X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


අපි හරිම අවාසනාවන්තයි

ඔහු ලාංකේය සිංහල සිනමාව හා ටෙලිනාට්‍ය යන මාධ්‍ය ද්විත්වයේ තමන්ට ආවේනික වූ ශෛලියකින් නිර්මාණ ඉදිරිපත් කර, ප්‍රේක්ෂක ආකර්ෂණය හිමිකරගත් ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ චිත්‍රපට මෙරට මෙන්ම විදේශීයවත් සම්මානයට පාත්‍රවිණි. ඔහුගේ නවතම සිනමා නිර්මාණය ‘‘කවුරුවත් දන්නෙ නෑ’’ (Nobody Knows) පෙරේදා (22) සිට මෙරට සිනමා ශාලාවල තිරගත කිරීම ආරම්භ වුණි.

ඕස්ට්‍රේලියාවේ නගර රැසක දර්ශන වාර 40කට වැඩි සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කළ මෙම චිත්‍රපටය, එවැනි දස්කමක් කළ පළමු ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණය ලෙස දේශීය සිනමා වංශයට එක්වේ. මේ චිත්‍රපටයේ නිමැවුම්කරුවා නමින් බෙනට් රත්නායකය. නවතම චිත්‍රපටය පිළිබඳවත්, වත්මන් සිනමාවේ හැසිරීම් රටාව පිළිබඳවත් මේ ප්‍රවීණ සිනමාකරුවා සමඟ අපි කතාබහ කළෙමු. මේ එම සංවාදයේ සටහනයි.

 

• ‘‘කවුරුවත් දන්නෙ නෑ’’ (Nobody Knows) චිත්‍රපටයේ නමත් වෙනස්. ඇයි ඔබ මේ විදිහට චිත්‍රපටය නම් කළේ? එයට විශේෂ හේතුවක් තිබුණාද?

මගේ අලුත්ම සිනමා නිර්මාණය Political Thriller & drama කියන ශානරයට නිර්මාණය කරපු එකක්. අපි හැමෝම සාධාරණයට කැමතියි, එකම නීතියක් සැමටම ක්‍රියාත්මක වෙනවට කැමතියි. දූෂණයට විරුද්ධයි - ඥාති සංග්‍රහයට විරුද්ධයි, කුඩු මුදලාලිලාට, හොර අරක්කු මුදලාලිට විරුද්ධයි. පරිසරය විනාශ කරන අයට විරුද්ධයි. හැමෝම රට හදන්න කතා කරනවා. ඒ වුණාට හුඟක් දෙනෙක් මේ දේවල් දැකලා අත්විඳලා ඇස් වහගෙන, කන් වහගෙන, අහක බලාගෙන ඉන්නවා. රජයේ නිලධාරීන්, උගතුන්, ව්‍යාපාරිකයින් වගේම නීතිය ක්‍රියාත්මක කරන කණ්ඩායම්. ඉතින් අප දැන ගත්තට හුඟ දෙනෙක් ඉන්නේ කවුරුවත් දන්නේ නෑ වගෙයි. ඒ නිසයි මම මේ නම යොදා ගත්තේ. මට හිතෙනවා එය හොඳින්ම ගැලපෙනවා කියලා.

 

● • අපේ රටේ හුඟක් සිනමා නිර්මාණකරුවන් හදන්නේ ළමා චිත්‍රපට, රජකතා, දේවකතා, සෙක්ස් කතා සහ විහිලු කතා. ඒත් ඇයි ඔබ මේ Political Thriller එක හදන්නේ.

හොලිවුඩ් ගත්තාම, ඒ වගේම බොලිවුඩ්, කොලිවුඩ් - UK සිනමාව, ප්‍රංශ සිනමාව ගත්තත් ඒ රටවල නිර්මාණකරුවෝ ඒ රටේ අගමැතිවරු, රැජින, ඩයනා කුමරිය, දේශපාලකයෝ ඒ වගේම FBI එකේ ප්‍රධානියන් ගැනත්, බලවත් රටවල්, තවත් රටවලට කරන දේශපාලනික බලපෑම්, ආර්ථික බලපෑම් ගැන ඕන තරම් චිත්‍රපට හදනවා. ඒක නිර්මාණකරුවන්ගේ අවශ්‍යතාවට අනුව තමයි සිදුවන්නේ. අප තරුණ කාලේ ගාමිණී ෆොන්සේකා ‘‘සාගරයක් මැද’’ හැදුවා. අපි ඒ දේශපාලනික චිත්‍රපටයට කොයි තරම් එදා ඇලුම් කළාද? ඊට පස්සේ අනුරුද්ධ ජයසිංහ ‘‘ගින්නෙන් උපන් සීතල’’ හැදුවා. මේ දෙකට අමතරව හාස්‍යෝත්පාදක විදිහට දේශපාලනය ගැන චිත්‍රපට හැදුනා. මම නිර්මාණකරුවෙක් හැටියට ආරම්භයේ ඉඳලම විවිධ විෂයයන් යටතේ තමයි චිත්‍රපට නිර්මාණය කළේ.

ඉතින් මම සිතුවා මම පාසල් සිසුවෙක් හැටියට 1971 කැරැල්ල දැකපු දා ඉඳලා අද වැඩිහිටියන් හැටියට 2020 වෙනතුරු මම අත්දුටුව අමිහිරි සහ මිහිරි දේශපාලනික වෙනස්කම් පිළිබඳව සිනමා නිර්මාණයන් කරන්නට මගේ හිතේ ගොඩනැගුණ කතාව තමයි මමයි, නවකතාකරුවකු වන චූලාභය ශාන්ත කුමාර හේරත් මේ විදිහට තිර කතාවකට ලිව්වේ.

 

• කොවිඩ් වසංගතය නිසා අප රටේ චිත්‍රපට ශාලා කාලයක්ම වැහිලා තිබුණේ. ඉතිං ඒ ශාලා නැවත විවෘත කිරීම වෙනුවෙන් ඔබ ඇතුලු අනිත් නිර්මාණකරුවන් විශේෂයෙන්ම සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මොකක් හරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නැතිව චිත්‍රපට පෙන්වීම ගැන ඔබගේ අදහස් මොනවාද?

සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මේ පිළිබඳව ඔක්තෝබර් මාසයේ දී සාකච්ඡා කළා. අපි සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ විධායක සභාව තීරණය කළා චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංසදය එක්ක එකතුවෙලා සිනමා ශාලා විවෘත කිරීමේ දී සතිපතා සිනමා උළෙලක් පවත්වන්නට. ඒ අනුව අපි සිනමා ශාලාවලට කතා කරලා අනුග්‍රාහක ආයතනවලට කතා කරලා උළෙල සංවිධානය කළා. අපි මේ සිනමා සතිය නොවැම්බර් 19 සිට 26 දක්වා එක දිගට රට වටාම සිනමා ශාලා 20-30 විතර පැවැත්වීමට අදහස් කළේ. ප්‍රදර්ශකයන්ට සංගමය චිත්‍රපට 7ක් තෝරලා දුන්නා. ‘‘දඩඉම, කවුරුවත් දන්නේ නැත, හිතුමතේ ජීවිතේ, ආශාවරි, ශ්‍රී වික්‍රම, ජංගි හොරා සහ ගින්මල් පොකුරු’’. අපි බලාපොරොත්තු වුණේ උළෙල අවසානයේ ‘‘ගිනිමල් පොකුරු’’ ප්‍රදර්ශකයන් එක්ක එකතුවෙලා චිත්‍රපට පිළිවෙළට මුදා හරින්නයි.

අපි මේ සිනමා සතියෙන් බලාපොරොත්තු වුණේ සිනමා ප්‍රේක්ෂකයන්ට උත්තේජනයක් ලබා දෙන ගමන් සිනමා ශාලාවලට ආලෝකයක් සහ ආකර්ෂණයක් ලබා දෙන්නටයි. එහෙත් අපි අවාසනාවන්තයි. අපිට බැරි වුණා සිනමා උළෙල පවත්වන්නට. ඒ ඇයි? එක පෞද්ගලික බෙදාහැරීම් සමාගමක් අපි තෝරාගත්තු චිත්‍රපට 4කට බලපෑම් කළා උළෙලට ඉදිරිපත් කරන්නට එපා කියලා. ඒ අනුව ‘‘දඩඉම ආශාවරි, හිතුමතේ ජීවිතේ, ශ්‍රී වික්‍රම’’ අපට කනගාටුව ප්‍රකාශ කරලා උළෙලට ඉදිරිපත්වීමෙන් වැළකුණ. අපිට සිනමා සතිය පවත්වන්ට බැරි වුණා. අපි එදා ඒ කාර්යය කළා නම් අද ඉතාම හොඳ වාතාවරණයක් හැදෙන්නට තිබුණා. ඒ වැඩපිළිවෙළ විනාශ වුණා. ඒ නිසා මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඉතාම සීමිත සිනමා ශාලා ප්‍රමාණයක් තියෙන අප රටේ චිත්‍රපට ප්‍රදර්ශනය නියාමනය කළ හැකි ස්වාධීන නියාමන මණ්ඩලයක් අනිවාර්යෙන් ස්ථාපිත කළ යුතුයි කියා.

 

• ‘‘කවුරුවත් දන්නේ නැහැ’’ අප රටේ ප්‍රේක්ෂකයන්ට දැන් නරඹන්නට හැකි වුණත් ඔබ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එංගලන්තයේ මෙය ප්‍රදර්ශනය කළා නේද? ඒ පිළිබඳව කතා කළොත්.

ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන මාලක යාපා කියලා මහත්මයෙක් මට ජනවාරි මාසයේ දී කතා කරලා කිව්වා මගේ චිත්‍රපටයේ ප්‍රචාරක පටය දැක්කා ඒ හින්දා ඕස්ට්‍රේලියාවේ දර්ශන වාර 2ක් පවත්වන්නට එයා කැමතියි කියලා. ඒ අනුව පෙබරවාරි මාසයේ චිත්‍රපට දර්ශන වාර 2ක් මෙල්බර්න් නගරයේ පැවැත්වූවා. චිත්‍රපටයට ලැබුණු ඇගැයීම් සහ ප්‍රේක්ෂකයින් විසින් දක්වපු උසස් ප්‍රතිචාරයන් නිසා මාලක යාපාට පුළුවන් වුණා ඕස්ට්‍රේලියාවේ සෑම නගරයකම වාගේ චිත්‍රපටය පෙන්වන්න. දර්ශන 38 ක් පමණ ප්‍රදර්ශනය කළා. ඒ විතරක් නොවෙයි නවසීලන්තයේ ද දර්ශන වාර 10ක් සහ ලන්ඩන් නුවර දර්ශන වාර 2ක් පෙන්වුවා. තවත් කැනඩාව, ප්‍රංශය, ඉතාලිය වගේ රටවලත් පෙන්වීමට අදහස් කරනවා.

මේ ප්‍රදර්ශනයෙන් අප රටට මේ ඩොලර් හිඟ කාලයේ ලොකු ආදායමක් ලැබුණා. ඩොලර්වලින් මම සතුටු වෙනවා ලාංකික සිනමාකරුවකු හැටියට එම දායකත්වය අප රටේ ආර්ථිකයට එකතු කිරීම ගැන.

 

• ඔබ Political Thriller එකක් කරලා තියෙන්නේ ඔබ විශ්වාස කරනවාද මේ චිත්‍රපටය බලන අය තමන්ගේ දේශපාලන දැක්ම පිළිබඳව වෙනසක් ඇති කරගනියි කියලා.

තමන් ජීවත්වන පරිසරයේ දේශපාලනික වෙනස්කම් සහ තමන් පෞද්ගලිකව අත්විඳින අත්දැකීම් පිළිබඳව නව මානයකින් හිතන්න චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ට පුළුවන් නම් මට නිර්මාණකරුවෙක් හැටියට ගොඩක් සතුටු වෙන්නට පුළුවන්.

 

• ඔබගේ චිත්‍රපටයට සමහර සිනමා ශාලාවල එක දර්ශනයක්වත් දීලා නෑ. කෑගල්ලට කලුතරට සිනමා ශාලා දෙක ගානේ තිබුණත් එකම දර්ශනයක්වත් නෑ. ගම්පහ ලොකු දිස්ත්‍රික්කයක් වෙලත් එකම එක දර්ශනයයි. ඇයි ඒ?

මේ තමයි. අද චිත්‍රපට ප්‍රදර්ශනය කරන සමාගම්වල පිළිවෙළ. ඒ පිළිබඳව සාධාරණයක් නිරමාණකරුවාටත්, නිෂ්පාදකයාටත්, ප්‍රේක්ෂකයාටත් වෙන්ට නම්

අනිවාර්​ෙ යන්ම චිත්‍රපට ප්‍රදර්ශනය සහ බෙදාහැරීම ස්වාධීන නියාමන කොමිසමක් හැදෙන්ට ඕනේ. දැන් සිනමාව කර්මාන්තයක් ලෙස පිළිඅරන් තියෙන්නේ. ඉතින් අපිට සිනමා සංස්කෘතිය සහ සිනමා කර්මාන්තය භාර ඇමතිවරුන් දෙන්නෙක්ම ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ස්වාධීන නියාමන මණ්ඩලයක් ඉතාමත්ම ඉක්මනට. එදාට දේශීය සිනමාව යළි බැබලේවි.

(*** සංවාද සටහන - සමන්ත යහම්පත්)



අදහස් (0)

අපි හරිම අවාසනාවන්තයි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site