසාද දාල යන කෙනෙක් නොවෙයි. (ස)

:       0       0

ලසන්ත Wednesday, 25 June 2014 04:46 PM

මෙයාගේ කතා අහල මිනිස්සු හිනා වෙනවා විතරයි . මෙයා දේශපාලන මුදලාලි කෙනෙක්. (ස)

:       0       0

ගොඩය Wednesday, 25 June 2014 05:20 PM

මතකනේ මෙයාගේ ලකුණ කටුස්ස කියල (දී)

:       0       0

එස් Thursday, 26 June 2014 03:58 AM

මෙයාගේ කතා අහපුවඇති (අ)

:       0       0

නිශාන්ත Thursday, 26 June 2014 11:10 AM

විහිළු නාට්‍ය කාරයෙකුට හොඳයි. (ස)

:       0       0

දේවාන් Thursday, 26 June 2014 02:45 PM

ක්‍රියාවෙන් ඔප්පු කරන්න (දී)

:       0       0

පානි Tuesday, 24 June 2014 04:04 PM

උපවාසයක් වගේ දෙයක් කරලා මේ ප්‍රශ්න විසඳන්න බැරි වෙයිද? (නදී)

:       0       0

පාල. Thursday, 26 June 2014 08:08 PM

අනේ අනේ මෙහෙමත් දේසපාලුවන් (අ)

:       0       0

නිශාන්ත Friday, 27 June 2014 02:47 PM

අනේද කියන්නේ?මෙයාව විශ්වාස කරන්න අමාරුයි. (ස)

:       0       0

ෆාරු Friday, 27 June 2014 05:22 PM

නියම කතාව (දී)

:       0       0

චතු Saturday, 28 June 2014 02:39 AM

ඔබේ කතාව හරි (දී)

:       0       0

සුජාතා Saturday, 28 June 2014 10:03 AM

රට වෙනුවෙන් අපි කැප වෙන්න ඕනේ (දී)

:       0       0

විජිත් Saturday, 28 June 2014 01:57 PM

ඔබ කියන කතාව හරියටම හරි . (දී)

:       0       0

නුවන් Saturday, 28 June 2014 03:51 PM

දේශපාලන වශයෙන් මොන ප්‍රශ්න තිබුනත් මේ වගේ වෙලාවකට අපි රටක් විදිහට එකට නැගිටින්න ඕනේ. එදා එහෙම හිටපු නිසා තම මේ රටින් යුද්දේ ඉවර කරන්න පුළුවන් උනේ.අද අපි බේද උනොත් රණවිරුවෝ රට වෙනුවෙන් පරිත්‍යාග කරපු ජිවිතවල තේරුමක් නැති වෙනවා.(දී)

:       0       0

saduni Saturday, 28 June 2014 08:52 PM

කවුරු මොන මොන මත දැරුවත් විමල් නිවැරදි බව පෙනෙනවා. (දී)

:       0       0

වාරු Monday, 30 June 2014 02:04 PM

පරණ සිදුවීම් මතම එල්ලිලා ඉන්නේ නැතුව, අලුත් අදහසකට කන් දෙන්න පුරුදු උනොත් රටේ ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා අවබෝධ කර ගන්න පුළුවන් මිනිසුනේ.... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site